09 January, 2017

සැකකරුවෙකු මියයෑමේ චෝදනාවට පොලීසියේ පහක් පෝරකයට ගිය කතාව

death-penalty-suspect-mortality-badulla-remand

පොලීසියේ පස්දෙනෙකුටයි සිවිල් ආරක්ෂක බළකායේ පුද්ගලයෙකුටයි අද මරණ දඩුවම නියම වුණා.

ඒකට හේතුව බදුල්ල පොලීසියේ සිර මැදිරියක් තුළ සැකකරුවෙකු මියයාමේ සිද්ධියක්.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ නිදන් ගොඩගැනීමට එක්වුනා කියන චෝදනාවකට.

ඔහු පොලිස් සිරමැදිරිය තුළ අභිරහස් ලෙස මියගොස් සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් එදින රාජකාරියේ නිරත පොලිස්
නිලධාරීන් ඇතුළු 6දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව අද දිනයේ තීන්දුව ප්‍රකාශ කළා.

අදාළ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන්ට බදුල්ල මහාධිකරණයෙන් අද මෙලෙස මරණය දඩුවම නියම කළා.



_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සැකකරුවෙකු මියයෑමේ චෝදනාවට පොලීසියේ පහක් පෝරකයට ගිය කතාව"

    Post a Comment