Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts

16 July, 2019

07 September, 2017

යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවට මිස ‘මහරාජාවරුන්ට‘ නොවෙයි - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ranil-wickremesinghe

කොළඹ සිට මහනුවර දක්වා ඉදිවෙන මධ්‍යම අධිවේගි මාර්ගය පිළිබඳව පළවී ඇති අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

මේ එම ප්‍රකාශයයි.

"පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා.

මධ්‍ය අධිවේගී මර්හය සඳහා කැබිනට් අනුමතිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා රජය හා ජපන් රජය මැදිහත්වීම නිසා ව්‍යාපෘතිය පිළිබඳ සාධණීය වෙනස්කම් ගණනාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25ක් වියදමක් අඩු කරගැනීමට රජයට හැකි වුණා. මේ මාධ්‍යයට කේන්ති ගොස් තිබෙන්නේ මේ වියදම අඩුකරගත් නිසයි.

මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ,බිලියන 25ක මුදලක් රටට ඉතිරිකර දැමීම නිසයි.හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්තරාත්තුව ලබාදුන්නේ ජපානයේ ටයිසේ ආයතනය මුලින් ම ඉදිරිපත් කළ මිල ගණන් රුපියල් බිලියන 150ක්.ජපාන රජය හා අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මදිහත්වීමෙන් ඔවුන් සමඟ සකාච්ඡා කිරීමෙන් රුපියල් බිලියන 134ක් දක්වා අඩු කරගත්තා.

අපේ මැතිවරණ ප්‍රකාශයෙත් මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ ජනතවට පොරොන්දුවක් ලබාදුන්නා. කොළඹ සිට නුවර යන්න වැයවන කාලය ඉන්ධන හා මහන්සිය සළකා බැලූ විට එය ජාතික අපරාධයක්. කොළඹ- නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නොවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්. මහනුවර කේන්ද්‍ර කරගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය ඉදිවෙනවා.කෘෂි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා.තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදිවෙනවා. ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය ද තෝරාගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේපොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300ක පමණ උසක සිට අඩි 1200ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්.මේ මාර්ගය සඳහා බිම් ගෙවල් තුනක් ඉදි වෙනවා.ඉහළින් ඉදිවන මර්ගයේ දිග කිලෝ මීටර 5.05ක්.

මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන් එසේ කළේ නෑ. පස් පුරවා මාර්ග ඉදි කළා. ඒ නිසා පරිසර ප්‍රශ්න ගණනවක් ඇති වුණා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදි වුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩ ඉතා සංකීර්ණයි.

2015 මාර්තු මස 27 දින ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් බහුල බැවින් උසස් තාක්ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහාය දැක්වීමට සූදානම්ම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහාය ලබා දිය හැකි ආකාරය්න් දෙකක් දක්වා තිබුණා.

රටවල් දෙකක ආණ්ඩු අතර සෘජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සකච්ඡා තම අවසන් වී නෑ. ලබාගන්නා ණය මුදල පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹී නෑ.

මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සඳහ මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම, වෙනත් ස්ථානවල පදිංචි කිරීම, මාර්ගය ඉදි කිරීම, අප බලාපොරොත්තු වන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු ණය මුදලක් ලබගැනීමටයි. ඒ ගැන දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

ජපාන රජයේ අඳහස අනුව 2016.6.22 වන දා ජපාන සමාගම් තුනක් සමඟ මිල ගනන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නෑ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. එහි තාක්ෂණික අඩුපඩු තිබුණා. ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා සමඟ 2016-10-10 දින හමුවී සාකච්ඡා කළා.මේ අවස්ථාවේ දී ජපානයේ ඉල්ලීම වූවේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා.මිල ගණන් අනුව ෆුජිටා සමාගමට කොන්තරාත්තුව ලබාදීම සුදුසු බව 2016-12-06 දා කැබිනට් මණඩලය තීරණය කළා.එම අවස්ථාවේ කැබිනට් මණඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆිජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10ක කාලය තුළ ෆුජිටා සමාගම විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමති බවයි. ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූඋ අනෙක් ආයතන වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීමයි.ටයිසෙයි සමාගම මිල ගනන් අඩු කිරීමටත් දින 365ක් තුළ ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමට එකඟ වීමත් නිසා ඔවුන් වෙත කොන්තරාත්තුව ප්‍රදාන්ය කිරීමට සුදුසු බව නිර්දේශ වුණා.

අවසානයේ දී බිලියන 134.9ක් දක්වා ලංසුව අඩු කිරීමට එකඟ වුණා. මෙය ෆුජිටා සමගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7ක් එනම් මිලියන 7000ක් අඩුයි.ජපානය සමඟ කලින් සාකච්ඡා කළ පරිදි සමගම් දෙකම ඒකබද්ධව ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ගැන සළකා බැලීමටත් අප ඉඩ දුන්නා.

ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම එකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් 2017-07-11 දා කැබිනට් අනුමතිට ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ගත් තීරණ පෞද්ගලික තීරණ නොවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුව, සාකච්ඡ කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් ලබුණා. තවමත් ලැබෙනවා. නමුත් එක්තර මාධ්‍ය සමගමකට ප්‍රශ්නය වී තිබෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රී ලංක රජය කටයුතු කිරීම පිළිබඳවයි.අපි මේ මාර්ගය හදන්නේ රටේ ජනතාවටයි. මේ මාර්ගයේ අවශ්‍යතාවය ජනතා හදවත් දන්නවා.

මේ මාර්ගය නිසා වාසි ලබන්නේ මහජනතාවයි.මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සහ කරන මහාරාජවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි.තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ ම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි" යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

23 August, 2017

"ටොමියා බුරල ඉවරද? මොන හිඟන්නෙක් ද මේ" - අනුරගෙන් රාජිතට කනේපාරක් (Video)

anura-demand-rajitha

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරාත්න මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එක්ක කලා.

ඒ දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරමින් සිටි කතාවකට සේනාරත්න මහතා දිගින් දිගටම අශීලාචාර ලෙස බධාකිරීම හේතුවෙන්.

දිසානායක මහතා එම අවස්ථාවේ යෝජනා කරමින් සිටියේ නියඟයෙන් පීඩා විඳිමින් සිටින ගැමි ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට රජය විසින් මැදහත්විය යුතු ආකාරය පිළිබඳවයි.

එහිදී රජයේ රෝහල් වෙතින් සෑම අවස්ථාවකවම පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලබා දෙන ඖෂධ සහ පරීක්ෂණයක් පිළිබඳව ප්‍රාෙයා්ගික තත්වය පහදමින් සිටියදී රාජිත සේනාරත්න මහතා විසින් එය දැඩි ලෙස විවේචනය කලේ එවැන්නක් රජයේ රෝහල්වලින් සිදු නොවන බව පවසමින්.

