Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

26 September, 2017

උඹලා අම්මා මෙිවා බලනවාද නැත්නම් මැරිලාද – පියුමිගේ "තන් විකුණා" වීව්ස් ගත්තු ඉරාජ් ලද ප්‍රතිචාර

piyumi-hansamali-denuna

► පියුමිගේ නිරුවතට මුවාවූ අහම්බකාරකයක් වූ ඉරාජ් ඇත්තටම "දැණුනා" නුඹේ කුණු ගඳ ලෝකෙටම

මිනිසුන් සතුන් ලෙස ජීවයක් ලද සියල්ලන් ස්වභාවධර්මයේ යම් කොටසක් ඉටුකිරීමට මෙලොව ජීවය ලද්දන් ලෙස අප කවුරුත් පිළිගන්නා කාරණයකි.

එසේ වුවද ඒ අතර මෙලොවට අහම්බෙන් මෙන් පැමිණියන්ද නැතුවාම නොවේ.

ඉරාජ් වීරරත්නද එලෙස පැමිණියෙක් බව ඊයේ ඔහු විසින්ම සාක්ෂ්‍ය සමඟම ඔප්පුකර පෙන්වීය.

ඒ මෙරට කළාකෙත සරුසාරව අස්වද්දන ලද මහා කළාකරුවකු වන වික්ටර් රත්නායකයන්ට අපහාස වන පරිදි නිර්මාණය කළ රූප රචනාවක් සමඟ වචන පෙලක් ඇතුලත් පහත් නිර්මාණයක් අන්ර්ජාලයට මුදාහරිමින්.

"දැණුනා" ලෙස නම්කර තිබූ එම ගීතයට රංගනයෙන් දායක වී තිබුනේද මුදල් පමණක් අරමුණු කරගනිමින් කිසිඳු හරයක් නැති පහත් නිර්මාණයන්ට රංගනයෙන් දායක වූ විල්සන් කරුණාරත්න සහ පියුමි හංසමාලි යන අයයි.

විල්සන් කරුණාරත්නගේ දශමයක් හෝ ගැනීමට යමක් ඇතත් වෛශ්‍යාවක් වන් වූ පියුමි හංසමාලිගේ නිරුවත හැරෙන්නට ප්‍රේක්ෂකයන්ට ගත හැක්කේ කුමක් ද?.

piyumi-hansamali-denuna

වික්ටර් රත්නායකයන් අපට වටින්නේ ඔහුගේ පෞද්ගලික චරිතය හරහා නොව, ඔහු විසින් රටට කළ උසස් කළා නිර්මාණයන් හරහාය.

රත්නායක පවුලේ සිදුවූ පෞද්ගලික ප්‍රශ්න අදාළ වන්නේ ඔවුන්ට පමණක් වන අතර දෙදෙනෙකුගේ කැමැත්තෙන් වන එවැනි බැඳීම් ගැන අපට ප්‍රශ්න කිරීමට ඇති අයිතිය කුමක්ද?

එම බැඳීමේ අවසානය වික්ටර් රත්නායකයන්ට දුකක් වුවද සතුටක් වුවුද එය ඔහු විසින් තෝරාගත් ඔහුගේ ජීවිතයයි.

අප රට තවමත් සිටින්නේ යුග ගනනක් දුරිනි. අප රට එකතැන මන්දගාමීව ගමන් කරන්නේද මෙම ආකල්පයන් හේතුවෙනි.

නවීන තාක්ෂණයත් සමඟින් ජාත්‍යන්තරය ජයත්තා යැයි උදම් අනන ඉරාජ් තුළද ඇත්තේ එම දූපත්වාසී මානසිකත්වයම පමණයි.

ඉරාජ් ඔබත් තවත් "අබිලිං" මාමෙක් පමණි. මෙය ලියන මා ඔබට වඩා වයසින් අඩු අයෙකි. මා බලා සිටිමි. ඔබටත් හැට පැන්න කළ "දැණෙන" හැටි අපත් බලා සිටිමු. එතෙක් නවතිමි.

