18 September, 2017

ජීවය අහම්බයක්‌ ද වාසනාවක්‌ ද ?

life

පරිණාමයේ මෙන්ම විශ්වයේද පැවැත්ම කෙරෙහි විශේෂ බලපෑමක්‌ සහ වෙනස්‌කම සිදුකරනු ලද්දේ ජීවය (Life) ඇති වීමයි. ජීවය පෘථිවියට පමණක්‌ සීමාවූවක්‌ද නැතහොත් එය වෙනත් ඈත විශ්ව වලත් පවතින්නේ ද යන ගැටලුව දැනට සියවස්‌ ගණනාවක සිට විද්‍යාඥයින් අතර පවතින මතවාදයකි.

වෙනත් විශ්වවල ජීවය පවතින්නේ නම් මෙම විශ්වවල ජීවත් වන ජීවීන් ගැන විස්‌තර ලබා ගැනීමට හැකිවිය යුතුය. ඔවුන් කෝ කොහිද? මේ විද්‍යාඥයන්ගේ පැනයයි. බොහෝ දෙනා සිතා සිටින්නේ මේ පැනයට ළඟදීම විසඳුමක්‌ ලැබෙන බවයි.

විශ්වය යනු විශාල ස්‌ථානයකි. මෙවන් විශ්වයක මේ අන්දමට මිනිසා වැනි බුද්ධිමත් ජීවියෙකු සිටීම ද මේ තත්ත්වය අත්පත් කර ගැනීම ද විශාල වාසනාවකි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයේ ඈත තවත් බුද්ධිමත් ජීවීන් (Intelligent aliens) ජීවත් වන බවයි. ඔවුන් සම්බන්ධව සමහර තොරතුරු නොමැති වීම පවතින ප්‍රධානතම ගැටලුව වී ඇත.

අතීතයේදී බිහිවූ මෙවැනි ජීවීන් වහා ඇති වී නැතිවී නැති බව විද්‍යාඥ මතයයි. මෙම ජීවීන් ඉතිරි වී ජනපද බිහිවීමටත් පෙර විනාශ වී ගොස්‌ ඇත. එසේ නැතහොත් පරිසර තත්ත්වය සුබදායී වූ අවස්‌ථාවක ඉතිරි වූ පිරිස ජීවත් වන්නට ඇත. කෙසේ වුවත් මේ සියල්ල මතවාදයන් පමණි.

ජීවය පැන නැඟුණේ පෘථිවිය මත පමණි. ජීවයේ පැවැත්ම සඳහා ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක්‌ වන්නේ ශක්‌තිය (Energy) යි. මේ නිසා විශ්වය පුරා සරල ජීවීන් විසිරී සිටින්නට ඇත. එහෙත් මෙම සියලුම ජීවීන් සංකීර්ණ ජීවීන් පරිණාමය නොවීය. සතුන් බිහිවූයේ මේ අනුවය. විශ්වයේ ජීවය ඇති වීමත් පෘථිවිය මත පළමු සංකීර්ණ සතුන් බිහිවීමත් අතර කාල පරතරයන් පවතින අතර මෙයට හේතුව සොයාගැනීම කළ යුතුව ඇත.

ජීවීන් අතිවිශාල ශක්‌ති ප්‍රමාණයක්‌ තම පැවැත්ම සඳහා උපයෝගී කරගනියි. අප ගන්නා ආහාරවලින් උත්පාදනය වන්නේ ATP නම් ඉන්ධන ප්‍රභවයකි. සියලු ජීවී සෛල බලගැන්වෙන්නේ මෙම ATP වලිනි. මෙම ශක්‌ති ප්‍රභවය දිගින් දිගටම ප්‍රතිචක්‍රීකරණය වෙයි. මෙම ඉන්ධන නිපදවීමේ දී එන්සයිම ජෛව විද්‍යාත්මක අයන වර්ග ආදිය ද සාධක වන අතර ශක්‌තිය ලෙස ජූල් (Jule) ඒකකයෙන් නිපදවීම සිදුවෙයි.

