Showing posts with label Photos. Show all posts
Showing posts with label Photos. Show all posts

23 August, 2017

ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයත් යුගදිවියට (Photos)

akila-dananjaya-wedding
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජය අද (23) යුගදිවියට පිවිසුණා.

ඔහු අතගත්තේ නෙතාලි ටෙක්ෂිලා සමඟින්.

දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩක රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් විසිනුයි.

මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප පහතින්.

akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding
akila-dananjaya-wedding

18 August, 2017

කෝලි දඹුල්ලේ සිරි වනන අතරේ කපූ අනුෂ්කා එක්ක සෙල්ෆි ගහලා (Photos)

TITLE
විරත් කෝලි/අන්ෂ්කා ෂර්මා/චාමර කපුගෙද
පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුලු ක්‍රීඩංගණයට පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායක විරත් කෝලි ලංකාවේ ලස්සන ගැන සඳහන් කරමින් ට්විටර් සමාජ ජාලය වෙත ඡායාරූපයක් එක්කර තිබුණා.


► එක්දින තරඟයට බලාගෙන ඉන්න කෝලි ලංකාව ගැන ලෝකෙටම කියපු කතාව


මෙ අතර චාමර කපුගෙදර අනුෂ්කා ෂර්මාත් සමඟ ලබාගත් සෙල්ෆිය ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණා.

virat-kohli-anushka-kapugedara
චාමර කපුගෙදර අනුෂ්කා ෂර්මාත් සමඟ ලබාගත් සෙල්ෆිය ඡායාරූපයක්...
අනුෂ්කා - කෝලි ආදර කතාව මේවන විට කිසිවෙකුට රහසක් නොවෙයි. දෙදෙනාම මේ දවස් වල සිටින්නේ ලංකාවේ. කෝලි යන යන තැන දැන් අනුෂ්කත් දැකගන්න ලැබීම සුලබ දසුනත් වෙලා. පසුගිය දින කිහිපයේදීම ලංකාවේ ලස්සන තැන් බලන්න ගිය මේ යුවළ ගියා කියලත් ආරංචි වුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ක්‍රිකට් රසිකයින් සමග ඡායාරූප වලට පෙනී ඉන්නත් මේ දෙන්නා අමතක කළේ නැහැ.




16 August, 2017

දහසක් බලාපොරොත්තු මැද ශ්‍රී ලංකා පිල මාලිංගත් සමග දඹුල්ලට (Photos)

sl-team-to-dambulla-malinga-thilanga
කණ්ඩායම පිටත්වන අවස්ථාවට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටි අතර ටෙස්ට් තරඟාවලියට එක් නොවූ ලසිත් මාලිංග මහතාද දැකගත හැකිවුණා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ල බලා පිටත් වුණා.

ඒ සංචාරක ඉන්දියානු කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහායි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වන අවස්ථාවට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටි අතර ටෙස්ට් තරඟාවලියට එක් නොවූ ලසිත් මාලිංග මහතාද දැකගත හැකිවුණා.

දෙරට අතර පැවත්වෙන පළමු එක්දින තරඟය අගෝස්තු 20වැනිදා පැවැත්වීමට නියමිතයි.

sl-team-to-dambulla
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ල බලා පිටත් වුණා

12 August, 2017

කවුද මේ සමාජ ජාලවල හුවමාරු වන "පඟර නැට්ටා"? (Video/Photo)

pangara-netta
කවුද මේ සමාජ ජාලවල හුවමාරු වන "පඟර නැට්ටා"
"පගර නැට්ටා.. දැකල නෑ නේ ඕන්", "ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය", "පඟර නැට්ටා...අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ"

ඉහත දැක්වෙන ශීර්ෂ පාඨ යටතේ "පඟර නැට්ටා" නමැති සතෙකුගේ යයි සඳහන් ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

එසේ එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකය.

pangara-netta
එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකය
ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සමහරෙක් එය සැබෑවක් යයි සලකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබිණි.

එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

pangara-netta
ගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි

pangara-netta
ගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි

pangara-netta
ගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි

"පඟර නැට්ටා" සහ මුගටියා

කවුද මේ සමාජ ජාලවල හුවමාරු වන "පඟර නැට්ටා"

මේ අතර පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවය.

මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

"කිසිම ක්ෂීරපායී සතෙක් නැහැ පාද රහිත. එවැනි සතෙකුට ගොඩබිම ජීවත් වෙන්නත් බැහැ කියන දේ තේරුම් ගත යුතුයි."

"අනෙක් කාරණය තමයි මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ"


මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර පළ කිරීමෙන් සමාජ ජාල තුළ වැරදි අවබෝධයක් ඇති විය හැකි බව කී නීතිඥ ජගත් ගුණවර්ධන එය ව්‍යාජ ඡායාරූපයක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කළේය.