අනතුරුව සංවාදය උණුසුම් කරමින් අනුර කුමාර දිසානායක මහතා දැඩි වාග්ප්‍රහාරයක් අමාත්‍යවරයා වෙත එල්ල කළා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියව ජනාධිපතිවරයා ලවා ඉවත් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බවයි දිසානායක මහතා එහිදී පැවසුවේ.

ඊට අමතරව මෝදර ධීවර වරාය සඳහා රජයේ තක්සේරුව රුපියල් ලක්ෂ 17ක් ව තිබියදී එය මසකට එක්ලක්ෂ විසිපන්දහසකට බදු දුන් බව ද ඔහු කියා සිටියා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හදවත් රෝගය සඳහා සිංගප්පූරු එළිසබත් රෝහලේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 100ක් රැගෙන ගිය බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පැවසුවේ.

එම ක්‍රියාව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හිඟනකමක් ලෙස වන අතර රටේ සාමාන්‍ය වැසියෙකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක් දෙකක් ලබා ගැනීමට කෙතරම් වෙහෙසිය යුතුද යන්නත් ඔහු පෙන්වා දුන්නා.

අනුර කුමාර දිසානායක මහහා දැක්වූ එම අදහස් පහතින්.


19 August, 2017

හිටපු ජනපතිගේ "රෑ ඩැනියෙල් - දවල් මිගෙල්" පොලිසිය

mahinda-rajapakse
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, එම කණ්ඩායම වත්මන් ආණ්ඩුවට ගෙන එක කිසිඳු විරෝධතාවයකට හෝ විශ්වාසභංගයකට ලිඛිතව සහාය නොදක්වන බවට විවිධ පාර්ශවයන් වෙතින් චෝදනා එල්ල වනවා.

පසුගිය දින කිහිපයේ රටම කතා කළ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් සිට ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ විශ්වාසභංග යෝජනාවට ද මහින්ද රාජපක්ෂ මහතා අස්සන්කර තිබුනේ නැහැ.

එවන් තත්වයක් යටතේ වරක් මාධ්‍යය හමුවේ රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ දී එම විශ්වාසභංග යෝජනාවට විරුද්දව ඡන්දය ප්‍රකාශ කරනව බවයි. කෙසේ වෙතත් නැවත වරක් මධ්‍යෙව්දීන් හමුවේම ඒ මහතා පැවසුවේ තමන් රවී කරුණානායක මහතාට විරුද්ධව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටින බවයි.


16 August, 2017

කාටවත් "නොතේරෙන - සබ්ජෙක්ට්" එකක් ගැන කියන රෝහිත රාජපක්ෂ (Video)

rohitha-rajapakse
FilePhoto
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (15) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණියා.

ඒ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කොට ශ්‍රී ලංකාවේ මුදල් මිලියන ගණනක් අපතේ යැවූවා යැයි සිදු කරන ලද චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි.

එම ප්‍රශ්නකිරීම් අවසානයේ රෝහිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ සිය අදහස් පලකළා.

එහිදී ඔහු පැවසුවේ සියල්ල පැහැදිලි කළ ද තමන් පවසනා දේ පිළිබඳව ප්‍රශ්න කළ නිළධාරීන්ට වැටහීමක් නොතිබූ බවයි.

අභ්‍යවකාෂ පද්ධති ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටිනා එකම ඉංජිනේරුවරයා තමන් බවද ඔහු විසින් එහෙදී ප්‍රකාශ කළ අතර අදාළ ප්‍රශ්නකිරීම් දේශපාලන අවශ්‍යතා මත සිදුවන්නක් බවට ඔහුට හැඟීගිය බවද පැවසුවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රශ්නකිරීම් කිසිදු හිරිහැරයක් නොවන අයුරින් ඉතා සුහදශීලීව සිදු කළ බවයි ඔහු පැවසුවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්.

නීතිය හොඳින් දන්නා ශිරන්තිගේ නීතිඥයින් 40ක් ඊයේ CID එක ළඟ දාපු ජෝගිය..!

shiranthi-rajapakse
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබුනා.

එම අවස්ථාවේ එම දෙපාර්තමේන්තු ගෙඩනැගිල්ල තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇය පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

එම තත්වය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැඩි ආරක්ෂා සහිත ස්ථානයකට ඇතුල්කරගන්නා පුද්ගලයින් පරීක්ෂා කර බලා දැඩි නීතිරීති අනුගමනය කරන්නා වූ ස්ථානයක්.

එම තත්ත්වය දැන දැනම නීතිය හොඳින් දන්නා බව කියන මෙම පිරිස එසේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක් බවයි රහස් පොලිස් නිලධාරීන් පවසන්නේ.

13 August, 2017

"ඔව් මම තනි වෙලා, නමුත් සටන් කරන්නේ රට වෙනුවෙන් - කෑගහන මහලොකු දේශපාලනඥයෝ අබමල් රේණුවක දෙයක්‌ රටට කරල තියෙනවද?" විජයදාසගේ රාජපක්‍ෂ

wijedasa-rajapaksha
අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා
අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා පිළිබදව මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබේ. ඒ රජය තුල සිටිමින්ම රජය විවේචනය කිරීම හා රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නිතීපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ආදි චෝදනා නිසාය. හම්බන්තොට වරාය චීනයට බදු දීම, නීතිය හා සාමය රටේ ක්‍රියාවේ යෙදවීම, බැඳුම්කර පරීක්‍ෂණ ආදි සිදුවීම් පිළිබඳ විජේදාස අමාත්‍යවරයා දක්‌වන ලද සංවාදාත්මක අදහස්‌ රජය තුලින්ම බරපතල ලෙස විවේචනයට ලක් වුනා. මේ නිසාම ඔහුට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කොටසක් සුදානම් බව කියවෙනවා. එවැනි පසුබිමක අමාත්‍යවරයා පවතින දේශපාලන පසුබිම පිළිබදව පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුනා

ප්‍රශ්නය - අද අපේ රටේ තියෙන උණුසුම් මාතෘකාව බැඳුම්කරය වුණත් රට හමුවේ තිබෙන භයානකම පාඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම බව බොහෝදෙනා දන්නේ නෑ. හැබැයි ඔබ මේ ගැන හුදෙකලා සටනක්‌ කරනවා.

