Showing posts with label Mystery. Show all posts
Showing posts with label Mystery. Show all posts

31 August, 2017

අනුරපුර දාගැබකින් හමුවූ ඉපැරණි බුද්ධ මන්ත්‍රය (Photos)

buddha-mantra-anuradhapura-dagaba

සජ්ජායනා කිරීමෙන් ලෞකික සම්පත් ලබා දෙන බව පැවසෙන බුද්ධ මන්ත්‍ර පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මේවා සියල්ලම පහේ මෑත කාලීන ජන සම්මතයන් වන අතර මේවායේ කිසිදු ඓතිහාසිකත්වයක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

දුටුගැමුණු රජ තුමන් විසින් භාවිතා කරනු ලදැයි පැවසෙන මහානුභාව ගාථා රත්නයන්හි අතීතය පවා මීට වසර දෙතුන් සියයක් නොයික්මවන බව ශාස්ත්‍රීය වශයෙන් සනාථවී තිබේ. එයින් එමගින් අතීතයේ බුද්ධ මන්ත්‍ර නොතිබූ බවක් නොහැඟේ.

මේ අතර දැනට පුරා විද්‍යා ගවේෂණ සහ කැණීම් සිදුකරන අනුරාධපුර විජයාරාම පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී මහානුභාව සම්පන්න යැයි සැළකෙන මහායාන බුද්ධ මන්ත්‍රයක් හෙවත් ‛ධාරණියක්’ සහිත තඹ පතක් හමු වී ඇත. සිංහල බසින් ලියැවුණු මෙම ධාරණියේ අක්ෂරවලට අනුව එය ක්‍රි.ව. 600 ගණන්වලට අයත් යැයි එම පුරා විද්‍යා කැණීම් භාරව කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසා සිටියි.

මෙම බුද්ධ මන්ත්‍රයේ පුරාවිද්‍යාත්මක අගය තහවරු වනුයේ එම මතය පළ කල පුරාවිද්‍යාඥයා සතු ශාස්ත්‍රීය ප්‍රතාපයද පදනම් කර ගනිමිනි.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග මෙරට ඉතිහාස හා පුරාවිද්‍යා කේෂ්ත්‍ර වෙනුවෙන් විපුල මෙහෙයක් ඉටුකළ මහා පඬිවරයෙකි. ඒ උදෙසා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන්ට 2017සැප්.07 දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඞී.ලිට් ( සාහිත්‍ය ශූරී) සම්මාන උපාධිය ද පිරිනැමේ.

ඔහු විසින් මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති සියයකටත් අධික ග‍්‍රන්ථ හා පර්යේෂණ ලිපිවලින් ඔහු විශිෂ්ට පුරාවිද්‍යාඥයයෙකු හා ඉතිහාසඥයෙකු බව මනාව සනාථ කර ඇත. පුරාණ අභයගිරි විහාරය නම් වූ ඔහුගේ කෘතියට 201 5 වසරේදී විශිෂ්ටතම පර්යේෂණ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයට හිමි වන රාජ්‍ය සම්මානය ද හිමි වීය. ඔහු විසින් රචිත ශී‍්‍ර ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථය 1924 එච්.ඩබ්.කොඞ්රින්ටන් ලියූ සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සි ග‍්‍රන්ථයෙන් පසු එම විෂයට අදාලව රචිත එකම ප‍්‍රමාණික ග‍්‍රන්ථය වේ. ඔහුගේ වෙනත් ග‍්‍රන්ථ අතර මධ්‍යකාලීන ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සංවිධාන, මහමෙව්නාවේ මහාවිහාරය, අභිලේඛන ශාපපාඨ අභයගිරි ලිපි ඇතූ ග‍්‍රන්ථ රාශියකි. ඔහු විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට කරන ලද සේවය අගයමින් 2013දී සංස්කෘතික හා ජාතික උරුම අමාත්‍යාංශයෙන් උරුම ප‍්‍රසාද ස්වර්ණ සම්මානය පිරිනැමීය.

මෙම ධාරණී හෙවත් බුද්ධ මන්ත්‍රය හුදෙක් ජන සම්මතයට පමණක් සීමා නොවන්නක් බව අප හට ඒත්තු ගැන්වෙනුයේ මහාචාර්ය කුලතුංගයන් වැනි පර්යේෂකයෙකු විසින් එහි පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය තහවුරු කොට ඇති බැවිනි.

‛ධාරණී’ යනු මහායානයට අයත් බුද්ධ මන්ත්‍ර විශේෂයක් ලෙස සැළකේ. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Great Compassionate Mantra නමිනි. එහි සිංහල අරුත ‛මහා කරුණා මන්ත්‍ර’ යනුවෙන් හැඳින්විය හැක. මෙම මන්ත්‍රවලට වැඳුම් පිදුම් කිරීමත් ඒවා සජ්ජායනය කිරීමත් මෙලොවදීම මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලැබීමට හේතු වන බව පැවසේ. මෙම ධාරණිය සහිත තඹ පත නූතන සමාජය පළඳින සුරවල තැන්පත් කරන ආනුභාව සම්පන්න යන්ත්‍රයකට තරමක් සමානය.
‛ධාරණීයන්නෙහි’ වාචික අර්ථය පමණක් සළකා බැලූ විට අරුත වන්නේ ‛යමක් දරාගෙනසිටිනවා’ යන්නය. කෙසේ නමුත් ධාරණී යනු සංස්කෘත බසෙන් රචිත එක්තරා ආකාරයකගුප්ත මන්ත්‍ර විශේෂයකි. මෙය මතුරන්නාගේ හදවතේ බුද්ධ දේශනාවන් තැන්පත්කරවන්නට තරම් බලයක් ඇතැයි පැවසේ. මනා සිහිය, බලය සහ ප්‍රඥාව ළඟා කරගැනීමේඅරමුණින් මේවා මතුරනු ලබයි. එමෙන්ම මේවා මැතිරීමෙන් දීර්ඝායුෂ, ජයග්‍රහණය, සර්පයන් වැනි විෂඝෝර සතුන්ගෙන් ආරක්ෂාව සහ රෝගාදී කරදර ද දුරුවන බැව් විශ්වාස කෙරේ. දැනට ථේරවාදී බුදුදහම අදහන ශ්‍රී ලංකාවේ මෙම ධාරණීවලට තැනක්ලැබී නැතත් එහෙත් අතීතයේ අප රටේ භාවිත වූ මෙම බුද්ධ මන්ත්‍ර චීනය ඇතුළු මහායානබුදුදහම අදහන බොහෝ රටවල අතිශය ජනප්‍රිය වී තිබේ. ඔවුන් පවසනුයේ මෙම බුද්ධමන්ත්‍ර සජ්ජායනය කිරීමෙන් තම ජීවිතවල සියලු දුක් කරදර වැනසී සතුට, සාමය සහ සෞභාග්‍යය තමන් වෙත උදාවන බවය.


