Showing posts with label Business. Show all posts
Showing posts with label Business. Show all posts

14 October, 2017

සහල් මෙට්‍රික් ටොන් 500,000ක් ආනයනය කිරීමට රජය සැරසේ

rice-traders

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීමට සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, 2017 වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

මෙයින් මෙට්‍රික් ටොන් 100,000ක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කරනු ලැබ ඇති අතර, ඉතිරි අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 400,000ක සහල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ.

මේවෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිවී තිබෙනවා.

09 October, 2017

වැටි වැටී පණ අදින අපනයන ආදායමට ඔක්සිජන් දෙන්න පුළුවන් වෙයිද?

spicy-food

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබේ. වසර 2020 වන විට මෙම ආදායම තහවුරු කරගත යුතු බව දක්වයි. ඉලක්ක පෙන්වන්නට බැරිකමක් නැත. ඒවා සාර්ථක කර ගැනීම අපහසුය. කුඩා නිෂ්පාදන ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව විකුණන්නේ මොනවාද? ගැටලුව එතැනය. අපනයනයෙන් තොරව රටට පැවැත්මක් නැත. එයට හේතුවක් තිබේ. අපනයනයෙන් විදේශ විනිමය ලැබේ. මෙරට ආනයන වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනේනේ එකී විදේශ විනිමයයි. මෑත දශක දෙකක කාලය තුළ අවස්ථා ගණනාවකදී ආනයන ආදායම හා අපනයන වියදම පාලනය කරගැනීමට රටට හැකියාවක් ලැබුණේ නැත. ගෙවුම් ශේෂ අර්බුදය එහි ප්‍රතිඵලයයි. රුපියලේ අගය අඛණ්ඩව අවප්‍රමාණය වීම රටට ප්‍රමාණවත් විදේශ මුදල් නැතිවීමේ එක්තරා භයානක පැත්තකි. අනෙක් පැත්ත විදේශ සංචිත පිරිහීමයි. මෑත කාලය තුළ දෙවතාවකදී ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්නට රටට සිදුවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය නොලැබුණේ නම් රටට අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම වළක්වනු නොහැකිය.

වර්තමානයේ මෙරට අපනයන ආදායම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වන විට ආනයන වියදම එයින් දෙගුණයකි. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 20කි. මෙම පරතරය පියවා ගැනීම අපහසුය. රටට ලැබෙන සංවර්ධන ආධාර, විදේශ ණය සහ අවසාන වශයෙන් සංවර්ධන බැඳුම්කරවලින් ලබා ගන්නා විදේශ විනිමය ආනයන වෙනුවෙන් මිශ්‍ර කරගන්නට රටට සිදුවී තිබේ. එය එතරම් සුබදායක දෙයක් නොවන නමුත් භාණ්ඩාගාරයට කළ හැකි අන් යමක් නැත. අපනයන ආදායම ආනයන වියදම හා සමාන කරගන්නට තැත් කරන්නේ එයට උත්තරයක් වශයෙන්ය. නමුත් මෙරට ආර්ථික රාමුව අනුව අපනයනය වෙනුවෙන් යමක් නිපදවා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් නැත. ලෝක වෙළෙඳපොළ වෙනුවෙන් නිපදවිය හැකි කවර දෙයක් දැයි විමසා බැලීම වැදගත්ය.