ජීවී සෛල බිහිවූ අයන සෛලවල හැඩැති ශක්‌ති ප්‍රභේදය ද වර්තමානයේ පවතින එන්සයිම තරම්ම සාර්ථක හා කාර්යක්‌ෂම නොවීය. ආරම්භක සෛලවලට වඩා වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය විය. ඒ මෙම සෛල ඉන් පසුව ගුණනය වීම අවශ්‍ය නිසාය. විශේෂයෙන් අද සෛලයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලියන සංඛ්‍යාත ශක්‌ති ප්‍රමාණයන් ආදී ජීවී සෛලවලට අවශ්‍ය වන්නට ඇත. විශ්වය සම්බන්ධයෙන් ද මේ ස්‌වභාවය සත්‍ය විය.

ආරම්භක සෛලවලට මේ තරම් අති විශාල ශක්‌ති ප්‍රමාණයන් අවශ්‍ය වන නිසා එය ආරම්භක ජීවය ඇති වීම කෙරෙහි ද බලපාන්නට ඇත. පෘථිවිය ආරම්භයේ දී මෙහි පැවති ආරම්භක ශක්‌ති ප්‍රභේදය කුමක්‌ ද යන්න විමසා බැලිය යුතුය. අකුණු ගැසීම හෝ වනි තරංග හරහා ආරම්භයේ දී ශක්‌තිය ලබා ගැනීම සිදුවන්නට ඇතැයි සැලකුණ ද එය මෙසේ නොවන බව ඇතැම් විද්‍යාඥ මතයයි.ශක්‌තිය බහුල ජීවය ඇති වීමට පෙර ගැටුම පෘථිවිය මත ශක්‌තිය නිර්මාණය වන්නට ඇත.

වර්තමානය වන විට පෘථිවියේ ජීවත් වන ජීවීන්ට අවශ්‍ය වන බොහෝ ශක්‌තිය ලබාගන්නා ප්‍රභවය වන්නේ සූර්යයා ය. ප්‍රභාසංස්‌ලේෂණය සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන ආරම්භක ජීවී සෛල තුළ මෙම සාන්ද්‍රණය ක්‍රියාත්මක වූවා දැයි නිසියාකාරව ප්‍රකාශ කළ නොහැකිය. එසේ නව පළමු සෛලයට ජීවය සැලසුණේ කුමන අන්දමටද? යන පැනය ඉස්‌මතු වී ඇත.

මෙහිදී විද්‍යාඥයින් පවසන්නේ පළමු සෛලවලට අවශ්‍ය ශක්‌ති හයිඩ්‍රජන් සහ කාබන්ඩයොක්‌සයිඩ් වායුන් වලින් එන ඒවායේ ප්‍රතික්‍රියාවලින් ලබාගන්නට ඇත. මෙම්‍ H2 සහ C2 ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය ලෙස කාබනික අණුද නිර්මාණය වෙයි. මේ සමඟ ශක්‌තිය ද නිර්මාණය වෙයි. මේ අන්දමට ශක්‌තිය නිපදවන විට එම ශක්‌තිය දිගින් දිගටම නිපදවන විට එම ශක්‌ති මල්ල අවසානයේදී (buckets of energy) දිගු අණු දාම බිහිකරන අතර මෙම අණු නිපදවන ප්‍රතික්‍රියා අවසානයේ දී ජීවී සෛල නිපදවීමට මග පෙන්වයි. ජීවය (blocks
of life) නිපදවෙයි.

