Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

31 July, 2017

කැලෑ හඳක්වත් නැති අපේ සිනමාව

Cinema - Films - Camera

ලෝක සිනමාව නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යමින් පවතී. ඒ නවීණ තාක්ෂණය සමඟ අපේ සිංහල සිනමාව පවතින්නේ කොතනද යන්න අද දවසේ අප සාකච්ඡා කළ යුතුය. ගෙවී ගිය වසර 60ක කාලය තුළ සිංහල සිනමාව ඉතා අසීරු ගමනක පැමිණි බව කිවයුතුය. 70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස අප ආඩම්බරයෙන් කතා කළත් 80 දශකයත් සමඟ අප නොසිතූවිරූ ලෙස සිංහල සිනමාව බිඳවැටෙන්නට පටන්ගත්තේය.

විශේෂයෙන්ම 83 වසරේදී මේ රට තුළ ඇවිලීගිය ජාතිවාදී අරගලයන් සමඟ සිංහල සිනමාවටද කණකොකා හඬන්නට විය. ද්‍රවිඩ ජාතිකයන්ට අයත්ව තිබූ සිනමා ශාලා රැසක් එහිදී ගිනිබත් විය. ගාමිණී මරදාන, ට්‍රියො - දෙහිවල, රාජ් - මීගමුව, සිත්තම්පලම් - අනුරාධපුරය ආදී සිනමා ශාලා මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයද ජාතියට අහිමිවිය . ජාතිවාදි කලබල සමඟ හදිසි නීතියද රට පුරා ක්‍රියාත්මක වීමෙන් රාත්‍රී චිත්‍රපට දර්ශනයද අවලංගු විය. ඒ වගේම රාත්‍රී බස්රථ සේවාද නතරවීමෙන් ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් සිනමාශාලාවලින් ඈත්වූ බව රහසක් නොවේ.

මෙවැනි හැලහැප්පීම් මැද චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පාඩු ලැබූ සිනමාශාලා රැසක් වැසීගියේය. අධික විදුලි ගාස්තු, ප්‍රවේශ පත්‍ර මිල ඉහළයාම, සේවක වැටුප් ඉහළයාම, සිනමාශාලා නඩත්තුව, පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට නොමැතිවීම, සෑම රූපවාහින චැනලයකම සතියේ දින හතේම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආදී හේතු කාරණා මත සිනමාශාලා වැසීයාමට මූලික විය. නගරබදව සිනමාශාලා කීපයක් දහවල් දර්ශන පමණක් පවත්වාගෙන ගියේය.

විශේෂයෙන්ම පැරණි සිනමාශාලා රැසක් එනම් මීට වසර 40 ක 50 කට පෙර ඉදිකළ ඒවාය. එම සිනමාශාලා ප්‍රමාණයෙන් විශාලය. ආසන 400කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිණි. මේවා නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයවිණි. ආදායම පහත වැටීමත් සමඟ මෙම සිනමාශාලා නඩත්තුකිරීම් නවතා දැමිණි. අබලන් වූ මකුණන් සහිත ආසන, ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා ඉන් නිකුත්වන රූප අපැහැදිලිවීම, ශබ්ද රටා දුර්වලවීම, අපිරිසුදු වැසිකිළිවල දුර්ගන්ධය හේතුවෙන් මෙවැනි සිනමාශාලා තුළ චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයා විසින් ප්‍රතික්ෂේප කරන්නට විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳලංකා සිනමාශාලාව අංග සම්පූර්ණ සිනමාශාලාවකි. මෙය පාලනය වන්නේ සඳලංකා සමූපකාර සමිතියෙනි. නව තාක්ෂණය යටතේ මෙම සිනමාශාලාවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර සවිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයවන බව එහි සේවකයකු සඳහන් කළේය. සිනමා ශාලාව විශාල නිසා (බැල්කනි සහ Box පහසු කම් ද සහිත, එතරම් විශාල මුදලක් වැයවන බව නවීණ තාක්ෂණයෙන් යුතු ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගෙන්වන සමාගමක් විසින් සඳහන් කර ඇත.

D. T. S. තාක්ෂණය සහිත සිනමාශාලාද ඇත්තේ අතළොස්සකි. D.T.S තාක්ෂණයද දැන් යල්පැනගිය ක්‍රමයකි. D.T.S වෙනුවට ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ 2 – K3 - D සහ E සිනමා නමින් අති නවීණ තාක්ෂණයෙන් යුතු සිනමාශාලා කීපයක් මේ වනවිට අප රටෙහි ඉදිකර ඇත.

සැවෝයි, රිට්ස්, රීගල්, සමන්තා, මැජෙස්ටික්, ලිබර්ටි, සිටි සිනමා ගල්කිස්ස, ඇමිටිලයිට් - මහරගම, ස්කයි ලයිට් මාලබේ, විස්ටාලයිට් - ජාඇල, ඕඩියන් - ගල්කිස්ස, සිනෙමැක්ස් - ජා ඇල ,එම්පයර් ඇතුළු කොළඹ නගරය හා

ඒ අවට සිනමා ශාලාව මෙන්ම රීගල් - ගම්පහ විල්මැක්ස් - අනුරාධපුර, ක්වීන්ස් - ගාල්ල, ජෝති - රත්නපුර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ජයබිම - ගම්පොල, මිලානෝ - කෑගල්ල, සීගිරි - බණ්ඩාරවෙල, නිව් ඉම්පීරියල් - රත්නපුර, ප්ලාසා - කළුතර, විජයන්ති - කඩුවෙල, හිමාලි - කිරිබත්ගොඩ, මේඛලා - ගම්පහ, ඡායා - කෑගල්ල, එමෙස් - මොරටුව, සෙන්ට්‍රල් - මාතලේ, මිනර්වා - කලුතර, මහලේකම් - කුලියාපිටිය, චාන්දනී - වැලිගම, රෙක්ස් - බදුල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, එරීනා - කටුගස්තොට, සිනෙස්ටාර් - අනුරාධපුරය, ඇතුලු සිනමා ශාලා ඉහත තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කරණය වූ සිනමා අතර වෙයි.

මීට වසර ගණනාවකට පෙර ඉදිකළ මෙම සිනමාශාලා ප්‍රමාණයෙන් ඉතා විශාල බැවින් ඩිජිටල් තාක්ෂණයට මෙන්ම වායුසමනයටද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. මීට විකල්පයක් ලෙස (mini cinema) කුඩා ප්‍රමාණයේ ආසන 100ත් 150ත් අතර සිනමා ශාලා ජනප්‍රිය කළ යුතුය.

සුපිරි වෙළෙඳසැල් සමඟ මෙම මිනි සිනමාශාලා ඉදිකිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමේ වැඩසටහන කඩිනම් කළ යුතුය. ඒ වගේම දැනට පවතින ප්‍රවේශපත්‍ර මිලද ඉතා අධිකය. මේ සඳහා සාධාරණ මිලකට ප්‍රවේශ අ‍ෙලවිකිරීමට පියවර ගත යුතුය. O. D. C. ටිකට්පතක් රුපියල් 300 – 400 ත් අතර ය. බැල්කනි 450 – 500ත් අතරය. මේ මිල කිසිසේත් සාධාරණ නැත. පවුලේ සාමාජිකයන් 5 දෙනකු චිත්‍රපටයක් බැලීමට ගියවිට අඩුම තරමින් රුපියල් දෙදහසක් හෝ ඊට වැඩි මුදලක් වැය වෙයි. 2-K - 3 - D – e - සිනමා පහසුකම් ඇති සිනමා ශාලාවල මෙම මිල ගණන් මීට වඩා ඉහළය. මේ හේතුවෙන් පවුලේ සැමට චිත්‍රපට නැරඹීමේ අවස්ථාව අහිමිකර ඇත.

මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ඒ අහිමි වු අවස්ථාව යළි ලබාදීමට නම් ප්‍රවේශපත්‍රවල මිල යම් ප්‍රමාණයකින් හෝ අඩුකළ යුතුය. සිනමාශාලාවලින් ඈත්වූ ප්‍රේක්ෂක ජනතාව නැවත සිනමාශාලා කරා ගෙන්වා ගැනීම හෙට දවසේ ඇති විශාල අභියෝගයකි.

සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයකි. කෙතරම් චිත්‍රපට නිෂ්පාදනය කළත් ඒවා ප්‍රේක්ෂකයන් නරඹන්නේ නැත්නම් කර්මාන්තයක් වශයෙන් එය කඩාවැටීම නොවැළැක්විය හැකි ය. ඒ වගේම චිත්‍රපට නැරඹීම සඳහා නවීන පහසුකම් සහිත සිනමාශාලා බිහිවිය යුතුය. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සිනමාශාලා හිමිකරුවන් ඇතුළු සිනමා කර්මාන්තයට ඍජුව හා වක්‍රව සම්බන්ධවන විශාල පිරිසක් සිටිති. එබැවින් සිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේ අභියෝගය කෙළින්ම එල්ලවී ඇත්තේ චිත්‍රපට සංස්ථාවටය. රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව සිනමාව ගොඩනැඟිය නොහැකිය. වැසුණු සිනමාශාලා යළි ඇරඹීම, නවීන තාක්ෂණයෙන් යුතු සිනමාශාලා ඉදිකිරීම, චිත්‍රපට බෙදාහැරීම, සිනමා ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම, ප්‍රේක්ෂක ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම චිත්‍රපට සංස්ථාවේ පූර්ණ වගකීමකි. මෙම වගකීම් සියල්ල හරි හැටි ඉටු නොකළහොත් ලෝක සිනමාව ඉදිරියේ සිංහල සිනමාවේ රිදීතිරය අඳුරුවී යනු ඇත.

රත්නසිරි පතිරණ (දිනමිණ)

කවුද කියන්නෙ මම මල් සින්දු කියනවා කියලා....

Romesh Sugathapala

රොමේෂ් “මන්දාකිණි” ත් එක්ක වුණු වෙනස මොකද්ද?

මගේ මියුසික්වල වෙනසක් කරන්න ඕනෑ කියලා හිතපු නිසා මම ටික කාලයක් නිශ්ශබ්දව හිටියා. මේ දවස්වල සංගීතයේ ඒකාකාරී හඬක් ඇහෙන නිසා ටිකක් නිහඬව ඉන්න හිතුණා. ඒකත් එක්ක තමයි මම “මන්දාකිණි” එක්ක ටිකක් වෙනස් වුණේ.

“මන්දාකිණි” වෙනස වුණේ කොහොමද?

2017-07-27-ent-44ඒක ක්ලැසිකල් මියුසික්, ඩබ් ස්ටෙප් වගේ සංගීත රටා එකතුවෙලා නිර්මාණ වුණු ගීතයක්. දැන් යන විරහ ගීත රටාවේ යන ගීතයක් නෙවෙයි මේක. ඒ නිසා මන්දාකිණි මගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනසක් වේවි.

මේ වීඩියෝ එක ටිකක් වෙනස් නේද?

ඔව්... මෑත කාලයේදී වීඩියෝවලට ගත්තේ අපේ රටේ නළු නිළියන්වනේ. මේක ටිකක් වෙනස්. මේ වීඩියෝ එකෙන් අලුත් මුහුණු දෙකක් අපි හඳුන්වලා දෙනවා. මේ කතාව අනුව ඔහු ව්‍යායාම් උපදේශකවරයෙක්. ගැහැනු ළමයා ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ සේවය කරන්නේ. මේ වීඩියෝ එකේ තේමාවත් ටිකක් වෙනස්.

පහුගිය කාලවලදී බොහෝ වීඩියෝවල ප්‍රදර්ශනය වුණේ නිරුවත අඩනිරුවත එක්ක. රොමේෂ් කියන්නෙත් මේ රාමුවෙම කෙනෙක්ද?

නෑ... මේකෙ නිරුවත පෙන්නන්නේ නෑ. එහෙම නිරුවත පෙන්නුවොත් මම මෙතෙක් ගොඩනගාගත්තු මගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනික නිරුවත දැන් පෙන්නන්නේ එහෙම ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවලට නෙවෙයි. අලුත් ළමයිගේ ගීත සම්බන්ධ කරගෙන වීඩායෝවලින් නිරුවත පෙන්නනවා. මම ඒක පිළිගන්නේ නෑ. මම හිතනවා අපේ රටේ සංස්කෘතියත් එක්ක සංගීතයත් බලපානවා කියලා. අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට සංස්කෘතියක් තියෙනවා. අපේ සංගීතය හැදිලා තියෙන රටාවක් තියෙනවා.

කාලයක් රොමේෂ්ටත් සමහරු කිව්වා නේද මල් සින්දු කියනවා කියලා?

ඔව්නේ... මටත් සමහරු කිව්වනේ මල් සින්දු කියනවා කියලා. එහෙම මම “මල්” සින්දු කියලත් නෑ. සමහරු ඔය විරහ ගීතයක් ගායනා කළාම කියන්නේ මල් සින්දු කියනවා කියලයි. ඒක හරි වැරදියි. එහෙම කියනවනම් මිල්ටන් මල්ලවආරච්චි කොච්චර විරහ ගීත ගැයූ ගායකයෙක්ද? ඉතින් මම “මල්” ගීතකාරයෙක් නෙමේ. සමහර ගීතවල රොමෑන්ටික් දර්ශන තිබුණා. හැබැයි අද කාලේ බොහෝ වීඩියෝවල ඒ රොමෑන්ටික් දර්ශන උපරිමයට ගිහින්. ඒ නිසා මේ වීඩියෝවෙත් රොමෑන්ටික් දර්ශන තියෙනවා. ඒත්... අනවශ්‍ය දර්ශන නෑ. අලුත් නිර්මාණ වේදින්ගේ ගීතවලට කරලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි...

රොමේෂ් ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ආරම්භයක් තියෙනවනේ.රොමේෂ්ගේ ආරම්භය මතක් කළොත්.