2007 සිට 2017 දක්වා අවුරුදු 10ක් මෙරට සමස්ත අපනයන අංශයෙන් සියයට 40ක ප්‍රතිශතයක් උසුලන්නේ ඇඟලුම් කර්මාන්තයයි. 2016දී එයින් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කි. ඇඟලුම් අපනයනය නරක නැත. නමුත් එහි නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය සියලු දේ පිටරටින් ගෙන්වයි. ඒ වෙනුවෙන් පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවයි. ශ්‍රී ලංකාවෙන් යොදවන්නේ ශ්‍රමය පමණකි. ඇඟලුම් කම්හල් බරපතළ ශ්‍රම අර්බුදයකය. මෙරට ඇඟලුම් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ ඇමෙරිකාව හා බි්‍රතාන්‍යයි. යුරෝපා සංගමයට අයත් රටවල එහි මිලදී ගැනීම සීමිතය. දෙවැනුවට වැඩිම අපනයනය කරන්නේ තේ නිෂ්පාදනයයි. ඒවා යැවෙන්නේ ඉරානය, රුසියාව, ඉරාකය, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවලටය. 2011 සිට 2016 වන විට මෙරට තේ අපනයනයේ දායකත්වය 17%ක සිට 12% දක්වා පසුබෑමකය. තේ අපනයනයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ විනිමය ප්‍රමාණයකි. රබර් හා පොල් වැනි දේ මඟින් උපයාගත හැකි මෙයට වඩා අඩු ආදායමක් බව සඳහන් කළ යුතු නැත. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනය මෙරට වර්ධනය කරගත හැකි අංශයකි. ඒවා ගන්නේ ස්විස්ටර්ලන්තය, බි්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල්ය. එයද ජාතික අපනයනයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහක සිට තුන දක්වා අඩුවීමක් පෙන්වන බව 2016 අපනයන ප්‍රගති වාර්තාව දක්වයි. කුරුඳු හා කුළුබඩු වැනි සාම්ප්‍රදායික ද්‍රව්‍ය අපනයනයෙන් රටට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ සුළු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කම් පෙන්වන ආකාරයට මෑත කාලය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම බරපතළ ලෙස සීමා වී තිබේ. 2000 වසරේ මෙරට අපනයන ආදායම දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 33ක්ව තිබිණි. 2011 එය සියයට 18ක් දක්වා පහත වැටී තිබේ. 2014 වසරේ දත්ත නිල වශයෙන් නිකුත් වන විට එය සියයට 10 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. මෙය දකුණු ආසියාවේ අඩුම අපනයන ආදායමක් උපයන රටක් බවට පත්වීමේ අමිහිරි තත්ත්වය බව පැහැදිලිව සඳහන් කිරීමට අවශ්‍යය. ආසියාවේ රටවල් කිහිපයක අලුත් තොරතුරු සමඟ සසඳන විට මෙරට අපනයන අංශය මුහුණ දී ඇති ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැත. සිංගප්පූරුවේ අපනයන අදායම එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 110 ගුණයකි. වියට්නාමයේ එය 78.4ක් සහ තායිලන්තයේ සියයට 67.3ක් බව දැක්වෙයි. ඒ අනුව මෙරට අපනයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් බව පෙන්නුම් කිරීම මෙරට ආර්ථිකය මැන ගැනීමට සාධකයක් බව වටහා ගැනීම සුදුසුය.

අද ආර්ථිකය අලුත් යුගයක් හමුවේ සිටී. යුද ගැටලු නැති රටක නිෂ්පාදනය වැඩි කළහොත් අපනයනය වෙනුවෙන් යමක් අලුතින් නිපදවාගත හැකිය. නමුත් අද ලෝක ආර්ථික රටාව සංකීර්ණ එකකි. එහි අභියෝග එකිනෙකට වෙනස්ය. තරගකාරීත්වය, කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ජගත් ආර්ථිකයේ පදනමයි. ලෝකයේ තරගකාරීව නිපදවන රටවල් සිය නිෂ්පාදන ආර්ථිකය පසුබාන විට එයින් මිදෙන්නට ප්‍රතිසංස්කරණ විධි අනුගමනය කරන අතර එය තවත් තරගකාරීත්වයට යොමු වන ආකාරයේ එකකි. එම පසුබිම තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තව තවත් අසීරු තත්ත්වයකට පත් වෙමින් තිබේ.

රටට විනිමය උපයාගත හැකි ආකාරයට අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් ළඟාකර ගැනීම අවශ්‍යය. ආණ්ඩුව ඉලක්ක නියම කරන්නේ එහෙයින්ය. ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් පිරිහීම අනුව මෙම දෙපැත්තෙන් එකක් තෝරා නොගතහොත් අනාගතය අඳුරුය. ශ්‍රී ලංකාව තම අපනයනවලින් වැඩි ප්‍රතිශතයක් යවන්නේ බටහිර හා යුරෝපීය කලාපයටයි. එය මෙරට අපනයනවලින් සියයට හැටක පමණ ප්‍රමාණයකි. ලෝක ආර්ථික වර්ධනයෙන් අඩකට වඩා දායක වන සහ අති විශාල ජනගහනයක් සහිත ඉන්දියාව හා චීනයට මෙරටින් නිර්යා අපනයන කරන භාණ්ඩ ප්‍රමාණය සමස්ත අපනයනයෙන් සියයට 10ටත් වඩා අඩුය. ඉන්දියාව සහ චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කරන ශ්‍රී ලංකාව මෙම රටවලට අපනයනය කළ හැකි දේ මොනවාදැයි විමර්ශනය කර ඒවා මෙහි නිපදවන්නට වෑයම් නොකර ඉලක්ක සඳහන් කිරීම පලක් නැත. අලුතින් නැඟී එන ආසියාව දෙස වඩා අවධානයක් යොමු කිරීම අවශ්‍යය.

