18 August, 2017

කෝලි දඹුල්ලේ සිරි වනන අතරේ කපූ අනුෂ්කා එක්ක සෙල්ෆි ගහලා (Photos)

TITLE
විරත් කෝලි/අන්ෂ්කා ෂර්මා/චාමර කපුගෙද
පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුලු ක්‍රීඩංගණයට පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායක විරත් කෝලි ලංකාවේ ලස්සන ගැන සඳහන් කරමින් ට්විටර් සමාජ ජාලය වෙත ඡායාරූපයක් එක්කර තිබුණා.


එක්දින තරඟයට බලාගෙන ඉන්න කෝලි ලංකාව ගැන ලෝකෙටම කියපු කතාව


මෙ අතර චාමර කපුගෙදර අනුෂ්කා ෂර්මාත් සමඟ ලබාගත් සෙල්ෆිය ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණා.

virat-kohli-anushka-kapugedara
චාමර කපුගෙදර අනුෂ්කා ෂර්මාත් සමඟ ලබාගත් සෙල්ෆිය ඡායාරූපයක්...
අනුෂ්කා - කෝලි ආදර කතාව මේවන විට කිසිවෙකුට රහසක් නොවෙයි. දෙදෙනාම මේ දවස් වල සිටින්නේ ලංකාවේ. කෝලි යන යන තැන දැන් අනුෂ්කත් දැකගන්න ලැබීම සුලබ දසුනත් වෙලා. පසුගිය දින කිහිපයේදීම ලංකාවේ ලස්සන තැන් බලන්න ගිය මේ යුවළ ගියා කියලත් ආරංචි වුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ක්‍රිකට් රසිකයින් සමග ඡායාරූප වලට පෙනී ඉන්නත් මේ දෙන්නා අමතක කළේ නැහැ.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෝලි දඹුල්ලේ සිරි වනන අතරේ කපූ අනුෂ්කා එක්ක සෙල්ෆි ගහලා (Photos)"

    Post a Comment