Showing posts with label Celebrities. Show all posts
Showing posts with label Celebrities. Show all posts

12 October, 2017

වෙන අය දෙන චරිත සහතික මට අදාළ නැහැ

udari-warnakulasooriya

• උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

• මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?

ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. පිනි ඩ්‍රාමා එක නිසා මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.

• මිෂෙල් සහ සුද්දි උදාරිගේ රංගනයට හොඳ වෙනසක්ද..?

ඇත්තටම ඔව්. මට ගොඩක් ලැබුණේ තැන්පත් පෙම්වතියගේ චරිත. ඉතිං මේ චරිත නිරූපණය අහිංසක පෙම්වතියකට වඩා ජීවිතය ගොඩදාගන්න පොරබදන ගැහැනියකගේ චරිතයක්. තැනට සුදුසු විදියට ඇණේ ගහන චරිතයක්. මට ලැබුණ චරිතත් එක්ක බලද්දි මේ චරිතය නිරූපණය කිරීමේදී යම් අභියෝගයක් තිබුණා.

• එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න මහන්සි වෙන්න ඇති..?

සුද්දිගේ චරිතයට ආරාධනා ලැබෙද්දි ශාන්ත සොයිසා මහත්මයාගෙන් සහ මහේෂ් සත්සර අයියාගෙන් මම මුලින්ම ඇහුවා මාව මේ චරිතයට ගැළපෙනවද කියලා. වැල්ලේ කෙල්ල සහ වෙස්ටන් විදියට ඉන්න මිෂෙල් එකිනෙකාට වෙනස්. මේ චරිතයට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇහුවම ඔවුන් මට කිව්වා "උදාරි ඔයා මිෂෙල්ගේ චරිතයට ඔය ඉන්න විදිහටම ඉන්න. නිම්සරාගේ චරිතයට හැඩගැහෙන්න කියලා".

• උදාරිගේ සැබෑව කොහොමද මිෂෙල්ගේ චරිතයට ගැළපුණේ..?

මිෂෙල් කියන්නේ Forward කෙනෙක්. හැබැයි නිම්සරා කියන්නේ බියගුලු, තනිවුණ කෙල්ලෙක්. සැබෑ ජීවිතයේ මම තැන්පත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිෂෙල්ගේ චරිතය මගේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.

• උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද...? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?

මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දඟලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

• තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?

අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

• උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?

මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. මේ දවස්වලත් මම වැඩ කරන්නේ පිනි ටෙලිඩ්‍රාමා එකේ විතරයි. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

• උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

• උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?

නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

• සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?

නැහැ. අපි අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

• විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?

එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

• කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?

රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

• අම්මා වගේ දුවත් රඟපාන්න එනවට උදාරි කැමැතිද..?

මම දුවගේ දඟකාර වැඩ වීඩියෝ කරලා ෆේස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රඟපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

06 October, 2017

පියුමිට කොරියාවේදී එල්ල වූ කෙසෙල් ගෙඩි ප්‍රහාරයේ ඇත්ත කතාව (Video)

piyumi-hansamali-banana
මෙරට ජනප්‍රිය ගායකයකු යැයි කියාගන්නා ඉරාජ් වීරරත්න නැමැති අසහනකාරී නිර්මාණයන් එළිදක්වන්නකුගේ පහත් නිර්මාණයකට දායක වූ පියුමි හංසමාලි නැමැති කාන්තාව කොරියාවේ ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී තබෙනවා.

මෙරට කෘතහස්ථ සංගීතවේදියකු වන වික්ටර් රත්නයකයන්ගේ පෞද්ගලික ජීවිතයට පහර ගසමින් නිර්මාණය කර තිබූ අදාළ වීඩියෝවේ මෙම කාන්තාව අභිසාරිකාවක ලෙස රංගනයෙන් දාය වන අතර එහි කෙසෙල්ගෙඩියක් අනුභව කරන අයුරු ද දැක්වෙනවා.

මෙම ක්‍රියාවට දැඩි විරෝධය දක්වමින් කොරියාවේදී ඇටය එල්ලවී තිබුණේද කෙසෙල්ගෙඩි ප්‍රහාරයකුයි.

අදාළ වීඩියෝව පහතින්.

01 October, 2017

"අපේ පවකට අප හමුවුනේ අයිති වූ පසු ඇයට නම්" – මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි ..!

shalani-fb-post

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත් අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඊයේ දින (30) සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

දසුන් වෙනුවෙන් ශලනි ලියු එම කවි පහතින්

ඉක්මන් වුනා වැඩිද මන්දා
කියා සිතුනා දසදහස් වාරයක්
නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ
ලොවට දැන් එය ප්‍රශ්නයක්

නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ
වැරදි නෑ නුඹ රත්තරං
අපේ පවකට අප හමුවුනේ
අයිත් වූ පසු ඇයට නම්

ඇයගේ ලොව තුල නුඹ කුරැටු ගෑ
පැරණි ගී හරි රස ඇති
ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට
ඔබ අප ගෙන යන්නැති

අසීමිත ප්‍රේමයක් වපුරා
මගේ හද නුඹ ගත් හැටි
මුලාවක් වුව ඔබේ ප්‍රේමය
සදාකල් මියදෙන්නැති

හැරගියත් නුඹ යලි නොඑන ලෙස
තරහවෙනු බෑ කිසි දිනේ
මුලු ලොවම අද නගන හඩ යට
තනිව පිලිතුරැ නැහැ අනේ

සසරේ මතුදින කිසිම දේකට
ඉක්මන් නොවී ඉනු මා වගේ
දරනු බැරිවුව දරා ගනු නුඹ
මග ඇරැනු මා සිත වගේ

හීනවල හිද කියන හැගුමන්
අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මා සිත
ආදරෙයි මං පන වගේ

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්
එයයි නුඹ ඉක්මන් කලේ
ලොවෙ ගැරහුම් දරා ගන්නම්
ඔබේ නමින් මියැදෙන වෙලේ

පරාජිත නොව නුඹ විදපු දුක
ලොව නුඹේ විනිසුරැ නොවේ
නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී
සැනසීම ගෙන මා එන දිනේ

-ශලනි-
2017.09.30

shalani-fb-post

29 September, 2017

එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි – අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා

victor-hashini-rathnayake

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතය හා සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරමින් ඉරාජ් විසින් නිකුත් කරන ලද ගීත වීඩියෝ මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂදර්ශණයට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.

ඒ වික්ටර් රත්නායක මහතා මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටීම හේතුවෙන්. ඇය පවසන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.

‘මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ. අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.’

28 September, 2017

දසුන් නිශාන් දිවි රඟමඩලෙන් සමුගනියි – සොයුර ඔබට නිවන් සුව....!!!

dasun-nishan-funeral

නව පරපුරේ ජනප්‍රිය රංගනශිල්පී දසුන් නිශාන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඒ ඔහුගේ පවුලේ ඥාතීන් හා ඔහුට ආදරය කළ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයකගේ සහභාගීතවයෙන් යුතුවයි.

දසුන්ගේ නිසල දේහය නිට්ටඹුව පිහිටි මල් ශාලාවක තැන්පත්කර තිබූ අතර අද පස්වරුවේ නිට්ටඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා.

සසරේ උපදින අන් කිසිඳු භවයක මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවේවා. සොයුර ඔබට නිවන් සුව....!!!

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

dasun-nishan-funeral

27 September, 2017

"කෑගහන එකෙක් හරි හිටියානම් ඔයා තාමත් ජීවත් වෙනවා" - ශලනි මුනිවත බිඳ දසුන් වෙනුවෙන් තැබූ සටහන

shalini-tharaka-fb-status

ගෙල වැලලාගෙන සියිදිවි නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණ පරීක්ෂණයේදී, ඔහුගේ මව විසින් තම පුත්‍රයා සහ ශලනි තාරකා අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට ඊයේ (26) සාක්ෂි දෙමින් පවසා තිබුණා.

ඒ හේතුවෙන් දසුන් පසුගිය කාලය පුරාම ශලනි සමගින් විවාහ වීමට අවශ්‍ය යැයි පවසමින් තමාට කරදර කළ බවත් එම සම්බන්ධයට තමාගේ කැමැත්ත හිමි නොවුණ බවත් ඇය සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

වසර ගනනාවක ප්‍රේමයකින් පසු දසුන් විවාහවී ඇති අතර, ශලනි සමග ඇති සම්බන්ධය පිළිබඳ පවසමින් ඔහු තමාටද කරදර කළ බව බිරිඳ ද සාක්ෂි දෙමින් පවසා තිබුණා.

මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු අතර, පසුව ශලිනි දසුන් සමගින් තිබූ ප්‍රේම සම්බන්ධය නතර කර ඇති බවටත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සියළු සිද්ධීන්ට පසුව දසුන්ගේ මරණය සම්බන්ධයෙන් රංගන ශිල්පිණි ශලනි තාරකා ඇගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එහි සඳන් වන්නේ,

‘‘ඔයා වෙනුවෙන් ගිරිය කඩන් කෑගහන එකෙක් හරි ඔයාගේ දුක අහන්න එදා හිටියානම් අද ඔයා තාමත් ජීවත් වෙනවා දසුන්‘‘ යනුවෙනුයි.

ශලනි තැබූ ෆේස්බුක් සටහන පහතින්.

TITLE


26 September, 2017

"අවසන් ගමන් අද යන්ඩ යන්නේ" - දුසුන්ගේ කතාවේ නිලිය ශලිනිද? දෙන්නාගේ නුවරඑළියේ වීඩියෝවක් එළියට

dasun-nishan-shalini-tharaka

ගෙල වැළලාගනිමින් පසුගිදා සිය ජීවන ගමන අවසන් කළ රංගන ශිල්පි දසුන් නිෂාන් පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා.

මේ අතර ඔහු මියයාමට පෙර මුහුණු පොතට එක්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් කතා බහක් මතුව තිබෙනවා.

ඔහු රංගන ශිල්පිණි ශලිනි තාරකා සමග නුවරඑළිය ප්‍රදේශයේ ගීත රූප රචනාවක් රූගත කරන අවස්ථාවක් මෙම වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

මෙහිදී ඔවුන් සියලු දෙනා රේල් පාරේ දිගාවී සිටින අතර, අපි රේල් පීල්ලකට බෙල්ල තියලා තියෙන්නේ අවසන් ගමන් යන්න යන්නේ යැයි සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින්.



අද පැවති දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි දසුන්ගේම මව සාක්ෂි දී තිබුණා.

එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.

ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.

කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.

අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා.

‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා. මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ. අපි අයින් වෙමු. දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.

ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.

"දසුන් විවාහකයි - පසුව නිළියක් බඳින්න කරදර කළා" - දිවි නසාගත් රංගන ශිල්පියා ගැන හෙළිවූ තොරතුරු

TITLE

සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

ඒ, පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.

එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.

ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.

පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.

තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.

එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.

ඔහුගේ සිරුර ගම්පහ පුද්ගලික මල් ශාලාවක් වෙත ගෙනගොස් තිබෙනවා. (සුගත් ධර්මප්‍රිය/අයිරංගි එදිරීසිංහ)

උඹලා අම්මා මෙිවා බලනවාද නැත්නම් මැරිලාද – පියුමිගේ "තන් විකුණා" වීව්ස් ගත්තු ඉරාජ් ලද ප්‍රතිචාර

piyumi-hansamali-denuna

► පියුමිගේ නිරුවතට මුවාවූ අහම්බකාරකයක් වූ ඉරාජ් ඇත්තටම "දැණුනා" නුඹේ කුණු ගඳ ලෝකෙටම

මිනිසුන් සතුන් ලෙස ජීවයක් ලද සියල්ලන් ස්වභාවධර්මයේ යම් කොටසක් ඉටුකිරීමට මෙලොව ජීවය ලද්දන් ලෙස අප කවුරුත් පිළිගන්නා කාරණයකි.

එසේ වුවද ඒ අතර මෙලොවට අහම්බෙන් මෙන් පැමිණියන්ද නැතුවාම නොවේ.

ඉරාජ් වීරරත්නද එලෙස පැමිණියෙක් බව ඊයේ ඔහු විසින්ම සාක්ෂ්‍ය සමඟම ඔප්පුකර පෙන්වීය.

ඒ මෙරට කළාකෙත සරුසාරව අස්වද්දන ලද මහා කළාකරුවකු වන වික්ටර් රත්නායකයන්ට අපහාස වන පරිදි නිර්මාණය කළ රූප රචනාවක් සමඟ වචන පෙලක් ඇතුලත් පහත් නිර්මාණයක් අන්ර්ජාලයට මුදාහරිමින්.

"දැණුනා" ලෙස නම්කර තිබූ එම ගීතයට රංගනයෙන් දායක වී තිබුනේද මුදල් පමණක් අරමුණු කරගනිමින් කිසිඳු හරයක් නැති පහත් නිර්මාණයන්ට රංගනයෙන් දායක වූ විල්සන් කරුණාරත්න සහ පියුමි හංසමාලි යන අයයි.

විල්සන් කරුණාරත්නගේ දශමයක් හෝ ගැනීමට යමක් ඇතත් වෛශ්‍යාවක් වන් වූ පියුමි හංසමාලිගේ නිරුවත හැරෙන්නට ප්‍රේක්ෂකයන්ට ගත හැක්කේ කුමක් ද?.

piyumi-hansamali-denuna

වික්ටර් රත්නායකයන් අපට වටින්නේ ඔහුගේ පෞද්ගලික චරිතය හරහා නොව, ඔහු විසින් රටට කළ උසස් කළා නිර්මාණයන් හරහාය.

රත්නායක පවුලේ සිදුවූ පෞද්ගලික ප්‍රශ්න අදාළ වන්නේ ඔවුන්ට පමණක් වන අතර දෙදෙනෙකුගේ කැමැත්තෙන් වන එවැනි බැඳීම් ගැන අපට ප්‍රශ්න කිරීමට ඇති අයිතිය කුමක්ද?

එම බැඳීමේ අවසානය වික්ටර් රත්නායකයන්ට දුකක් වුවද සතුටක් වුවුද එය ඔහු විසින් තෝරාගත් ඔහුගේ ජීවිතයයි.

අප රට තවමත් සිටින්නේ යුග ගනනක් දුරිනි. අප රට එකතැන මන්දගාමීව ගමන් කරන්නේද මෙම ආකල්පයන් හේතුවෙනි.

නවීන තාක්ෂණයත් සමඟින් ජාත්‍යන්තරය ජයත්තා යැයි උදම් අනන ඉරාජ් තුළද ඇත්තේ එම දූපත්වාසී මානසිකත්වයම පමණයි.

ඉරාජ් ඔබත් තවත් "අබිලිං" මාමෙක් පමණි. මෙය ලියන මා ඔබට වඩා වයසින් අඩු අයෙකි. මා බලා සිටිමි. ඔබටත් හැට පැන්න කළ "දැණෙන" හැටි අපත් බලා සිටිමු. එතෙක් නවතිමි.

(අදාළ වීඩියෝව පහතින් දමන්නේ නාසය වසාගෙන බව කාරුණිකව දන්වමි. ඒ සියල්ලන්ට තේරුම් ගැනීම සඳහා පමණි. ඒ හරහා ඉරාජ්ගේ වීඩියෝවට සම්බන්ධ නොවන හෙයින් ප්‍රෙක්ෂක නැරඹීම් (Views) වැඩි නොවන බව කාරුණිකව සළකන්න.)


මේ සඳහා ලැබී තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් කිහිපයක්.

"දෙවරක්ම බිම වැටිලා – ටික වෙලාවක් කල්පනා කරලා" දසුන් ගෙලවැලලාගන්නා හැටි ඔහුගේම දුරකතනයෙන් රූගත කරලා

dasun-nishan-de-silva

නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් ඊයේ (25) ගෙලවැලලාගෙන මිය ගියා.


නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන මියයයි (Photos)


ඔහු මෙලෙස දිවිනාසාගෙන තිබුණේ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටින පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි.

අදාළ අවස්ථාවේ කිසිවෙකත් එම නිවසේ සිට නොමැති අතර ඔහු මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සිය දිවි නසා ගන්නා අයුරු රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා.

28 හැවිරිදි දසුන් නිශාන් සිය දිවි නසා ගැනීමට හේතුවක් තවමත් පැහැදිලි වී නොමැති අතර සිය දිවි නසා ගැනීම මෙලෙස පටිගත කර තිබෙන හේතුවද මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව දසුන් දෙවරක් ගෙල වැල ලා ගැනීමට තැත්කර තිබෙනවා.

ඉන් එක් අවස්ථාවක දී ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිට, නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙම දුරකථනයට අමතරව ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලියා තිබූ ලිපියක් ද එම ස්ථානයේ සිට පොලිසියට හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

25 September, 2017

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන මියයයි (Photos)

dasun-nishan-de-silva

නව පරපුරේ ජනප්‍රිය නළුවෙකු වූ දසුන් නිෂාන් මීට පැය කිහිපයකට පෙර ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවනවා.

පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ටෙලිනාට්‍ය හා රූප රචනා හරහා ප්‍රේක්ෂක හදවත් දිනා සිටි දසුන් නිෂාන් ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ ගිවිසගෙන තිබෙන බවද සඳහන් වෙන අතර ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ ඒ ජනප්‍රිය රංගන ශිල්පිනයක් බවයි.

කෙසේ වෙතත් මීට ටික කළකට පෙර දසුන් සිය නික්ම යෑම පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහ් ඉඟි පළකර තිබුණේ මෙලෙසින්.







dasun-nishan-de-silva

dasun-nishan-de-silva

dasun-nishan-de-silva

dasun-nishan-de-silva

dasun-nishan-de-silva

23 September, 2017

කලකිරීමක් දුකක් පමනයි ලැබුනේ - ඔබ කොපමන මා රිදේව්වත් ඔබ වෙනුවෙන් හැමදා ගීත ගයන මම චාමර වීරසිංහ

TITLE

චාමර වීරසිංහ ශ්‍රී ලාංකේය ගීත කළාවේ වෙනස්ම සළකුණක් සටහන් කළ දක්ෂ කළාකරුවෙක්. රැල්ලට හසු නොවී සියල්ලන් කරන නිර්මාණයන්ට තරමක් වෙනස් නිර්මාණ බිහිකිරීමට උත්සාහ ගන්නා චාමර තරමක් නිහඬ චරිතයක්.

පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් චාමර වීරසිංහ පිළිබඳ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණා.

ඒ ඔහු විසින් ගාගයනා කරන ලද "දිලිසෙන්නට පට සිවුරක්" නැමැති ගීතය වත්මන් දේශපාලන වතාවරණයට ඇඳා වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.


"දිලිසෙන්නට පට සිවුරක් ගමන් වලට නිළ රථයක්" – සිල් රෙදි නඩුව ගැන චාමර ගැයූ ගීතය?


කෙසේ වෙතත් මෙම ගීතය චාමර විසින් ගායනා කර ඇත්තේ මීට වසර 15කට පෙර බවයි පසුව අනාවරණය වූයේ.

මේ පිළිබඳ නොදත් ඇතැම් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ චාමර වීරසිංහට චෝදනා කර තිබුණා.

මේ සියළු සිදුවීම් හේතුවෙන් යම් කළකිරීමකට පත් චාමර වීරසිංහ සිය ෆේස්බුකි පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණා.



දේශපාලන බල කඳුවුරු වලට ගැති වූ අප රටේ අමනෝඥ ඇතැම් මිනිසුන් හේතුවෙන් අප නොසිත ව්‍යසනයක් රටට සිදුවිය හැකියි. කළාකරුවකුගේ හිත යනු නිර්මාණයන් උදෙසා ගොඩනැගෙන මූල බීජය වන අතර එය පොඩිපට්ටම් කිරීමෙන් සිදුවන්නේ අනාගතයේ බිහිවීමට නියමිත උසස් නිර්මාණයන් තිඹිරිගෙහිම මරා දැමීමක් වැනිය.

සිද්ධියට තුඩු දුන් අදාළ ගීතය පහතින්.

22 September, 2017

රවීන් දිනක "ජනප්‍රියම හොඳම නළුවා" වන බව කැට තබා කියන – සමන් එදිරිමුණි

TITLE

රවීන් කණිෂ්ක දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති නව පරපුරේ කළාකරුවෙක්.

ඔහු රංගනයට පිවිසීමට පෙර කවුරුත් දැන සිටියේ ඩ්‍රීම්ස්ටාර් හරහා බිහිවූ දක්ෂ ගායකයකු ලෙසයි.

ස්ටාර් සිටි හරහාද ප්‍රතිභාපූර්ණ කළා හැකියාවක් පෙන්නුම්කළ රවීන් නිසඟ කළා හැකියාවකින් හෙබි අපූරු තරුණයෙක්.

පසුගිය විසිවෙනිදා ඔහු පිළිබඳව දෙවෙනි ඉනිමේ කථා රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ රවීන් ගයනා කළ සමන් රචනා කළ "මගේ තනිකම මට වතාවක්" යන ගීතයද සමගින්.

එම සටහන සහ රවීන්ගේ ගීතය පහතින්.



20 September, 2017

"කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය ඉවරයි – ඉතා වගකීමකින් කියන්නේ" – ගයාන් ගුණවර්ධන

TITLE

ගයාන්… ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ… සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..?
ඔව්… මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම අමෙරිකාවට යන්න තීරණය කළා. ඔහොම අමෙරිකා කැම්පස් එකට යන්න තේරිලා ඉඳිද්දි තාත්තා මාව මියුසික්වලට යොමු කළා. ඊටපස්සේ මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාවත් ලංකාවේදි කළා. ඒ වෙද්දි මම පියානෝ ඉගෙනගෙනත් තිබුණා. තාත්තා වගේ මාත් හින්දි සින්දු කියන්න පටන් ගත්තා. එහෙම තමයි මියුසික්වලට අවස්ථාව ලැබුණේ.

ගයාන්ගේ අලුත්ම ගීතය..?
මගේ අලුත් ගීතය තමයි ආයෙමත් එනවදෝ. ඒකෙ පදමාලාව ඩිලාන් දේවින්දගෙන්. මියුසික් කරන්නේ අශාන් ප්‍රනාන්දු. ඒකට වීඩියෝ එකක් කළා.

මේ වෙනකොට ගයාන් චතුරිකාගේ පෙම්වතා කියලා ආරංචියි…?
ආ… ඔය කියන්නේ මම රඟපාන ටෙලිනාට්‍ය ගැනනේ. ඒ හිතුවක්කාරයා කියන ටෙලිනාට්‍ය. ඒකෙ ප්‍රධාන චරිත රඟපාන්නේ මායි චතුරිකා පීරිසුයි. ඒක වැඩිමහල් ප්‍රේමයක් ගැන කියවෙන අපූරු කතාවක්. ඒකෙ බුද්ධදාස විතානච්චි, ශ්‍රියානි අමරසේන, සූරිය දයාරුවන් වගේ බොහොම හොඳ පිරිසක් රඟපානවා.

අද බොහෝ දෙනා විෂුවල් හදන්නේ ජනප්‍රිය වෙන්නයි, මුදල් උපයන්නයි. ගයාන් මොකද ඒ ගැන හිතන්නෙ..?
මගේ ආයෙමත් එනවදෝ ගීතය එහෙම මුදල් උපයන්නම බලාගෙන කරපු නිර්මාණයක් නෙවෙයි. ඒක කලා නිර්මාණයක්. ඒකෙ කිසිම ලිංගික දර්ශනයක් පෙන්නන්නේ නෑ. මම මියුසික්වලට හරි ආදරෙයි. ඒ වගේම නුවන් ගුණවර්ධනගේ පුතා විදිහට මට වගකීමක් තියෙනවා හොඳ නිර්මාණයක් කරන්න. ඉතින් ඒ වගේ හරිම පරිස්සමට, හරිම ආදරෙන් කරපු නිර්මාණයක් තමයි ආයෙමත් එනවදෝ කියන නිර්මාණය.

මේ වෙනකොට කලා ක්ෂේත්‍රයේ ඔබේ සම වයසේ යහළුවෝ ටික හරිම එකමුතුවෙන් ඒකරාශීවෙලා ඉන්නවා..?
ඔව්… ඒ යහළුකම ඇතිවෙන්නෙත් මුලින්ම අපේ ගෙදරදීම තමයි. දැනට අවුරුදු හතරකට විතර කලින් මගේ උපන් දින පාටිය ගෙදර කරද්දි මම මේ හැමෝටම එන්න කීවා. ඊට කලින් අපි වෙන වෙනම තැන් තැන්වලදී මුණගැහිලා තිබුණා. සජිතයි (ජැක්සන් ඇන්තනීගේ පුතා) මායි ඊට කලින් ඉඳන්ම දන්නවා. ඒ වගේම පසිඳුයි (ප්‍රියංකර පෙරේරාගේ පුතා) හර්ෂණයි අපි දෙන්නත් මුල ඉඳන්ම දන්නවා. ඉතින් අපි හතරදෙනා මගේ ස්ටුඩියෝ එකේදි නිතර මුණගැහුණා. ඊටපස්සෙ තමයි මට නදීමාල්, සනුක, හර්ෂණ, පසිඳු, සජිත, කසුන්… අපි හැමෝම මගේ උපන් දිනේදි එකතු වුණා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අපි හොඳ සහෝදරයෝ වගේ. ඒ එකතුවට කාවින්ද්‍යා, වින්සිත් එකතු වුණා. ඉතින් අද අපි හොඳ නිර්මාණත් එක්ක නිතර නිතර මුණගැහෙනවා. ඉතින් කලාකරුවන්ගේ කලාකාරියන්ගේ දරුවන් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා හොඳ නිර්මාණයක් දායක කරන්න.

