10 January, 2017

පිපෙන්නෙ නැති පොහොට්ටුවක් තියාගෙන අප්පච්චිලා ආණ්ඩුවට පුප්පනවා

pipenne-nethi-10-1-2017

එසේ කියා සිටියේ පෙරේදා (08දා) ගාල්ලේ පැවැති එජාප පාක්‍ෂික හමුවක් අමතමිනි.

මේ උදවියගේ ක්‍රියාකලාපය බලන විට අපිට පේන්නේ මේ අය බෞද්ධ නෙවෙයි. පන්සිල් ගන්නේ තොප්පිය දාගෙන. මේ අය කියන්නේ වැදි බණ. ඒ වැදි බණ අහන්න හම්බන්තොට මිනිස්සු කැමැති වුණේ නෑ. හම්බන්තොටදී ගුටිකාලා රෝහල්වල ඉන්නේ හම්බන්තොට මිනිස්සු නෙවෙයි. සැබෑ හම්බන්තොට ජනතාව සිටියේ අපි සමඟයි. ඒ මිනිස්සු ගල් මුගුරු අතට ගත්තා මේ දිඝම්භරන් නිකායේ අයට සලකන්න. නියම හම්බන්තොට ජනතාව වියරු වැටිලා රාජපක්‍ෂලාට විරුද්ධව. ඇත්ත තත්ත්වය ඒකයි.

රාජපක්‍ෂලා දශක ගණනාවක් තිස්සේ හම්බන්තොටට කළේ බොරුව. තමන්ගේ ප්‍රතිරූපය හදන්න කරපු ව්‍යාපෘති විතරයි කෙළේ. ඒ පළාතේ තරුණ තරුණියන්ට රැකියා දෙන ව්‍යාපෘතියක්වත් මේ අයට හදන්න බැරි වුණා. අඩු ගානේ හිරමනයක්වත් හදන ව්‍යාපෘතියක්වත් මේ අයට ගේන්න බැරි වුණා. ඒ නිසා හම්බන්තොට මිනිස්සු වියරු වැටිලා ගල්මුල් අතට ගත්තා රාජපක්‍ෂවරුන්ට විරුද්ධව.

පිපෙන්නෙ නැති පොහොට්ටුවක් තියාගෙන හම්බන්තොට මිනිස්සුන්ට රැකියා දෙන්න හදන කොට ආණ්ඩුවට පුප්පනවා. මේ අයට හම්බන්තොට මිනිස්සුන්ට පුප්පන්න, කොල්ලෝ කෙල්ලෝ රවටන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි මේ ගමන නතර කරන්නේ නෑ. අපි රැකියා දස ලක්‍ෂයක් පොරොන්දු වුණා. ඒවා දෙන්න හදන කොට මේ අය කෑගැහුවට අපි අපේ වැඩේ කරනවා.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිපෙන්නෙ නැති පොහොට්ටුවක් තියාගෙන අප්පච්චිලා ආණ්ඩුවට පුප්පනවා"

    Post a Comment