ධාරණී පහක් ඇතුළත් ‛පංචාරක්ෂා’ යන්න නේපාලයේ ඉතා ජනප්‍රිය පැරණි කෘතියකි. මෙහි පහත සඳහන් ආරක්ෂණ මන්ත්‍ර පහ ඇතුළත් වේ.

මහා ප්‍රාතිසාර - පවින්, රෝගාදියෙන් සහ නපුරෙන් ආරක්ෂා වීම
මහා සහස්‍රප්‍රමාදිනි - නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා වීම
මහා මයුරි හෝ විද්‍යාරජ්නි - සර්ප විෂෙන් ආරක්ෂා වීම
මහා සිතාවති - ග්‍රහ අපල, දරුණු සතුන් සහ විෂ සහිත කෘමී සතුන්ගෙන් ආරක්ෂා වීම
මහා රක්ෂා මන්ත්‍රානුසාරණී - රෝගාදියෙන් ආරක්ෂා වීම

මෙම පුරාණ ධාරණී මන්ත්‍රය සහිත තඹ පත හමු වූ විජයාරාම පුරා විද්‍යා නටබුන්සංකීර්ණය යනු ක්‍රි.ව. 7වැනි සියවසට පමණ අයත් පබ්බත විහාරයක් ලෙස සැළකේ. මෙහි පොහොය ගෙය, පිළිම ගෙය, බෝධි ඝරය, ස්තූපය, ජන්තාඝරය සහ දානශාලාවක්ඇතුළත් පුරාණ සමාරක 43ක් හමු වී තිබේ. ඒවා අතර ‛ශංඛ පද්ම බහිරව රූප ද’ දතිබේ. අක්කර 23 ක විශාලත්වයකින් යුත් මෙම පබ්බත විහාරය වටා තිබූ දිය අගලක නටබුන් ද සොයාගැනීමට ද මහාචාර්ය ටී.ජී. කුලතුංග ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට හැකිවී තිබේ.

මෙම ගවේෂණයට නායකත්වය දුන් මහාචාර්ය කුලතුංග 1986 සිට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ අභයගිරි ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන අතර දැනට අභයගිරිය – මහාවිහාරය- අනුරාධපුර විජයාරාමය ආදියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වේ. අභයගිරි ස්තූපය සංරක්ෂණය කිරීම ආරම්භයේ සිට අවසානය දක්වාම එහි පුරාවිදා අධ්‍යක්ෂක වූයේ ඔහුය. ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකයෙකු වන ඔහු සභාපති ලේකම් ආදී තනතුරු රැසක් හෙබවීය. දීර්ඝ කාලයක් පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙක් වීය. ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සැකසීමේ කමිටුවේ සාමාජිකයෙක් ද වීය.ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන කමිටුවේ වරෙක සභාපති වීය. පුරාවිද්‍යා පශ්චාත් උපාධ් ආයතනයේ කලමනාකරන මණ්ඩලය අධ්‍යයන මණ්ඩලය ආදියේ සාමාජිකයෙකි.