ඇත්තටම මෙතනට එන්න මම පුදුම විදිහට දුක් වින්දා. පුදුම කට්ටක් කෑවා. 2003 “වසන්තයේ සිත සැළුණා” ගීතයෙන් ඇරඹුණු ගමන තමයි මේ. ඒ ගමන මාත් එක්ක ආපු ලක්ෂානුත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉස්සර අපිට නිර්මාණ කරන්න සල්ලි නෑ. චැනල් දෙකක වගේ තමයි අපේ ගීත ප්‍රචාරය වුණේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ආවට පස්සේ අපිට රංග දසනායක අයියව මුණගැහුණා. එයා අපිට ගොඩක් උදව් කළා. ඒ කාලේ සී.ඩී එකක් කළොත් තමයි ගායකයෙක් වෙන්නේ. අද වගේ වෙබ් සයිට් කිසි දෙයක් ඒ කාලේ තිබුණේ නෑ. චැනල් එකකට යන්නත් හරි අමාරුයි. ඒ හැම දේකින්ම අද මම ජයග්‍රහණය කරලා තියෙනවා.

මන්දාකිණිය කරන්න ඇයි ඔච්චර නිහඬ වුණේ?

මම ආස ගීත විතරක් කලොත් මගේ ගීත විරහ ගීත විතරක් වේවි. ඒ නිසා මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. එතකොට මගේ රසික රසිකාවියන්ට මගේ හොඳ නිර්මාණයක් දකින්න ලැබේවි. ඒ නිසා මම මාස හත අටක් හිටියා. මගේ ගීතවල මුල් කාලයේදීත් මම මේ මියුසික් කළා. මේ නිර්මාණය රිගින්ටෝන් වලින් යූටියුබ්වලින් ආදායම් ලබන්න කරපු නිර්මාණයක් නෙමෙයි.

කෝ අද ලක්ෂාන්?

ලක්ෂාන් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඔහු එහේ හොඳ රැකියාවක් කරනවා. හොඳ දරු පවුලක් ඉන්නවා. ඇත්තටම ලක්ෂාන් හරිම සතුටින් ඉන්නවා. අපි දෙන්නා ෆෝන් එකෙන් කතාබහ කරනවා. රටවල් දෙක අතර වෙලාවල් වෙනස්. හැබැයි ලක්ෂාන්ව මම අවුරුදු අටකින් දැකලා නෑ. හැබැයි අපි කතාබහ කරනවා.

රොමේෂ් කොහොමද දැන් ඔයාගෙයි ඔමාලිගෙයි ජීවිතේ?

අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා. කලාකරුවෙකු වුණාම හොඳ පවුල් ජීවිතයක් තිබිය යුතුයි. සාර්ථක මනුස්සයෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්න ඕනේ. ඔමාලි මුලදී රැකියාවක් කළා. දැන් රැකියාවක් කරන්නෙ නෑ. දැන් පුතාට අවුරුදු දෙකයි. පුතාගේ නම චෙනිත ලිමත්. මගේ කොලු පැටියා ළඟ දාංගලයකුත් කියෙනවා. කොල්ලෙක් වුණාම එහෙම දඟලන්නත් ඕනෙනෙ. එයත් මියුසික් වලට හරි කැමතියි. මම ස්ටුඩියෝ එකේ වැඩ කරද්දි ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර ඒවා එයාට කටපාඩම්.

ඔමාලියි රොමේෂුයි එකතුවෙලා සින්දුවක් කළානේ. ආයේ දෙන්නා එකතුවෙලා සින්දුවක් එහෙම කරන්නේ නැද්ද?

අපි දෙන්නා පුතා හම්බෙන්න කලින් “තරු පොදි” කියලා සින්දුවක් කළානේ. ඊට පස්සෙනම් අපි ආයෙත් සින්දුවක් කරන්න උත්සාහ කළේ නෑ. පුතාගේ වැඩත් එක්ක ඒක ටික ටික පස්සට ගියා. බලමු නේද... ඉස්සරහට තවත් නිර්මාණයක් එහෙම කරන්න.

Text – Dishani / Pic - internet (සාරවිට)

නුවන් ප්‍රදීප් ගැන විරාත් කෝලි කියපු අමුතු කතාව

Virat Kohli - Nuwan Pradeep

ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර දැමුවද ඔවුන් නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ බව තමන් විශ්වාස නොකරන බවත් අවාසනාවකට සිදුවූ සිදුවීම් කිහිපයක්‌ ඇති බවත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසයි.

"ඇත්තටම මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ කියලා. ඔවුන්ට අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. උපුල් තරංග හොඳින් ලකුණු අතර සිටිද්දී දුවද්දී දැවී යැම. ඒ වගේම ඇන්ජලෝ හොඳ තත්ත්වයකට පත්වෙලා තිබුණ වෙලාවෙදී දැවී යැම වගේ දේවල්. මම හිතන්නේ අපි ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ඉන්න විට ප්‍රතිවාදීන්ටත් නිතරම පීඩනය දැනෙනවා."

තම කණ්‌ඩායම අංක එකට පත්වූයේ පසුගිය වසර දෙක තුළ නෙළා ගත් අස්‌වැන්නක ප්‍රතිඵලය බවත් විරාට්‌ කෝලි පවසයි., "පසුගිය අවුරුදු දෙකේදී අපි බොහෝ දේවල් සැලසුම් කළා. ඒ කාලයේ හිටපු තරුණ ක්‍රීඩකයන් දැන් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම ගැන පැසසුමකට ලක්‌ විය යුතුයි. ඒක තමයි මගේ කණ්‌ඩායමේ දකින ලොකුම වෙනස."

පළමු තරගය ජය ගත්තද තමන්ගේ කණ්‌ඩායමේ තවත් හදාගත යුතු තැන් ඇති බවද කෝලි පවසයි, "අපිට අපේ සැලැස්‌මවල් දියුණුකර ගන්න තවත් අවශ්‍යයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට අපි ගොඩක්‌ම ක්‍රීඩා කළේ එක්‌දින තරග. ඒ නිසා ටෙස්‌ට්‌ ක්‍රීඩාවේදී තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා."

නුවන් ප්‍රදීප්ගේ පන්දු යෑවීම විශිෂ්ට බවත් ඔහු පළමු ඉනිමේදී පැමිණි සෑම විටකම කඩුල්ලක්‌ දවා ගත් බවත් පවසන විරාට්‌ කෝලි ඉදිරියේදී ශ්‍රී ලංකාවට හොඳ පන්දු යවන්නෙක්‌ බවට පත්වන බවද වැඩිදුරටත් පැවසීය.

25 July, 2017

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

Murder - 07

එය අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි හිමිකාරිය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳය.

එම නිවාඩු නිකේතනයේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ සාදයක් පවත්වා තිබුණි. එය අවසන් වූයේ අලුයම 01.30 ට පමණය. ‍එහෙ‍ත් පසුදා උදේ දැක ගත හැකි වූ අන්දමට එම නිවාඩු නිකේතනය තුළ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මිය ගොස් තිබිණ.

මෙසේ මියගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී අරක්කැමියකු වශයෙන් එම නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල, දෙණියාය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52හැවිරිදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයකයෙකි. නමුදු ඔහුගේ බිරිඳ හා දරුවන් සුනාමියෙන් අතුරුදන් වී ඇති බව දැනගත හැකි විය. සාමාන්‍යයෙන් මෙම නිවාඩු නිකේතනයේ සේවය කිරීමෙන් අනතුරුව අරක්කැමියා ඉන් පිටව යන නමුදු ඔහු එදින වෙනදා නවාතැන් ගන්නා අනුරාධපුර නිවත්තකචේතිය විහාරස්ථානයට නොගොස් නිවාඩු නිකේතනයේ ඉහළ මාලයට ගොස් කාමරයක් ආසන්නයේ බිම නිදා ගෙන ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබිණ.