පිළිතුර - ඔව්. මම කරන්නේ හුදෙකලා සටනක්‌ බව ඔබට මතුපිටින් බලනවිට පෙනෙයි. නමුත් මේ සටන තුළ තව නොපෙනෙන බලවේග ගණනාවක්‌ ඉන්නවා. එකක්‌ තමයි මේ රටේ ජනතාව. මම තනිවෙලා නෑ. මම මේ වරාය විකුණන එක වැරදියි කියලා කියන්නේ කරුණුමත පදනම් වෙලයි. තර්ක මත පදනම් වෙලයි. හේතු සහිතවයි. මම ඒ හේතු පෙන්නල දීල තියෙනව. අනිත් එක ජනාධිපතිතුමායි අගමැතිතුමයි අපියි ඔක්‌කොම මේ ගිවිසුම පසුගිය සෙනසුරාදා අත්සන් කරන්න එකඟ වුණේ ඊට පෙර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තර්ක විතර්ක කරල එහිදී මතුවන කරුණු සංශෝධන විදියට ඇතුළත් කරලා විනිවිද පෙනෙන ක්‍රමවේදයක්‌ මතයි. නමුත් වුණේ එහෙම සාකච්ඡාවක්‌ තිබුණෙත් නැහැ. සංශෝධන ඇතුළත් කළේත් නැහැ. තදියමේ සෙනසුරාදා ගිවිසුම අත්සන් කළා. මේක රටේ ජාතික සම්පත් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වැරදි පූර්වාදර්ශයක්‌ කියමිනුයි මම මෙහිදී තර්කයට එළැඹෙන්නේ......

ප්‍රශ්නය - හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක්‌ නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්‌ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය.

පිළිතුර - විකල්ප හොයන්න කලින් ප්‍රශ්නය තේරුම් ගන්න එපායෑ. මම මේ ගනුදෙනුව වැරදියි කියල පෙන්නුවේ කරුණු මතයි. එම කරුණු දක්‌වනු පිණිස නැවත ඕනිනම් කියන්නම්.

වරාය අධිකාරියට බෑ වරාය කාටහරි විකුණන්න හෝ බදු දෙන්න. මොකද වරාය අධිකාරිය තියෙන්නේ වරාය පවත්වාගෙන යැම පිළිබඳ තීන්දු තීරණය ගන්න මිස වරාය විකුණන්න නොවෙයි. පවත්වාගෙන යැම වෙනුවෙන් කොටසක්‌ බදු දීම කොටසක්‌ විකිණීම යම් දේපළක්‌ විකිණීම වගේ දේවල් කළ හැකියි. ඒත් වරාය විකුණන්නේ කොහොමද. එතකොට ඔවුන්ගේ අරමුණම උල්ලංඝනය වෙලානේ.

දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක්‌ තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම තුළ චීනය ඔවුන්ගේ වරාය ජාලය හා නැව් සමාගම් සමග එකතුවෙලා සියලු මෙහෙයුම් හම්බන්තොටින් කරන්න පටන් ගත්තාම කොළඹ වරායට මොකද වෙන්නේ. කොළඹට අපි කරන ආයෝජන ඔක්‌කොම වතුරේ... හම්බන්තොට වරායේ පහසුකම් සියල්ල තියෙද්දී මොන නැව් සමාගම ද ඒක මග ඇරලා මුහුදු සැතපුම් 400 ක්‌ හා කාලය වැය කරන් පහසුකම් ගන්න කොළඹට එන්නේ. අන්තිමේ පිහිනුම් තටාකය වෙන්නේ හම්බන්තොට නොවෙයි කොළඹ.

ප්‍රශ්නය - සමහර අය පෙන්වා දෙනවා හම්බන්තොට චීනයට පවරාදීම අපි ලොකු උගුලකට හසු වුණා කියලා.

පිළිතුර - උගුලක්‌ තමයි. ඉන්නකෝ කියන්න. හම්බන්තොට අපි ණය වෙලා හදපු වරාය. ඒක අපි චීනයට දෙනවා වසර 99 කට. කොළඹ වරාය හැදුවේ චීනය, එයාල වියදම් කරල හදපු වරාය අවුරුදු 25 කින් අපට දෙනවා. චීන මොකද කරන්නේ කොළඹට එන නැව් ඔක්‌කොම හම්බන්තොට ට හරවගෙන කොළඹ බංකොළොත් කරල රොඩ්ඩ අවුරුදු 25 කින් අපට. අපේ අනාගත සම්පත එයාලට. ඉතින් මේක උගුලක්‌ තමයි. අපි දැන් ඩොලර් බිලියන 78 ක්‌ ණයයි ලෝකෙට. හම්බන්තොට දීමෙන් ණය කීයද කැපෙන්නේ. ඩොලර් බිලියන 1 යි. මෙච්චර ණය වෙලා ඉන්න එකේ තව මිලියන 400 ක්‌ අරන් ඉතිරි යටිතල පහසුකම් ටික කරලා ගත්තාම වරාය අපටම පුළුවන්නේ පවත්වාගෙන යන්න. බලනකොට ඔය ඩොලර් මිලියන 400 හින්දනේ බය වෙලා තියෙන්නේ. අපි අතීතයට සාප කර කර රාජපක්‍ෂලාට බැණ බැණ තියෙන සම්පත් ටිකත් පිටට දෙනවා. ඒවායින් ප්‍රයෝජන අරන් සංවර්ධනයට යොදවන්න බලන්නේ නෑ.

ප්‍රශ්නය - ඔබ කිව්වා මේ වරාය ගනුදෙනුව තුළ දේශපාලන ප්‍රශ්නයකුත් ආරක්‍ෂක ප්‍රශ්නයකුත් රටේ ඇතිවන බව.

පිළිතුර - ඔව්. අපි මේ හම්බන්තොට චීනයට දෙනකොට ඉන්දියාව, ත්‍රිකුණාමලය ඉල්ලනවනේ. එයාල දෙගොල්ලො ලංකාව අල්ලගෙන එයාලගේ බලය තුලනය කරගන්න හදනවා. ඒක ලංකාවට හොඳයිද. අනිත් එක මේ ප්‍රශ්නවලදී අද ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය, ජපානය ආදී ලොව බලවත් රටවල් සියල්ල එක මතයකයි ඉන්නේ. මොකද ඒ රටවල් දන්නවා චීනය විසින් තවත් අප්‍රිකානු වරායක්‌ වන ජුබුටි රටේ වරාය අල්ලගෙන එතැන මිලිටරි බේස්‌ එකක්‌ දාගත්තේ මෙන්න මේ ක්‍රමයට කියලා . ඒක භයානක උදාහරණයක්‌.

ප්‍රශ්නය - ඔබගේ ඔය තර්කයට ප්‍රති උත්තර සපයන ඇමැතිවරයෙක්‌ කියනව ඔබ නැති බිල්ලෙක්‌ පෙන්නනවා කියලා ඇමරිකානු කොන්ත්‍රාත් චීනෙට දෙන චීනෙ වැඩ ඇමරිකාවට දෙන පසුබිමක ඔබ ඔය මතු කරන බය විහිළුවක්‌ කියලයි ඔහු කිව්වේ......