ඔහුගේ ගවේෂණයට ලක් වූ අනුරාධපුර විජයාරාමය 1884දී පමණ එවකට නුවරකලාවියේ ඒජන්ත වූ අයිවර්ස් මහතා හා එස්.එම්.බරෝස් මහතා විසින් සොයා ගැනීමෙන් පසු 1891දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා විසින් මූලික ගවේෂණයක් අරඹන ලදී. එහි ස්තූපය ඒ වන විටත් නිදන් හොරුන්විසින් සාරා තිබු බවත් එය සෑරූ පස් අතර තිබී මහායාන සූත්‍ර පාඨ සඳහන් තඔපත්ඉරු හමු වූ බවත් එතුමන් වාර්තා කර ඇත. එහෙත් එම පත්ඉරු මේ වන තුරු සොයාගත නොහැකිව තිබේ. එහෙත් විජයාරාම ස්තූපය හා අනිකුත් නටබුන් සංරක්ෂණය සඳහා දැනට කෙරෙන කැනීම්වලදී ස්තූප අංගනයට පහළින් ගොඩ ගසා තිබූ ගොඩැලි නිදන්හොරුන් විසින් ස්තූපය සෑරීමේදි ඉවත දැමූ පස් බව අනාවරණය විය. එහෙයින් එමපස් ගොඩැල්ලක සියුම්ව කළ කැනීම්වලදී ස්තූපයේ නිදන් කර තිබූ තඹ පත්ඉරුවක ලියූ මහායාන ධාරණිය මහාචාර්ය කුලතුංගයන් ප්‍රමඛ පර්යේෂක කණ්ඩායමට හමුවී ඇත. 1891 වසරේ එච්.සී.පී. බෙල් මහතා සිදු කළගවේෂණයෙන් වසර 124කට පසුව මෙම පරිශ්‍රය පුරා විද්‍යා ගවේෂණයකට ලක් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මහායානිකයින් විසින් ස්තූපවල මෙම ධාරණී නිදන්කිරීමේදී ඒවා ධර්ම ධාතු ලෙස සළකා ඇති බව මේ සම්ප්‍රදායටම අයත් අනුරාධපුර පුලියන්කුලම විහාර භූමියෙන් හමු වූ ශිලා ලිපියක ‛දහම් දා’ යනුවෙන් සඳහන්වීමෙන් පැහැදිලි වේ. හමුවූ තඹ තහඩුවේ ඇති ධාරණිය හෙවත් බුද්ධ මන්ත්‍රයේ සඳහන් වන්නේ ‛ඕම් තරෙතුතරෙතුරෙස්වාහඃ’ යන්නය.
හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ අනුමැතියෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් 2015 වසරේ මුල සිට මෙම පරිශ්‍රයේ කැණීම් සිදුකෙරෙණ. මෙම කටයුත්ත සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත.
අනාගතයේදී අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පුරා විද්‍යා නටබුන් නැරඹීම සඳහා මෙන්ම විවේක ගැනීම සඳහා මෙම ස්ථානය ‛පුරා විද්‍යා හරිත උද්‍යානයක්’ වශයෙන් සංරක්ෂණය කිරීම සඳහා කටයුතු යොදා තිබේ. නමුත් ඉතාම අවාසනාවන්ත තත්වය වන්නේ නොවිධිමත්පස්කැපීමක් නිසා මෙහි ප්‍රවේශ මාර්ගය අවහිර වී තිබීමය. ඒ නිසා වාහනවලින්පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙය නැරඹීමට නොහැකිව ආපසු හැරී යති. උතුරුමැද පළාත් සභාව මැදිහත් වී මීටර් 500ක පමණ දුර ප්‍රමාණයක් ඇති මෙම ප්‍රවේශමාර්ගයේ ගැටලුව නොපමාව විසඳා දෙන්නේ නම් මෙම ස්ථානයේ අගය මහජනතාව අතරේ ප්‍රචලිත වීමට පහසු ඉඩකඩක් සැළසෙනු ඇත.

buddha-mantra-anuradhapura-dagaba
buddha-mantra-anuradhapura-dagaba
buddha-mantra-anuradhapura-dagaba
buddha-mantra-anuradhapura-dagaba

තිලක් සේනාසිංහ (ලක්බිම)

14 August, 2017

අක්කර සීයක විශාල වතුයායක් මැද හුදකලාව පවතින, අවුරුදු 150ක් පැරණි, හොල්මන් වලව්ව...! (Photos)

dikkanda-walawwa
දික්කන්ද වලව්ව
අද්භූත සිදුවීම් වලට සහ හොල්මන් වලට ප්‍රසිද්ධ හුදකලාවී තිබෙන ස්ථාන ශ්‍රී ලංකාවේ තවමත් දක්නට ලැබෙනවා.

මෙවැනි ස්ථාන පිළිබදව උණන්දුවක් දක්වන පිරිස් සහ ගවේෂකයන් එම ස්ථාන සොයා ගියත් එවැනි පිරිස් වලද අවදානයට ලක් නොවී හුදකලාවී තිබෙන ස්ථානයක් පිළිබදවයි මෙම සටහන.

දික්කන්ද වලව්ව යනු ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක්.

ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ මෙම වලව්ව පිහිටා තිබෙනවා.

අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලාවී තිබෙන විශාල කන්දක් උඩ පිහිටා තිබෙන මෙම වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක්.

දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන්. දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණීයි.

ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුනේ සිටිනවා.

දික්කන්ද වලව්වේ ඡායාරූප.

dikkanda-walawwa
දික්කන්ද වලව්ව


dikkanda-walawwa
දික්කන්ද වලව්ව


08 August, 2017

නීලාවරී 'නාග කන්‍යා' ළිං පතුලෙන් නා ලොවට පාරක් තිබේද? (Video/Photo)

Neelawari Naga Kanya Well

පතුලක් නැති ළිඳක් ඇති බව පිළිගැනීමට පවා ඔබ අකමැති වනු ඇත. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසු එතෙක් යාපනයේ අර්ධද්වීපයේ අප්‍රකටව පැවති මෙම පතුල නැති ළිඳ පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් ලැබුණි.

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික මුහුණුවරක් ගත් මෙහි පිහිටි පොකුණක ස්වරූපය ගත් මෙම පතුලක් නොමැති ළිඳ හැඳින්වෙන්නේ ‘නාවක්කන්නි’ ළිඳ යනුවෙනි.

‘නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබේ.

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බව කියනු ලැබේ.

මෙම නීලාවරී ළිඳ පිළිබඳව දෙ‍වන ජනප්‍රවාදය වන්නේ රාම රජු හා යුද කොට රාම කුමරුන් සීතා දේවිය රැගෙන ඉන්දියාවට යන ගමනේ දී ඇයට ඇති වූ දිය පිපාසය සන්සිඳවනු පිණිස රාමකුමරුන් තම ත්‍රිශූලයෙන් පොළවට ඇන මෙම ළිඳ කපා දිය මතු කර ගත් බවය.

එමෙන්ම බුදුරාජාණන් වහන්නේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට දිය පිපාසයක් දැනුණු බවත් එවිට ශක්‍රදේවේන්ද්‍රයා විසින් උන්වහන්සේට පැන් පානය කිරීමට මෙම ළිඳ නිර්මාණය කළ බවත් පැවසේ.

සාමාන්‍යයෙන් ළිඳක් යැයි ව්‍යවහාර වූවද බාහිර ස්වරූපය අනුව මෙය ළංවන්නේ පොකුණකටය. එම පොකුණට බැසීමට අඩි 20 ක පමණ පිය ගැට පෙළක් ද තනා තිබේ.

පැරණි සිතියම්ගත ලේඛනයන්හි වඩදිය බාදිය ළිඳක් (Tidel Well) ලෙස ප‍්‍රකට මෙම ළිඳ පිළිබඳව තවත් විවිධ ජනප‍්‍රවාද පවතී.