මෙම අභිරහස් මරණය සිදු වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ඒ අනුව ඊයේ (23) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිස් කබලට සිදුවූ බලවත් හානිය හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවය. එමෙන්ම මරණය සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මරණය අරක්කැමියා උඩුමහලින් පහතට ඇදවැටීමෙන් සිදුවූ හෝ වෙනත් හදිසි අනතුරක් නිසා ඇති වූ මරණයක් ද නැතිනම් මෙතෙක් අනාවරණය නොවූ වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න මේ තාක් අනාවරණය වී නැත.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි, ‍පොලිස් සැරයන්වරුන් වන (18224) හේමන්ත, (29690) බණ්ඩාර, ‍පොලිස් කොස්තාපල් (38757) ප්‍රියන්ත යන නිලධාරීහූ මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුර (ලක්බිම)

27 May, 2017

මොරටුවේ සරනේලිස්ට අවුරුදු 104යි

Saraneris Moratuwa age 104-1

හතර පෝයට සිල් ගනී ඉහෙන් බහින රෝගත් නෑ.

කෙනෙකුට වසර සීයයකට වඩා ජීවත්වීමට ලැබෙන්නේ නම් එය භාග්‍යකි. එය වඩාත් කැපී පෙනෙන්නේ කිසිඳු රෝගයක් නැතිව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත්වීමට හැකියාව ලදහොත්ය.

මොරටුව, ඉඩම, චාල්ස් ද සොයිසා පෙදෙස, අංක 16 සමනළ නිවෙසේ පදිංචි හේවානැදුන්ගොඩගේ සරනේලිස් මහතාද එවැනි අයෙකි. 104 වැනි වියේ පසුවන ඔහු අදටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නෙකි. සරනේලිස් මහතා 1913 දෙසැම්බර් මස 11 වන දා මෙළොව එළිය දකින්නේ මාතර තිහගොඩ ගමේය. 

ගමේ විදුහල වූ තිහගොඩ විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු එම සුන්දර ගම අතහැර මොරටුව වෙත පැමිණෙන්නේ 1938 වසරේදීය. එවිට ඔහුට වයස 25ක් වූ අතර ඔහු නතර වන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන දියෝනිස්ගේ කාමරයේය. දියෝනිස් කොළඹ වාරායේ රැකියාවක් කළ අයෙකි. මොරටුවට පැමිණීමෙන් පසු තම සහෝදරයාගේ සහය ද ඇතිව සරනේලිස් කුඩා වෙළෙඳාමක් පටන් ගත්තේය.

1945 ජනවාරි 01 වැනි දා මාතර මාලිම්බඩ පදිංචි කංකානම්ගේ ගිමාරා කරුණාවතී මෙනවිය සමඟ සරනේරිස් විවාහ වන්නේය. මේ දෙපළට දාව දූ දරුවන් 10 දෙනෙක් ලැබෙන අතර කරුණාදාස, ධනපාල, නන්දරත්න, සිරිසේන, ගුණසේන, දයානන්ද, චන්ද්‍රසිරි, රත්නසිරි පිරිමි දරුවන් වන අතර අනුලාවතී හා අමරාවතී ගැහැණු දරුවන්ය. මෙයින් ගුණසේන මියගොස් ඇති අතර අනිත් දරුවන් ජීවත් වේ. මුණුපුරු මිණිපිරියන් සංඛ්‍යාව 52කි. මේ වන විට ගිමාරා කරුණාවතී මහත්මිය රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ වයස 96කි

ඉතාමත් හොඳ බෞද්ධයකු වූ සරනේරිස් මහතා සෑම පෝයටම සිල් සමාදන් වේ. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි කර නොමැති සරනේලිස් මහතා අවුරුදු 104ක් වෙලත් තමන් නිරෝගීව සිටින්නේ ඒ නිසා යැයි කියා සිටී. සරනේලිස් මහතා - මට අවුරුදු 104යි. මගේ බිරියට 96යි. ඇය රෝගීව ඇඳේ සිටින්නේ නමුත් මගේ දරුවන් සියලුදෙනා අපි දෙන්නට හරි ආදරෙයි. මේ මහලු වයසෙදිත් අපි දෙන්නට හොඳට සලකනවා. 

අපි දෙන්නා බොහොම දුක් මහන්සි වෙලා තමයි මේ දරුවෝ 10 දෙනා ලොකු මහත් කරලා සමාජයට දායාද කළේ. මට මතකයි දරුවන් කුඩාකල ගෙදර කිරි හරක් ඇති කරා ඉන් පසුව සිල්ලර කඩයක් දමා ගත්තා. ඒ කාලේ මොරටුව ප්‍රදේශයේ එතරම් ගෙවල් නෑ. දරුවන්ට සෙල්ලම් කිරීමට විශාල ප්‍රදේශයක් තිබුණා දැන්නම් ජනාකීර්ණ වෙලා. ඒ කාලේ වෙසක් බලන්න කොළඹට ගියේ පයින්. මා දේශපාලනය කළේ නැතත් වාමාංශික අදහස් සහ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමක් තිබුණා. එන්. එම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි නායකයන් මගේ වීරයන්.

සරනේලිස් මහතා මොරටුව හොරේතුඩුව ශ්‍රී සංඝිකාරාම පුරාණ මහ විහාරයේ (නා ගහ වරාය විහාරස්ථානයේ) පැරණිම දායකයෙකි. ඔහුට වසර 100 පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයෙන් හා මොරටුව ඉඩම ජේෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සමරු පළකයන් පිළිගන්වා ඇත. 

තම මවුපියන් නොසලකා හැර පාරේ දමා යන කාලයක සරනේලිස් මහතාගේ දූ දරුවන් තම මවත් පියාත් වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් දෙදෙනා රැකබලා ගැනීම ආදර්ශවත් කටයුත්තක් වේ. බාල පුතුණුවන් වන රත්නසිරි මහතාගේ නිවසේ මේයුවළ පදිංචි වී සිටින අතර රත්නසිරි මහතා හා ඔහුගේ බිරිය වන දිස්නා මහත්මිය මේ දෙපළට කරන සත්කාර ප්‍රශංසනීය වේ.

රාවතාවත්ත සමූහ - රෝහණ ද සිල්වා (dinamina)

26 May, 2017

හර්ෂ උඩුගුවනේ සිට ලොවටම හෙළිකල ජනපතිගේ සරල බව

simple president Maithripala-01

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සරළබව දැක්වෙන ජායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ෆේස්බුක් සමාජජාලයට එක්කර තිබුනා.

අදාළ ඡායාරූපය සහ ෆේස්බුක් සටහන පහතින්.