අපනයන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි තැන ක්‍රමයෙන් පිරිහෙන බවද මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. 2000 අවුරුද්දේදී ලෝක අපනයනයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය 0.08%ක් වූ අතර 2011දී එය සියයට 0.06 සහ 2012දී සියයට 0.05 දක්වා අඩු වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ලෝකයේ හොඳම සහ ජාත්‍යන්තරයට වැඩිම කුරුඳු ප්‍රමාණයක් අපනයනය කරන රට යන කාරණය සසල වෙමින් තිබේ. ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා යන නාමය ගිලිහෙමින් පවතින අතර තේ වෙළෙඳ පොළ සතු ශ්‍රී ලංකාවේ අයිතිකාරීත්වය ක්‍රමයෙන් පිරිහෙමින් තිබේ. ඇඟලුම් අංශයද බංගලාදේශය, මැලේසියාව වැනි රටවල් නතු කර ගනිමින් තිබේ. මේවා අපනයන ආදායම වැඩි කර ගැනීම ගැන සාකච්ඡා කරන විට අවධානයට ගත යුතු පැතිය.

අපනයනය වර්ධනය කර ප්‍රතිලාභ ලබන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. නිවැරැදිව, කාර්යක්ෂමව ජාත්‍යන්තර වෙළෙඳ පොළට උසස් තත්ත්වයේ භාණ්ඩයක් අඩු වියදමින් සැපයීම අවශ්‍යය. එය රජයට පමණක් කරන්නට හැකියාවක්ද නැත. රජය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්වලට ඉදිරිපත් විය යුතු අතර පෞද්ගලික අංශය ඒ වෙනුවෙන් මෙහෙයවන්නට පියවර ගැනීම වැදගත්ය. දෙස් විදෙස් ව්‍යවසායකයන් මෙම අංශය වටා එකතු විය යුතුය. රජය තමන්ට කළ හැකි ප්‍රතිපත්ති හා නීති රීති අලුතින් සම්පාදනය වැනි අංශ තෝරා ගත යුතුය. ස්ථාවර හා නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව අදාළ අංශ දියුණු වන විට ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සම්බන්ධ කිරීම පහසු වන අතර එයින් අවසාන දියුණුව ලැබෙන්නේ රටට හා සමාජයටය.

ශ්‍රී ලංකාවේ අපනයන අංශය අඩාල වන්නට බෙහෙවින් බලපා ඇත්තේ ශ්‍රමය, බලශක්තිය සහ ප්‍රවාහන පිරිවැය බව සඳහන් කළ යුතුයි. මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට එන විට වැඩ කරන ජනතාවට වැඩි වැටුප් ගෙවන්නට සිදුවෙයි. එය නිෂ්පාදන පිරිවැය වැඩි කරන එකකි. බලශක්තිය නිෂ්පාදන පිරිවැයට අදාළ කාරණයකි. රජයේ බදු නිෂ්පාදන පිරිවැයට එකතු වෙයි.

බැංකු පොලියද බරපතළ ලෙස දැනෙන සාධකයකි. මේවා නිසිසේ කළමනාකරණය නොකර ඉලක්ක පමණක් පෙන්වීම සාර්ථක තත්ත්වයක් නොවේ.

ශාමින්ද වත්තේගෙදර (මව්බිම)

08 October, 2017

රුපියලේ අගය සති අන්තයේ ශක්තිමත් වෙයි

rupee

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විනිමය මෙන්ම බැංකු මගින් ඩොලර් විකිණීම හේතුවෙන් රුපියලේ අගය ශක්තිමත්වීමක් සති අන්තය වන විට දක්නට ලැබුණා.

ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියලේ අගය දැන් සටහන් වන්නේ රුපියල් 153යි ශත 22ත්, 28ත් අතර ප්‍රමාණයකයි. (හිරු)

07 October, 2017

එළවළු මිල තවත් ඉහළ යන ලකුණු

vegetables

අයහපත් කාලගුණය හේතුවෙන් යල කන්නයේ අස්වනු හානිය ඉහළ ගොස් ඇති බැවින් මෙම මස මැද භාගය වන විට වෙළපොළේ එලවඵ මිල ගණන් යලිත් වරක් ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරිමේ මධ්‍යස්ථානය පවසනවා.

දැනටමත් 40% ත් 50% ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති එලවඵ මිල මෙම තත්වය යටතේ 60% ක් දක්වා ඉහල යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

30 September, 2017

පොල් මිල ඉහළ යෑමත් සමඟ බාල පොල්තෙල් වෙළෙඳපොළේ

cooking-oil

පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික අධිකාරියේ විධිවිධාන අංක 62 (අංක 1987/50 දරන ගැසට් පත්‍රය) වහාම ක්‍රියාවට නංවන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පොල් මිල සීග්‍රයෙන් ඉහළයෑම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ ෆාම් ඔයිල් කලවම් කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බව දැනුම් දෙමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ සෞඛ්‍යට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රවටන මෙවැනි ක්‍රියාවලට එරෙහිව පාරිභෝගික අධිකාරි පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ 2016/10/1 සකසන ලද 1987/50 දරන තවමත් ක්‍රියාත්මක නොකරන එකී ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක කළ යුතු බවය. (අනුරාධා හේරත්)

29 September, 2017

රට ලූනුවලට බදු ගැසීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවා වගේ වැඩක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

TITLE

ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කිරීම කළද මෙරට ලූනුවල මිල වැඩිවීම නැවැත්වීමට කිසිසේත්ම රජයට නොහැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ පැවැසුවේ ලොකු ලූනු වගා කළ ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් එම ලූනු මිලදී ගෙන අලෙවි කිරීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා ගසා කෑමක් බවයි.