ඉතා නිල්වන් පැහැදිලි ජල වර්ණය (Astonishing aqua marine) මෙම ළිඳට අලංකාර ස්වභාවික පිහිටීමක් එක්කර ඇත. මෙම පත්ල නොමැති ළිඳ පිළිබඳව විවිධ අවස්ථාවන්හි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විණි.

ඒ අතරින් 2013 වර්ෂයේ අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් මගින් ගවේෂණයක් සිදුකිරීම කැපී පෙනේ. හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමූහික කැප කිරීම මත මෙතෙක් පැවැති ළිඳ සම්බන්ධ ගුප්ත විශ්වාසයන්ට තිත තැබිණි.

එනම් මෙම ළිඳේ පත්ල අනාවරණය කර ගැනීමයි. ඒ අනුව මෙහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක ප‍්‍රමාණයක් වන බව නිගමනය කෙරුණි.

පතුලක් නැති ළිඳක් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව භූ විෂමතා ආශි‍්‍රත සටහන් තුළින් හෙළිදරව් කෙරෙනුයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප‍්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා කැඞී යෑමෙන් හෙවත් ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රදේශයේ පවතින හුණුගල් පාෂාණය කාලාන්තරයක් තිස්සේ සාමුද්‍රික බලපෑමට ලක්ව ඛාදනය වීම නිසා මෙම ළිදෙහි පත්ල සහ මුහුද අතර කුහර නිර්මාණය වී ජලජමය සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව මෙහි මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙසද පවතිනු ඇතැයි ඔහු කීය.

එමෙන්ම මෙම ළිඳ සහ කන්කසන්තුරේ පිහිටි කීරමලෙයි පොකුණ අතර අන්තර් ජලජ සම්බන්ධතාවයක් ඇති බව යාපන වැසියන් ‍ප්‍රකාශකරන බව කී ආචාර්ය අරුලානන්දන් මහතා නීලාවරි ළිඳට දමනු ලබන දෙහි ගෙඩි, පොල් කැබලි ආදී පූජා භාණ්ඩ කිරමලේ පොකුණෙන් මතුවන පුවත එක් වරම විද්‍යතාත්මකව බැහැර කළ නොහැකි බව ද කීය.

යාපනය අර්ධද්වීපයේ කෝපායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග‍්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ළිඳ ‘නීලාවරි’ පොකුණ වශයෙන් 1486/2007/02/23 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට තිබේ.

මෙය මෙම ළිඳට අමතරව පුරාවිද්‍යාත්මක සාධක සහිත භුමියක් ද වෙයි.

පෘතුගීසි සමයේ යාපනයේ විසූ පිලිප් බැල්දියුස් දේවගැතිවරයාගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවත්, එම ස්ථානයේ සිංහල හා පෘතුගීසින් අතර සටනක් පැවැති බවත් සඳහන් කරයි.

එසේම 1917 වර්ෂයේ එවකට යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් විසින් යාපනය පිළිබඳව තබන සටහනේ ද මෙම ස්ථානය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව ඉහත නම සඳහන් ළිඳට අමතරව බෞද්ධ නටබුන් රැසක් එහි තිබූ බව ද පවසයි.

මෙම ළිඳ සමීපයෙන් හමුවූ බුද්ධ ප‍්‍රතිමාවක් මේ වන විට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. වර්තමානයේ වුව හුණුගලින් නිර්මිත දාගැබ් ද්විත්වයක නටබුන් ඒ අසල භූමියේ දැකිය හැකිය. එමෙන්ම මෙම ස්ථානයට යාබඳව පැරණි බෝධි වෘක්ෂයක් ද දැකිය හැකිය.

බැල්දියුස්ගේ දේශාටන වාර්තාවල සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ ”බුද්ගමුව” නමින් හැඳින්වූ ගම්මානයට අයත්ය. කි‍්‍ර. ව. 1053 වර්ෂයේදී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කරවූ බව ඉතිහාසයේ එයි.

ඒ අනුව නාගග්‍රෝතික සහ රාම රාවනා පුරාවෘත්ත වල සිට බෞද්ධ ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක සහිත ස්ථානයක් වශෙන් වැදගත් වන මෙම නිලාවරි ළිඳ ජාති ආගම් බේදයකින් තොරව අප කාගේත් පොදු උරුමයක් සේ සල කිය හැකිය.



Neelawari Naga Kanya Well - 2017-08-08-21-45-41

(ලක්බිම)

27 July, 2017

ගම්පොළින් අරුම පුදුම අපූරු රෝස මලක්

Gampola strange ross

වසර දහස් ගණනක් පුරා පැවැත එන රෝස මල සියලු ලෝක සත්ත්වයන්ටම සුන්දර සංකේතයකි. එක නටුවේ පිපී ඇති රෝස මලේ අග රේණු වෙනුවට ඒ රේණු අතරින් නැවත ආ නටුවකින් තවත් රෝස මලක් පිපී තිබීම දකින අය පුදුමයට පත් කරවන්නක් වී ඇත.

මේ රෝස මල දකින අයට මතකයට නැඟෙන්නේ අන්නාසි ගෙඩියයි. ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් වගේ මෙය රෝස මලක් උඩ රෝස මලක්ය.

මේ අපූරු රෝස මල ඇත්තේ ගම්පොළ අටබාගේ ඉහළගම සාලිය බණ්ඩාර කරුණාසිංහ මහතාගේ නිවෙසේ ගෙවත්තේය.

රෝස පඳුරේ පිපී ඇති මේ අපූරු මල දැක ගැනීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණෙන බවද සාලිය බණ්ඩාර මහතා සඳහන් කරන්නේය.