(අදාළ වීඩියෝව පහතින් දමන්නේ නාසය වසාගෙන බව කාරුණිකව දන්වමි. ඒ සියල්ලන්ට තේරුම් ගැනීම සඳහා පමණි. ඒ හරහා ඉරාජ්ගේ වීඩියෝවට සම්බන්ධ නොවන හෙයින් ප්‍රෙක්ෂක නැරඹීම් (Views) වැඩි නොවන බව කාරුණිකව සළකන්න.)


මේ සඳහා ලැබී තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් කිහිපයක්.

16 August, 2017

උදයන්තිගේ රෙදි යලිත් ගැලවේ - මෙවර වසනාවන්තයා ධනුක...!!! (Video)

udayanthi-danuka-denena-duka
උදයන්ති කුලතුංග/ ධනුක දිල්ෂාන්
හරි ක්‍රියේෂන් නිශ්පාදනයක් වන ප්‍රභාත් අකලංකගේ දැනෙන දුක ගීතයේ රූප රචනය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

උදයන්ති කුලතුංගගේ සරාගී දර්ශන කිහිපයකින් මෙම වීඩියෝව සමන්විත වන අතර නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී ධනුක දිල්ෂාන් මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරනවා.

ගීත වීඩියෝව පහතින්.



udayanthi-danuka-denena-duka
උදයන්ති කුලතුංග/ ධනුක දිල්ෂාන්

udayanthi-danuka-denena-duka
උදයන්ති කුලතුංග/ ධනුක දිල්ෂාන්

udayanthi-danuka-denena-duka
උදයන්ති කුලතුංග/ ධනුක දිල්ෂාන්

udayanthi-danuka-denena-duka
උදයන්ති කුලතුංග/ ධනුක දිල්ෂාන්



26 July, 2017

වීඩියෝ ජනප්‍රිය කරගන්න නිරුවතින් දඟලන කාලයක ජනිත් මනීෂත් එක්ක කරපු අලුත්ම සිංදුව මෙන්න

Janith Iddamalgoda - 2017-07-26_16-58-52

සිංදුවක් හිට් කරගන්න ගොඩක් ගායකයෝ දැන් කරන්නේ වීඩියෝ එකක් කරලා ඒකට සෙක්ස් කෑලි ටිකකුත් එකතු කරලා සිංදුව හිට් කරගන්න.

පහුගිය කාලය පුරාම එහෙම කරලියට ආපු ගීත බොහොමයක් තිබුණා.

එහෙම කරපු ගොඩක් අය හිතන්නේ සිංදුවකට එහෙම වීඩියෝ එකක් කලහම ඒ සිංදුව යූටියුබ්වල ඉහළටම එයි කියලා.

ඒත් එහෙම කාගෙවත් නිරුවතක් එළි දක්වන්නේ නැතිවත් සිංදුවක් ජනප්‍රිය කරගන්න පුළුවන් කියලා ජනිත් ඉද්දමල්ගොඩ පෙන්නලා දීලා තියෙනවා.

ඒ සිංදුව තමයි “දුටු දා ”

ඉතින් ජනිත් ගේ මේ “දුටු දා ” ගීතය මේ වෙනකොට යූටියුබ් වල ඉතාමත් ජනප්‍රිය සිංදුවක් වෙලා.


Janith Iddamalgoda - 2017-07-26_16-57-06

18 July, 2017

ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව

IRAJ - Cleopatra Ft. Kaizer - Izzy - Romaine Willis

ඉරාජ් වීරරත්නගේ අලුත් නිර්මාණය ක්ලියෝපැට්රා චිත්‍රපටය කියලා අපි ඔබට කිව්වනේ.

ඒ වගේම මේ අලුත් නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි එය ගීතයකින්ද සමන්විත වනවා කියලා තමයි ඉරාජ් කියලා තිබ්බේ.

සමාජශාලා වල රහසිගත සිදුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. මේ කතාව ඒ සමාජ ශාලාවක සේවය කරන තරුණියක් වටා ගෙතුණු කතාවක්.

ඉතින් මෙම චිත්‍රපටයේ අඩංගු ගීතය ඊයේ දිනයේ අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා.

ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම චිත්‍රපටය ඉදිරි දින කිහිපයේ අන්තර්ජාලයට එක් කිරීමට Iraj production ආයතනය තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

15 July, 2017

08 පංතියේ හෙෂ් එක්ක ඩෙලෝන් පනින අළුත් පිම්ම

Masitha Rawata - HESH & Delon

අද බොහෝ දෙනා ජාත්‍යන්තර මට්ටම යාමට සිතා බොහෝ නිර්මාණයන් සිදුකර තිබෙන බව අප කවුරුත් දන්නා කාරණාවක්. නමුත් ජාත්‍යන්තර මට්ටමට වීඩියෝවක් නිර්මාණය කර තිබෙන බව කිව්වොත් කිසිඳු වරදක් නොමැත. මේ මියුසික් වීඩියෝ එක ලංකාවේ ගායකයෙක්ගේ කිව්වොත් ඔයාලා පුදුමවේවි.

මේ ඒ දවස්වල ‘08 පංතිය’ මියුසික් වීඩියෝ එක කරපු හෙෂ්ගේ අලුත් මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක මේ වනවිට යූටියුබ් ජාලයට එකතු වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක රිලීස් කරලා පැය 48ක් ඇතුළත ලංකාවේ යූටියුබ්වල මියුසික් කැටගරි එකේ අංක එකට පත්වුණා.

ලංකාවෙම ප්‍රසිද්ධ ඇමෙරිකාවේ ජීවත්වන ඩෙලොන් එක්ක තමයි මේ මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ. දැනට ලංකාවේ කරලා තියෙන වීඩියෝ අතරින් මේක ලොකු වියදමක් දරපු වීඩියෝ එකක් කියලා තමයි අපට ආරංචි වුණේ.

මෙම වීඩියෝවට ලංකාවේ දකින්න අඩු දුර්ලභ ගණයේ මෝටර් රථ 04ක් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව මේ විඩියෝ එක ෂූට් කරලා තියෙන්නේ ඩුබායි, අබුඩාබි සහ ලංකාවේ මීගමුව පැත්තේ.

මේ කාර්යය සඳහා විදෙස් ජාතික අධ්‍යක්ෂකවරු, කැමරාකරුවන් ඇතුළු කණ්ඩායමක් තමයි මේ දේ සිදුකරලා තියෙන්නේ. මේ කාර්යය ලංකාවේදී සිදුකරද්දී ලංකාවේ අධ්‍යක්ෂක ඉන්දික වික්‍රමරත්න දායක වෙලා තියෙනවා. එහි වීඩියෝවේ ප්‍රචාරක පටය මෙහි දැක්වෙනවා.



Masitha Rawata - HESH & Delon - 02

Masitha Rawata - HESH & Delon - 03

(saaravita)

24 June, 2017

ආත්ම දෙකක ආදර කතාවක් වූ 'ඔබගෙන් තරම්'

Obagen Tharam - Pradeep Rangana

මියුසික් වීඩියෝ කලාව අද වනවිට ගීතයක් ජනප්‍රිය වීමේ ප්‍රධාන මාර්ගය වී ඇත. එවැනි කාල වකවානුවක එළිදැක්වෙන ඇතැම් ගීත කොතෙක් දුරට සමාජයට, සංස්කෘතියට ගැළපෙන්නේද යන කාරණාව පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් විය. එවැනි කාලීන සිදුවීම් අතරින් විශිෂ්ටත්වයේ ඉහළින්ම ඇති නිර්මාණයක් ලෙස සැලකෙන වීඩියෝවක් පසුගියදා එළිදැක්විණි.

ආත්ම දෙකක් ඔස්සේ දිවයන ආදර කතාවක අවසානයක් පිළිබඳව මෙම වීඩියෝව තුළින් ඉස්මතු වෙයි. එය අප රටේ බොහෝ දෙනා ආදරය කරනු ලබන ගායකයෙකු වන ප්‍රදීප් රංගනගේ නවතම ගීතයය.

රියලිටි තරුමාවත තුළින් ජනාදරයට පත් ඔහු මේ වනවිට ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇත. එමෙන්ම පසුගියදා එළිදැක් වූ නවතම ගීතය වන 'ඔබගෙන් තරම්' ගීතයත් සමගින් ඔහුට ආදරය කරන පිරිස වැඩිවූ බව නම් විශ්වාසය. වෙනස්ම රූප පෙළක් ඔස්සේ නිර්මාණය වූ මෙම ගීතය මේ වනවිට Youtube ජාලයේ ඉහළම නැරඹුමක් සහිත ගීතයක් බවට පත්ව ඇත.