ආනයනික ලොකු ලූනු සඳහා වන බද්ද 100%කින් වැඩිකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බවත් රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයන් පෝෂණය කරන බවත් පැවැසීය. (අනුරාධා හේරත් - මව්බිම)

27 September, 2017

ඉදිකිරීම් කර්මාන්තය සහ ඉදිරි දැක්‌ම පිළිබඳ වැඩමුළුව

workshop

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්‌ඩලය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සමඟ එක්‌ව පවත්වන 'ඉදිකිරීම් කර්මාන්තය සහ ඉදිරි දැක්‌ම' පිළිබඳ වැඩමුළුව 2017 සැප්තැම්බර් මස 28 වැනි බ්‍රහස්‌පතින්දා ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්‌වා නො 450, ඩී. ආර්. විඡේවර්ධන මාවත, කොළඹ 10 යන ස්‌ථානයේ වාණිජ මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

වර්තමාන ශ්‍රී ලංකාව තුළ දේපළ සහ ඉදිකිරීම් කර්මාන්ත ක්‌ෂේත්‍රයෙහි විශාල පිබිදීමක්‌ දැකිය හැකි අතර එම ක්‌ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් එA හා සම්බන්ධ බොහොමයක්‌ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත වේ.

මේ සඳහා සහභාගි වන සම්පත් පුද්ගලයන් වන්නේ,

එම්. ආර්. ජෙයචන්ද්‍රන් මහතා, වැඩබලන සභාපති, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එච්. කේ. බාලචන්ද්‍ර මහතා, ගෘහ නිර්මාණ ශිල්පී, ඉදිකිරීම්, කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු, නිස්‌සංක විඡේරත්න මහතා, මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරි, ඉදිකිරීම් කර්මාන්ත මණ්‌ඩලයඉංජිනේරු , ආචාර්ය ලයනල් පින්ටෝ මහතා, වෘත්තීය පුහුණු අධිකාරිය, චූලාංගනී පෙරේරා මහත්මිය, අධ්‍යක්‌ෂ ජනරාල්, වෘත්තීය පුහුණු අධිකාරිය, ශාන්ති එදිරිසිංහ මහත්මිය අධ්‍යක්‌ෂ ජනරාල්, වෘත්තීය පුහුණු අධිකාරිය ,එස්‌. සේනාවීර මහතා, අධ්‍යක්‌ෂ 'ව්‍යාපෘති', වෘත්තීය පුහුණු අධිකාරිය. (දිවයින)

17 September, 2017

'සෙනෙහෙ සියපත 2017' නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තබයි

senehe-siyapatha

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත 'සෙනෙහෙ සියපත' ගම්මානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්‌ථාව සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ජොන් සෙනවිරත්න මහතා, අපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී, අමලි නානායක්‌කාර, රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මාලනී ලොකුපෝතාගම, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්, ආර්.එච්.එස්‌. දිසානායක යන මහත්ම මහත්මීන් සහ ආරක්‌ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිතයන්a විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ.

නිවාස 37ක්‌ ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.5 ක්‌ වැය වන අතර, මේ සඳහා ආරක්‌ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදෙනු ලබයි. එමෙන්ම මේ උදාර කර්තව්‍යයට නොමසුරුව දායක වූ Dialog පාරිභෝගිකයන් රුපියල් මිලියන 16.53ක මුදලක්‌ පරිත්‍යාග කළ අතර, එම මුදල තෙගුණ කරමින් තවත් රුපියල් මිලියන 33.47ක්‌ Dස්‌කදට සමාගම ඊට එකතු කරනු ලැබීය. ඊට අමතරව RIL Property PLC වෙතින් තවත් රුපියල් මිලියන 7.5ක මුදලක්‌ පරිත්‍යාග කිරීමෙන් පසු 'සෙනෙහෙ සියපත' අරමුදල රුපියල් මිලියන 57.5ක මුදලක්‌ රැස්‌ කරගන්නා ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකස්‌ කළ (NBRO) නිර්ණායකයන්ට අනුව 'සෙනෙහෙ සියපත 2017' යටතේ නිවාස 25ක්‌ හා 12ක්‌ පිළිවෙළින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇහැලියගොඩ හා මාතර දිස්‌ත්‍රික්‌කයේ කොටපොල 'සෙනෙහෙ සියපත' ගම්මාන වල ඉදි කරනු ලබන අතර, එම ඉදිකිරීම් කටයුතු ඩයලොග් ආසිආටා සමාගමේ අධීක්‌ෂණය යටතේ සිදු කරනු ලබයි.