පිළිතුර - ඇමරිකාව කියන්නේ විශාල රටක්‌. ප්‍රාන්ත 50 ක්‌ කියන්නේ රටවල් 50 ක්‌ වගේ. ඉතින් එක වරායක්‌ නොවෙයි. වරායවල් 10 ක්‌ චීනෙට දුන්නත් ඇමරිකාවට දැනෙන්නේ නෑ. ඇමරිකාවත් එක්‌ක බලන්න ලංකාව මොකක්‌ද?.... අපි කවුද... ඔව්. ඉතින් මගේ මතය එනකොට සමහර බුද්ධිමත් යෑයි හිතන් ඉන්න බහුශ්‍රැත ඇමැතිවරු කිව්වා "ගෝත්‍රික මතයක්‌" කියලා. ඒ කියන්නේ රට ගැන හිතන්නේ ගෝත්‍රිකයෝ විතරයි. අනිත් එවුන්ට රටක්‌ වුවමනා නෑ.

ප්‍රශ්නය - දැන් මේ වරාය ගිවිසුමේ අලුත් තත්ත්වය මොකක්‌ද?

පිළිතුර - මේ ගිවිසුම වැරදියි කියන අදහස නීති ක්‍ෂේත්‍රවල යනවා. මේ ගනුදෙනුවට විරුද්ධ නඩුවකුත් දැන් තියෙනවා. අපි තර්ක කරනවා වරායට පුළුවන් ඊට අයත් දේපළක්‌ වරායේ උන්නතිය සඳහා විකුණා ගන්න. නමුත් වරායට පුළුවන් ද වරාය විකුණන්න. මහා භාණ්‌ඩාගාරයට රජයට අයත් ඉඩමක්‌ විකුණන්න පුළුවන්. නමුත් මහා භාණ්‌ඩාගාරයට පුළුවන්ද මහා භාණ්‌ඩාගාරය විකුණන්න. ඒකයි තර්කය.

ප්‍රශ්නය - අපි දැක්‌කා මේ පිළිබඳ කතා කරන විට තර්ක කරන විට ඔබ තනිවෙලා ඉන්න අයුරු.. කැබිනට්‌ එකේදීත් ඉන් පිටතදීත්..

පිළිතුර - ඔව්... මම තනි වුණා. මට තනිවෙලා වුණත් නිවැරැදි දේ ගැන නිවැරැදි ස්‌ථාවරයක පිහිටලා කතා කරන හයිය තියෙනවා. අනිත් ඇමැතිවරුන්ට නැති. ඒකයි මගේ විශේෂත්වය. මහින්දගේ ආණ්‌ඩුව කාලෙත් ඔය ඇමැතිවරු දැන් ඉන්න චණ්‌ඩි කටක්‌ අරින්නේ නැතිව ඉද්දී මම විතරයි කටක්‌ ඇරියේ.. ඒ නිවැරැදි දේ වෙනුවෙන්.

ප්‍රශ්නය - ඔබ හුදෙකලාව වුණත් ලොකු සටනක්‌ කරන්නේ පිටුපස තියෙන ලොකු හයියක්‌ ශක්‌තියක්‌ නිසා කියලයි සමහරු කියන්නේ. ජනාධිපතිවරයා ඔබ පිටුපස ඉන්නවා කියලත් කියනවා. සමහරු මෙහෙමත් කියනවා. මේ කලබල අස්‌සේ හැදෙන ඊළඟ ආණ්‌ඩුවේ ඔබලු අගමැති.

පිළිතුර - ඕකට හොඳ උත්තරයක්‌ මම දෙන්නම්. හැබැයි මේක මගේ ප්‍රතිරූපය හදාගන්න ගහන පම්පෝරියක්‌ කියල වරදවා තේරුම් ගන්න එපා.

මගේ ළඟ තියෙන හයිය වෙන මොනවවත් නොවෙයි. හරි දේ වෙනුවෙන් පෙනී ඉඳල බොරුව වංචාව පරදවලා සත්‍යය නිවැරැදි දේ ජයග්‍රහණය කරවපු සත්‍යයේ හයිය තමයි මට තියෙන්නේ. මම ඒ වෙනුවෙන් තනිව සටන් කරපු කෙනෙක්‌. ඒ සටන්වලින් මේ රටේ ජනතාවට අහිමි වෙන්න ගිය සම්පත් හා වත්කම් බිලියන 1000 කට වඩා ඉතුරු කරල දීල තියෙනවා. ඒක තමයි මගේ හයිය.

ප්‍රශ්නය - ඔය මොනව ගැන ද ඔබ කියන්නේ.

පිළිතුර - කීපයක්‌ කියන්නම්. 2003 මධ්‍යම, සබරගමුව, බස්‌නාහිර කියන පළාත් තුනේ ලංගමය එහි චංචල හා නිශ්චල දේපළ සහිතව සම්පූර්ණයෙන්ම වික්‌කා. රවී වෙත්තසිංහට රුපියල් මිලියන 865 කට. ඒක වුණා නම් ලංකාවට ලංගමත් නෑ. සේවකයෝ නඩු කිව්වා. නඩු පරාද වුණා. නඩු විසි කළා. ඊට පස්‌සේ මම ස්‌වාධීනව ඉදිරිපත්වෙලා ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් නඩු කිව්වා. මට විරුද්ධ පැත්තේ ජනාධිපති නීතිඥවරු පොකුරක්‌. මම තනියෙන්. මම එම ගිවිසුම වැරදියි කියල ඔප්පු කළා. අන්තිමේ එදා හිටි අගවිනිසුරුතුමා, සරත් සිල්වා මැතිතුමා කිව්වා ඔබලා ඔය නීතිඥවරු විශාල පිරිසක්‌ ආවත් කතා කරන්නේ කොළපාට නෝට්‌ටුවලට. (ඒ කාලේ තමයි ඔය කොළ පාට 1000 කොළය ආවේ). හැබැයි මේ නීතිඥතුමා සල්ලිවලට නොවෙයි, රට වෙනුවෙනුයි කතා කරන්නේ.

එහෙම කියල ලංකාවේ පළමු වතාවට ඓතිහාසික තීන්දුවක්‌ දුන්නා. ලංගමය විකුණපු ගිවිසුම එතුමා අහෝසි කළා. එදා මිලියන 860 ට වඩා පිටකොටුව බස්‌ නැවතුම්පළේ ඉඩම විතරක්‌ වටින්නේ නැද්ද?. මුළු ලංකාවේම වටිනාකම බිලියන 1000 පැනලනේ. කවුද එහෙම දෙයක්‌ රටට දිනල දීල තියෙන්නේ. ඔය කෑගහන මහලොකු දේශපාලනඥයෝ එයින් අබමල් රේණුවක දෙයක්‌ රටට කරල දීල තියෙනවද?