එමෙන්ම Youtube music category හි පළමු තැනටද පත්ව ඇත. නවක අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් සිදුකරනු ලැබූ මෙම ගීතය වෙනස්ම කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වූවකි. ආත්ම දෙකක් තුළ ඇති ආදර කතාවක් විනාඩි කිහිපයක් තුළින් නිර්මාණය කිරීමට හැකි වීම පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ කුතුහලයකි. ඒ නිසාම මේ ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබේ.

  • නිකුත් වූ දිනය - 2017 ජුනි 10
  • ගායනය - ප්‍රදීප් රංගන
  • පද රචනය - ප්‍රදීප් රංගන
  • සංගීතය - ප්‍රදීප් රංගන
  • නැරඹූ සංඛ්‍යාව - 185,576

17 June, 2017

කුටුම්බයේ රස මතු කරන ගීය මා හිත බැඳ ගත්තා

Sriyantha Mendis-2017-06-16_16-51-12

තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ

ගායනය -පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේව
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

සුනිල් ආරියරත්නයන් විසින් රචිත අමරදේවයන්ගේ හ¾ඩින් ඇසෙන "තාත්තා වුණත් මා බත සරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින" ගේය පද රචනය ඉතාමත්ම කන්කලු මිහිරි සරල බවක් පෙනුණත් ගැඹුරක් ගැබ් වී තිබෙන මහා දැවැන්ත මානව අධ්‍යයනයක් විදියට මට පෙනෙන්නේ.

පවුල යන සංකල්පය කවදා කෙලෙස ඇතිවුණාද කියලා නිශ්චිතව සොයා ගන්න බැරි වුණත් සමාජය පවතින්නේ පවුල කියන ඒකකය මත. මීට එකතුවෙන මහා දැවැන්ත චරිත දෙක තමයි මව සහ පියා කියන්නේ.

ප්‍රේමණීය කුටුම්බය තුළ දරුමල්ලන් හදා වඩාගෙන ඔවුන් යහමඟට යවලා ඔවුන්ව පෝෂණය කර බිරිය සහ සැමියාගේ ආදරයද මේ කුටුම්බය තුළ රක්ෂා කර ජීවිතයේ සුන්දරත්වය විඳින පවුලක අසිරිය මේ ගීතයේ කතාව තුළ මැනවින් ගැබ් වී තිබෙනවා.

එහි ගීතමය ප්‍රකාශනය කරන පණ්ඩිත් අමරදේවයන්ගේ අති සුමධුර අති ප්‍රේමණීය, අතිශය හැඟීම්බර ගායනා විලාසය අපව මන්මත් කරවනවා. මේ කාරණා වගේම රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතය මේ ගීතයට මගේ ආදරය හිමිවන්න මුල් වූ ප්‍රධාන කාරණාවක්.

මේ ගීතයේ පියා, තමන් බත සරිකරන මහා පුද්ගලයා වුණත් ඊට වඩා දැවැන්ත කාර්යභාරයක් බිරිය කරන බවට වූ වටිනාකම ඇයට ලබාදී තිබෙනවා. මේ පුංචි කැදැල්ල තුළ තිබෙන අසිරිමත්භාවය ප්‍රකට කරන්නේ ඊට පසුව යෙදෙන මේ කවි පද පෙළින්.

"මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්"

අද කාලේ සමහරු මැසිවිලි නඟනවා මම බිරියට ආදරය කළා. බිරිය මට ආදරය කළා. හැබැයි දැන් එයා මට ආදරේ නෑ. එයා ආදරේ දරුවන්ට විතරයි කියලා. මෙවැනි තත්ත්වයන්ට මේ ගීතයෙන් දැවැන්ත පණිවුඩයක් එකතු කරනවා. දරුවන් වෙනුවෙන් ආදරය දක්වද්දී මුල් දවසේ දුටුවාටත් වඩා ආදරයක් හිතෙන බව සැමියා පවසනවා. මෙය කෙතරම් නිර්ව්‍යාජ, ළෙන්ගතු භාවිතාවක්ද.

"බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇති නිබඳ"

අතදරු පුතුගෙ මුහුණේ නුඹගේ ගුණ තිබෙනවා කියන දෙයින් අදහස් දක්වන්නේ අනෙක් දරුවන්ගේත් ඒ යහගුණ තිබෙනවා කියන එක. ඒ කියන්නේ ඒ මව අනෙක් දරුවන්ව යහමඟට ගෙනැත් ඉවරයි.

මේ ගීතයේ අන්තිම පද පේළිවලින් මගේ හදවත රිදෙන්න ගත්තා. කෙනකුගේ දෙවැනි මව බිරිය කියලා කියනවා. ඒ කියමන ගේය පද රචනාවේ පසක් කරන්නේ මෙලෙස.

"අම්මා කෙනකු මිස නුඹ මගෙ බිරිය ලෙස
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ"

ඇය ස්වාමියාවත් තුරුලු කරගන්නවා. දරුවන්ට සමාන ආදරයක් ඇය ස්වාමියාටත් ලබා දෙනවා. එය නිර්ව්‍යාජ ප්‍රේමණීය හැඟීම් සමුදායක්. බොහොම ප්‍රේමණීය කුටුම්බයක ලක්ෂණ මේ ගීයෙහි පෙන්නුම් කරනවා. මාතෘත්වය, පීතෘත්වය වැනි සමාජයෙන් අෑත් වී යන සංකල්ප හදවතට කිට්ටු කරන්න මේ ගීතය සමත් වෙනවා.

දරුවන්ව දූෂණය කරන පියවරුන් ගැන ඇහුවම, දරුවව විසි කරලා දාන මවුවරුන් ගැන ඇහුවම, දැක්කම මාතෘත්වය, පිතෘත්වය වැනි සංකල්ප බිඳිලා ගිහින් කියලා දැනෙනවා. නමුත් මේ ගේය පද රචනාව තුළ, ඒ වගේම දැවැන්ත ගායන විලාසය තුළ දැනෙන්නේ සමාජය තුළ තවමත් ප්‍රේමණීය ගෘහ කුටුම්බ තියෙනවා කියලා.
මේ ගීතය ගැන කතා කරද්දී කලීම් ජිබ්රාන් කියන මහා දාර්ශනිකයාගේ වැකියක් කියන්න මම කැමැතියි.

ගැහැනිය,ලෝකය පවත්නා සියල්ලම ඔබ තුළ වන්නේය. ඔබ තුළ පවත්නා සියල්ලම ලෝකය තුළ වන්නේය."

මමත් පෞද්ගලිකව කුටුම්බයට බොහොම ආදරය කරන කෙනෙක්. තිස් වසරක ප්‍රේමණීය සැමරුම් පෙළක් මටත් තියෙනවා. මේ ගීතය ඇහෙද්දී බිරිය වෙනුවෙන් තියෙන හැඟීමට තවත් දෙයක් එකතු වෙනවා. ඒ හැඟීම ඇතුළේ සෙනෙහස, දයාව, ප්‍රේමය, ගෞරවය වගේ එකී මෙකී නොකී දේවල් එකතු වෙනවා.

මේ ගීතයට මම තව තවත් ළෙන්ගතු වෙන්නේ ඒ නිසා. මට මේක ඇහෙන ගීතයක් නෙවෙයි. මේක මට හැමදාමත් අහන්න හිතෙන ගීතයක්. ඒ නිසා මේ ගීතය අහන්න අහන්න ගීතයට තියෙන ළෙන්ගතුකම තවත් වැඩි වෙනවා.

මම ශි්‍රයන්ත මෙන්ඩිස් (MB WEB)

03 June, 2017

තොල් සිප ගැනීම් දර්ශණ ඇතුලත් තවත් ගිණිගන්න මියුසික් වීඩියෝවක් (Video/Photo)

Nisandi Kariyawasam - Sragana Roo Trailer

මෙරට ගීත කළාව මේ වන විට විවිධ පැති කරා ඇදී ගොස් තිබෙනවා.

