01 October, 2017

"අපේ පවකට අප හමුවුනේ අයිති වූ පසු ඇයට නම්" – මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි ..!

shalani-fb-post

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත් අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඊයේ දින (30) සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

දසුන් වෙනුවෙන් ශලනි ලියු එම කවි පහතින්

ඉක්මන් වුනා වැඩිද මන්දා
කියා සිතුනා දසදහස් වාරයක්
නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ
ලොවට දැන් එය ප්‍රශ්නයක්

නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ
වැරදි නෑ නුඹ රත්තරං
අපේ පවකට අප හමුවුනේ
අයිත් වූ පසු ඇයට නම්

ඇයගේ ලොව තුල නුඹ කුරැටු ගෑ
පැරණි ගී හරි රස ඇති
ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට
ඔබ අප ගෙන යන්නැති

අසීමිත ප්‍රේමයක් වපුරා
මගේ හද නුඹ ගත් හැටි
මුලාවක් වුව ඔබේ ප්‍රේමය
සදාකල් මියදෙන්නැති

හැරගියත් නුඹ යලි නොඑන ලෙස
තරහවෙනු බෑ කිසි දිනේ
මුලු ලොවම අද නගන හඩ යට
තනිව පිලිතුරැ නැහැ අනේ

සසරේ මතුදින කිසිම දේකට
ඉක්මන් නොවී ඉනු මා වගේ
දරනු බැරිවුව දරා ගනු නුඹ
මග ඇරැනු මා සිත වගේ

හීනවල හිද කියන හැගුමන්
අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මා සිත
ආදරෙයි මං පන වගේ

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්
එයයි නුඹ ඉක්මන් කලේ
ලොවෙ ගැරහුම් දරා ගන්නම්
ඔබේ නමින් මියැදෙන වෙලේ

පරාජිත නොව නුඹ විදපු දුක
ලොව නුඹේ විනිසුරැ නොවේ
නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී
සැනසීම ගෙන මා එන දිනේ

-ශලනි-
2017.09.30

shalani-fb-post

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අපේ පවකට අප හමුවුනේ අයිති වූ පසු ඇයට නම්" – මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි ..!"

    Post a Comment