ස්‌වාභාවික විපත් නිසා අසරණ වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් 2016 මැයි 20 දින ආරම්භ කළ 'සෙනෙහෙ සියපත' ව්‍යාපෘතියෙන් පසුගිය වසරේ කෑගල්ල අරනායක සාමසර කන්ද නායයැමෙන් විපතට පත් ජනාතව වෙත නිවාස 30ක්‌ ඉදි කළ අතර මෙවරද ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් රු. 50ක පරිත්‍යාගයන් SMS (කෙටි පණිවුඩ සේවාව) හෝ Star Point හෝ eZ Cash මගින් සිදු කරන මෙන් සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ ලැබුණු සෑම රු. 50කටම තවත් රු. 100 බැගින් එකතු කිරීමෙන් රු. 150ක්‌ වන ලෙස මුදල් ප්‍රමාණය තෙගුණ කර ව්‍යාපෘති අරමුදලට බැර කරනු ලැබීය. (දිවයින)

13 September, 2017

කර්මාන්ත අංශයේ වර්ධනයක්

production-efficiency-manufacturing-industry

පසුගිය ජුලි මාසයේදී මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් 2016 වසරේ ජුලි මාසයට සාපේක්ෂව ලෝහ නිෂ්පාදන ධාරිතාව සියයට 20කින් ද, ඖෂධ නිෂ්පාදනය සියයට 10කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.

ජුලි මාසයේදී ආහාර නිෂ්පාදන අංශය වර්ධනය වී ඇත්තේ සියයට 2.3කින්. (හිරු)

10 September, 2017

යුරෝපා සංචාරකයන් පැමිණීමේ අඩුවක්

europ-tourists

පසුගිය අගෝස්තු මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 90,928 දක්වා සියයට 2.5කින් වර්ධනය වී තිබෙනවා.

කෙසේ නමුත්, එහිදී ප්‍රධාන සංචාරක වෙළඳපොළ වන චීනය, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලින් සංචාරකයන් පැමිණීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙන්නේ.

අගෝස්තු මාසය තුළ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 27.9කින් ඉහළ යාම විශේෂත්වයක්.

වසරේ පළමු මාස 8 සැලකූ විට දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.4 දක්වා සියයට 3.5කින් වර්ධනය වී තිබෙනවා.

2010 වසරේ සිට මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අඛණ්ඩව දක්නට ලැබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. (හිරු)

05 September, 2017

නොමිලේ ගුවන් ටිකට් දෙන ශ්‍රීලංකන් පණිවුඩයේ ඇත්ත මෙන්න


මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා Messenger apps හරහා හුවමාරු වෙමින් පවත්නා පණිවුඩයක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයක් ප්‍රකාශයක් කර සිටී.

අදාළ පණිවුඩය මගින් දැක්වෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් පිරිනමන බවත් ඒ සඳහා දී ඇති link එක මත click කරන ලෙසත් ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය කියා සිටින්නේ මෙය ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රවර්ධන වැඩසටහනක් නොවන බවයි. එය තම ගනුදෙනුකරුවන් මුලාවට පත්කිරීම සඳහා යොදා ගෙන ඇති ක්‍රියාවක් බවත් ශ්‍රීලංකන් ගුවන්සේවයේ වෙබ්පිටුවට එහි සම්බන්ධයක් නොමැති බවත් වැඩිදුරටත් අදාළ ප්‍රකාශයේ සඳහන් වේ.

එසේම ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Partner flies free” ප්‍රවර්ධන වැඩසටහන සඳහා සෘජුවම www.srilankan.com වෙබ් අඩවිය හරහා පමණක් ප්‍රවේශ විය හැකි බව ද ශ්‍රීලංකන් ගුවන්සේවය මෙහිදී අවධාරණය කර සිටී.

srilankan-airlines-free-tickets

(දෙරණ)

02 September, 2017

සම්බා හා නාඩු ඉහළට

rice-traders

සහල් පාලන මිල මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවට නතු වීමෙන් සම්බා සහල් කිලෝව රුපියල් අනූහතක් (රු. 97) හා නාඩු කිලෝව රුපියල් අනූ දෙක (රු. 92) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (31දා) පැවැසීය.

දඹුල්ල සියපත හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බැව් පැවැසූ කරුණාරත්න මහතා ගම්මානයක සිල්ලර කඩයක සම්බා සහල් කිලෝ එකක් රුපියල් එකසිය පහකට (රු. 105) හා නාඩු සහල් රුපියල් සීයය (රු. 100) දක්වා වැඩි වී ඇතැයි පැවැසීය.