දැන් එහි ප්‍රධානතම අංගයක් වනුයේ ගීත සඳහා නිපදවන රූප රචනයන්.

මේ පහතින් දැක්වෙන්නේ ළඟදීම එළිදැක්වීමට නියමිත ගීතයක රූප රචානාවක හඳුන්වා දීමයි.

මෙහි රංගනයෙන් දායක වන නිරූපණ ශිල්පිනිය නමින් නිසන්දි කාරියවසම් ලෙසයි වාර්තා වන්නේ.




Nisandi Kariyawasam - Sragana Roo Trailer-02

(ඇත්ත විත්ති)

29 May, 2017

මොන Offers ආවත් මම වායෝ දාලා යන්නේ නෑ

mihindu ariyaratne

'මිසිස් පෙරේරා', 'යනතැකන' වැනි ගීතවලින් ජනප්‍රිය වූ ගායකයෙකු ලෙස මිහිඳු ආරියරත්න හැඳින්විය හැකිය. වායෝ සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබන මිහිඳුගේ නවතම ගීතය වන 'දුවනී' ගීතයද පසුගියදා එළිදක්වනු ලැබීය. එම ගීතය පිළිබඳවත්, වායෝ සංගීත කණ්ඩායම පිළිබඳව හා පුන්‍ය කටයුත්තක් වෙනුවෙන් 27 වැනිදා 'වායෝ' පැවැත්වීමට යන ප්‍රසංගය පිළිබඳව මිහිඳු අපත් සමග මෙලෙස පිළිසඳරක නිරත වූවා.

අපි ඉස්සරලාම 'දුවනි' ගීතය ගැන කතා කරමු?

'දුවනි' ගීතය මධුරංග විජේසේකර අයියාගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ‘ ගීතය ලියලා ගීතය නිර්මාණය නොකර අවුරුදු හතරක් පහක් විතර ඔහු ළඟ තිබුණා. ඒකේ තව තනුවක් තිබුණා. එයාම කිවුවා අපි මේක අශාන් මල්ලිට දීලා කරගමු කියලා. මේක සම්පූර්ණයෙන්ම එයාගෙ අදහසක්. එයාගේ ආසාවක් තිබුණා මම ලවා මේක ගායනා කරවන්න.

එයාම තමයි අශාන් මේ වැඩේට හොඳවෙයි, එයාගෙ මෙලඩි ලස්සනයි. ඊට පස්සේ තමයි වැඩේ කෙරුණේ. ඇත්තටම මේ Concept එක එයාගෙ. එයාට වෙච්ච ඇත්ත කතාවක්. ඒක එයාගෙ හදවතින්ම ආව නිසා වෙන්න ඇති මේක මෙච්චර සාර්ථක වුණේ.

ඒ ගීතයට ඔබව තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම මට පෞද්ගලිකව ඒක ලොකු ආඩම්බරයක්. ඒක මගෙ ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා. මනුරංග විජේසේකර කියන්නේ ක්ෂේත්‍ර‘යේ ඉන්න දැවැන්තයෙක්. මට එයා දැවැන්තයෙක්. 'මිසිස් පෙරේරා' කියන ගීතය ලිව්වෙත් එයා. එයා ලියන දේවල්වල ලොකු පරාසයක් තියෙනවා.

හාස්‍යයේ ඉඳලා සීරියස් මාතෘකාවක් වෙනකම් ඕනෙම දෙයක් එයාට ලියන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි එයාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් ගීතයට නගන්න මාව තෝරාගැනීමම මට ලොකු ආඩම්බරයක්. සාමාන්‍යයෙන් තමන්ගේ පෞද්ගලික දෙයක් කරන්න ගන්නේ හොඳයිම කියලා හිතෙන කෙනෙක්නේ. එහෙම මාව තෝරාගත්ත එක ලොකු ආශීර්වාදයක් වගේම ලොකු ජයග්‍රහණයක්.

ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ඇත්තටම හොඳයි. හුඟක් අය කියන දෙයක් තමයි වෙනස් කියන එක. වෙනස කියන එකත් දැන් පරණ වෙලානේ. අලුත් කියන දෙයත් පරණ වෙලානෙ. අපි හැමදාම කරන තේමා තියෙනවා. අපි පොදුවේ කරන තේමා ගත්තාම ඒක වෙනස්ම කතාවක්. ඇත්තටම කියනවානම් කලින් ගීතයට නොනැගිච්ච කතාවක් මේක.

ඒ වෙනස නිසා මගේ රසිකයන් වූ පිරිසකුත් ඉන්නවා. ඒකට හුඟක් කට්ටිය ආදරය කරනවා. අද හිට් වෙලා තියෙන සමහර ගීත එක්ක මේ ගීතය ලොකු හිට් එකක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට කාලයක් රඳා පවතින ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

සංගීත කණ්ඩායමක් සමග වැඩකටයුතු කරන අතරතුර ගායකයෙකු වීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ? කණ්ඩායමත් සමග ගායනයෙන් ඉදිරියට යාමටද බලාපොරොත්තුව?

මගේ බලාපොරොත්තුව සංගීත කණ්ඩායමත් සමගම සිටීම තමයි. තනියම ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම ගිටාර් එකක් අතට ගත්ත ගමන් මියුසික් බෑන්ඩ් පිස්සුව තමයි තිබුණේ. ඒකත් එක්කම ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම ආස දේ තමයි මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරන එක. ඒ තියෙන තැන මට තනියම ගිහින් ලබාගන්න බැහැ.

ලංකාවේ සංගීත කණ්ඩායම් එන්න එන්නම ගොඩක් බිහිවෙනවා. මෙහි රඳාපැවැත්ම මොනවගේද?

මම හිතන්නේ සංගීත කණ්ඩායම් කියන දේ නිතරම බිහිවෙනවා, කැඩෙනවා ඒ වගේ දේවල් වෙනවා. මම නම් කියන්නේ ඒක තමයි වෙන්න ඕන. ඉස්සර ඉලෙක්ට්‍රොනික් සංගීතය තිබුණා, එකොස්ටික් සංගීතය තිබුණා. දැන් එකොස්ටික් පැත්තට ආයෙත් බරවීගෙන එනවා. ඒ වගේ අලුත් අලුත් දේවල් හොයාගෙන, අත්හදා බැලීම් කරමින් සංගීත කණ්ඩායම් නිර්මාණය වෙනවා. ඒ වෙනස්වීම තුළ තමයි ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම තියෙන්නේ. හැමදාම එකම සංගීත කණ්ඩායමකට තැනක ඉන්න බෑ.

හැමදාම සන්ෆලවර්ස්ලා, ජිප්සීස්ලා, වායෝ, මේරියන්ස් තව අවුරුදු 50ක් ඉදිරියට තිබ්බොත් එතන වෙනස්වීමක් නැහැ. එක්කෝ ඒ ගොල්ලන්ගේ මියුසික් වෙනස් වෙන්න ඕන. එහෙමත් නැත්නම් තව අලුත් අලුත් බෑන්ඩ් ආවොත්, අලුත් සංගීත රටාවන් ආවොත් තමයි ක්ෂේත්‍රයේ රසවත් බවක් තියෙන්නේ. ඒක එහෙම වෙන එක හොඳයි. අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. ක්ෂේත්‍රයේ ඉන්න සංගීත කණ්ඩායම් වුණත් අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඕන.

ඒක මේරියන්ස්ලා කරනවා, සන්ෆලවර්ස්ලා කාලයක් කළා, ජිප්සීස්ලා පවා අලුත් අලුත් දේවල්වලට යොමුවෙන නිසා තමා මෙච්චර කාලයක් ඒ අය රැඳිලා ඉන්නේ. එකම දේ කළොත් රැඳිලා ඉන්න බෑ.

සංගීත කණ්ඩායම්වලට සාමාජිකයන් මාරුවීම් සිද්ධවෙනවා යම් යම් වටිනාකම් අනුව. ඔබටත් එවැනි වටිනාකම් සහිත ආරාධනා ලැබෙනවාද?