"එවැනි දේවල්වලින් අපි පරිස්සම් විය යුතුයි. ජනතාවත් දුටු පමණින් එවැනි දෑ විශ්වාස නොකළ යුතුයි. මේවට අපි කියනවා ව්‍යාජ පුවත් නැතිනම් ෆේක් නිව්ස් (Fake News) "

"පඟර නැට්ටා" යන යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින යෙදුමකි.

සිංහල භාෂාව

සිංහල කටවහරට එක් වන වචන

එවැනි යෙදුමක් සිංහල භාෂාවේ නැතත් කතා කරන භාෂාවට වරින් වර එවැනි වචන එකතුවන බව සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

"එවැනි වචන භාෂාව තුළ මුල් බැස ගන්නේ නැහැ. කලක් ගිහින් නැති වෙනවා" යනුවෙන් කී සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක, ඊට උදාහරණ දෙමින් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් හැඳින්වීමට කලක් "වාලක්කඩියා" යන වචනය භාවිත වූ බවය.

ඒ ආකාරයට බලන විට "පඟර නැට්ටා" යන යෙදුම යමකු අපහාසයට ලක් කිරීම සඳහා සාදා ගත්තක් බව පෙනෙන්නට ඇතැයි සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණ එකිනෙකට වෙනස් විය හැක.

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  1. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  2. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

  1. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.
  2. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  3. අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  4. අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  5. අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  6. ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  7. අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක. (බීබීසී)

10 August, 2017

මේ ඔක්කොම කොට්ට - ඒත් ඔයාගේ උකුල තමා පට්ට - අලුත්ම වැඩකින් බුකිය කැළඹූ අපූරු තරුණයා (Photos)

me-okkoma-fb-new-trend
FilePhoto
තරුණයෙකුගේ ඡායාරූප පෙලක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

මේ ඔක්කොම මම ඔයාට දුන්න වලලු මට ඔයාගෙන් ලැබුණ එකම දේ කඳුලු,මේ ඔක්කොම විදුලි බුබුලු ඔයා නිසා මගේ ලෝකෙ තාම අඳුරු, වැනි විවිධ වැකි එම ඡායාරූපයන්හි සටහන් කර තිබෙන අතර මෙයට බොහෝ දෙනාගෙන් උනුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙල පහතින්..

me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


me-okkoma-fb-new-trend
ඔක්කොම මම ඔයාට.. බුකිය කැළඹූ අපූරු තරුණයා


08 August, 2017

නීලාවරී 'නාග කන්‍යා' ළිං පතුලෙන් නා ලොවට පාරක් තිබේද? (Video/Photo)

Neelawari Naga Kanya Well

පතුලක් නැති ළිඳක් ඇති බව පිළිගැනීමට පවා ඔබ අකමැති වනු ඇත. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසු එතෙක් යාපනයේ අර්ධද්වීපයේ අප්‍රකටව පැවති මෙම පතුල නැති ළිඳ පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් ලැබුණි.

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික මුහුණුවරක් ගත් මෙහි පිහිටි පොකුණක ස්වරූපය ගත් මෙම පතුලක් නොමැති ළිඳ හැඳින්වෙන්නේ ‘නාවක්කන්නි’ ළිඳ යනුවෙනි.

‘නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබේ.

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බව කියනු ලැබේ.

මෙම නීලාවරී ළිඳ පිළිබඳව දෙ‍වන ජනප්‍රවාදය වන්නේ රාම රජු හා යුද කොට රාම කුමරුන් සීතා දේවිය රැගෙන ඉන්දියාවට යන ගමනේ දී ඇයට ඇති වූ දිය පිපාසය සන්සිඳවනු පිණිස රාමකුමරුන් තම ත්‍රිශූලයෙන් පොළවට ඇන මෙම ළිඳ කපා දිය මතු කර ගත් බවය.

එමෙන්ම බුදුරාජාණන් වහන්නේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට දිය පිපාසයක් දැනුණු බවත් එවිට ශක්‍රදේවේන්ද්‍රයා විසින් උන්වහන්සේට පැන් පානය කිරීමට මෙම ළිඳ නිර්මාණය කළ බවත් පැවසේ.

සාමාන්‍යයෙන් ළිඳක් යැයි ව්‍යවහාර වූවද බාහිර ස්වරූපය අනුව මෙය ළංවන්නේ පොකුණකටය. එම පොකුණට බැසීමට අඩි 20 ක පමණ පිය ගැට පෙළක් ද තනා තිබේ.

පැරණි සිතියම්ගත ලේඛනයන්හි වඩදිය බාදිය ළිඳක් (Tidel Well) ලෙස ප‍්‍රකට මෙම ළිඳ පිළිබඳව තවත් විවිධ ජනප‍්‍රවාද පවතී.

ඉතා නිල්වන් පැහැදිලි ජල වර්ණය (Astonishing aqua marine) මෙම ළිඳට අලංකාර ස්වභාවික පිහිටීමක් එක්කර ඇත. මෙම පත්ල නොමැති ළිඳ පිළිබඳව විවිධ අවස්ථාවන්හි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විණි.