ගම්වාසීන්ගේ අදහස වන්නේද මේ ආකාරයට පිපී ඇති රෝස මලක් මුල්වරට දැකගත් බවය. (ගම්පොළ - මාධව බණ්ඩාර - මව්බිම)

25 July, 2017

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

Murder - 07

එය අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි හිමිකාරිය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳය.

එම නිවාඩු නිකේතනයේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ සාදයක් පවත්වා තිබුණි. එය අවසන් වූයේ අලුයම 01.30 ට පමණය. ‍එහෙ‍ත් පසුදා උදේ දැක ගත හැකි වූ අන්දමට එම නිවාඩු නිකේතනය තුළ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මිය ගොස් තිබිණ.

මෙසේ මියගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී අරක්කැමියකු වශයෙන් එම නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල, දෙණියාය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52හැවිරිදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයකයෙකි. නමුදු ඔහුගේ බිරිඳ හා දරුවන් සුනාමියෙන් අතුරුදන් වී ඇති බව දැනගත හැකි විය. සාමාන්‍යයෙන් මෙම නිවාඩු නිකේතනයේ සේවය කිරීමෙන් අනතුරුව අරක්කැමියා ඉන් පිටව යන නමුදු ඔහු එදින වෙනදා නවාතැන් ගන්නා අනුරාධපුර නිවත්තකචේතිය විහාරස්ථානයට නොගොස් නිවාඩු නිකේතනයේ ඉහළ මාලයට ගොස් කාමරයක් ආසන්නයේ බිම නිදා ගෙන ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබිණ.

මෙම අභිරහස් මරණය සිදු වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ඒ අනුව ඊයේ (23) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිස් කබලට සිදුවූ බලවත් හානිය හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවය. එමෙන්ම මරණය සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මරණය අරක්කැමියා උඩුමහලින් පහතට ඇදවැටීමෙන් සිදුවූ හෝ වෙනත් හදිසි අනතුරක් නිසා ඇති වූ මරණයක් ද නැතිනම් මෙතෙක් අනාවරණය නොවූ වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න මේ තාක් අනාවරණය වී නැත.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි, ‍පොලිස් සැරයන්වරුන් වන (18224) හේමන්ත, (29690) බණ්ඩාර, ‍පොලිස් කොස්තාපල් (38757) ප්‍රියන්ත යන නිලධාරීහූ මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුර (ලක්බිම)

18 July, 2017

බර්මියුඩා ත‍්‍රිකෝණයේ අබිරහස විසඳෙයි

Bermuda Triangle mystery

පෘථිවිය යනු පුදුමාකාර සංසිද්ධීන්වලින් ගහන වූ අපූර්ව ස්ථානයකි. පෘථිවිය අපූර්ව ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි වාසය කරන ජීවීන් නිසා පමණක්ම නොව ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති විවිධ ස්ථාන නිසා ද පෘථිවිය පුදුමාකාර ස්ථානයක් බවට පත් වී තිබේ.

එවන් එක් ස්ථානයකි බර්මියුඩා ත‍්‍රිකෝණය. අප‍්‍රිකානුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ යක්ෂයාගේ ත‍්‍රිකෝණය නමිනි. එයට හේතුව මෙම ස්ථානයෙන් ගමන් කරන නැව්, ගුවන් යානා ආදිය සුන්බුන් පවා සොයාගත නොහැකි වන ආකාරයට අතුරුදන් වීමයි. 

අත්ලාන්තික් සාගරයේ ෆ්ලොරිඩාව, බර්මියුඩාව සහ පුවටෝ රිකෝ දූපත් අතර ත‍්‍රිකෝණයක් සලකුණු කළහොත් එම ත‍්‍රිකෝණයට මැදිවන ප‍්‍රදේශය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස හඳුන්වා තිබේ.

එය මුහුදු සැතපුම් 440000 පමණ වන ප‍්‍රදේශයකි. නිවැරදිවම හඳුන්වා දෙන්නේ නම් ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප‍්‍රදේශ සහ මහාරාෂ්ඨ යන ප‍්‍රාන්ත තුන එකට එක් වූ විට එය බර්මියුඩා ත‍්‍රිකෝණයේ ප‍්‍රමාණයට සමාන බව පැවැසේ.

මෙම ප‍්‍රදේශය හරහා ගමන් ගන්නා නැව්, අහස් යානා ආදිය එක්වරම අභිරහස් ආකාරයෙන් අතුරුදන් වන බව දැන ගන්නට ලැබී මේ වනවිට අවස 100 ඉක්මවයි. එමෙන්ම මාලිමා යන්ත‍්‍ර පවා මෙම ස්ථානය අවට දී නිසි ලෙස ක‍්‍රියා කරන්නේ නැත. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස අතුරුදන්වන නැව්වල හෝ අහස් යානාවල සුන්බුන් පවා කිසිදා සොයා ගන්නට නොහැකි වීමයි.

ඒවා මුහුදු පත්ලේ ගොඩ ගැසී ඇති බවක් නවීන තාක්ෂණයට පවා සොයා ගත හැකිව නැත. මෙසේ අතුරුදන්වන නැව් සහ ගුවන් යානා ප‍්‍රමාණය ගණනය කළ විට පසුගිය වසර 100 තුළ එක් දිනකට ගුවන් යානා 4ක් සහ නැව් හෝ බෝට්ටු 20 බැගින් මෙම ස්ථානයේ දී අතුරුදන්ව ඇති බව මේ පිළිබඳව පර්යේෂණය කරන පර්යේෂකයන්ගේ අදහසයි. එමෙන්ම ගතවූ අවුරුදු 100 තුළ මෙම ස්ථානයේ දී අතුරුදන් වූ යානාවල සිටි නියමුවන් සහ නාවිකයන් ගණන දහස ඉක්මවයි.

