05 May, 2017

ඇතුළුවෙන්න 2000යි - පැයට 5000යි - පැය 4ට වැඩිවුනොත් 15000යි – පැපිලියානේ සුපිරි පොට්එක

prostitutes Spot Pepiliyana

බොරලැස්ගමුව පැපිලියාන පාරේ වායුසමනය කරන ලද සුඛෝපභෝගී දෙමහල් නිවෙසක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පෙරේදා (03) අලුයම වැටලූ මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකය සුරූපී තරුණියන් හත්දෙනෙකු සමග කළමනාකරු ලෙස කටයුතු කළ යුද හමුදා හිටපු බුද්ධි සෙබළාද අත්අඩංගුවට ගැනීමට සමත්විය.

එම සුරූපී තරුණියන් අතර අවිවාහක තරුණියන් තිදෙනකු ද, දික්කසාද වූ කාන්තාවක හා විවාහ වූ කාන්තාවන් තිදෙනෙකු ද සිටි බව පොලීසිය කියයි.

ඇතුළුවීමේ ගාස්තු වශයෙන් රුපියල් දෙදහසක මුදල් අයකර සුරූපී කාන්තාවන් ඉහළ මිල ගණන්වලට මුදලට විකුණන ස්ථානයක් පැපිලියාන පාරේ තිබෙන බවත්, එය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස නාම පුවරුවේ සදහන් කර ඇතත් මෙවැනිම ජාවාරමක් හේතුවෙන් එම බලපත්‍රය අත්හිටුවා ඇති බවට පොලීසියට ලද රහසිගත තොරතුරකට අනුව ගංගොඩවිල අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුව වැටලීම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් උපාය දූතයකු සුරූපී තරුණියක් මිලදී ගන්නා පුද්ගලයෙකු ලෙස සැරසී සුඛෝපභෝගී මෝටර් රථයකින් එම ස්ථානයට ගොස් රුපියල් දෙදහස මුදලක් ඇතුළුවීමේ ගාස්තු වශයෙන් කළමනාකරුගේ උපදෙස් මත ගෙවා ඇති අතර, තරුණියන් රැදී සිටින ස්ථානය වෙත ඔහුව යොමු කර මදවේලාවක් ගත වෙද්දී උපාය දූත පොලිස් නිලධාරියා අවට රැකවල්ලා සිටි දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්.යූ.බී. සමරසිංහ මහතාට ජංගම දුරකථනය හරහා ලබාදුන් රහසිගත සංඥාව අනුව එම ස්ථානය වැටලූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සුපිරි පැලැන්තියේ පුද්ගලයන් පැමිණෙන මෙම ගණිකා මධයස්ථානයේ කාන්තාවක් පැයක පමණ කාලයක් ඇසුරු කිරීමට රුපියල් පන්දහසක අවම මිලක් අයකර ඇති අතර, පැය හතරක් හෝ ඊට අධික වේලාවක් ඇය සමග ගතකරන්නේ නම් රුපියල් පහළොස් දහසේ සිට ඉහළ මිලක් අය කරන බව සිදු කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

සුපිරි දෙමහල් නිවසේ ඉහළ මහල සියලු පහසුකම් සහිතව කාමර පහක් පිහිටා තිබෙන බව පොලීසිය කියයි.

අත්අඩගුවට පත් කාන්තාවන් මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානයේ සේවය සදහා යොමුව ඇත්තේ දැඩි කැමැත්තෙන් බවද එයට හේතුව අන් මධ්‍යස්ථානවලට වඩා ඔවුන් වෙත ඉහළ වැටුපක් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයන්ද ධනවත් පුද්ගලවීම බව පොලීසිය කියයි.

පොලිස් අත්අඩංගුවට පත්වූ සුරූපී කාන්තාවන් කුරුණෑගල, ගාල්ල, රත්මලාන, මීගමුව හා මාතර පදිංචි වයස අවුරුදු 19 හා 24 පසුවන්නියන් බව පොලීසිය කියයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙහෙයවන මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන යන වායු සමනය කරන ලද සුඛෝපභෝගී දෙමහල් නිවෙස රුපියල් එක් ලක්ෂ පනස් දහසක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇතුළුවෙන්න 2000යි - පැයට 5000යි - පැය 4ට වැඩිවුනොත් 15000යි – පැපිලියානේ සුපිරි පොට්එක"

    Post a Comment