වෙළෙඳපොළේ සහල් පාලන මිල පවතින සමයේ සම්බා හාල් රුපියල් අසූවක (රු. 80) මිලකට හා නාඩු සහල් රුපියල් හැත්තෑ දෙකක (රු. 72) මිලකට පැවැති බවත් පාලන මිල ඉවත් කළද ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි සහල් මිල අඩු වී නොමැති බැව් ඒ මහතා පැවැසීය. (ඉනාමළුව - තිලක විජයසූරිය-මව්බිම)

01 September, 2017

වාහන හිමියන්ට සුබ ආරංචියක්

vehicle
සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන සඳහා හිඟ බදු මුදල් අයකිරිමේදී සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ හිඟ බදු මුදල් ගෙවීම සඳහා හෙට සිට නොවැම්බර් 30 වනදා දක්වා මාස 3 ක කාලසීමාවක් හිමිවනු ඇති.

එමෙන්ම සියලුම හිඟ බදු මුදල් සමග සියයට 5 ක දඩ මුදලක් පමණක් අය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. (හිරු)

31 August, 2017

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්

STEM
නවෝත්පාදනයන් මුල් කරගත් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් හරහා ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) යන විෂය ක්ෂේත්‍රයන්හි නිපුණ ශ්‍රම බලකායක් සිටීම ඉතා වැදගත් වේ.

එමෙන්ම, පරිගණක, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සැලසුම් නිර්මාණය, රොබෝ විද්‍යාව සහ නිනිති තාක්ෂණය, ජෛව තාක්ෂණය වැනි නැඟී එන තාක්ෂණයන් ආශ්‍රිත රැකියාවන් කෙරෙහි රැකියා වෙළඳපොළ නැඹුරුවීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එහි ඉහළ වැටුප් සහිත රැකියාවන් ලබාගැනීම සඳහා ද STEM අධ්‍යාපනය මඟින් ලැබෙන දැනුම ඉවහල් වනු ඇත. ලෝකයේ දියුණු රටවල් රාශියක් විසින් සිය කාර්මික වර්ධනය ඉහළ නැංවීමේ පියවරක් ලෙස STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරනු ලබයි.

ඒ අනුව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට සහ නවෝත්පාදනයන්ට තුඩුදෙන වෙනත් ඒ හා සමාන විෂය ක්ෂේත්‍ර මෙරට අධ්‍යාපන ක්‍රමයට හඳුන්වාදීම සඳහා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ යන විෂයයන් භාර අමාත්‍යවරුන් ඇතුළත් වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. (දෙරණ)

30 August, 2017

රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී

dhammika-perera
ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිබේ.

මේ පිළිබඳ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණය කර සිටින්නේ මීට අදාළ ගනුදෙනුව පසුගිය අගෝස්තු 23 වන දින සිදු වූ බවයි.

මේ සඳහා හේලීස් ඇඩ්වාන්ටිස් සමාගම විසින් ආයෝජිත මුදල රුපියල් බිලියන 4.9 කි.

1955 දී රොබට් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි Sri Lanka Shipping Company Limited සමාගම මෙරට ප්‍රමුඛතම නෞකා සමාගමකි.

හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.(දෙරණ)

29 August, 2017

ලංකාවට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ ආයෝජන මෙන්න

dollars-debth-credit
ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබිඹු කරමින්, මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම්වල පසුගිය මාසය තුළ දී දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2017 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 97.6 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන ගෙවීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 153 ක් දක්වා අඩුවිය.

තවද, වසරේ පළමු භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 229.3 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර එය පිළිවෙලින් ද්විතීයික වෙළෙඳපාළ වෙත හා ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 145.9 ක හා එක්සත් ජනපද ඩොලර් මිලියන 83.4 ක ශුද්ධ ලැබීම්වලින් සමන්විත විය.

මේ අතර 2017 වසරේ පළමු භාගයේ දී ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් ද ඇතුළු රජය වෙත ලැබුණු දිගුකාලීන ණය ප්‍රමාණය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 98.3 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ලෙර් මිලියන 493.3 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. (දෙරණ)

28 August, 2017

අපනයන ආදායමේ වර්ධනයක්

export-import

මේ වසරේ ජුනි මාසයේ මෙරට අපනයන පෙර වසරට සාපේක්ෂව 9.8% කින් වර්ධනය වී තිබෙනවා.

සිංගප්පූරුව වෙත මෙරට නිෂ්පාදිත නෞකා දෙකක් අපනයනය මෙන්ම ඉහළ තේ මිල මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට හේතුවයි.

