26 May, 2017

තරුෂි ආයෙත් මවක් වෙන්නයි සූදානම

Tharushi Perera - 2017.05.26


කාලෙකට පස්සේ ආයෙත් පුංචි තිරයට එකතු වෙලා නේද?

ඔව්. මම හරියට අවුරුදු තුනකට පස්සේ තමයි අලුත් වැඩක් භාර ගත්තේ. මම මගේ පුතා ලැබෙන්න ඉද්දී තමයි රංගනයෙන් ටිකක් අෑත් වුණේ. දැන් පුතාටත් අවුරුදු දෙකක්. ඉතින් මම හිතුවා ආයෙත් රංගනයට එකතු වෙන්න.

කොහොමින් කොහොම හරි දැන් ඔබ ආයෙත් මවක් වෙන්නනේ සූදානම?

ඔව්. ඔව්. මීට අවුරුදු දෙකකට කලින් මේ වෙද්දි මම මාස අටක ගැබිනියක්. ඉතින් මට ආයෙත් මාස අටක ගැබිනියක් වෙන්න ලැබුණා. ඒ සැබෑ ජීවිතයේදී නෙවෙයි. රංගන ජීවිතයේදී. මම මේ දවස්වල සම්බන්ධ වෙන ටෙලි නාට්‍යයේ තමයි මම මවකගේ චරිතයක් නිරූපණය කරන්නේ.

හැබැයි සමහරු හිතුවේ ඇත්තටම තරුෂි ආයෙත් මවක් වෙන්න සූදානම් වෙනවා කියලා නේද?

ඔව්. ඔව්. ගොඩක් කට්ටිය මට කතා කරලා සුබ පැතුවා. මට කතා කළා, මැසේජ් කළා ගොඩාක් අය.

ඇත්තටම පුංචි පුතාගේ තනියට තවත් සාමාජිකයෙක් ගේන්න අදහසක් නැද්ද?

එහෙම සැලසුම් කරගෙන නම් නැහැ. හැබැයි බලාපොරොත්තුවක් නැතිව නෙවෙයි. ඒ දේවල් ලැබෙන විදියට බලනවා.

සැබෑ ජීවිතයේ මවක් වුණු තරුෂිට මේ චරිතය කොයි තරම් සුවිශේෂී වුණාද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහහතක් විතර වෙනවා. ඉතින් මම ලොකු කාලයක් පෙම්වතියගේ චරිතය කළා. මම විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සේ මට නැවත පුංචි තිරයේ මවක් වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ නිර්මාණයට මමත් ගොඩක් කැමැතියි. ඉතින් කැමැත්තෙන්ම වැඩේ භාර ගත්තා.

කාලෙකට පස්සේ වැඩ කරන්න හිතුවේ දැන් හිහඬ වෙලා හිටියා ඇති කියලා හිතුණ නිසාද?

ඇත්තටම මම රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න හිතුවෙ නැහැ. මම විශ්වාස කරන විදියට අපේ ජීවිතය අයිති විශේෂ තැන් තියෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. මම රංගනය හොයා ගෙන ආවේ නෑ. රංගනය කියන්නේ, මට ලැබිච්ච ආශීර්වාදයක් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකකින් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හැදුවා. මට රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න බැරි වුණා. විවාහ වුණාට පස්සෙත් හස්බන්ඩ් ටිකක් අකැමැති නිසා මම ටිකක් රංගනයෙන් අෑත් වුණා. ඒත් අපිට උරුම දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැනේ.

රංගනයට නිවාඩු දුන්න කාලෙත් තරුෂිට වැඩවලට ආරාධනා ලැබෙන්න ඇතිනේ?

ඔව්. මට ආරාධනාවල අඩුවක් තිබ්බේ නැහැ. මට ආරාධනා ලැබුණු නිර්මාණ හතරක් විතර මට අතහරින්න වුණා.

ආයෙත් රංගනයට එකතු වුණාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

ඉස්සර නම් එයා ටිකක් ඒකට අකමැතියි. හැබැයි ලැබුණු චරිතය ගැන තේරුම් කළාම එයා අකැමැති වුණේ නැහැ. එයා කැමැති නැත්තේ මම ගොඩක් කාර්යබහුල වෙනවාට. නමුත් එයා දන්නවා මම පරිස්සමට තෝරලා බේරලා ඒ දේවල් කරනවා කියලා.

රංගනයට ආවා කියලා තරුෂි පුතා වෙනුවෙන් ඉටු කරන වගකීම් මඟහැර ගන්නෙත් නැතිව ඇති?

මම ඒ වගකීම් අතහරින්නේ නැහැ. මගේ පුතා ළඟ මගේ අම්මා ඉන්නවා. පුතා මටත් වඩා අම්මට ආදරෙයි. එයාට ආදරේ නම් උපරිම ලැබෙනවා. මම ෂූටිං එන්නෙත් පුතාගේ කෑම බීම ටික හදලා. මට ෂූටිං තියෙන්නේ කොළඹනේ. ඉතින් මම මට විවේකය ලැබෙන හැම වෙලාවෙම පුතාව බලන්න ගෙදර යනවා.

දැන් තරුෂි ඉස්සටත් වඩා තෝරා බේරා ගැනීම් කරනවාද?

ඔව්. ඉස්සර නම් දුර පළාත්වලට ෂූටිං යන්න වුණත් භාරගන්නවා. හැබැයි දැන් මම වැඩක් භාර ගනිද්දී ගොඩක් දේවල් හිතනවා. දුර තියෙන නිර්මාණයකට වුණත් යන්නේ ගොඩක් දේවල් ගැන හිතලා. ඉතින් මට කලබලයක් නැහැ. මේ ආවා වගේම හො¼ද නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

තරුෂි කර කර හිටපු මිල්ලෑවේ වලව්වට මොකද වුණේ?

මගේ පිටපතකට අනුව තමයි ම්ල්ලෑවේ වලව්ව නිර්මාණය වෙන්නේ. මගේ යාළුවෝ කිහිප දෙනෙක් තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. නමුත් අධ්‍යක්ෂවරයාට තියෙන කාර්යබහුලත්වය එක්ක ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන් කෙරිලා නැහැ. ඒ නිසා මට ආයෙත් ඒ වැඩේට අත ගහන්න වෙනවා. ඒ වැඩේට වගකීමෙන් මැදිහත් වෙන්න ඕන නිසා මම සමහර ලැබුණු වැඩ පවා මඟ හැරියා.

සැමියා ඉන්නේ විදේශ ගතවනේ. තරුෂිත් විදේශ ගත වෙයිද?

නවතින්නම බලාගෙන විදේශ ගත වෙන්න සූදානමක් නැහැ. මම එහේ ගිහින් එන්න යයි. හස්බන්ඩ් වුණත් පුළුවන් වෙලාවට ලංකාවට එනවා. රැකියාව ගැනත් හිතන්න ඕනෙනේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුෂි ආයෙත් මවක් වෙන්නයි සූදානම"

    Post a Comment