ගයාන් එක්ක කතා කරද්දි ප්‍රේමය ගැන කතා නොකළොත් ලොකු අඩුවක් නේද..?
එහෙමද… ඔව්… මම ආදරේ කරලා තියෙනවා. කීපවතාවකදිම ආදරේ විරහව විඳලා තියෙනවා. ආදරේ සොඳුරු තැන් හැමදෙයක්ම විඳලා තියෙනවා. ඉතින් ආදරය හරිම සොඳුරැයි.

මේ වෙනකොට ගයාන් පෙම්වතෙක්… හරිද..?
නෑ… මේ වෙනකොට පෙම්වතෙක් නෙමේ. ඉතා වගකීමකින් මම ඒ දේ කියන්නේ. මේ වෙනකොට මම පෙම්වතෙක් නෙමේ.

එතකොට කලාවේ ඉන්න ආදරණීය යුවලකගේ දියණියක් එක්ක තිබුණු ආදරණීය ප්‍රේම කතාවට මොකද වුණේ…?
ඒ ප්‍රේම කතාව අවුරුදු ගාණක් තිබුණු ආදර කතාවක්. ඒත්… ඒ ආදර කතාවත් නතර කරන්න අපි දෙන්නටම සිදුවුණා. ඒ තීරණය අපි දෙන්නම ගත්තේ කතාබහ කරලයි. අදටත් මායි එයයි හොඳම හොඳ යාළුවෝ.

ගයාන්ට කියලා අද වෙද්දි ශබ්දාගාරයක් තියෙනවා නේද…?
ඔව්… මම ගෙදර පොඩියට ස්ටුඩියෝ එකක් කරගෙන යනවා. ඒකෙ නම Nuga ස්ටුඩියෝ. Nuga කියන නම හැදුණේ නුවන්, ගයාන් කියන නම්වල කොටස් එකතු කරලයි. ඒකෙ වැඩ කරගෙන යනවා. වෙළෙඳ දැන්වීම් වගේම නිර්මාණකරුවන්ගේ ගීත කීපයක්ම මම කරගෙන යනවා. තාත්තගේ අලුත් ගීතයත් කරන්නේ මම.

ගයාන්ට ප්‍රසංග වේදිකාවලට එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද…?
මගේ ලොකුම ආසාව හොඳ ගායකයෙකු වීමයි. ඒ මගේ තාත්තා වගේ ගායකයෙක් වෙන්නයි. මේ වෙනකොට මම ප්‍රසංග වේදිකාවෙත් ගීත ගායනා කරනවා. ඒ වගේම විවිධ උත්සව සඳහාත් ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙනවා. ඒකට මම, නදීමාල්, කාවින්ද්‍යා වගේ කීපදෙනෙක්ට ආරාධනා ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේදි බොහෝ දෙනෙක් ඔය තාත්තගේ ගීත ඉල්ලනවා. ඉතින් තාත්තත් හරි සතුටු වෙනවා මම තාත්තගේ ගීත ගායනා කිරීම ගැන. (දේශය)

15 September, 2017

ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන නිරුවත් පින්තූරවල ඇත්ත කතාව (Photos)

gayathri-dias

ජනප්‍රිය නිළි ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන අඩනිරුවත් සහ නිරුවත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා වේගයෙන් පැතිර යනවා.

මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන එම පින්තූර අසභ්‍ය වෙබ් අඩවි හරහාද පැතිර යන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් එම ඡායාරූප පෙළ සම්බන්ධයෙන් ගයත්‍රි පවසන්නේ මෙම ඡායාරූප පෙළ කිසිවෙකු හෝ තමන්ට මඩ ගැසීමේ අරමුණින් අන්තර්ජාලයට එක් කර ඇති බවත් එහි සිටින්නේ තමන් නොවන බව ඕනෑම කෙනෙකු පෙනෙන බවත්ය.

ගයත්‍රීගේ යැයි පැවසෙන ව්‍යාජ ඡායාරූප පෙළ පහතින්.

gayathri-dias-naked-pics

04 September, 2017

එකට ජීවත්වෙන්න බැරි දෙන්නෙක් වෙන්වෙන එකේ වැරැද්දක් නෑ

harshana-bethmage-volga-kalpani

රංගන කුසලතාවයත් රුවත් කැටිකරගත් වොල්ගා කල්පනී පුංචි තිරය වටා සිටින රසික රසිකාවියනට නුහුරු නැත. මේ දිනවල විකාශය වන පැහැසරා ටෙලි නාට්‍යය තුළිින් ඔබ වෙත එන වොල්ගා සිය දයාබර සැමියා හර්ෂණ බෙත්මගේ හා එක්ව රංගනයෙන් එහා යමින් කලාවේ නව ඉසව්වක් ස්පර්ශ කරන්නට පසුගියදා නවතම කටයුත්තකටද එක්වූවාය.

► මේ දවස්වල වොල්ගාගේ කලා ජීවිතේ අලුත්ම තොරතුරු මොනවාද..?
මම රඟපෑ “පැහැසරා” නාට්‍යය විකාශය වනවා. මම එහි රඟපාන්නේ මානවී කියන චරිතය. එය මා ආශාවෙන් රඟපෑ චරිතයක්. ඊට අමතරව “රන් බැඳි මිනිස්සු” සහ “පාරා” නාට්‍යවලටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි.

► හර්ෂණයි වොල්ගයි එකතුවෙලා අලුත් කටයුත්තක් පටන්ගත්තා නේද..?
ඔව් .. මමයි හර්ෂණයි එකතුවෙලා“වොලන්රෝ මීඩියා” නමින් අපේම නිෂ්පාදන ආයතනයක් ඇරඹුවා. ඒ තුළින් අපි ඉවෙන්ට් මැනේජ්මන්ට්, වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් කරනවා.

► “වොලන්රෝ මීඩියා” ටෙලි නාට්‍යය නිෂ්්පාදනයට එකතුවන්නේ නැද්ද..?
ඒක ගොඩක් දැවැන්ත කටයුත්තක්. විශාල මුදලක් ආයෝජනය කළයුතු දෙයක්.. ඒත් හර්ෂණගේ හීනයක් තමයි කවදා හෝ අධ්‍යක්ෂණයට පිවිසීම. ඉදිරියේදී “ වොලන්රෝ මීඩියා” ටෙලි නාට්‍ය නිර්මාණයටත් එකතු වේවි..

► මේ වගේ දෙයකට අත ගහන්න හිතුවේ රඟපාන්න ලැබෙන ආරාධනා අඩුද ..?
නැහැ .. හර්ෂණටයි මටයි ඉස්සර වගේම රඟපාන්න ආරාධනා ලැබෙනවා.. ඒත් අපිට ඕන වුණා අපේම දෙයක් කරන්න. අනික මම මුලිනුත් කිව්වානේ කවදාහරි හොඳ අධ්‍යක්ෂවරයෙක් වීම හර්ෂණගේ හීනයක් බව.. ඒ වෙනුවෙන් තමයි හර්ෂණ මේ වගේ කටයුත්තක් ආරම්භ කළේ . “වොලන්රෝ මීඩියා” එකේ වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නේ හර්ෂණ..එයා දැන් රඟපාන්න ආරාධනා ලැබුණම නිර්මාණය ගැන වගේම තමන්ගේ මුදල ගැනත් හිතලා තෝරාගත් නිර්මාණ විතරයි භාරගන්නේ. හර්ෂණ වැඩි කාලයක් වෙන් කරල තියෙන්නේ “වොලන්රෝ මීඩියා” එකේ වැඩවලට. මගේ පැත්තෙන් කතාකළොත් මම කොහොමත් කාර්යබහුල නිළියක් ‍නෙවෙයි . මම කවදාවත් එක වතාවට ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාලා නැහැ. “වොලන්රෝ මීඩියා” පටන් ගන්න කලින් වගේම තවමත් මම තෝරා බේරාගත් ටෙලි නාට්‍යවලට එකතු වෙලා සුපුරුදු විදියටම මගේ කටයුතු කරගෙන යනවා. ලැබෙන විවේකය හර්ෂණගේ වැඩවලට සහය දෙනවා.