කෙසේ නමුත්, එහිදී ඇඟළුම් අපනයනය 7.5% කින් පහත වැටී ඇති බවද මහ බැංකුව වාර්තාවල සඳහන්.

ජුනි මාසයේ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 138.6 දක්වා 13% කින් ඉහළ ගොස් ඇති අතර, රබර් නිෂ්පාදන අපනයන ආදායමද ඩොලර් මිලියන 73.1 ක් දක්වා 15.4% කින් වර්ධනය වී තිබෙනවා.

පැවති තහනම ඉවත්වීමෙන් අනතුරුව ජුනි මාසයේදී යුරෝපා සංගමය වෙත සිදුකෙරුණු මත්ස්‍ය නිෂ්පාදනය 101.1% කින් ඉහළයාමද විශේෂත්වයක්. (හිරු)

27 August, 2017

කටුනායක ගුවන් තොටුපොළේ නීතිවිරෝධී සංචාරය කිරීම් නැවැත්වීමට ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

srilankan-airlines
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් වංචාකාරි සහ වෙනස්කළ සංචාරක ලියකියවිලි මත පුද්ගලයන් නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම භූමි කටයුතු (ground handling) මෙහෙයවන්නා වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ සංචාර කරන්නන්ගේ වංචනික හෝ වෙනස්කළ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාව,වීසා සහ පිවිසුම් පත් නිකුත් කිරීම සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි.

ගුවන් සමාගම සතුව විශේෂයෙන් පුහුණු කරන ලද ලියකියවිලි පරීක්ෂා කරන ආරක්ෂක කාර්ය මණ්ඩලයක් සිටින අතර මොවුන් විදේශ තානාපති කාර්යාල හරහා ව්‍යාජ සංචාරක ලියකියවිලි හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මෙම අපරාධ කල්ලි හඳුනාගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ (BIA) බලධාරීන් වන ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු සහ ආගමන අංශ සමග එකතුව කටයුතු කරනු ලබයි. පසුගිය කාලයේ ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදා ගුවන් ගත වීමට තැත්කළ පුද්ගලයින් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී හසුකර ගැනීමට ගුවන් සමාගමට හැකිවිය.

නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් ලොව පුරා ඇති උද්ගත වී ඇති විශාල ගැටලු සහගත තත්ත්වයකි. ගුවන් මගියකු ව්‍යාජ වීසා හෝ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් හරහා ගුවන් ගත වී අසු වූ විට විදේශ රාජ්‍යයන් මගින් විශාල දඩයක් ගුවන් සේවා සඳහා පනවනු ලැබේ. මේ සඳහා ආගමන බලධාරීන් විසින් ගමනාන්තය කරා පැමිණෙන රටින් අවසර ලබාදුන්නේ ද යන්න නොසළකයි. මේ සඳහා එක් මඟියකු වෙනුවෙන් ගුවන් සමාගමට යුරෝ 5,500 (රු. 900,000) මුදලක් යුරෝපීය රටවල්වලට ගෙවීමට සිදුවේ.

2016 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවැනි නීතිවිරෝධී සංචාර සඳහා ගෙවීමට සිදුවන දඩ මුදල් වලින් පෙර වසරට වඩා 46% වාර්තාගතව අඩුකරගෙන ඇත. මේ අනුව ගුවන් සමාගම කිසිදු ආකාරයේ නීතිවිරෝධී සංචාර සිදුනොවීමට වගබලා ගන්නා අතර ගෝලීය වශයෙන් සංවිධානගත ලෙස සිදුකරන නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමේ අසීරු කාර්යයේ නිරතුරුවම බැදී සිටියි. මෙසේ නීතිවිරෝධි ලෙස සංචාරය කරන්නන් ලෙස ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ජාතිකයන් යුරෝපය, මැද පෙරදිග, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව උතුරු අමෙරිකාව යනාදි රටවල් සඳහා රැකියා සඳහා පිටත්වීමට මෙසේ වංචනික ලෙස කටයුතු කරනු ලබයි. (දේශය)

26 August, 2017

පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්

central-expressway
සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන අතර ම වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේදී සිදු කරන බවත් කොළඹ නගරය හා තදාසන්න නගර යා කරමින් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් ඉදිරි වසර 5 තුළදී ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මීගොඩ ආටිගල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ආටිගල මාර්ගය ප‍්‍රතිසංසකරණය කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි.