මම මේ කියන්නේ ලංගමය ගැන විතරක්‌ නොවෙයි. මම කෝප් එකට ආවා. මට බැංකු ඇමැතිකම බලෙන් දුන්නා මහින්ද. මම හිටියේ මාස 5යි. ඒ හිටපු කාලේ ලංකා බැංකුවෙයි, මහජන බැංකුවෙයි මිලියන 4000 ක්‌ රිකවර් කර ගත්තා. කෝප් එකෙත් තනි සටනක්‌ කළා. මට මරණීය තර්ජන ආවා. මගේ ගේ වැටලුවා. විශේෂ කාර්ය බළකාය සෙබළු 82 ක්‌. එහෙම කරල බිලියන 300 ක සොරකම් අල්ලලා දුන්නා.

ඒ කාලේ බිලියන 125 ක්‌ වටිනා රක්‍ෂණ සංස්‌ථාව විකිණුවා බිලියන 6 කට. වොක්‌සොල් ස්‌ට්‍රීට්‌ එකේ පර්චසයක වටිනාකම දාල තිබුණේ රු. 17,000 කි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්‌ මිල කරල තිබුණේ රු. 15,000 යි. ඔය තමයි පී බී ජයසුන්දරගෙයි මිලින්ද මොරගොඩගෙයි තක්‌සේරුව. ආණ්‌ඩුවට අපි කිව්වා මේක ජාතික අපරාධයක්‌. මේක කරන්න එපා කියලා. නමුත් විකුණගත්තා. අපි ඊට එරෙහිව නඩු කිව්වා. නඩු කියල රක්‍ෂණ සංස්‌ථාව බේරා ගත්තා. නඩු තීන්දුවේ නඩුකාරවරු වෙනම ස්‌තුතියක්‌ ලියලා තියෙනවා මම කරපු සේවය ගැන. රක්‍ෂණ සංස්‌ථාව අපි ආපහු රජයට ගන්නා විට බිලියන 200 කට වඩා එහි වත්කම් තිබුණා. රක්‍ෂණ සංස්‌ථාව ගත්ත නිසා තමයි ඒකට ඇපලෝ රෝහල අවේ. ලංකා සල්ලිවලින් ෂෙල් ගෑස්‌ එක ආපහු ගත්තා. බැංකුවල 8% ක කොටස්‌ අපි ආපහු ගත්තා.

මේ දේවල්වල කීර්තිය මට තිබෙනවා. ලංකා මැරයින් සර්විසස්‌ ආයතනය බේරා ගත්තේත් අපි නඩු කියලයි. නිහතමානී සතුටක්‌ ඒ ගැන මට තියෙනවා.

අන්න ඒ වගේ ජාතික සේවයක්‌ කරන්න මැදිහත් වුණ හයිය විතරයි මට තියෙන්නේ කාගේවත් හයියක්‌ මට නෑ. ඒ ජාතික සම්පත් රටට දිනවල දුන්නා වගේම මේ වරාය විකිණීමත් ආපසු හරවන බව මම අද කියනවා. මේ ගිවිසුම වැරදියි. වරාය ආපසු චීනෙන් ගලවලා රටට දිනවල දෙනවා. දෙනවාමයි. ඒකට මට වැඩ පිළිවෙළක්‌ තියෙනවා.

ප්‍රශ්නය - ඔබට තවත් බරපතළ චෝදනාවක්‌ තියෙනවා. අපි දන්නවා. මේ රජය බලයට ආවේ හොරු, දූෂිතයෝ අල්ලලා නඩු අහලා දඬුවම් දෙනවයි කියල ලොකු පොරොන්දුවක්‌ ජනතාවට දීලා. නමුත් මේ රජය බලයට පත්වෙලා වසර දෙකක්‌ ඉකුත් වෙලත් ඔය කියපු හොරු ඇල්ලුවේ නෑ. දඬුවමක්‌ දීල නෑ. සමහරු කෙලින්ම අජිත් පෙරේරලා වගේ අය මේ ගැන චෝදනා නගන්නේ ඔබට. ඔබ නිසා ඒ නඩු පමා වෙනවලු.

පිළිතුර - දන්න බව පෙන්නන් ඉන්න. දන්න කෙහෙල්මලක්‌ නැති මිනිස්‌සු එහෙම කියනවා. කේවට්‌ටයෝ ඔය වගේ කතා මාධ්‍යවලට කියල මහෞෂධලා වෙන්න හදනවා... කේවට්‌ටයාට පුළුවන්ද මහෞෂධ වෙන්න. ඔය දන්නේ නැතිකම.

අපි යහපාලන ආණ්‌ඩුව හදන්න කලින් ජනතාවට පෙරොන්දු වුණා තමයි වංචාකාරයෝ හොරු දූෂිතයෝ කනෙන් අල්ලලා දඬුවම් දෙනවා කියලා. හැබැයි ඒ ඔය කියන මිනිස්‌සුන්ට ඕන ඕන විදියට නොවෙයි. යහපාලන ප්‍රතිපත්තියට අනුව නිවැරැදිව නඩු දාලා ඔප්පු කරලයි දඬුවම් දෙන්නේ. එහෙම නැතුව පෞද්ගලික තරහ,ඉරිසියාව, ව්‍යාපාරික වෛරය වගේ කරුණු මත නොවෙයි.

පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතනවල නීති ක්‍රියා පිළිවෙත උඩ අද ඒවා කෙරීගෙන යනවා. සමහරුන්ට ඉවසිල්ලක්‌ නෑ. මොකද තමන් හිතන තමන් වෛර කරන තමන්ගේ විරුද්ධකම් තියන අයගෙන් ඉක්‌මනට පළි ගන්නයි සමහරුන්ට ඕන. එයාලට ඕන පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහලා අරකට කලින් මේක ගනින් මේක කරපන් අනික ඉක්‌මන් කරපන් කියලා අණ කරන්න. එයාලට පොලිසිය පාලනය කරන්න පුළුවන්. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න බෑ. ඇමැතිවරයෙක්‌ ඉන්නෙ අමාත්‍යාංශයක්‌ තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ නඩු පාලනය කරන්න නොවෙයි. එහි පරිපාලන ව්‍යහය පවත්වාගෙන යන්න විතරයි. නීතිපති දෙපාර්තමේන්තුව ස්‌වාධීනයි. ඒක තේරුම් නොගත්ත මිනිස්‌සු ටික දෙනෙක්‌ මට බනිනවා තමයි.

ප්‍රශ්නය - ටික දෙනෙක්‌ නොවෙයි අපි දැක්‌කා ඒ ප්‍රශ්නෙදිත්. තනිවෙලා බව. ඔබට කැබිනට්‌ මණ්‌ඩලයේදීත් ඇමැතිවරු වට කරගෙන පහර දෙනවා.

