21 July, 2017

අකලංක හා කයිල් පිහිනුම් අවසන් තරගයට

Akalanka Peiris - Kyle Abeysinghe

මීටර් 50 පසුපස ආර තරගය තත්පර 26. 89කින් නිමකළ අකලංක පීරිස් සහ කයිල් අබේසිංහ තරගය නිම කිරීමෙන් අනතුරුව

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ පැවැති පිහිනුම් මූලික වටයේ තරග දෙකකදී කයිල් අබේසිංහ හා අකලංක පීරිස් අවසන් තරගවලට සුදුසුකම් ලබා ගත්හ. 

මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 51.30 කින් නිම කළ කයිල් අබේසිංහ මූලික වටයේ සහභාගීවූ ක්‍රීඩකයන් 35කින් සිවුවැනි ස්ථානයට පත්වූ අතර මීටර් 50 පසුපස ආර තරගය තත්පර 26. 89කින් නිමකළ අකලංක පීරිස් ක්‍රීඩකයන් 22ක් අතුරින් පස්වැනි ස්ථානයේ පසුවේ.

කයිල් හා අකලංක සහභාගීවන පිහිනුම් අවසන් තරග ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම් කාලයේ පැවැත්වීමට නියමිතව තිබුණි. මීටර් 50 කාන්තා පසුපස ආර තරගයට එක්වූ විනෝලී කලුආරච්චි තත්පර 31.24කින් තරගය නිමකළ අතර මීටර් 100 නිදහස් ආර කාන්තා තරගයට එක්වූ දිල්රුක්ෂි පෙරේරා විනාඩි 1: 04.84කින් හා විනෝලී කලුආරච්චි විනාඩි 1: 02. 44 නිම කළද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූහ. 

මේ අතර ඊයේ ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල සහභාගීවූ තරගයෙන් ලකුණු 32-5ක් ලෙස එංගලන්තය හමුවේ පරාජය විය. එය ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල මේ ක්‍රීඩා උළෙලේදී පිට පිට ලැබූ 5වැනි පරාජය වේ. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අකලංක හා කයිල් පිහිනුම් අවසන් තරගයට"

    Post a Comment