සමහර ගුවන් යානාවල සහ නැව්වල ගමන් කළ නියමුවන් සහ කපිතාන්වරු බර්මියුඩා ති‍්‍රකෝණය හරහා ගමන් කිරීමේ දී දක්නට ලැබුණු පුදුමාකාර සිදුවීම් ගැන ප‍්‍රධාන පාලක මැදිරියට රේඩියෝ පණිවුඩ මගින් දැනුම් දුන් ආකාරයන් පිළිබඳව ද වාර්තා තිබේ. නමුත් ඒ සමගම පාලක මැදිරි සමග තිබූ සබඳතා බිඳ වැටීම නිසාත් ඉන් පසු කිසිදා ඒ අයව සම්බන්ධ කරගත නොහැකි වූ නිසාත් සත්‍ය ලෙසම එහි සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකු නොදනිති. 

බර්මියුඩා ති‍්‍රකෝණයේ දී අතුරුදන් වූ බොහොමයක් නැව්වල සිටි නාවිකයන් සහ ගුවන් යානාවල සිටි නියමුවන් අතුරුදන් වීමට මොහොතකට පෙර ප‍්‍රධාන පාලක මැදිරි සමග හුවමාරු කරගත් පණිවිඩ බොහෝ දුරට එක සමාන විණි.

‘‘මා ඉදිරියෙන් මහා දැවැන්ත කළුපාට වළාකුලක් පෙනෙනවා. ඒකෙන් මුළු අහසම වැහිලා ගිහින් තියෙන්නෙ. හිතා ගන්නවත් බෑ ඒක මොකක්ද කියලා. දැන් ඒක ටික ටික අපි ඉන්න පැත්තට ළං වෙනවා’’ යනුවෙන් සමහරු පවසා තිබිණි. තවත් අය ‘‘මගේ ඉදිරි මාර්ගය අවහිරයි. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ලොකු කළු පාට යමක් අපි දෙසට එනවා. වළාකුලක් වගේ හැඩයක් තියෙනවා. ඒත් ඒක වළාකුලක් නෙවෙයි’’ මෙලෙස පැවසූ වහාම එම නැව් සහ ගුවන් යානා සමග තිබූ පණිවිඩ හුවමාරුව නතර වී තිබිණි. එමෙන්ම රේඩාර් පථයෙන් පවා ඒවා අතුරුදන් වී තිබිණි.

විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණයේ අභිරහස පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබේ. බර්මියුඩා ත‍්‍රිකෝණයට අයත් ප‍්‍රදේශයේ මුහුද යට මහා දැවැන්ත කාන්දම් බලයක් ඇති බවත් ඒ කාන්දම් බලයට මහා විශාල නැව් සහ ගුවන් යානා ඇදී යන බවත් සමහරු පවසති. නමුත් මෙය ඔප්පු කර ගන්නට මේ දක්වා හැකි වී නැත.

බර්මියුඩා ත‍්‍රිකෝණය ප‍්‍රදේශයේ මුහුද යට මීතේන් වායු නිධියක් පවතින බවත් මීතේන් වායුවේ බලපෑම නිසා නැව් සහ ගුවන් යානා ගිල්වා දමන බවටත් තවත් මතයක් තිබේ. නමුත් එසේ ගිල්වා දමා ඇති ගුවන් යානාවල හෝ නැව්වල සුන්බුන් බර්මියුඩා ති‍්‍රකෝණයේ කොහේ හෝ ස්ථානයක ඇති බව මෙතෙක් සොයා ගෙන නැත.

මෙම ප‍්‍රදේශයේ එක්වරම ඇතිවන මහා විශාල දියවැල් නිසා නැව් සහ ගුවන් යානා මුහුද තුළට ඇද ගන්නේ යැයි විඥයන් පවසති. නමුත් මේ හරහා ගමන් ගෙන අතුරුදන් වූ කිසිදු නැවක හෝ ගුවන් යානයක සිටි කිසිම නාවිකයෙකු හෝ ගුවන් නියමුවෙකු දියවැල් පිළිබඳව සඳහන් කර නොතිබීම පුදුමයට කරුණකි. 

ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසා තිබුණේ කළු පැහැ දැවැන්ත වළාකුලක් වැනි දෙයක් ගැන පමණි. අනිත් කාරණය නම් දියවැල් නිසා මුහුද යටට යන නැව් හෝ ගුවන් යානා එක පාරටම රේඩාර් පථයෙන් ඉවත් වන්නේ නැත. ඒ නිසා මෙම මතයත් මේ දක්වා ඔප්පු වී නැත.

කෙසේ වුවද සත්‍ය ලෙසම බර්මියුඩා ත‍්‍රිකෝණයේ දී සිදුවන විපර්යාසය පිළිබඳව ඔප්පු කර ගත හැකි සාක්ෂි පසුගිය මාස කිහිපය තුළ විද්‍යාඥයන්ට හමු විය. ඒ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට අහසේ තිබෙන හෙක්සෝජන් නම් වූ වළාකුළු වර්ගය යි.

ඒවා පැයට කිලෝ මීටර් 170ක පමණ වේගයෙන් සුළං නිර්මාණය කරන්නට සමත් ය. මේවා වායු බෝම්බ ලෙස ද හඳුන්වනු ලබයි. මෙවැනි වළාකුලකින් නිර්මාණය වුණු සුළඟකට හසු වුවහොත් කොපමණ බරින් වැඩි දෙයක් වුව ද එක සැණින් සුණුවිසුණු වී යන බව සොයාගෙන තිබේ. 

මේ නිසා විඥයන් පවසන්නේ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට ප‍්‍රදේශයේ පවතින හෙක්සෝජන් වළාකුළු දැවැන්ත නැව් සහ ගුවන් යානා ක්ෂණිකව ඇද ගන්නා අතර ඒවා පැයට කිලෝමීටර් ලක්ෂ ගණනට වේගයෙන් කරකවා මුහුදු පත්ල වෙත ඇද ගෙන ඇති බවත් සමහර විට එම වේගයට ඔරෝත්තු දිය නොහැකි මෙම යානා සුණුවිසුණු වී යන්නට ඇති බවත්ය.