හුංගම බටඅත කතුන් දෙදෙනාගේ අභිරහස් ඝාතනය

murder Hungama Batatha

මහත් ආන්දෝලනයට තුඩුදුන් හුංගම, කපුවත්තගෙදර, බටඅත ප්‍රදේශයේ ජීවත්වූ පස්මස් ගැබිනියක් වූ යමුනා ප්‍රියදර්ශනී සහ ඇයගේ මව අබිරහස් ලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඝාතකයාගේ බව සැලකෙන රුවක් චිත්‍රයට නඟා තිබේ.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු මත පොලිස් චිත්‍ර ශිල්පියකු විසින් මෙම රුව චිත්‍රයට නඟා ඇත.
ඉකුත් මැයි 02 වැනිදා පෙරවරුවේ සිය නිවෙස තුළදී මෙම ඝාතනය සිදුවිය.

පොලිස් කණ්ඩායම් පහක් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

චිත්‍රයේ සඳහන් පුද්ගලයාට සමාන හැඩරුව හා සමාන ලක්‍ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක: 
# ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි/තංගල්ල කොට්ඨාසය 071-8591488, 
# සහකාර පොලිස් අධිකාරි/තංගල්ල 071 8591495
# ස්ථානාධිපති/හුංගම 071 8591492

චාමර අමරසූරිය (By mawbima)

6 සිට 13 වසර තෙක් ලිංගික සෞඛ්‍ය විෂයක් එයි

Sexual health Subject

ළමා අපචාර, ලිංගික හිරිහැර හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම් වැළැක්වීමේ පියවරක් වශයෙන් 6 ශේ්‍රණියේ සිට 13 ශේ‍ර්ණිය දක්වා පාසල් ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍ය විෂය ඉගැන්වීමට පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කරයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ විෂය ඉගැන්වීම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් පුහුණු කිරීම ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම ආංශික කාරක සභාවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

මේ විෂයය ඉගැන්වීම සඳහා 'පාසල් ළමුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ' අත්පොතක්ද සම්පාදනය කර ඇත.

ඒ ඒ ශේ්‍රණි හා පන්තිවලට ගැළපෙන විෂය කරුණු අත්පොතේ පෙළගස්වා ඇති බවත් සිසුන්ගේ වයස් මට්ටම සහ ඔවුන් ලබන අත්දැකීම් අනුව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි විෂය පාසල්වල ඉගැන්වීමට බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

අධ්‍යාපන අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් සමඟ එක්වී අත්පොත සකස් කර ඇති බවද වෛද්‍ය තුසිතා විජේමාන්න පැවැසුවාය.

කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපතිනිය එසේ ප්‍රකාශ කරන ලද්දේ එම කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01 හි ඊයේ (25දා) පවත්වන ලද වැඩමුළුවේදීය.

කතානායක කරු ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේද සහභාගිත්වයෙන් වැඩමුළුව පැවැත්විණි. ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ අත්පොත මෙහිදී කතානායකවරයාට පිළිගන්වනු ලැබීය.

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා (mawbima)

සිය පාසලේම රෑ එළිවෙනකම් ලිංගිකව හැසිරුනු 15වේ පෙම්වතා සහ 14රේ පෙම්වතිය

two-male-students-female-kissing

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන වයස අවුරුදු පහළොවක් වූ සිසුවෙක් තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් 20 වැනි දින නගරයේ පෞද්ගලික පංතියකට පැමිණ ඇති ඇය පංතිය නිමවීමෙන් පසු පෙම්වතා හමුවට ගොස් ඇත. ඔහුද පෞද්ගලික පංතියකට සහභාගි වී පැමිණ ඇති අතර තමන් දෙදෙනාම ඉගෙනුම ලබන පාසල වෙත ගොස් තිබේ.

එසේ කතාකරමින් සිටියදී රෑ බෝවී ඇති අතර දෙදෙනාම පාසල් ගොඩනැගිල්ල තුළ රැය පහන් කර තිබේ.

පසුදා අලුයම 3.45ට පමණ මොවුන් දෙදෙනා වික්ටෝරියා ජලාශය නැරඹීමට යාම සදහා පටත්ව තිබේ.

මයිලපිටිය ප‍්‍රදේශයේ තම දියණිය තරුණයකු සමග සිටිනු දැක ඇති ඇයගේ පියා බසයෙන් බැසවිත් දියණිය හා තරුණයා කැටිව පොලීසියට පැමිණ තිබේ.

තලාතුඔය පොලීසිය මගින් මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 21 වෙනි දින මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රෝහිණී ගමගේ මහත්මිය විසින් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියමකර මවුපියන් වෙත ඔහු මුදාහැර ඇති අතර බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අමරජිත් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

තරුෂි ආයෙත් මවක් වෙන්නයි සූදානම

Tharushi Perera - 2017.05.26


කාලෙකට පස්සේ ආයෙත් පුංචි තිරයට එකතු වෙලා නේද?

ඔව්. මම හරියට අවුරුදු තුනකට පස්සේ තමයි අලුත් වැඩක් භාර ගත්තේ. මම මගේ පුතා ලැබෙන්න ඉද්දී තමයි රංගනයෙන් ටිකක් අෑත් වුණේ. දැන් පුතාටත් අවුරුදු දෙකක්. ඉතින් මම හිතුවා ආයෙත් රංගනයට එකතු වෙන්න.

කොහොමින් කොහොම හරි දැන් ඔබ ආයෙත් මවක් වෙන්නනේ සූදානම?

ඔව්. ඔව්. මීට අවුරුදු දෙකකට කලින් මේ වෙද්දි මම මාස අටක ගැබිනියක්. ඉතින් මට ආයෙත් මාස අටක ගැබිනියක් වෙන්න ලැබුණා. ඒ සැබෑ ජීවිතයේදී නෙවෙයි. රංගන ජීවිතයේදී. මම මේ දවස්වල සම්බන්ධ වෙන ටෙලි නාට්‍යයේ තමයි මම මවකගේ චරිතයක් නිරූපණය කරන්නේ.

හැබැයි සමහරු හිතුවේ ඇත්තටම තරුෂි ආයෙත් මවක් වෙන්න සූදානම් වෙනවා කියලා නේද?

ඔව්. ඔව්. ගොඩක් කට්ටිය මට කතා කරලා සුබ පැතුවා. මට කතා කළා, මැසේජ් කළා ගොඩාක් අය.

ඇත්තටම පුංචි පුතාගේ තනියට තවත් සාමාජිකයෙක් ගේන්න අදහසක් නැද්ද?

එහෙම සැලසුම් කරගෙන නම් නැහැ. හැබැයි බලාපොරොත්තුවක් නැතිව නෙවෙයි. ඒ දේවල් ලැබෙන විදියට බලනවා.

සැබෑ ජීවිතයේ මවක් වුණු තරුෂිට මේ චරිතය කොයි තරම් සුවිශේෂී වුණාද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහහතක් විතර වෙනවා. ඉතින් මම ලොකු කාලයක් පෙම්වතියගේ චරිතය කළා. මම විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සේ මට නැවත පුංචි තිරයේ මවක් වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ නිර්මාණයට මමත් ගොඩක් කැමැතියි. ඉතින් කැමැත්තෙන්ම වැඩේ භාර ගත්තා.

කාලෙකට පස්සේ වැඩ කරන්න හිතුවේ දැන් හිහඬ වෙලා හිටියා ඇති කියලා හිතුණ නිසාද?