► දෙන්නම නළු නිළියන් වීම පෞද්ගලික ජීවිතේට කොයි විදියටද බලපාන්නේ .. ?
මගෙ මහත්තය වුණේ මගේ හොඳම යාළුවා. දෙන්නම දැන අඳුනගත්තෙත් කලාවෙන්.
දෙන්නටම ටෙලි නාට්‍ය කේෂ්ත්‍රය ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ඒ හිංදා අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේට නම් දෙන්නම නළු නිළියන් වීමෙන් සිදුවෙලා තියෙන්නේ ලොකු යහපතක්.

► හර්ෂණ වොල්ගා සොඳුරු අතීතය සිහිපත් කළොත් .. ?
එතකොට මට අවුරුදු නවයක් විතර ඇති. හර්ෂණට දහයක් විස්තර. මම රූපවාහිනියේ “ අතුරු මිතුරු” වැඩ සටහන කරන කා‍ලේ හර්ෂණ “ මුතුහර” වැඩසටහනට ආවා. ඊට පස්සේ අපි විවිධ නාලිකාවල විවිධ වැඩසටහන්වලටදී හමුවුණා. ධණුක දිල්ෂාන්, මාධව විජේසිංහ, සචිනි නිපුන්සලා අපි හැමෝම හිටියේ එකට. වසන්ත ඥානප්‍රිය සර් තමයි අපි හැමෝගෙම ගුරුවරයා. ළමා විය, නවයොවුන් විය ඊට පස්සේ තරුණ වයස මමයි හර්ෂණයි හොඳ යාළුවෝ විදියටම හිටියා. ඔය කා‍ලේ සමහර වෙලාවට හර්ෂණ කියනවා “මම කවදාහරි කසාද බඳින්නේ ඔයාව“ කියලා. මම ඒක ගනන් ගත්තේ විහිළුවක් විදියට. “යනවා යන්න“ කියලා මම ඒ වෙලාවට කියනවා. ඒත් හර්ෂණ ඒ දේවල් කියල තියෙන්නේ ඇත්තට. කාලයක් ගිහින් හර්ෂණ මට එයාගේ අදහස කෙළින්ම කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇවිත් අහන්න කියලා. ඒ වෙද්දි අපි දෙන්නගෙ යාළුකම හින්දා අපේ පවුල් දෙකත් හොඳ යාළුවෝ වෙලා හිටියේ. හර්ෂණට අපේ ගෙදර නුහුරු තැනක් ‍නෙවෙයි. එයා කෙළින්ම ඇවිල්ල අපේ අම්මලගෙන් ඇහුවා. දෙපැත්තෙම අය දෙන්න ගැන දන්න හින්ද දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා.

► කටකතා කේලම් කැපිලි කෙටිලි කුහකකම් මේ කේෂ්ත්‍රයේ පිරී ඉතිරී ඇති බව සමහරු කියනවා .. ඔය දෙන්නට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද .. ?
අපි විවාහවෙන්න යන බව ආරංචි වුණාම සියයට අනූ අටක් සුබපැතුවා . ආශිර්වාද කළා. ඒත් සියයට දෙකක් ඊර්ෂ්‍යා කළා. ඒ අය හර්ෂණට මම ගැන අඳුන්නල දෙන්න ගියා. ඒත් ඒ වෙද්දි හර්ෂණ මාව හොඳට අඳුනන හින්ද අනිත් අයගේ හඳුන්වාදීම් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

► නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගෙවන්න බැරි බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙන තරමටම පසුගිය කා‍ලේ එක දිගට නළු නිළියන් රැසකගේ විවාහයන් දෙදරා ගියා .. නළුවකු හා විවාහ වී සිටින නිළියක ලෙස ඔබගෙන් මේ ගැන අදහසක් විමසීම වටිනවා .. ?
අපි දන්නේ නැහැනේ ඒ අයගේ නොගැළපීම් ගැන . අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න . දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරිනම් ඒ දෙන්නා වෙන්වුණාට වැරදි නැහැ. ඒ වුණත් ඒ වෙන්වීම් දිහා බලලා නළු නිළියන්ගේ විවාහ ජීවිත අවුල් කියලා තීන්දු තීරණ ගන්න එක වැරදියි. විවාහ ජීවිත දෙදරායාම් සමාජය තුළ අනන්තවත් සිදුවනවා. නළු නිළියන් ජනප්‍රිය හින්දයි ඒ අය ගැන සමාජයේ අවධානය යොමුවන්නේ . ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු යුවළ බිමල් ජයකොඩි සුජානි මේනකා යුවළ සාර්ථක යුග ජීවිත ගතකරන හැටි අපි දැක තියෙනවා. ඒ නිසා නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ කියන මතයට මමනම් තදින්ම විරුද්ධයි.

► හර්ෂණ වොල්ගා කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ නැද්ද දැන්මම ..
කාලය ඒ ප්‍රශ්නයට උත්තර දෙයි.

ආරියවංශ කුලතිලක (ලක්බිම)

01 September, 2017

අපේ ගෙදර අයට බිකිනිය අමුතු දෙයක් නෙවෙයි - ඕෂධී හිමාෂා (Photos)

oshadee-himasha

ඕෂධී හිමාෂා කියන්නේ දැන් රටම දන්න චරිතයක්. අැගේ අලුත්ම විස්තර මෙවර පුවත්පතක සඳහන් වෙලා තිබුණා.

► ඕෂධී ඔබව වඩාත් අප හඳුනා ගන්නේ ආශාවරී හරහා. එහෙත් ඔබ කලක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටියා නේද?

ඔව්. ආශාවරී සිංදුවෙහි රඟපාද්දී මා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහකට හයකට වැඩියි. මාව ආශාවරී හරහා වඩාත් හඳුනාගත්තා. ඊට ප්‍රථම මාව හඳුනපු කොට්ඨාසයකුත් හිටියා. නමුත් ඔෂධී හිමාෂා කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ආශාවරී හින්දා.

► හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රඟපැවේ?

කොහෙත්ම නැහැ.

► ඔබ එම වීඩියෝවේ එක්තරා අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?

මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.

► එම වෘත්තීයට සාධාරණයක් වන්නේ ඒ වාගේ චරිත රඟපෑමෙන්ද?

මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.

► සාමාන්‍යයෙන් ඔවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?

වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.

► ඔබේ සැමියා ගැන විස්තර කියන්න පුළුවන්ද?

මොකද බැරි. මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.

► ආශාවරී පවා?

ඔව්. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.

► ඕෂධී ටෙලි නාට්‍යවලට රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ.

► ඇයි ඒ?

ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

► ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?

මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රඟපෑවා.

► ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?

අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.

► මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?

මං කියන්නේ බැහැ කියන එක.

► හේතුව?

මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.

► සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.

ashawari-iraj
ashawari-iraj
nuwan-oshadi
oshadi-himesha

31 August, 2017

සුපිරි ක්‍රික‍ට් ක්‍රීඩකයන්ගේ කොණ්ඩ කපන අපේ රටේ ඉන්ජිත

cricketers-hairdresser-injitha

අපේ රටේ සමහර ක්‍රිකට් තරුවල වගේම ලොව සුපිරි ක්‍රිකට් තරුවල කොණ්ඩ විලාසිතා සිදුකරන අපේ රටේම ඉන්න දක්ෂයෙක් තමයි ඉන්ජිත කියන්නේ.

කොළඹ සුපිරි ටාජ් සමුද්‍රා හෝටලයේ තිබූ රමණී ප්‍රනාන්දුගේ රූපලාවන්‍යාගාරයට පැමිණි ඉන්ජිත කාලයක් මෙම ක්ෂේත්‍රයේ සේවය කරලා අත්දැකීම් රැසක් ලබා ගෙන තිබෙනවා.

ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහු සිදු කරන රූපලාවන්‍ය කටයුතු සිදු කර ගැනීමට ලංකාවේ සුපිරි තරුත් ඇවිත් තියෙනවා.

ඇතැම් ක්‍රිකට් තරුවල නිත්‍ය කොණ්ඩ කපන්නා සහ සත්කාරකයා බවටද මොහු පත් වී හමාරයි.

