05 May, 2017

හෙදියකගේ මුහුණට ලේන්සුවක් අල්ලා සිහි නැති කර අතවර කරන්න තැත් කරලා

rape-crime

රාත්‍රි කාලයේ ත්‍රිරෝද රථයක නැඟී ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස බලා යමින් සිටි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවයෙහි නියුතු හෙදියකගේ මුහුණට ලේන්සුවක් අල්ලා සිහි නැති කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු මෙම 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මෙම තරුණ හෙදිය පසුගිය දින රාත්‍රි 8.45ට පමණ සිය රාජකාරිය නිමකර සිය නිවෙසට යෑම සඳහා බස් රථයකින් ඇඹුල්දෙණිය ප්‍රදේශයට පැමිණ එතැන් සිට නිවෙසට යෑම සඳහා ඒ අසල තිබූ ත්‍රිරෝද රථයකට නැඟ ඇති බවද අනාවරණය වෙයි.

ඇය එසේ රැගෙන යන අතර තුරදී සැකකාර රියැදුරා එක්වරම ඇගේ මුහුණට ලේන්සුවක් අල්ලා ඇයව සිහිනැති කර වෙනත් මාර්ගයක ගෙන ගොස් ඇති බවද එසේ ගෙන යන අතරතුරදී ඇයට සිහිය ලැබී ඇති බවද පසුව ඇය ත්‍රිරෝද රථයෙන් පැන ඒ අසල තිබූ නිවෙසක කාන්තාවකට සිද්ධිය පිළිබඳ දැනුම්දීමෙන් පසු ඇයව රෝහල්ගත කර ඇති බවද අනාවරණය වෙයි.

ඇය ත්‍රිරෝද රථයට නඟින අවස්ථාවේ විදුලිය විසන්ධි වී වර්ෂාවක්ද ඇදහැලෙමින් තිබී ඇති බවද මිරිහාන ළමා හා කාන්තා අංශයේ කුමාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හෙදියකගේ මුහුණට ලේන්සුවක් අල්ලා සිහි නැති කර අතවර කරන්න තැත් කරලා"

    Post a Comment