"අප අමාත්‍යාංශය යටතේ විධිමත් සැලැස්මක් යටතේ කොළඹ සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත කොළඹ නගරය සීග‍්‍ර වෙනසකට පත් කරනවා. වර්තමානයේ දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ. ඉහළම ගණයේ ව්‍යපෘති 96 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අද ක්‍රියාත්මක කෙරෙනවා. පසුගිය වසරේ සිට මේ වසරේ පළවෙනි කාර්තුව දක්වා කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ ඝෘණ 3.8 ක ආර්ථික වර්ධනයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ, බැංකු ඇතුළු සේවා ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ4% ක වර්ධනයක්. හැබැයි ඉදිකිරීම් නිසා කාර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ 6.5% වර්ධනයක් තිබෙනවා. රටේ ආර්ථිකය අද දුවන්නේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය නිසා. ඒ නිසා මෙම නගරය තව තවත් ඉහළට ගෙන යන්න අපට පුළුවන්".

"ලබන වසරේ අපි වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ආරම්භ කරනවා. කලින් තිබූ ගිවිසුම වෙනස් කර රටට ගැලපෙන විදිහට සකස් කර, කිසි කෙනෙකුට යට නොවී එය ක්‍රියාත්ම කරනවා. අපි සියළු ගැටළු විසඳලා මෙම මූල්‍ය නගර ව්‍යාපෘතිය ආරම්භ කළා. අපේ අමාත්‍යාංශය මගින් මෙරට ඉතිහාසයේ ඇති වූ ලොකුම ආයෝජනය රටට වාසිදායක ලෙස ඉදිරියට ගෙනගොස් තිබෙනවා. කොළඹ වරාය නගරය අපි අධිවේගී මාර්ග පද්ධතියට එක් කරනවා. ඉඟරු කඩේ හන්දිය, වරාය හරහා කොටුවට අලූත් මාර්ගයක් ගමන් කරනවා. එම මාර්ගය මල්වත්ත පාරෙන් දුම්රියපොළට ගෙන යනවා. එතන තිබෙන චාමර්ස් ගැලරි එකේ ඉඩම අක්කර නමයක් තිබෙනවා. එහි විශාල වාණිජ සංකීර්ණයක් සමග වැඩපිළිවෙලක් ආරම්භ වෙනවා. එතනට අපි හඳුන්වන්නේ කලම්බු ගේට් කියලා. එතනින් වරායට යන්න, රටේ ඕන තැනකට යන්න අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. දැනට තිබෙන බැස්ටියන් මාවතත්, රේල්වේ ස්ටේෂන් එකත්, මැනිං මාර්කට් එකත් තියෙන තැන ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙනවා. ඒ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයට අධිවේගී ශීඝ‍්‍රගාමී බස්රථ ඇතුළු විය හැකි ක‍්‍රමයක් අපි හදනවා. ඒ සඳහා වෙනම පාරක් හදනවා. එහි පළවෙනි පියවර ලෙස මගී ප‍්‍රවාහන වාහන සඳහා ප‍්‍රමුඛතා මංතීරු අපි ආරම්භ කර තිබෙනවා".

"එහි ඊළඟ පියවර ලෙස ශීඝ‍්‍රගාමී බස් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එයට අමතරව ඉදිරි වසර පහ තුළදී දුම්රිය ද්ව්ත්ව මාර්ග පද්ධතියක් බවට පත් කර විදුලිකරණය කිරීම සිදු කරනු ලබන බවත් සැහැල්ලූ දුම්රිය පද්ධතියක් කොළඹ නගරයේ ඇස්වාට්ටුව හරහා ගුවන් දුම්රිය පද්ධතියක් ඇතිකිරීමට කටයුතු කරන බවත් පැවසීය. වර්ෂයක කාලයක සිට ඒ සඳහා පර්යේෂණ සිදු කරනු ලබන අතර එහි කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරනවා. මූලිකව මාලඹෙන් සහ කොල්ලුපිටියේ ආරම්භ කරන අතර දැනට දුම්රිය පද්ධතිය හෝ බස්රථවලට අසුනොවන සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය පද්ධති මාර්ග 7 ක් අපි ඇති කරනවා. එයින් දෙකක් හදන්නේ ජපාන රජය මගින්. එහි වැඩ මේ වන විට ඒ අය විසින් කරගෙන යනු ලබනවා. ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අපි සිදුකරනවා" යැයි ද පැවසීය. (දෙරණ)

25 August, 2017

ග්‍රීසියේ ආයෝජනය වැරැද්දක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක් – හිටපු මහ බැංකු අධිපති කියයි

ajith-nivard-cabraal
ග්‍රීක බැඳුම්කර ආයේජන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (24) දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත පැමිණියේය. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

“ග්‍රීසියේ මහ බැංකුව ආයෝජනය කළ අවස්ථාවේ දී, ග්‍රීසියේ තිබිච්ච ශ්‍රේණිය අද ලංකාවේ තිබෙන ශ්‍රේණියටත් වඩා ඉහළ ශ්‍රේණියක්. ග්‍රීසියේ ආයෝජනය වැරදි ආයෝජනයක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක්.“

මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.


(දෙරණ)