එංගලන්තයේ ඉයන් මෝර්ගන්, ඇලෙක්ස් හේල්ස්, ඉන්දියාවේ රවී ශාස්ත්රී, පකිස්ථානයේ යුනිස් ඛාන්, අහමඩ් ශේෂාඩ්, ඉන්දියානු ක්රිකට් කණ්ඩායමේ හර්දික් පාන්ඩයා, ලෝකේශ් රාහුල්, බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ මස්තාෆිසර් රහමන් ඇතුළු විදේශීය ක්‍රිකට් තරු රැසකගේ සිරස දෑතින් අල්ලන්නට, හිසකෙස් හසුරුවන්නට මේ පුංචි බාබර්ට හැකි වූයේ ඒ හැඩකාර වැඩකාර හැකියාව නිසයි. අද කුසල් මෙන්ඩිස්ගේ, දිල්රුවන් පෙරේරාගේ, නිරෝෂන් දික්වැල්ලගේ කොණ්ඩය කපන්නාත් සත්කාරකයාත් ඔහුයි.

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

cricketers-hairdresser-injitha

28 August, 2017

"අධ්‍යක්ෂකවරු ලිංගික අල්ලස් ඉල්ලුවේ නෑ — නිළියන්ගෙන් කරදරයි" ටීනා ශනෙල්

teena-shanell-fernando

ටීනා ශනෙල් යනු නිරූපණ ක්ෂේත්‍රයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක්.

මිස් ශ්‍රී ලංකා කිරුළ කිහිප වතාවක්ම දිනා ඇති ඇය දැන් නිරූපණයට අමතරව සිනමාවටද පිවිස සිටින්නීය. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පුවත්පතක් සමග කතාබහකට එක්වූ ඇය අදහස් දක්වා තිබුනා.

එම සංවාදය පහතින්

මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ ඊළඟ ෆිල්ම් එක සඳහා වැඩකරනවා.

මේ පළවෙනි ෆිල්ම් එකද ඔබේ?

නෑ. පළවෙනි ෆිල්ම් එක මේ අවුරුද්දේ රිලීස් වෙනවා. මේ දෙවනි එක. තව ෆිල්ම් එකකට ආරාධනා ලැබිල තියෙනවා. ඒක භාරගන්නවාද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ.

පළවෙනි ෆිල්ම් එක මොකක්ද?

ප්‍රියන්ත කොළඹගේගේ චිත්‍රපටයක්. ඒකෙ නම "දේදුනු ආකාසේ". ඇත්තටම සතුටුයි ලංකාවේ ප්‍රවීණ කෙනෙක්ගේ ෆිල්ම් එකකට මුලින්ම දායක වෙන්න ලැබුණ නිසා. ඒ වගේම හේමාල් රණසිංහ වගේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් එක්ක රඟපාන්න ලැබුණා. ඇත්තටම මොඩ්ල්ස්ලගෙන් මමයි චූලක්ෂියි ගොඩක් වාසනාවන්තයි. මොකද ගොඩක් නළු නිළියන් අතරින් තමයි අපි දෙන්නව තෝර ගත්තේ. ගොඩක් මොඩ්ල්ස්ලට මේ වගේ අවස්ථා යන්නෙ නැහැ. මගේ රසිකයන්ට බලාගන්න පුළුවන් ඉදිරියේදී මගේ ෆිල්ම්ස්.

චිත්‍රපටයකට දායක වීම කොහොමද දැනුණේ?

මියුසික් වීඩියෝ එකක කරන්න තියෙන්නේ නිකම් රඟපෑමක් විතරයි. චිත්‍රපටයක එහෙම බෑ. දෙබස් එක්කනේ කරන්න තියෙන්නේ. ඒක නිසා ටිකක් අමාරුයි. අපි රඟපාද්දි සමහර තැන්වලදි දෙබස් අමතක වෙනවා. අපි ගොඩක් පුහුණුවීම් කළා. ප්‍රියන්ත අයියා අපිව ක්ලාස් එකකට යැවුවා.

චිත්‍රපටයකට ආරාධනා කරද්දි භාරගන්න බයක් තිබුණේ නැද්ද?

නෑ එහෙම නැහැ. මම ආසයි අභියෝග වලට. නළු නිළියන්ගෙන් පොඩි පොඩි බාධා තියෙනවා. ඊර්ෂ්‍යාකම් එහෙම නැතුවම නෙමෙයි. ප්‍රියන්ත කොළඹගේ වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රඟපාන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

ටීනට මේ ක්‍ෂේත්‍රය තුළ ඊර්ෂ්‍යා කරන අය ඉන්නවද?

අනිවාර්යෙන් ඉන්නවා. නැහැයි කියන්න බැහැ. ගොඩක් අය දක්ෂතාවයක් නැතිව සහ අවස්ථාවන් ලැබෙන්නෙ නැති නිසා මට ඊර්ෂ්‍යා කරනවා ඇති කියල මම හිතනවා.

නිරූපණයේදී ලිංගික අල්ලස් වගේ බලපෑම් එනවා කියල සමහරු කියනවා. මේක ඇත්තක්ද?

මට දැනට හම්බවුණු අධ්‍යක්ෂකවරුන්ගෙන් එහෙම බලපෑම් ඇවිත් නැහැ. මගේ දක්ෂතාවයට තමයි ඒ අය මට අවස්ථාව දුන්නේ. ප්‍රියන්ත අයියා මාව ගත්තෙත් මගේ දක්ෂතාවයට. මට නර්තනය කරන්න පුළුවන් බටහිර පෙනුමක් තියෙනවා. ඒ වගේම මගේ ශරීරයේ හැඩය ඒ හැමදේම බලලා තමයි මේ චිත්‍රපටයට දායක කර ගත්තේ.

මේ ක්‍ෂේත්‍රය තුළ ප්‍රමිතියක් නැති වෙලා නේද දැන්?

නිරූපණ ක්ෂේත්‍රය නම් නැත්තටම නැතිවෙලා තියෙන්නේ. මොකද මේ අලුතින් එන අය හා සමහර ඡායාරූප ශිල්පීන් නිසා. මම ගොඩක්ම මේ පැත්තෙන් ටිකක් ඈත් වෙලා චිත්‍රපට පැත්තට යන්න ගත්තෙත් ඒ නිසා තමයි. ගොඩක් අය මේ ක්ෂේත්‍රය දැන් විවේචනය කරනවා. ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්නෙ මොඩ්ල් කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන් කියලා. ඒ ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ.

අද අඩනිරුවත් මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඔබට ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ නැද්ද?

නැහැ. මම හොඳට කල්පනා කරලා වැඩ කරන්නේ. මම දැන් ගොඩක් දුරට මියුසික් වීඩියෝ නතර කළා. මම ෆිල්ම් පැත්තෙන් යන්න හිතාගෙන ඉන්න නිසා ගොඩක් දේවල් ප්‍රතික්ෂේප කළා.

ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කවුරුත් ඔයාට චෝදනා කරන්නේ නැද්ද?

මම ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කාටවත් කියන්න බැහැ. මම මිස් ශ්‍රී ලංකා වලින් කිහිප වතාවක්ම ක්‍රවුන් අරන් තියෙනවා. ටීනා කියන චරිතය ඕන කෙනෙක් දන්න චරිතයක්. මම ගොඩක්දුරට හොඳ වැඩ කරලා තියනවා. ඒකයි මිනිස්සු මාව මෙච්චරටම දන්නේ. මම හොඳ නිරූපිකාවක් නිසානේ මට ආරාධනා ලැබෙන්නේ.

අද වන විට ටීනා ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා කියලා විශ්වාස කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. අද වන විට මම නාට්‍ය කරන්නේ නැති වුණාට මම පාරෙ බැහැලා යද්දි මිනිස්සු මට කතා කරනවා. මම කළ මියුසික් වීඩියෝ ලස්සනයි කියනවා. මිනිස්සුන්ගේ හිතට වදින විදියට දෙයක් කරල තියෙන නිසා මිනිස්සු ඒ චරිත ගැන කතාබහ කරනවා. මම දන්නවා ලංකාවේ හොඳ මොඩ්ල්ස්ලා අතරේ මගේ නමත් තියෙනවා කියලා. මම අනිත් මොඩ්ල්ස්ලා එක්ක ගත්තාම හරිම වාසනාවන්තයි. මොකද අනිත් අයට හම්බ වෙන්නෙ නැති අවස්ථා මට හම්බ වෙනවා. මට දක්ෂතාවයක් තියෙනවා. මට මීට වඩා ගොඩක් දුර යන්න පුළුවන්.

මේ වෙන දේවල් එක්ක ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නැද්ද?