පිළිතුර - නෑ...... වැරදියි. මගේ මතය ජනාධිපතිතුමත් පිළිගන්නවා. අගමැතිතුමා හැටන් ප්‍රදේශයෙදී පසුගියදා පැහැදිලිවම කිව්ව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කාටවත් ඇඟිලි ගහන්න බෑ කියලා. ඒ අය මගේ මතයේ ඉන්නවා. ටික දෙනෙක්‌ තමයි කෑ ගසන්නේ. අනිත් එක මම ඔය මිනිස්‌සුන්ට අතීතය ටිකක්‌ මතක්‌ කරන දෙන්න ඕන. මට මතකයි හොරු අල්ලන්න 94 දී පත් කළා කොමිෂන් සභාවක්‌. අල්ලස්‌ දෙපාර්තමේන්තුව අහෝසි කරලා අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම පත් කළා. එදා කිව්වේ අතීතයට බලපාන පරිදි මෙහි බලතල පවත්වාගෙන යනවා කියලා 17 අවුරුදු කාලයේ හොරුත් අල්ලන්න. නමුත් පනත ගේනකොට අනාගතයට විතරයි බලපෑවේ. කොමසාරිස්‌වරු ලොකු පඩි දීල පත් කළා. 94 ඉඳලා 2000 වනතෙක්‌ පළමු අවුරුදු 5 ඇතුළත මෙයාලා ඇහුවේ එකම එක නඩුවයි. අනුල එකේ ටීච කෙනෙක්‌ පීරිසි කෝප්ප 5 ක්‌ අරන් අනුලා එකට ළමයෙක්‌ ගැනීම විතරයි . අහු වුණ එකම එක අල්ලස. ඔන්න වැඩ. ඊට පස්‌සෙත් දිගටම එහෙමයි වුණේ. දන්නවනේ මම ගෙනාපු කෝප් වාර්තා දෙකක්‌ම උපක්‍රමශීලීව මේ ගොල්ලො එකතුවෙලා අවලංගු වෙන්න ඇරපු විදිහ ජනතාවට මතකයි.

දැන් මම අධිකරණ ඇමැති වුණාම මේ සියලු වැරදි නිවැරැදි කළා. මේ කොමිෂන්වලට තිබුණ දේශපාලන ඇඟිලි ගැහීම් නතර කළා. අද නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න කාටවත් බෑ. ඒ නිසා තමයි බැඳුම්කර නඩුව දවසින් දවස ලස්‌සනට ස්‌වාධීනව ඉදිරියට යන්නේ. ඒක නතර කරල ඇඟිලි ගහලා පාලනය අතට අරන් මේ ගොල්ලන්ට ඕන ඕන නඩු පස්‌සට දාලා ඉස්‌සරහට ගන්න ඕන එක ගන්න කියලනේ කියන්නේ. මේ යහපාලන ප්‍රතිපත්ති අනුව එහෙම දේවල් වෙන්නේ නෑ.

ප්‍රශ්නය - මම අර ප්‍රශ්නය නැවත අහනවා ඔබ ද මේ රටේ ඊළඟ අගමැති...

පිළිතුර - අනවශ්‍ය කතා හදල ඒවා පතුරුවන්න උදව් කරන්න එපා. ඒ වගේම මම තාන්න මාන්න පදවි බලාගෙන වැඩ කරන කෙනෙක්‌ නොවෙයි. මම ඉන්නකන් නිලතලවල ගෞරවය ආරක්‍ෂා කරන් ජනතාවට සේවය කරනවා. බැරිදාට ගෙදර යනවා. මට හීන නෑ. (දිවයින)

10 August, 2017

BREAKING : සම්මුති ආණ්ඩුව වෙනුවෙන් රවී ඇමති පුටුව අතහරි

ravi-karunanayake
රවී කරුණානායක මහතා

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.

තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.

ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.

තමන් සතු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම නිසා ලබා ගත් කුලී නිවස පිළිබඳවත් එම නිවස හිමිකර ගැනීම පිළිබඳවත් බැඳුම්කර කොමිසම හමුවේ තමන් කරුණු සඳහන් කළ බවත් ඔහු එහිදී සිහිපත් කළා.

පසුකාලීනව එම නිවස ලබා ගැනීම සඳහා මුදල් ලබා ගත්තේ තම පවුලේ පිරිස අධ්‍යක්ෂ පදවි දරණ ආයතනයනක් විසින් පුද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ලේඛණ සහ වාර්තා සභාගත කරන බවද කියා සිටියා.

තමන් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග දේශපාලනය ආරම්භ කළ බවත් ඔහුටද නැව් ගිල්ල බවට ඇතමුන් අභූත චෝදනා එල්ල කළ බවත් ඔහු කියා සිටියා. (නෙත්)

08 August, 2017

රවී ඉන්නේ වෙන නෝනා කෙනෙක් ඒක්ක ද? - බැසිල්ගේ නෝනා පුෂ්පා නෙවෙයි ද? - අනුර ප්‍රශ්න කරයි

anura-kumara-dissanayake-16

වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින්ට දඬුවම් ලබා නොදෙන අධිකරණ පද්ධතිය පිළිබදව විශ්වාසයක් ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරනවා.

එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ වලස්මුල්ල නගරයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී අනුර කුමාර මහතා පෙන්වා දුන්නේ පවතින් නඩු විභාග සහ කොමිෂන් සභා ගැන කිසිදු විශ්වානයක් තැබිය නොහැකි බවයි.

අදාළ අදහස් දැක්වීම පහතින්.



දර්ශන අනුග්‍රහය හිරු.

ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි - රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!

Kim Jong-Un - Maithripala Sirisena

උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටි අතර පසුව ඒ පිළිබදව සොයා බැලීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ හෝ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකද එම නිවේදනය පිළිබද නොදැනුවත් බව වාර්තා වූවා.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ට හිටපු L.T.T.E ක්‍රියාකාරීන් හමුවීම සඳහා සිරගෙවල්වලට යැමට අවසර දී ඇත්තේද මෙම විදේශ කටයුතු නිළධාරීන්ම බව සදහන්.

මේ නිසා විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් සංචාරක අමාත්‍යාංශයට යවා ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම් ලෙස පත්කර ඇත.

07 August, 2017

මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ මංගලගේ මහජන සම්බන්ධතා නිලධාරියා නිර්දෝෂි වූ හැටි මෙන්න

Sameera Manahara - Mangala

අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර සහ තවත් පුද්ගලයින් තුන් දෙනෙකු පෙරේදා (05) රාත්‍රීයේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක‍ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළ කර තිබූ වාර්තා දෝෂ සහිත බව පෙන්වා දෙමින්.

අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර ඔහුගේ මිතුරන් තුන් දෙනෙකු සමග රාත්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වනවා.

මෙම පිරිස ගමන් කළ ජිප් රථයේ තිබී මත්ද්‍රව්‍ය සමහරක්ද පොලීසියට හමුවී ඇති බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ජීප් රථය සහ හමුවූ මත්ද්‍රව්‍ය ද තමන්ගේ බවට එහි සිටි අයගෙන් කෙනෙකු පිළිගෙන ඇතැයිද ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක්ද පොලීසියට හමුවී ඇතැයිද නිවේදනයේ දැක්වෙනවා.