ඇත්තටම මම රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න හිතුවෙ නැහැ. මම විශ්වාස කරන විදියට අපේ ජීවිතය අයිති විශේෂ තැන් තියෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. මම රංගනය හොයා ගෙන ආවේ නෑ. රංගනය කියන්නේ, මට ලැබිච්ච ආශීර්වාදයක් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකකින් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හැදුවා. මට රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න බැරි වුණා. විවාහ වුණාට පස්සෙත් හස්බන්ඩ් ටිකක් අකැමැති නිසා මම ටිකක් රංගනයෙන් අෑත් වුණා. ඒත් අපිට උරුම දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැනේ.

රංගනයට නිවාඩු දුන්න කාලෙත් තරුෂිට වැඩවලට ආරාධනා ලැබෙන්න ඇතිනේ?

ඔව්. මට ආරාධනාවල අඩුවක් තිබ්බේ නැහැ. මට ආරාධනා ලැබුණු නිර්මාණ හතරක් විතර මට අතහරින්න වුණා.

ආයෙත් රංගනයට එකතු වුණාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

ඉස්සර නම් එයා ටිකක් ඒකට අකමැතියි. හැබැයි ලැබුණු චරිතය ගැන තේරුම් කළාම එයා අකැමැති වුණේ නැහැ. එයා කැමැති නැත්තේ මම ගොඩක් කාර්යබහුල වෙනවාට. නමුත් එයා දන්නවා මම පරිස්සමට තෝරලා බේරලා ඒ දේවල් කරනවා කියලා.

රංගනයට ආවා කියලා තරුෂි පුතා වෙනුවෙන් ඉටු කරන වගකීම් මඟහැර ගන්නෙත් නැතිව ඇති?

මම ඒ වගකීම් අතහරින්නේ නැහැ. මගේ පුතා ළඟ මගේ අම්මා ඉන්නවා. පුතා මටත් වඩා අම්මට ආදරෙයි. එයාට ආදරේ නම් උපරිම ලැබෙනවා. මම ෂූටිං එන්නෙත් පුතාගේ කෑම බීම ටික හදලා. මට ෂූටිං තියෙන්නේ කොළඹනේ. ඉතින් මම මට විවේකය ලැබෙන හැම වෙලාවෙම පුතාව බලන්න ගෙදර යනවා.

දැන් තරුෂි ඉස්සටත් වඩා තෝරා බේරා ගැනීම් කරනවාද?

ඔව්. ඉස්සර නම් දුර පළාත්වලට ෂූටිං යන්න වුණත් භාරගන්නවා. හැබැයි දැන් මම වැඩක් භාර ගනිද්දී ගොඩක් දේවල් හිතනවා. දුර තියෙන නිර්මාණයකට වුණත් යන්නේ ගොඩක් දේවල් ගැන හිතලා. ඉතින් මට කලබලයක් නැහැ. මේ ආවා වගේම හො¼ද නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

තරුෂි කර කර හිටපු මිල්ලෑවේ වලව්වට මොකද වුණේ?

මගේ පිටපතකට අනුව තමයි ම්ල්ලෑවේ වලව්ව නිර්මාණය වෙන්නේ. මගේ යාළුවෝ කිහිප දෙනෙක් තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. නමුත් අධ්‍යක්ෂවරයාට තියෙන කාර්යබහුලත්වය එක්ක ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන් කෙරිලා නැහැ. ඒ නිසා මට ආයෙත් ඒ වැඩේට අත ගහන්න වෙනවා. ඒ වැඩේට වගකීමෙන් මැදිහත් වෙන්න ඕන නිසා මම සමහර ලැබුණු වැඩ පවා මඟ හැරියා.

සැමියා ඉන්නේ විදේශ ගතවනේ. තරුෂිත් විදේශ ගත වෙයිද?

නවතින්නම බලාගෙන විදේශ ගත වෙන්න සූදානමක් නැහැ. මම එහේ ගිහින් එන්න යයි. හස්බන්ඩ් වුණත් පුළුවන් වෙලාවට ලංකාවට එනවා. රැකියාව ගැනත් හිතන්න ඕනෙනේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

හංසවිලක්' ඩිජිටල් වෙයි

Hansawilak - Swarna-04

'හංසවිලක්' ඩිජිටල්කරණය කළා. හංසවිලක් වෙනුවෙන් කළ ඒ වෙනස ගැන මුලින්ම කතා කරමු?

ඔව්. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිගමනයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයත් මගේ හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණා. ඒ අනුව තමයි මෙය ඩිජිටල්කරණය කරන්නේ.

රේඛාව කියන්නේ ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය. ඒ වටිනාකම රේඛාවට හිමි වෙද්දී හංසවිලක් හිමිකරගෙන තිබුණේ මොනවගේ වටිනාකමක්ද?

රේඛාව සහ හංසවිලක් චිත්‍රපට දෙකම ඩිජිටල්කරණය කරන්න සුදුසුයි කියලා නිගමනය කර තිබුණේ මේ චිත්‍රපට සිංහල සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂ්‍යයන් වූ නිසා. රේඛාව හැඳින්වූයේ ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය කියලා. මගේ හංසවිලක් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 1980දී. ඒතාක් තිබුණු සිනමා ගමන් මඟෙහි විශාල වෙනසක් හංසවිලක් චිත්‍රපටයෙන් ඇති කළා. විවිධ විචාරක අදහස් චිත්‍රපටය වෙනුවෙන් පළවුණා. ඒ අතරෙදි රෙජි සිරිවර්ධන 'හංසවිලක්' ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස නම් කළා. ඒ වටිනාකම් නිසා තමයි හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණේ.

'හංසවිලක්' කියන්නේ ඔබේ පළමුවැනි චිත්‍රපටය. ඔබට අදහසක් තිබ්බද කවදා හෝ චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න?

චිත්‍රපටයක් සංරක්‍ෂණය කරන්න ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. හංසවිලක් චිත්‍රපටයේ නිෂ්පාදක මියගියාට පස්සේ ඇල්බට් ජයසිංහයන්ගේ බිරියගෙන් මම චිත්‍රපටය මිලදී ගත්තා. විශාල මුදලකට නොවුණත් මගේ පළමුවැනි චිත්‍රපටය මම අමාරුවෙන් මිලදී ගත්තා. ඩිජිටල්කරණයට විශාල වියදමක් යනවා. මම චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න හිටියා නම් මියයනතුරු ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

චිත්‍රපටය නැවැත තිරයට ගේනවද?

ඔව්. තව මාස හතරකින් පහකින් චිත්‍රපටය සිනමාහල් කිහිපයක තිරගත කරනවා.

සිංහල සිනමාව හා බැඳුණු තරුණ පරම්පරාවට හංසවිලක් ඒ යුගයේ වෙනස් අත්දැකීමක් ගෙනාවා නේද?

ඒ කාලේ ලක්‍ෂ දෙකහමාරක වියදමකින් තමයි මම චිත්‍රපටය හැදුවේ. ඒ යුගය නියෝජනය කළ තරුණ පරම්පරාව මේ චිත්‍රපටය සැලකුවේ අපූරු චිත්‍රපටයක් විදියට. එය ලොකු වටිනාකමක් වුණා. චිත්‍රපටය ඩිජිටල්කරණය කළාට පස්සේ ගොඩක් අය චිත්‍රපටය නැරඹුවා. ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනී කිව්වා මේ චිත්‍රපටය බලන් ඉඳලා තමයි අපි එළියට ආවේ කියලා.

චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරද්දී ඔබ හිතුවද ඔබේ පළමුවැනි සිනමා නිර්මාණයම සිංහල සිනමාවේ යම් ලකුණක් තියන නිර්මාණයක් වෙයි කියලා?

චිත්‍රපටය හදද්දී මට ඕන වුණේ එතෙක් නිර්මාණය නොවූ ආරක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ වෙද්දි මම විදේශීය, දේශීය චිත්‍රපට නරඹලා පෝෂණය වෙලා තිබ්බා. විශේෂයෙන්ම පෝලන්ත සිනමා කලාව හැදෑරීම හරහා ප්‍රබන්ධයක් නොවන චිත්‍රපටයක් කරන්න තමයි මම උත්සාහ කළේ. පෞද්ගලික ජීවිතය ඇතුළේ අත්දැකීමක කම්පනය තමයි සිනමා නිර්මාණයක් විදියට එළියට එන්නේ.

ඔබ බලාපොරොත්තු වුණු වෙනස ඔබට අත්දකින්නටත් පුළුවන් වුණා නේද?

ඔව්. මම චිත්‍රපට නරඹනවා. ඉතිං මම උත්සාහ කළා මේ චිත්‍රපටයේ හැම රූප රාමුවකම සිනමා රූපී බව ආරක්‍ෂා කරගන්න. කතාව ගොඩනැඟීම, චරිත හැසිරීම ආදී සෑම දෙයකින්ම සිනමාරූපී බව පෙන්වන්න උත්සාහ කළා. ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, හෙන්රි ජයසේන ඇතුළු රංගන පිරිස එයට උපරිම දායකත්වය ලබා දුන්නා.

ඔබත් 'හංසවිලක්හි' රංගනයෙන් දායක වෙනවා. මේක අහම්බයක් කියන්නේ ඇත්තද?

ඔව් ඒක අහම්බයක්. මම මේ චිත්‍රපටයේ රඟපාන්න හිටියේ නැහැ. නමුත් එයට විශේෂ නළුවෙක් හොයා ගන්න බැරි වුණු නිසා මම එහි රංගනයටත් සම්බන්ධ වුණා. කොහොම වුණත් මගෙන් චිත්‍රපටයට හානියක් වෙලා නැහැ. මම වෙනත් නළුවෙක් හරහා කර ගන්න හිටපු දේ මම මං ලවා කර ගත්තා.

මොකක්ද ඔබේ සිනමාකරණයේ අරමුණ?

මනුස්ස ජීවිතය විවරණය කිරීම තමයි ප්‍රධාන අරමුණ. කුහක සදාචාර කල්පනා ලෝකය සිදුරු කිරීමත් අරමුණක්.

ඔබ පෞද්ගලික අත්දැකීම් සිනමා නිර්මාණයට යොදා ගන්නවා. එහි විශේෂත්වයක් තියෙනවද?

මට අනුන්ගේ ජීවිත පාදක කරගන්න ඕන නෑ. ලැබූ අත්දැකීම් මත පදනම්ව මම නිර්මාණ කරනවා. ඒ හරහා සමාජය වෙන තැනකට ගෙන යන්න, සමාජය ප්‍රබෝධවත් කරන්න. ප්‍රඥාවන්ත කරන්න තමයි මගේ නිර්මාණවලින් මම උත්සාහ දරන්නේ.

ඔබ හංසවිලක් හරහා කතා කළ තේමාව එදාට වඩා අදට යෝග්‍ය වෙලා තියෙනවා නේද?

චිත්‍රපටයෙන් කතා කරන පසුබිම අද තව තව වර්ධනය වෙමින් පවතිනවා. කලාවේ අරමුණ වෙන්නේ ඒ දේවල් තව තව පවත්වාගෙන යන්න අනුබල දෙන එක නෙමෙයි. එය සහමුලින්ම අතුගා දැමීම. මම සංස්කෘතික පිස්සන්ට නෙවෙයි නිර්මාණ කරන්නේ.

ඔබේ අනෙක් චිත්‍රපටත් ඩිජිටල්කරණය කරන්න අදහසක් තිබෙනවද?

මම කළ නිර්මාණ ඩිජිටල්කරණය කරන්න කියලා නිෂ්පාදකවරුන්ට කියලා තියෙන්නේ. සුද්දිලාගේ කතාව ඩිජිටල්කරණය කරන්න බන්දුල ගුණවර්ධනයන් කටයුතු කරනවා කිව්වා. භව දුක සහ භව කර්මත් ඩිජිටල්කරණය කරන්න කියලා එය නිෂ්පාදනය කළ ස්වාමින් වහන්සේ දෙනමගෙන් මම ඉල්ලා සිටියා. තුන්වැනියාමයත්, වසන්ත ඔබේසේකරගේ දඩයම සහ පළඟැටියෝ චිත්‍රපටයයත් ඩිජිටල්කරණය කරන්න කියලා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලීමක් කළා. මගේ චිත්‍රපට විතරක් නෙමෙයි ආරක්‍ෂා කළ යුතු චිත්‍රපට සංරක්ෂණය කරන්න මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

2011 විශ්‍රාම ගියත් තාම වැඩ පෙන්නන - සනත්ගේ වීඩියෝවට බංග්ලාදේශය කියන කතාව...!!! (Photos)

Aggressive on the field as well as on the bed - Sanath jayasooriya

සනත් ජයසූරිය හා සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. දැන් එය ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනතාව අතරද හුවමාරු වන බව වාර්තා වේ.

බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ Bangladesh Troll Cricket නම් ෆේස්බුක් පිටුව පළ කල ඇති පහත දැක්වෙන ප්‍රකාශණය හරහා මේ වීඩියෝව බංග්ලාදේශ ජාතිකයින් අතර පැතිර යන බව නම් නිසැකවම පැවසිය හැක.


25 May, 2017

නිරුවත් වීඩියෝ නඩුව පොලිසියට විසඳන්න බෑ - නඩුව මහේස්ත්‍රාත් අධිකරණයකදී



අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා.

පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබූ අතර අද වනවිටද එවැනි බරපතල සිදුවීමක් වාර්තා වනවා.

අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කර තිබුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

"එවැනි වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ධර්මතාවන්හි දුර්වලතාවන්. සමාජ විද්‍යාත්මකව මෙය අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. (ධර්මතා රහිත වීම) ලිංගික චර්යාව හා සම්බන්ධ ගැටලුවක්‌ නිසා මෙය ලිංගිකමය වශයෙන් අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. අනෝමීය තත්ත්වයක්‌ යනු මිනිසුන්ට තමන්ගේ අදාළ සමාජ අවශ්‍යතාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නැති බව පෙන්නුම් කිරීම.