ඇත්තටම කලකිරීමක් තියෙනවා. ඔය ඔක්කොම වෙන්නේ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන අය නිසා. එයාලට ඕන ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒ වුණාට එහෙ වැඩි ගමනක් යන්න බැහැ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ෆිල්ම් පැත්තට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී ෆිල්ම්ස් හරහා මාව බලන්න පුළුවන්. මම මගේ රසිකයන්ට කියනවා හැමදාම මාත් එක්ක හිටිය වගේ දිගටම මාත් එක්ක ඉන්න කියලා. (අද)

27 August, 2017

"ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මකව" අනෝමා ජනාදරී නිරුවතින් කියාදෙන හැටි

anoma-janadare
අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව ඇත. සමාජජාලා මාධ්‍ය වලින්ද ඇය දැක්වූ රැඩිකල් අදහස් නිසා ඇය සමාජයේ කතාබහට ලක්වූ අතර මේ වන විට නැවත වරක්‌ ඇය පිළිබඳ බොහෝ දෙනෙක්‌ කතා බහ කරන්නට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මේ වන විට රචනා කොට ඇති නුදුරේදීම පාඨකයන් අතට පත් කිරීමට නියමිත "ප්‍රේම ජවනිකා" නම් කෘතිය සහ එහි ඇතුළත් ආදර්ශ රූප සටහන් සඳහා ඇගේ නිරුවත් ඡායාරූප රැසක්‌ ඇතුළත්ය යන විවාදාත්මක ආරංචියත් සමඟය. ඒ පිළිබඳවත් "ප්‍රේම ජවනිකා" කෘතියේ අන්තර් ගත කරුණු කාරණා රැසක්‌ පිළිබඳවත් පසුගිය දිනක අනෝමා ජනාදරී සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක්‌ අපට හමුවූ අතර එය පහතින්.

ප්‍රශ්නය - ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන ඔබ "ප්‍රේම ජවනිකා" නැමති කෘතිය රචනා කිරීම තුළ සමාජයට ලබාදීමට උත්සාහ දරන පණිවිඩය

පිළිතුර - එය කාරණා කීපයක්‌ විසින් සහ කාරණා කීපයක්‌ සැබෑ කර ගැනීමේ අරමුණින් සිද්ධ වූ දෙයක්‌. විශේෂයෙන්ම නිළියක්‌ විදිහට ප්‍රේම ජවනිකා කියන කෘතියට මම ප්‍රවේශ වෙන්නෙ අපි ජීවත් වන එහෙමත් නැත්නම් අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තිබෙන දේශපාලනික වටපිටාවේ ඇති නරකාදී ලක්‍ෂණ ගැන කතා කරන්න. විශ්වවිද්‍යාල සිසුවියක්‌ පෙම්වතියක්‌, බිරිඳක්‌, මවක්‌ හැටියටත් මේ රටේ හැම පන්තියක්‌ම නියෝජනය කරන ගැහැණුන්ගේ, පිරිමින්ගේ හද ගැස්‌ම මගේ ප්‍රේම ජවනිකා කෘතියට ඇතුළත් වෙලා තිබෙනවා. ඊළඟට මේ ධනපති ක්‍රමය තුළ වන හොරකම මිනී මැරුම් ශ්‍රමය සූරා කෑම වගේ ගතිකයන් වෙනස්‌ කිරීම පිණිස උසස්‌ ලිංගිකයන් උපදවා ගැනීම සදහා එකිනෙකාට ආදරය කළ යුතු අන්දම ප්‍රේම කළ යුතු අන්දම පිළිබඳ අවබෝධය ප්‍රේම ජවනිකා කෘතිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා.

ප්‍රශ්නය - එම ග්‍රන්ථය තුළ ඔබ "ඔබගේම ඇඟ" පෙන්වීම මගින් අපේක්‍ෂා කරන අරමුණු මොනවාද?

පිළිතුර - අනුවර්තනයක්‌ වන මෙහි මුල් කෘතිය තුළ වන ආදර්ශ රූප සඳහා පෙනී සිටින්නේ සුදු හම සහිත විදේශීය අඹුසැමි යුවලක්‌. නමුත් මා මෙම කෘතිය රචනා කරන්නෙ ලාංකික ප්‍රජාව ඉලක්‌ක කරගෙන. එතනදී ඔවුන්ට මෙම කෘතිය හැකිතාක්‌ සමීප කරවීමත් රූප සටහන් සඳහා පූර්ණ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබීම නිසාත් ඊට අමතරව එම අභියෝගය භාර ගැනීමට සමත් කම් දක්‌වන්න පුළුවන් කෙනෙකු නොවීමත් හේතුවෙන් මම අභියෝගය බාර ගන්නවා. ඒකට තවත් හේතුවක්‌ තමයි චිත්‍රපට හරහා මටම කියල විශේෂ ප්‍රේක්‍ෂක ප්‍රජාවක්‌ සිටීම. ඒ කාරණා හේතුවෙන් ප්‍රේම ජවනිකා කෘතියේ ආදර්ශ රූප සඳහා මා පෙනී සිටීම තුළ අපේක්‍ෂා කරන්නෙ කෘතිය හා පාඨකයා අතර පියමන් කරන අන්තර්ගතයේ හරය මිස වෙන යමක්‌ නෙවෙයි.
ඊට අමතර හේතුවක්‌ තියෙනවා නම් එය මෙතෙක්‌ මා රවටා මගේ නිරුවත හා රඟපෑමේ කුසලතාවය ඊනියා ස්‌ත්‍රිවාදයට ලඝූ කොට බඩවඩාගත් ඊනියා සිනමාකරුවන්ගෙ දෙබිඩි මානසිකත්වයෙන් මුදා ස්‌ත්‍රි කය නම් සකල ලෝකවාසී පිරිමින්ගේ එකම හා දිව්‍යමය රස ගුලාව සහ ප්‍රවේණිය සුරකින වස්‌තුමය යන්න සපථ කිරීමක්‌ ප්‍රබල හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි.

ප්‍රශ්නය - සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලිංගිකත්වය කියන විෂය සාමාන්‍ය දෙයක්‌. එහෙම තත්ත්වයක්‌ තුළ ඔබගේ ග්‍රන්ථය වන ප්‍රේම ජවනිකා කෘතිය අලුත් කියවීමක්‌ වේවිද?

පිළිතුර - එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්‌. උදාහරණයක්‌ විදිහට ගත්තොත් ස්‌මාර්ට්‌ ෆොන් එකක්‌ අතේ තිබෙන කෙනෙකුට මේ දේවල් රහසක්‌ නොවෙන්න පුළුවන්. ඒ තුළ තිබෙන දෙයින් 90% ක්‌ හරවත් දේවල්. ඉතිරි 10% තමයි අපේ වගේ රටවලට බලපාන තීරණාත්මක දේ තිබෙන්නෙ. ඔබ කියන ආකාරයට ඒවා හරහා ලැබෙන දත්තයන් මගින් අදාළ ග්‍රාහකයාට ඒවා නැරඹිය හැකියි. ඒවා තහනම් කිරීමට තිබෙන නිර්ණායක ශක්‌තිමත් නැහැ. විශේෂයෙන් ෆොaන් ෆිල්ම්ස්‌ කියන්නෙ බටහිර යුරෝපීය රටවල තිබෙන පුද්ගලික වෙළෙඳ අධිකාරියකට ඒත් ලිංගිකත්වයේ යථාව ඒ තුළ නැහැ. නමුත් අපේ රටේ පිරිමි ගත්තොත් වයස්‌ භේදයකින් තොරව ඒ දේවල් නරඹනවා. මේ අය හිතන්නෙ මෙය සැබෑ ලෝකයේ ඉටු කර ගත හැකි යථාවක්‌ කියලා. එහෙම තත්ත්වයක්‌ තුළ මේ වන විටත් ෆොaන් ෆිල්ම්ස්‌ අපේ රට තුළ අයථාර්ථවත් මානසිකත්වයක්‌ ඇති කරල ඉවරයි. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රේම ජවනිකා කියන්නෙ වෙනස්‌ කියවීමකට.

ප්‍රශ්නය - කාම සූත්‍ර, රති ශාස්‌ත්‍රය වැනි ග්‍රන්ථ හරහා ලිංගිකත්වය හා ඒ හා බැඳුන සංසිද්ධීන් පිළිබඳ කතාබහ වෙනවා. ඔබගේ ග්‍රන්ථය එහිම දිගුවක්‌ විය නොහැකිද?