මෙහි දෙවන උපකල්පනය ජීවීන් තුළින්ම ශක්‌තිය උත්පාදනය වූ බවයි. මේ මතවාදය 1961 වසරේ දී ඉදිරිපත් වූ අතර මෙය මතබේදයට ලක්‌විය. 1961 වසරේ දී මෙම මතය ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජෛව විද්‍යාඥ පීටර් මිචෙල් පැවසුවේ සෛල රසායනික ප්‍රතික්‍රියාවලින් නොව විද්යුතය නිකුත් වීම ක්‍රියාත්මක වන බවයි. සෛල තුළ ප්‍රොaටෝන සාන්ද්‍රණයේ වෙනස්‌ වීම මේ සඳහා බලපානු ලැබේ. ප්‍රොaටෝන ධන ආරෝපිත වන බැවින් සෛල පටලයට පටක සහ ඇතුළත වන ආරෝපණ වෙනස්‌වීම මිලි වෝල්ට්‌ 150 කි. මෙය නොසැලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්‌ වුවද මිලිමීටරයෙන් මිලියන 05 ක පංගුවක්‌ තරම් කුඩා සෛල පටලයක්‌ හරහා මෙය ගමන් කිරීම එයට සාපේක්‍ෂව ඉතා විශාල ශක්‌තිය නිමවයි.

එකම මීටරයකට මිලියන 30 පමණ විද්යුතයක්‌ ජනනය කරයි. එය අකුණු සරයකට සමානය. "පක්‍ෂමධරයන් (Flagella) තම කක්‍ෂිකාවන් චලනය කරන්නේ මෙවන් ශක්‌තීන් යොදා ගෙනය. මෙය මෙසේ පැවසුව ද ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් වෙයි. ATP නිෂ්පාදනයට එන්සයිම වර්ග ඉහත ආකාරයේ ප්‍රොටෝන ශක්‌ති උපක්‍රමයේ ක්‍රියාත්මක වෙයි.

ආරම්භක යුගයේ පැවැති මෙවැනි ප්‍රාථමික සෛලවලට වඩා වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය විය. මෙය පරිණාමික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. සාගරය ආශ්‍රිතව නිර්මාණය වූ භාෂ්මික (හුණුගල් මය) කුහර ආශ්‍රිතව (alkaline termal vents) මුල්ම ජීවීයා ගොඩනැඟෙන්නට ඇතැයි සැකකරයි. මුහුදු වතුර පෘථිවි ගැඹුරේ ප්‍රදේශයේදී යකඩ මැග්නීසියම් හා ඛනිජ ලවණ සමඟ ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඇල්කයින සඳහා නිර්මාණය වේය.

විවිධ ඛනිජ ලවණ (mineral oliveline) සහ ජලය එකතුව මෙම නිර්මාණය වන පාෂාණ ආශ්‍රිතව තවදුරටත් විදාරණය වීම් ඇති කරයි. මේ නිසා මෙම පැලුම් ආශ්‍රිතව අල්කයින ප්‍රොටෝන අඩු හයිඩ්‍රජන් වායු වලින් පිරි ද්‍රව්‍ය බිහිවෙයි. මෙහිදී මේවා සාගර මතුපිටට පැමිණෙයි. ඒවායේ වූ ඛනිජ ලවණ ඉවතට ගමන් කරන අතර, මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මීටර 60 පමණ උස න්‍යෂ්ටික කඳු නිර්මාණය වෙයි. මේවා ආශ්‍රිතව ජීවයක්‌ නිර්මාණය අවශ්‍ය පරිසරය නිර්මාණය වෙයි. මේ සියල්ල සිදුවූයේ මීට වසර මිලියන 04 ට පෙරදීය.

ආරම්භක යුගයේදී පෘථිවිය මත වර්තමානයට වඩා වැඩිපුර වායුව පැවතුණි. මේ නිසා සාගර අදට වඩා ආම්ලික වූ අතර ඒ නිසාම වැඩි ප්‍රොaටෝන ප්‍රමාණයක්‌ විය. මෙම සාගරය ආශ්‍රිතව නිර්මාණය වූ හුණුගල් අවකාශ ආශ්‍රිතව ඒවායේ බිත්ති (අයන බිත්ති) වල විවිධ රසායන ප්‍රතික්‍රියා සිදු විය. විවිධ යකඩ,නිකල්, ටොලුබ්ඩ් නම් මේ අතර ප්‍රධාන විය. CO2 වායුව කාබනික අණු බවට පරිවර්තනය කර ගැනීමට වර්තමාන සෛල අදට වඩා භාවිත කරන්නේ මෙම අණු වර්ගයයි.