ඒ අතරින් 2013 වර්ෂයේ අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් මගින් ගවේෂණයක් සිදුකිරීම කැපී පෙනේ. හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමූහික කැප කිරීම මත මෙතෙක් පැවැති ළිඳ සම්බන්ධ ගුප්ත විශ්වාසයන්ට තිත තැබිණි.

එනම් මෙම ළිඳේ පත්ල අනාවරණය කර ගැනීමයි. ඒ අනුව මෙහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක ප‍්‍රමාණයක් වන බව නිගමනය කෙරුණි.

පතුලක් නැති ළිඳක් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව භූ විෂමතා ආශි‍්‍රත සටහන් තුළින් හෙළිදරව් කෙරෙනුයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප‍්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා කැඞී යෑමෙන් හෙවත් ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රදේශයේ පවතින හුණුගල් පාෂාණය කාලාන්තරයක් තිස්සේ සාමුද්‍රික බලපෑමට ලක්ව ඛාදනය වීම නිසා මෙම ළිදෙහි පත්ල සහ මුහුද අතර කුහර නිර්මාණය වී ජලජමය සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව මෙහි මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙසද පවතිනු ඇතැයි ඔහු කීය.

එමෙන්ම මෙම ළිඳ සහ කන්කසන්තුරේ පිහිටි කීරමලෙයි පොකුණ අතර අන්තර් ජලජ සම්බන්ධතාවයක් ඇති බව යාපන වැසියන් ‍ප්‍රකාශකරන බව කී ආචාර්ය අරුලානන්දන් මහතා නීලාවරි ළිඳට දමනු ලබන දෙහි ගෙඩි, පොල් කැබලි ආදී පූජා භාණ්ඩ කිරමලේ පොකුණෙන් මතුවන පුවත එක් වරම විද්‍යතාත්මකව බැහැර කළ නොහැකි බව ද කීය.

යාපනය අර්ධද්වීපයේ කෝපායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග‍්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ළිඳ ‘නීලාවරි’ පොකුණ වශයෙන් 1486/2007/02/23 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට තිබේ.

මෙය මෙම ළිඳට අමතරව පුරාවිද්‍යාත්මක සාධක සහිත භුමියක් ද වෙයි.

පෘතුගීසි සමයේ යාපනයේ විසූ පිලිප් බැල්දියුස් දේවගැතිවරයාගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවත්, එම ස්ථානයේ සිංහල හා පෘතුගීසින් අතර සටනක් පැවැති බවත් සඳහන් කරයි.

එසේම 1917 වර්ෂයේ එවකට යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් විසින් යාපනය පිළිබඳව තබන සටහනේ ද මෙම ස්ථානය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව ඉහත නම සඳහන් ළිඳට අමතරව බෞද්ධ නටබුන් රැසක් එහි තිබූ බව ද පවසයි.

මෙම ළිඳ සමීපයෙන් හමුවූ බුද්ධ ප‍්‍රතිමාවක් මේ වන විට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. වර්තමානයේ වුව හුණුගලින් නිර්මිත දාගැබ් ද්විත්වයක නටබුන් ඒ අසල භූමියේ දැකිය හැකිය. එමෙන්ම මෙම ස්ථානයට යාබඳව පැරණි බෝධි වෘක්ෂයක් ද දැකිය හැකිය.

බැල්දියුස්ගේ දේශාටන වාර්තාවල සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ ”බුද්ගමුව” නමින් හැඳින්වූ ගම්මානයට අයත්ය. කි‍්‍ර. ව. 1053 වර්ෂයේදී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කරවූ බව ඉතිහාසයේ එයි.

ඒ අනුව නාගග්‍රෝතික සහ රාම රාවනා පුරාවෘත්ත වල සිට බෞද්ධ ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක සහිත ස්ථානයක් වශෙන් වැදගත් වන මෙම නිලාවරි ළිඳ ජාති ආගම් බේදයකින් තොරව අප කාගේත් පොදු උරුමයක් සේ සල කිය හැකිය.



Neelawari Naga Kanya Well - 2017-08-08-21-45-41

(ලක්බිම)

07 August, 2017

අති සාර්ථක ලෙස හැඬ කළ සිත්තමක් අවසානයේ හුස්ම ගත් හැටි මෙන්න

Love Couple Live Art

සිත්තමක් සාර්ථකව නිමකරන්න ඉවසීම තියෙන්නම ඕනේ. ඒ වගේම සොඳුරු හදවතක් තියෙන කලාකාමී චරිත සිදුකරන සමහර සිතුවම් හරිම අපූරුයි.

ඒ විදිහේ හුස්ම ගන්නවා වගේ ජීවමාන සිත්තම් පෙලක් අන්තර්ජාලයේ හුවමාරු වෙද්දි අපිට හමුවුණා. මෙම සිතුවම සැබෑ මිනිසුන් දෙදෙනෙකු විදිහටම ඇඳ තිබීම එහි විශේෂත්වයයි.

එම සිතුවම් පහතින්.

Love Couple Live Art - 02