දුලාංජලී මුතුවාඩිය (සමුදුර)

17 July, 2017

බිත්තරයක් තුළ තවත් බිත්තරයක්

Egg In An Egg

බිත්තරයක් තුළ තවත් බිත්තරයක් තිබි හමුවු පුවතක් අද (17) අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

මාතලේ හංදිය නිසළ මාවත ප්‍රදේශයේ පදිංච් ලොකුගේ චන්ද්‍රිකා මහත්මිය අද උදෑසන වෙළදසැළකින් මෙම බිත්තරය මිලදි ගෙන ඇත.

පසුව නිවසට ගෙනවිත් එය කඩා බැලිමේදි එහි ප්‍රමාණයෙන් කුඩා තවත් බිත්තරයක් දැක තිබේ.

මෙහි ලොකු බිත්තරයේ අනෙකුත් බිත්තරවල මෙන් සාමාන්‍ය පරිදි කහ මදය හා සුදු මදය තිබි ඇති අතර එයට අමතරව මෙම කුඩා බිත්තරයද තිබි ඇතැයි ලොකුගේ චන්ද්‍රිකා මහත්මිය සදහන් කළාය.

Egg In An Egg - 02

18 May, 2017

අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?

Mysterious beauty gost

මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මැයි 08 වන ඉරිදා ය.

කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 08 වන ඉරිදා උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.

ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි.

එහෙත් මෙම ප‍්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු ලක්බිම ඔන්ලයින් එම දියඇල්ල ආසන්නයේ ඇති උඩුවැල්ල ග‍්‍රාමයේ පදිංචි අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එවිට ඔහු කියා සිටියේ පෙර සඳහන් කළ ආකාරයේ සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය. මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය.
නිමල් රාජපක්ෂ මහතා දුටු තරුණිය සිටි ස්ථානය

උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේ මෙලෙසිනි.

‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’
ඇල්ලේ පහළ ඇති නැරඹුම් කුටිය

මෙහිදී පසුගිය 08 වන දා මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇයගේ මිතුරන් ඉන් පෙර මෙම ප‍්‍රදේශයේ ගැමියන් අත්දැක තිබූ මෙබඳු අද්භූත සිද්ධියක් ගැන මින් පෙර කිසිදු අවස්ථාවක අසා නොතිබුණු අතර ඔවුන් ඒ ප‍්‍රදේශයේ ගැමියන් දැන හඳුනන්නවුන් නොවීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම තරුණියට වළාකුලක් සේ ද අබේරත්න මහතාගේ බිරිඳට තමන්ට පිටුපා යන කාන්තාවක සේ ද නිමල් රාජපක්ෂ මහතාට රූමත් තරුණියක සේ ද දිස්වූයේ එකම කාන්තා රුවක් ද යන්න නිශ්චය කිරීමට හෝ එම සංසිද්ධින් පිළිබඳ අර්ථ විවරණයක් දීමට අපට නුපුළුවන. කෙසේ හෝ මෙම අද්භූත සිදුවීම පිළිබඳව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර විමසුම් සිදුවිය යුතු බව අපගේ හැඟීමයි.

ශ‍්‍රියාණි කොඩිතුවක්කු (lakbima)

14 April, 2017

අවුරුදු 200 ගොස් අදටත් ජීවත් වෙතැයි සැලකෙන යතිවරයාණෝ

200 years and still live-1

නෙළුමක හැඩයට ගව සමකින් වෙලා ඇති මෙම අවූරුදු 200ක් වයසැති මෙම යතිවරයා මියගොස් නැති බවත් මෙය ගැඹුරු ධ්‍යානයකට සම වැදිමක් වන් දෙයක් බවත් විශ්වාස කරයි.

”ටුක් දම් ‘” නැමැති ධ්‍යානයකට සමවැදි ඇති මෙම යතිවරයා බුදුවීමට අවශ්‍ය එක් අඩියකට පසෙකින් සිටින බව විශේෂඟයින්ගේ මතයයි.

මෙහි සිටින යතිවරයා ලාමා වරයෙක් හෝ ටිබෙට් බුදු දහමේ පැවිද්දෙකු යැයි විශ්වාස කරයි.

තවත් සමහරු මොහු 1852දී ලමා යතිවරයෙක්ව 1927දි ධ්‍යානයට වැදි සිටියදි මියගිය යතිවරයාගේ පුනරුප්පත්තිය යැයිද විශ්වාස කරයි.

මෙය වජිර නැමැති පර්යංකයෙන් එනම් එක් අතක් විවෘතව තිබෙන අතර අනෙක් අත දිගු කරමින් සුත්‍ර දේශනාවක හැඩයට සකස්ව ඇත.

ගන්හුයිගන් නැමැති මෙම බුද්ධාගම හා සංස්කෘතිය පිළිබඳ මහාචාර්යවරයෙකු පවසන අන්දමට මෙවැනි අසුන් ගත් කෙනෙකුන් මරණයට පත් විය නොහැකි අතර මෙය විශේෂ ධ්‍යානයකට සම වැදීම වන් දෙයකි.

මෙවැනි ටුක් දම් තත්වයේ සිටින ලාමා වරුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වන වෛද්‍ය බැරි කර්සින් පවසන අන්දමට මෙම ටුක් දම් තත්වයෙන් සති තුනකට වඩා ගත කරන්නෙකුගේ ශරීරය ක්‍රමයෙන් ඇකිලීමට ගනී.

අන්තීමට ඉතුරු වන්නේ එම පුද්ගලයාගේ කොණ්ඩය, නියපොතු සහ හිසකේ පමනි.

මෙම තත්වයෙන් සිටින පුද්ගලයෙකු අවට සිටින මිනිසුන් දින හතක් තිස්සේ දේදුන්නක් දුටුවහොත් එයින් නිගමනය වන්නේ මෙම පුද්ගලයා බුද්ධත්වයට ලඟා වීමට ආසන්න බවයි.