මේ අන්දමට සාගරය ආශ්‍රිතව සිදුවන ප්‍රොaටෝන හුවමාරු සාන්ද්‍රණයේ ප්‍රතිඵල ලෙස කාබනික අණු නිර්මාණය වන්නේ ද විමසා බැලිය යුතුය. මේ සම්බන්ධව ස්‌ථිර මතවාදයන් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව විද්‍යා මතයයි.

සාගර මත ආරම්භයේදී CO2 සහ වායු අතර ප්‍රතික්‍රියාවන් නොවුණු නමුත් පසුකාලීනව මෙම බාධක බිඳවැටීම ජීවී සෛලවල දැනට පවතින ඇමයිනෝ අම්ල, ලිපිඩ සහ සීනි සහ න්‍යෂ්ටික අම්ල සෑදීමට මඟ සාදන ලදී. මෙහිදී ශක්‌තිය නිදහස්‌ විය. මේ අනුව ජීවය ඇතිවිට ශක්‌ති සාධකයකින් සිදුවීය. පෘථිවිය තනි ඒකකයක්‌ ලෙස සැලකූ විට යෝධ බැටරියක්‌ වැනිය. එහි වාසය කරන සෛල තනි තනි ශක්‌ති ඒකක වෙයි. මේ අනුව සාගරයේ න්‍යෂ්ටික පර්වත, ආම්ලික සාගර ජලය සහ CO2 වායුව එකතු වීම හා ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලය ජීවයට මුල පිරීමයි.

විශ්වයේ බහුල වශයෙන්ම පවතිනුයේ ජලය සහ Olivine ඔලිවයින් යනු කොළ දුඹුරු පැහැ පාෂාණ විශේෂයකි. බොහෝ ග්‍රහලෝකවල වායු ගෝලය CO2 වලින් ඉතාමත් පෝෂිතය. මේ සියල්ල එකතුව ප්‍රතික්‍රියා කරන අතර, මෙය Serpentinisotion ලෙස හැඳින්වෙයි. තෙත් පාෂාණ කඳු සහිත ග්‍රහ ලෝකයක මේ ප්‍රතික්‍රියා සිදුවිය හැකිය. මේ අනුව ඉහත සාධක නියමිත ප්‍රමාණවලින් පවතින ඕනෑම ස්‌ථානයක්‌ ජීවය හටගත යුතු බව විද්‍යාඥ මතයයි.

මේ අන්දමට ඉතා සරල ජීවයක්‌ නිර්මාණය වී එය ඉන් පසුව සංකීර්ණ තත්ත්වයට පත්වන්නට ඇත. මෙය එසේ වුවද සරල ලෙස ජීවය මෙසේ නිර්මාණය වී නොමැත. එයට හේතුව සරල ජීවියා ඇති වූ පසුව සංකීර්ණ ජීවීයා බිහිවීමට පෘථිවියට උපත ලැබීමට ගතවූ කාලයේ අඩකට ආසන්න අතිවිශාල කාල සීමාවක්‌ ගත වී ඇත. මෙය කෙතරම් දීර්ඝ කාලයක්‌ පුරා සිදුවේද යත් එහි සරල ජීවියකුගෙන් සංකීර්ණ ජීවියකු බිහිවීමටත් වසර මිලියන 04 කට වරක්‌ සිදු වී ඇත. එයද ඉතා අහම්බයෙන් සිදු වූවකි.