අත්අඩංගුවට ගත් සමීර මනහර සහ අනෙක් තුන්දෙනාම ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු බවද මෙම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් පොලීසිය විසින් එහිදී ඉදිරිපත් කෙරුණු බී වාර්තාවට අනුව ජීප් රථය සහ මත්ද්‍රව්‍ය සන්තකව සිටි තැනැත්තා හැර සමීර මනහරට හෝ අනෙක් පුද්ගලයින් දෙදෙනාට චෝදනා නැගීමට තරම් තොරතුරු තිබී නොමැති බවයි අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ.

ඔවුන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ගොණු නොකරන බව අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරියාද ප්‍රකාශ කර ඇතැයි අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

සමීර මනහර සහ ජීප් රථය සහ මත්ද්‍රව්‍ය අයත්ව සිටි තැනැත්තා හැර සෙසු පුද්ගලයින් දෙදෙනා ඇපමත මුදා හැරීමටද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර වරදකරුවෙකු කරමින් ඇතැම් මාධ්‍ය පළ කර තිබෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එමගින් අවධාරණය කර තිබෙනවා. (නෙත්)

01 August, 2017

"මට පාඩුවේ ඉන්න දෙන්න ජරා සෙල්ලම් වලට මගේ නම ගාවන්න එපා" PORN කතාවට හිරුණිකා පිළිතුරු දෙයි

Hirunika Premachandra - Porn Story

ගොසිප්වෙබ් අඩවි වල පළවන පුවතක් සම්න්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. තමා මාතෘ නිවාඩු ලබාගෙන සිටින බවත්, ගොසිප් වෙබ් අඩවිල පළවන කිසිදු පුවතක සත්‍යතාවක් නොමැති බවත් ඇය මෙහිදී කියා තිබුණා.

22 July, 2017

දහඅටේ කල්ලියෙන් අලුත් කොන්දේසි - මහින්ද පිල සමඟත් රහස් සාකච්චා

Maithripala - Mahinda

ආණ්ඩුවේ තනතුරැවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ප්‍රකාශ වූ ශ්‍රීල.නි.පයේ මැති ඇමැති පිරිස දෙසැම්බර් දක්වා සම්මුතිවාදී ආණ්ඩුවේ රැඳී සිටීමට නව කොන්දේසි මාලාවක් ජනපතිට ඉදිරිපත් කරන්නට යන බව වාර්තා වේ.

මෙම මැති ඇමති පිරිස පසුගිය සතියේ වාර දෙකකදි රහසිගතව සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. මේ අයගේ පොදුමතය වී ඇත්තේ එජාපය සමඟ තවදුරටත් රැඳී සිටීමෙන් ඉදිරි මැතිවරණ වලදී තමන්ට බරපතළ හානියක් සිදුවන බවයි. එහෙත් ජනාධිපතිවරයා දෙසැම්බර් 31 වැනිදා තෙක් ආණ්ඩුවේ රැඳි සිටින ලෙස දක්වා ඇති බැවින් ඊට සහය දිය යුත්තේ කොන්දේසි සහිතව බව ඔවුන්ගේ තීරණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට බාර දීමට නියමිත තීරණාත්මක කොන්දේසි මාලාව සකස් කිරීමට එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අද හෙටම රුස්වන බව වාර්තා වේ.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටින මැති ඇමතිවරුන් කිහිපදෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර ඇති බවයි. ඔවුන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ දෙසැම්බරය තෙක් තමන්ට රැඳී සිටීමට තමන්ට ආරාධනා කර ඇත්තේ ඉදිරි අයවැය සම්මත කරගැනීම සඳහා තම සහය ලබාගැනීමට බවය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒකාබද්ධයේ කටයුතු ලබන සැප්තැම්බරයේ සිට පුළුල් කිරීමට අදහස් කරන වගය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ එම කණ්ඩායම ලබන සැප්තැම්බරයෙන් පසු බොහෝ මැතිවරණ කොට්ඨාස සඳහා නව සංවිධායකවරුන් පත්කරන වගය. එය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙනු ඇතිබව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේ අතර පසුගිය බදාදා රාත්‍රියේ ඉවත් වීමට නියමිත මැති ඇමැතිවරු පිරිසක් කොළඹ තරුපහේ හෝටලයකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. මෙහිදී ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන සාකච්ඡා කර ඇති අතර විශේෂයෙන් කතා බහවී ඇත්තේ මහින්ද මෛත්‍රි සමගි කිරීමේ කපුකමක් සම්බන්ධයෙන් යැයි දැනගන්නට ඇත.

21 July, 2017

සුදු වෑන් සංස්කෘතිය මඩින්න ආපු 'යහපාලනයත්' සුදු වෑන් එවයි - දුමින්ද - ලාල්කාන්ත නිසා රයන් බේරුනු හැටි (Video)

ryan jayalath - arrest attempt

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ වරෙන්තු කිහිපයක් මත බව පොලිසිය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාල පරිශ්‍රය තුළදී ඊයේ (20) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

සයිටම් විරෝධී ජනපවුර නම් සංවිධානය ඊයේ දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලය තුළදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත, පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, එම මාධ්‍ය හමුව අවසන් වී පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී සරසවි සිසුන්, වෛද්‍යවරුන් සහ දේශපාලන නියෝජිතයින් එක්ව ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, අවසානයේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


(Note - Aperata - Video - Hiru)

විමල් ගියා කියලා ව්‍යවස්ථාව හදනඑක නතරවෙයිද? නෑනේ... නෑනේ....



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීමට ජාතික නිදහස් පෙරමුණ පසුගිය දා තීරණයකළා

මේ හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ කාර්ය පටිපාටියට බලපෑමක් ඇති නොකරන බව නීතිවේදීන් පෙන්වා පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ -

Dr. H. A. Menaka Harankaha

"මුළු පාර්ලිමේන්තුවම ආණුඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කළ, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙදිත් මේ විදියට ඇතැම් පක්ෂ ඉන් ඉවත් වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ පක්ෂ ඉන් ඉවත් වුණා. හැබැයි ඒකෙන් කිසිදු බලපෑමක් වුණේ නැහැ. සමගි පෙරමුණේ මන්ත්‍රීවරු ඒ කටයුත්ත කළා."

නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා -

Prathibha Mahanamahewa

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කෙසේ පැවතිය යුතුදැයි තීරණය කිරීමට පෙර සිදු කිරීමට අපේක්ෂා කරන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමද, නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලූතින්ම සම්මත කර ගැනීමක්දැයි පැහැදිලි කරගත යුතුයි.