එමෙන්ම මෙම තත්වයෙන් දිගටම සිටින්නෙකුට බුද්ධත්වයට ලඟා වීමට හැකි බවද ඔහු පවසයි.

පසුගිය වසර 50ක කාලයක් තුල මෙවැනි සිද්ධීන් 40 ක් ඉන්දියාවෙන් වර්තා වුවද පසුව එවැනි මමින් නොයෙක් ස්ථාන වලට පිටත් කර විකුනා ඇති බව සනාථ විය.

මෙම ජවාරම සිදු කරතැයි විශ්වාස කරන්නේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන එන්ටොර් නැමැත්තෙකුය.මෙය දැනට උල්තාන්බාර් නැමැති මොන්ගෝලියාවේ විශේෂ අධිකරණ පරිශ්‍රයක ආරක්ෂාවට තබා ඇත.

200 years and still live-2

200 years and still live-3

29 March, 2017

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේදී හමුවූයේ පිටසක්වල ජීවියෙක්ද..?

alien-creature-Sumatra-island

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ බන්ඩා ආචේ ප්‍රදේශයේදී කැමරාවක සටහන් වුණු කුඩා ප්‍රමාණයේ මිනිසෙකු පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ මිලියන 2කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

කැළයක් වැනි ප්‍රදේශයක තමන්ගේ යතුරුපැදි ධාවනය කළ පිරිසකට මෙම ප්‍රමාණයේ කුඩා මිනිසා හමුවී ඇති අතර මෝටර් බයිසිකල් දුටු විගස ඔහු වනාන්තරය වෙත දිවයන අයුරුද වීඩියෝව දැක්වෙනවා.

ඔහුගේ අතේ හෙල්ලයක් වැනි යමක්ද තිබෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු පුරාවෘත්ත වල සඳහන් වන පරිදි කැලෑවන් වල ජීවත්වූ දුර්ලභ මිනිස් විශේෂයක් වන්නට ඇති බවයි.

යතුරුපැදිකරුවන් මෙම පුද්ගලයා පසුපස හඹා යනමුත් ඔහුව අල්ලාගන්නට නොහැකි වන අතර කැමරාවේ සටහන් වූ වීඩියෝව ඔවුන් අන්තර්ජාලයට එක්ක තිබුණේ මේ අයුරින්.
 

28 March, 2017

වඳවී ගිය ‘ටස්මේනියන් කොටි‘ කිසිවෙකුගේ ඇස නොගැටෙන පෙදෙසකින් මතුවූ හැටි (PHOTOS)

වඳවී ගියේ යැයි පැවසූ ‘ටස්මේනියන් කොටි‘ පවුලක් තමා දුටු බව උතුරු ක්වීන්ස්ලන්ඩිහි පුද්ගලයෙකු විසින් අණාවරාණය කර තිබේ.

ක්වීන්ස්ලෑන්ඩිහි සංචාරක ක්‍රිකයකරුවෙකු වන බ්‍රයන් හොබ්ස් පවසන්නේ ටස්මේනියන් කොටි වැනි සත්වයන් කිහිප දෙනෙකු තමා ක්වීන්ස්ලන්ඩ්හි කිසිවෙකු පය නොතබන ප්‍රදේශයක් වන කේප් යොර්ක්හිදි දුටු බවයි

පිරිමි සත්වයෙකු, ගැහුනු සත්වයෙකු හා පැටවුන් දෙදනෙකු ඇතුලු කොටි පවලුක්ම තමා දුටු බව ඔහු විදේස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ටස්මේනියන් කොටි 1930 වසරෙන් පසුව මෙලොවින් වඳවී ගියේ යැයි වාර්තා පළවී තිබුණි. - nethgossip

tasmanian tiger-01

tasmanian tiger-02

tasmanian tiger-03

tasmanian tiger-04

tasmanian tiger-05

cape york queensland australia

04 March, 2017

මෛත්‍රීගේ වැඩේදී “කැප්පෙටිපොළ" අවතාරය හොල්මන් කරලා

weera-keppetipola

ඉංග්‍රීසීන් විසින් ද්‍රෝහීන් ලෙස නම්කර තිබූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ ඡාතික වීරයන් 82 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මහනුවර මගුල්මඬුවේ පැවැති ජාතික උත්සවයේදී අස්ගිරි පාර්ශවයේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ වටාපතේ වීර කැප්පෙටිපොළ ජාතික විරුවානන්ගේ ඡායාවක් වැටී තිබූ බවට කටකතාවක් පැතිර තිබේ.

වීරයන්ට පිං පැමිණවීම සිදුකළ අවස්ථාවේ මෙය සිදු වූ බවත්, බස්නායක නිලමෙවරුන් සියසින් දැක ඇති බවත්, ජනාධිපති කාර්යාල මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී කියා සිටියේය.

එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙය මහා ප්‍රාතිහාර්යක් බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය මුලින්ම දැක ඇත්තේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා බවයි.

දේශප්‍රේමින් කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරියේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී සිදු විය.

වසර 1818 දී ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස මෙහිදී නම් කරනු ලැබීය.

එම අවස්ථාවේ වටා පතේ තිබූ කැප්පෙටි පොළගේ අවතාරයේ ජායාරූපයක් ඉරිදා රිවිර පුවත්පත ප්‍රකාශයට පත්කර ඇත.

එය පහත දැක්වේ.

-srilankamirror

14 May, 2016

හිමාල කඳු අතරින් අහසින් වැඩි හිමි නම

හිමාල කඳු අතරින් අහසින් වැඩිය හිමි නමක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට තිඛෙනවා.

කඳු නගින්නන් පිරිසකගේ කැමරාවට මෙය හසුවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍ය භාවය ගැන නම් වාර්තා වන්නේ නැහැ.

මේ වන විට මෙම වීඩියෝව ලෝව පුරා ව්‍යාප්ත වෙනවා‍.






Monk flying on sky at Himalaya (Video)