එක්‌ සරල සෛලයන්ට සංකීර්ණ සෛලයක්‌ බවට පත් වීමට වසර මිලියන සංඛ්‍යාවක්‌ ගත වන්නේ නම් ඒ අතර මැද සෛල බොහෝ විට වඳ වී යැමට හෝ තවමත් වඳවී යමින් හෝ පවතින ඇත. මේ සියල්ල අතහැර දමා බැක්‌ටීරියාවන් බිහිවූ අතර මේ අතර විශාල සුන්‍යෂ්ටිකයන් ද බිහිවන්නට වූහ. සාමාන්‍ය සුන්‍යෂ්ටික සෛලයක්‌ බැක්‌ටීරියා සෛලයන්ට වඩා 15000 ගුණයක්‌ පමණ විශාලය.

දැනට පෘථිවිය මත පවතින සියලුම සංකීර්ණ ජීවීන් එකට දිලීර සතුන්, ශාක ආදී සියල්ල සුන්‍යෂ්ටිකයන්ය. මේ සියලු දෙනාගේම පරිණාමය පොදු ප්qරවයකුගෙන් සිදුවී ඇත. මේ නිසා එම ප්qරවයා නොසිටියා නම් ඩයිනෝසරයින් වානරයින් මෙන්ම වෙනස්‌ ශාක සහ සතුන්ද නොමැතිය.

සෛල විශාල ලෙස සංකීර්ණ වීමට ඒවායේ දී භාවිත වන ශක්‌ති ප්‍රමාණයන්ද බලපායි. සුන්‍යෂ්ටික සෛල මෙහිදී වැඩි වශයෙන් ශක්‌තිය නිපදවීම සෛල අභ්‍යන්තරය ද විශාල වීමට වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ යොදා ගනියි. දැන් ඒ වෙනුවට මයිටොකොන්ඩි්‍රයා නම් ව්‍යqහයක්‌ ඇති විය.

බැක්‌ටීරියාවන් තුළ මයිටොකොන්ඩි්‍රයා ඇති වීම පරිණාමික වශයෙන් ඉතා වැදගත් වූ අතර පසුව සෛල එකිනෙක සම්බන්ධ වී සංකීර්ණ සෛල බිහිවීම ජීවීන්ට පැවතීම තවදුරටත් තහවුරු කරන්නට විය.

පරිණාමයේදී සරල ජීවියකුගේa සිට සංකීර්ණ ජීවියකු බිහිවීම ආශ්වර්යක්‌ නොවෙයි. ස්‌වාභාවික වර්ණයෙන්ද නතර වන්නක්‌ නොවෙයි. එය තවදුරටත් සිදුවෙයි. තවමත් බැක්‌ටීරියාවන් වසර මිලියන ගණනාවක්‌ මුළුල්ලේ සිටින නමුත් ඔවුන් තවමත් සරල ජීවී කොට්‌ඨාශයකි. ඔවුන්ට පරිණාමය වී සංකීර්ණ ජීවියකු වීමට තවමත් හැකිවී නොමැත. මේ නිසා ජීවය ඇති වීම සහ පරිණාමය තවදුරටත් අභිරහස්‌ රැසක්‌ සඟවාගත් ස්‌ථානයකි.

මේ අන්දමට පෘථිවියට සමාන අනෙක්‌ ග්‍රහලෝකවල ජීවය ඇතිවන්නට ඇත. එහෙත් ඒවායේ තවමත් ඇත්තේ අපගේ තාක්‌ෂණයට හසු නොවන ඉතා කුඩා සෛලීය ජීවීන් වන්නට ඇත. මක්‌නිසාද යත් පෘථිවිය මතද සංකීර්ණ ජීවියකු බිහිවූයේ වසර මිලියන 04 කට වරක්‌ බැවිනි. එසේ නැතහොත් මෙම ග්‍රහලෝක වල සිටි ජීවීන් කුමන හෝ ස්‌වාභාවික ජනනයකින් අපට පෙර විනාශ වී යන්නට ඇත.

ඩලීව් ලයින් (දුබුරු පැහැති පාශාණ)

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි අධයHන ආයතනය, කොළඹ. (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවය අහම්බයක්‌ ද වාසනාවක්‌ ද ?"

    Post a Comment