විමල් වීරවංශ නායක ජාතික නිදහස් පෙරමුණ -

wimal-weerawansa-07

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බවත්, ඒ නිසා උද්ගතවන අලූත් තත්වය පිළිබඳවත්, කථානායකවරයා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි.

නාමල් හිටපු ජනපතිව ඔලුවෙන් හිටවයි

Mahinda Rajapakse - Yoga - 02

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප කිහිපයක් අන්ර්ජාලයට එක්කොට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස අන්ර්ජාලයට එක්කොට ඇති ඡායාරූපවල දැක්වෙන්නේ හිටපු ජනාධිපති තුමා යෝගා ව්‍යායාමවල නිරත වන දර්ශනයි.

මීට පෙරද නාමල් මහතා විසින් මෙවැනිම පින්තූර කිහිපයක් සිය ෆෙස්බුක් පිටුවට එක්කොට තිබුණා.

Mahinda Rajapakse - Yoga - 01

20 July, 2017

ජනපතිගේ මනමාලකම් හෙළිකරමින් පැරණි මිතුරකු හදිසියේ මුනගැසෙයි (Photos)

Maithipala - Second Bridegroom

ඊයේ (19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, එතැනින් පිටත්වී යාමට සැරසෙද්දි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගෑසීමට අමුත්තෙකු පැමිණියේය.

දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වි ද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවෙනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාමය.

තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකමය. 

Second Bridegroom - 02
Second Bridegroom - 03
Second Bridegroom - 04

(Neth)

11 July, 2017

‘Disce AUT Discede’ දයාසිරි ඇමතිතුමාට වචන වැරදුණු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Dayasiri jayasekara - 13

සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වූ කෙනෙක් තමයි දයාසිරි ජයසේකර ඇමතිවරයා කියන්නේ.

මුලින්ම ඔහු ගැන කතාබහට ලක්වුනේ ශූරයන්ගේ තරගාවලියේ පරාජයෙන් පසු ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙරූ අදහස් හේතුවෙන්.

එනම් ක්‍රීඩකයන්ගේ බඩ වැඩි නිසා මැච් පරදින බවට කරන ලද ප්‍රකාශය ෆේස්බුක් හරහා දැඩි කතාබහක් නිර්මාණය වුණා.

ඉන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා ගැන නැවතත් කතාබහට ලක්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය වැරදි ලෙස උච්ඡාරණය කිරීමත් සමගයි.

ඉතින් මේ පිළිබඳ විවිධ අය විවිධාකාර දේවල් පවසන නිසා අපි හිතුවා මෙහි සැබෑ අර්ථය සහ මෙහි ඉතිහාසය කුමක්ද යන්න ඔබට කියන්න.

‘Disce AUT Discede’කියන්නේ ලතින් භාෂාවේ වචනයක්. එය උච්ඡාරණය වන්නේ “ඩිස්කේ අවුට් ඩිස්කෙඩේ” යනුවෙන්.

අදාළ වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ ‘උගනිව් නැත්නම් පිටවෙනු’ යන්නයි.

එමෙන්ම මෙම වචනය ලොව පුරා පාසල්වල වල ආදර්ශ පාඨය ලෙසද භාවිතා කරනවා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම පාඨය උච්ඡාරණය කල අයුරුයි මේ.

10 July, 2017

මන්ත්‍රීන් බාගන්න පක්ෂ තුනකින් රහස් ගේම්

Secret operations

ඉදිරියේ සිදුවෙතැයි කියන දේශපාලන පෙරැළියක් ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ 3ක් විසින් රහසිගත දේශපාලන මෙහෙයුම් දියත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම මෙහෙයුම් තුනම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පක්ෂවල සිටින කලකිරීමට පත්ව ඇති මන්ත්‍රීන් සෙසු පක්ෂවලට දිනාගැනීමේ අරමුණිනි. ශ්‍රී.ල.නි.පය එ.ජා.පය සහ ඒකාබද්ධ විපක්ෂය මෙකී මෙහෙයුම්වල යෙදී සිටිති.

පසුගියදා රජයේ නිල තනතුරු දරණ ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 18 දෙනකු තමන් තනතුරු අතහැර ස්වාධීන වන බව ප්‍රකාශ කළේ මෙකී මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස බව දැනගන්නට ඇත. මුලින් එම කණ්ඩායමේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සිටියත් දැන් එම සංඛ්‍යාව 22ක් බවට පත්ව ඇතැයි එම කණ්ඩායමේ සාමාජිකයෙක් දේශයට පැවසීය. මේ අයගෙන පිරිසක් පසුගිය සිකුරාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී ඇත.

ඒ අතර මෙම ඇමැති පිරිස ශ්‍රී.ල.නි.පය තුළ රඳවාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද අදාළ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් 6 දෙනකු සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒකාබද්ධ විපක්ෂයද මෙම තනතුරු අත්හරින්නන් දිනාගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇත. ඊට අමතරව රජයේ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සමඟද ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි කියැවේ.

ශ්‍රී.ල.නි.පයේ කලකිරී සිටින පිරිස් එ.ජා.පයට සම්බන්ධ කරගැනීම සඳහා ද ඉහළ මට්ටමේ කතාබහක් සිදුවෙමින් පවතී. රජයේ අමාත්‍ය පදවි දරණ ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් දෙදෙනකුද මෙම සාකච්ඡාවලදී එ.ජා.පයට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරයා මුණගැසුණු එ.ජා.පයේ හා ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ සාමාජිකයන් ගණනාවක් තමන්ගේ දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීමත් සමඟ ඔවුන් හා තිරය පිටුපස පුළුල් රහසිගත සාකච්ඡාවක් පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි. දකුණ වයඹ හා රජරට ප්‍රදේශවල ශ්‍රී.ල.නි.පය සමඟ නැති මන්ත්‍රීන් පිරිසක් සමඟ මෙම අදහස් හුවමාරුව සිදුකරන බව වැඩිදුරටත් කියැවේ.

(දේශපාලන වාර්තාකරු - deshaya)

08 July, 2017

ක්‍රීඩකයන්ට රිදෙන්නත් එක්ක දයාසිරි ව්‍යායාම කරපු හැටි මෙන්න...!!! (Photos)

Dayasiri exercised

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශාරීරික ව්‍යායාම වල නිරත වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.

පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල ගොස් තිබෙනා බවත් ඔහුන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවත් ප්‍රකාශ කල අතර එම ප්‍රකාශය මහත් ආන්දෝළණයකට තුඩු දුන්නා.

එවැනි පසුබිමක අමාත්‍යවරයාගේ මෙම ඡායාරූප නිකුත්ව තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩා අමාත්‍යවරයා ව්‍යායාම වල යෙදෙන ඡායාරූප පහතින්.

Dayasiri exercised - 02