පිළිතුර - ඔබ කියූ කෘතීන් පමණක්‌ නෙවෙයි. වාත්ස්‍යායනය වැනි ඓතිහාසික අධ්‍යනවලින් රාගය උනුන් ලබන ආකාරය පිළිබඳ අදාළ කතුවරුන් විසින් විග්‍රහ කර තිබෙනවා. ඒත් මම ඒ ග්‍රන්ථ දකින්නෙ රදල ප්‍රභූවරුන්ගෙ අධිපති මතවාදී අයිතිවාසිකමක්‌ හැටියට. මගේ ප්‍රේම ජවනිකා පොතේ ඇතුළත් වෙලා තියෙන්නෙ විශේෂයෙන් මධ්‍යම පාන්තික ගැහැණුන් හා පිරිමින්ගෙ අනවබෝධයන් හා ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක නොදැනුවත්කම් මගහරවාගෙන සැබෑ පෙම් සුව විඳින ආකාරය පිළිබඳවයි. එය ආගමට හෝ ජාති කුලමලවලට වාරණය කළ හැකි හෝ ඒවායින් වාරණය වන තොරතුරු නොවෙයි.

ප්‍රශ්නය - ඔබ කියන්නෙ රටක්‌ ලෙස ගත්තොත් ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධය අවමයි කියන කාරණයද?

පිළිතුර - ඔව්. පොදු ජන සමාජයටම ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතුයි. ලිංගික අධ්‍යාපනය කියන දෙය විෂයක්‌ ලෙස පාසලේ 9 වන ශේ්‍රaණියේ සිට ඉගැන්විය යුතුයි කියන තැන මම ඉන්නෙ. අපේ රටේ සිංහල බෞද්ධ, ක්‍රිස්‌තියානි හින්දු මුස්‌ලිම් සෑම ප්‍රජාවකටම විශේෂයෙන්ම නංගිට, අක්‌කට, අම්මට, ආච්චිට, බිරිඳට වෙසෙසින් ගරු කරන හැටි කුඩා කල සිට ඉගැන්විය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිඵල ලෙස ගෘහස්‌ථ හිංසනය, පරපීඩන ලිංගිකත්වය වැනි කාරණා මේ වන විටත් මහා සමාජය ඇතුලේ දැවැන්ත ෙ€දවාචකයක්‌ නිර්මාණය කරල ඉවරයි. ඒවා ආගමෙන් සදාචාරයෙන්, සභ්‍යත්වයෙන් උගන්වන්න බැහැ කියල පසුගිය වසර 2600 ගණන විසින් අපට පෙන්වල දීල තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ කියන්නෙ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි කියන කාරණයද?

පිළිතුර - අනිවාර්යයෙන්ම එය කළ යුත්තක්‌ එසේ කළ හැක්‌කේ ඔවුන්ගේ මානව හිමිකම් හා යුක්‌තිය පසිඳලන ශක්‌තිමත් නීතිමය රාමුවක්‌ තුළ පමණයි. හැබැයි එය වචනයට පමණක්‌ සීමා නොවිය යුතුයි. ලිංගිකත්වය අනුව ගත් විට එහෙමත් නැත්නම් කතා කරන විට අපේ වගේ රටක ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවයන්ට පාර්ලිමේන්තු නියෝජනය හිමිවිය යුතුමයි.

ප්‍රශ්නය - මෙතෙක්‌ වෙලා ඔබ විසින් ලබා දුන් පිළිතුරුවලට අනුව පෙනී යන කරුණක්‌ තමයි මිනිස්‌ වර්ගයාගේ ප්‍රභවය හා පරිනාමය මානව හිතවාදී දේශපාලනයන් පදනම් කර ගෙන පෙරට යන කාරණයක්‌ බව එහි සත්‍යයක්‌ පවතිනවද?

පිළිතුර - ඔව් ඒක තමයි ඇත්ත. දැන් මාව ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පොත පතට පමණක්‌ සීමා නොවී දේශපාලනික ප්‍රවාදවලට අපව තල්ලු වුණේ ඒ නිසයි. මුලින්ම දේශපාලනික ප්‍රවාදයක්‌ මා තුළ නිර්මාණය කළේ දයා පතිරණ සහෝදරය. අපි ශිෂ්‍යයන් හැටියට ස්‌වාධීන විය යුතු බවත් දෙමළ ප්‍රජාවගේ අයිතීන් මානව හිතවාදී ආකාරයට දැකිය යුතු බවත් ඊට අමතරව ප්‍රායෝගික අරගල තුළින් ඒවා දිනාගත යුතු බවත් ඉගෙන ගත්තෙ ඔහුගෙ නායකත්වයෙන්. ඒ හින්ද තමයි අපේ ජීවිත සාහිත්‍ය, කලාව ඇසුරෙ මානව හිතවාදී අයුරින් හැඩ ගස්‌සවා ගත්තෙ.

ප්‍රශ්නය - ආගම සදාචාරය ආදී කරුණුවලින් හික්‌මවන ලද සමාජයකට "ප්‍රේම ජවනිකා" කෘතිය සහ එහි අන්තර්ගත නිරුවත් ඡායාරූප මගින් යම් අගතියක්‌ සිද්ධ වුණොත් එහි වගකීම ඔබ භාර ගන්නවද?

පිළිතුර - ගෙදර බුදුන් අම්මා කියන දෙය බිහි කළේ ආගම විසින් නම් බුදුන් වහන්සේ විසින් පවා බුද්ධ දේශනාවේදී ඉපදීම පිළිබඳ දාර්ශනික මෙන්ම විද්‍යාත්මක කරුණු දේශනා කරල තියෙනවනම් ජාතිය ගොඩනැඟêමේ විද්‍යාත්මක පදනමට මහෝපකාරි වන පුරෝගාමී කෘතියක්‌ රචනා කිරීම ආගමික සදාචාරයට විරුද්ධ දෙයක්‌ වෙන්නෙ කොහොමද?

ප්‍රශ්නය - ගැහැනියක්‌ මවක්‌ ලෙස ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටීම හා කථාබහ කිරීම සංකීර්ණ කටයුත්තක්‌ නේද?

පිළිතුර - අවධාරණයෙන් කියන්න ඕන. මම සම්ප්‍රදායික ගතානුගතික ගැහැනියක්‌ හෝ බිරිඳක්‌ නෙවෙයි. ඒ වගේම ගැහැනියක්‌ මවක්‌ වුණත් ස්‌වාධීනව ඉන්න මට කියල දුන්නෙ මගේ නිළිකම.
මම තනිතටුව චිත්‍රපටයෙ රඟපාල ගෙදර එනකොටත් මගේ දූල ඉස්‌කෝලෙ යනවා. ඒ චිත්‍රපටයේ පූර්ණ නිරුවත් ජවනිකා 3 ක්‌ තිබුණා. පාසලේදී දරුවන්ගේ මානසිකත්වය කාගෙවත් අතින් බිඳ නොවැටීම පිණිස මම කලේ මගේ දරුවො දෙන්නගෙ අවබෝධය ඒ සම්බන්ධව ඇති කිරීම. මම එයාලට කිව්වෙ කවුරු මොනව කිව්වත් ඒ අයට කියන්න අපේ අම්ම ඒ චිත්‍රපටයේ රඟපෑවේ චරිතයක්‌ විතරයි. ඒත් එයා අපේ අම්ම කියල. ඔබ කියනවා වගේ මේ කටයුත්ත සංකීර්ණ තමයි. ඒත් මම අදටත් මහපොළොවෙ පය ගහල පාරතොටේ ඇවිදගෙන යන ජනතාව සමඟ ඉන්න ගැහැනියක්‌. මම කරන දේ හැමෝටම කරන්න බැරි හින්දත් හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නත් මම ශක්‌තිය ගන්නෙ ඒ හින්දයි.

ප්‍රශ්නය - ආදරය, ප්‍රේමය, විවාහය කියන කාරණාවලින් වියුක්‌තව පවතින්න ඔබ තුළ කැමැත්තක්‌ තිබෙනවද?

පිළිතුර - ඔබ මට නොකිය කියන්නෙ මම හැඟීම් දැනීම් නොදැනෙන හදවතක්‌ නැති යකඩ ගැහැනියක්‌ කියල නේද? එහෙම නම් මම ඔබට අභියෝග කරනව ඉදිරියේ තිරගත වීමට නියමිත සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ දරුවන් අට දෙනෙකුගේ අම්මා කෙනෙක්‌ විදිහට මම රඟපාන ප්‍රධාන චරිතය එක කඳුළක්‌වත් නොහෙළා මුල සිට අගට නරඹන්න කියලා.

TITLE

TITLE

TITLE

TITLE

සංවාදය : ඉරිදා දිවයින