මේ සිද්ධියේදී ලිංගිකව හැසිරුණු දෙපළ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරිය පුද්ගලයා ද අසාමාන්‍ය ගති පැවතුම් ඇත්තෙක්‌. ඒ පුද්ගලයා තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයකට ගරු කිරීමක්‌ කරන්නේ නෑ. ඒ තුළින් අසරණ වෙන්නෙ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරුණු දෙපළ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය එසේ සමාජගත කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට ඇති රැකවරණය ගැන විශාල ගැටලුවක්‌ මතු වෙනවා. එය ධර්මතා රහිතවීමකටත් වඩා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්‌.

එය බරපතල වරදක්‌. ඒ වගේම මේ තුළින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යා රටාවලට සමාජය තුළ යම්කිසි ඉඩක්‌ ඇති බවයි. එයත් අතිශය බරපතල තත්ත්වයක්‌. සමාජය තුළ මෙවැනි සිද්ධි සිදුවෙනවා කියන්නේ යහපැවැත්මට බරපතල හානිදායක තත්ත්වයක්‌. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයන් ගැන සොයා බලන්න ඕනෑ." යනුවෙනුයි.

මේ අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

එමෙන්ම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකි බවයි නීතිවේදීන් පවසන්නේ.

එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතු අතර එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා.

එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකි අතර තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වනවා.

මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් වීමට ද පුළුවන.

අවුරුදු 18ක තරුණියක් කන්‍යා භාවය වෙන්දේසි කරයි (Photos)



තමන්ට අවශ්‍ය දේවල් ඉටුකරගන්න ඕන නිසා සමහරක් පුද්ගලයින් තමන් සතු විවිධ දේවල් විකුණනවා.

ඒත් තමන්ගේ කන්‍යාභාවයම විකුණා තමන්ට අවශ්‍ය කරන දේවල් ඉටුකරගන්න පහුගිය කාලේ තරුණියන් කිහිපදෙනෙකුම කටයුතු කළා ඔයාලට මතක ඇති.

මේ වන විට ඒක රැල්ලක් කරගෙන තියෙනවා. අපි එහෙම කියන්න හේතුව තවත් තරුණියක් ඒ වැඩේම කරන්න හදන නිසයි.

වයස අවුරුදු 18ක වන ඇගේ නම කිම්.

ඕස්ට්‍රේලියානු සහ ජර්මානු සම්භවයක් සහිත මේ තරුණිය තමන්ගේ කන්‍යා භාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන්න තීරණය කරලා තියෙනවා.

ඒ ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලකටයි.

ඇය මේ විදිහේ වැඩක් කරන්න හේතුව තමයි රොමෙනියානු නිරූපිකාවක් වන Aleexandra Khefren.

තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති

Taiwan gay marriage-02
pic - Reuters

සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.

එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.

තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.

එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ.

කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසන්නීය.

සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.

වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.

තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
දඬුවම්

පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා විය.

අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. (බීබීසී )

මාමායි බෑණයි නිසා දරුවෙක් බිහිකළ 14 හැවිරිදි දැරිය

rape-two-guys

වසර කිහිපයක් තිස්සේ දෙදෙනෙකුගෙන් දුෂණය වූ වයස අවුරුදු 14 ක දැරියක් දරුවෙකු බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

තමිල්නාඩුවේ කාන්ජි පුරම් ප්‍රදේශයේ ජිවත් වන අදාළ දැරිය මෙලෙස වසර ගණනක් තිස්සේ දුෂණය වී ඇත්තේ සිය මාමා සහ ඔහුගේ බෑණා අතින් බවයි සඳහන් වෙන්නේ.

මෙම දැරිය ගැබිනියක් බව දැනගත් ඇයගේ ඥාතීන් එය සමාජයට සගවා ඇති අතර කෙසේවෙතත් මීට සතියකට ඉහතදී එම දැරිය දරුවා බිහිකර තිබෙනවා.

මේ සම්බන්ධව දැරිය ප්‍රතිකාර ලැබූ රෝහල විසින් පොලිසිය දැනුවත් කර ඇති බවත් පසුව පොලිසිය විසින් අදාළ පුද්ගලයෙන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

අදාළ දැරිය සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබෙන්නේ. (hirunews)

සරම උස්සගෙන කාන්තා වැසිකිළියට එබිකම් කළ පුද්ගලයාට අත් වූ ඉරණම

dead body with saron

කාන්තාවක් වැසිකිලියට ගිය පසු ඒ අසල සරම උස්සාගෙන එම වැසිකිලියට එබිකම් කර අවුරුදු 50 වයසැති අයෙකු අසල්වැසි තරුණයෙකුගේ පහර කෑමට ලක් වි මිය යෑමේ සිද්ධියක් අද (25) කෑගල්ල මූලස්ථාන පොලිසියට වාර්තා වී තිබෙනවා.

අද උදෑසන 119 දුරකථන අංකයට පොලිස් හසිදි ඇමැතුම් අංකයට ලැබුණු පණිවිඩයකින් කියවි ඇත්තේ අඹන්පිටිය පරදෙනිය මාර්ගයට ආසන්න පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 50 ක් වයසැති පුද්ගලයෙක්.

හදිසි ඇමැතුම අනුව පොලිස් කණ්ඩායමක් අංක 5, පරදෙනිය ජනපදය, අඹන්පිටිය ප්‍රදේශයට ගොස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදි එම ගම්මානයේම 19 හැවිරිදි තරුණයෙකු පොලිසියට භාර වි ඇති අතර පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටිනවා.

මෙම මිය ගිය පුද්ගලයා එම ගම්මානයේ නිවසක කුඩා කල සිට හැදි වැඩි ඇති අතර එලෙස හැදි වැටි ඇත්තේ පරදෙනිය ජනපදයේ කාන්තාවක් ලගයි.

නමුත් මෙම මිය පුද්ගලයා කාන්තාවන්ගේ යට ඇදුම් සොරෙන් ගෙනයාම , කාන්තාවන් නාන තොටවල් සහ ලිං අසල සොරෙන් සැගවි බලා සිටිම වැනි ක්‍රියාවන් සිදු කර ඇති අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම පුද්ගලයා වැසිකිලියකට ගිය කාන්තාවගේ ක්‍රියාවන් නිරික්ෂණයට සරම උස්සා අසභ්‍ය ලෙස හැසිරෙනු දැක ඊට හදිසි අවේගයක් ඇති කර ගත් තරුණයා විසින් ඔහුට සිදු කරන ලද පහර දිමක් නිසා මිය ගිය බව පොලිසියට දැනට ලැබි ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් මිය යන්නට පහර දිමක් සිදු නොකරන ලද බවයි. පාද වලට පමණක් පහර දුන් බව ද ඔහු කියා සිටිනවා.

ඒ අනුව ඔහු විසින් මෙම ක්‍රියාව සිදු කළේද වෙනත් අයෙකු සිදු කර පහර දිමක් ද යන්න සොයා බැලිමය පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පවසනවා. (hirunews)

26 February, 2017

මැතිව්ස් යළිත් ඉවතට !

ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මැතිව්ස් එම තරගාවලියට එක්වන බවට පසුගියදා වාර්තා පළව තිබුණා.

ලබන 28 වනදා එම සංචාරයට සහභාගීවන කණ්ඩායම නම් කිරීමට නියමිතව තිබෙනවා.

angelo-mathews-03

_නෙත්