මට වෙන සංගීත කණ්ඩායම්වලින් ඇත්තටම Offers ඇවිල්ලා තියෙනවා. මම දැන් ඉන්න වායෝ බෑන්ඩ් එක ගැන මම හුඟක්ම තෘප්තිමත්. මට වැඩියෙන් ගෙව්වා කියලා මම එහෙම වෙන කණ්ඩායමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමේ පිරිස එක පවුලක් වගේ. සාමාන්‍යයෙන් පවුලක් දාලා යන්නේ නැහැනේ කොච්චර වරප්‍රසාද ලැබුණත්. ඒ සහෝදරත්වය තියෙනකම් අපි ඉදිරියට මේ වැඩකටයුතු කරගෙන යනවා. අනිත් අයටත් මට වගේම Offers ලැබෙනවා. එහෙම කියලා කවුරුවත් යන්නේ නැහැ.

වායෝ සංගීත කණ්ඩායමේ නායකයා, සංගීත් විජේසූරිය සමග කටයුතු කිරීමේදී නායකයෙකු වශයෙන් හා පුද්ගලයෙක් වශයෙන් ඔහු පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද?

නායකයාගෙන් අපට එන දේ තමයි තියෙන්නේ. ඒක එහෙම නොවේ නම් මෙහෙම අපේ සහෝදරත්වයක් තියෙන එකකුත් නැහැ. ඔහු පුද්ගලයෙකු ලෙස ගත්තත්, සංගීතඥයෙකු ලෙස ගත්තත් ඉතාමත්ම උතුම් උසස් පුද්ගලයෙක්. මමත්වය කියන දේ ඔහු තුළ අඩුයි. කණ්ඩායමක් ලෙස අපිටත් ඒක් පුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ඒකයි. අපි හිතන්නේ කණ්ඩායමක් විදියට. එයා ඉදිරියට යනවාට වඩා කණ්ඩායමක් විදියට අපි ඉදිරියට යවන්න තමයි එයාගේ උත්සාහය.

මම වායෝ සංගීත කණ්ඩායමට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් පුළුවන් තරම් මාව ඉදිරියට දාන්න තමයි ඔහු බලන්නේ. මම පිටිපස්සේ ඉඳන් මොකක් හරි ගීතයක් කියනවානම් 'මල්ලි ඉස්සරහට යන්න' කියලා ඒ දේවල් වලින් වුනත් අපිව ඉදිරියට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඔහු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අපි පොඩි කාලේ ඉඳන්ම ඔහුගේ රසිකයො. ඒ වගේ කෙනෙක් අපිව ඉදිරියට දාන එක හුඟක් ලොකු දෙයක්.

ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු ගැනත් කියමු නේද?

මේ අවුරුද්ද වෙනකොට මගේ ගීත කිහිපයක්ම නිකුත්වීමට නියමිතව තිබෙනවා. එහි එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් තමයි එන්න තියෙන්නේ. අරුණ ගුණවර්ධන මහතා මගේ ආසම සංගීතඥයෙක්. ඒ වගේම අමරදේව සූරීන්ගේ අවසන් ගීතය සංගීතවත් කළේ ඔහු.

ඔහු සමග එකතු වී කළ නිර්මාණයක් තිබෙනවා. එය තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. ඒ පිළිබඳව රසිකයින් දන්නවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රසිකයන්ගේ යෝජනා, චෝදනා මම මගේ සංගීත ගමනට හයියක් කරගන්නවා. 

Wayo

(ada)

22 May, 2017

කේ. සුජීවාගේ දියණියන්ගෙන් අමුතු වැඩක්

K Sujeewa daughter chato

ලංකාවේ ප්‍රසංග වේදීකාව තුළ වේගරිද්ම ගීත සඳහා වැඩි ඉල්ලුමක් තිබූ ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ. 

ඔහුගේ දියණියන් දෙදෙනාත් ගායනයට ලෝකයට එක් වෙලාද කියලා තමයි හිතෙන්නේ. කොහොම හරි ඒ දෙන්නාත් එකතු වෙලා අමුතු වැඩක් කරලා තියෙනවා. 

ඒ තමයි ගීතය කිහිපයක් එඩ් ශීරන්ගේ shape of you ගීතයේ සංගීතයට එකතු කරලා තියෙනවා. ඉතිං ඔයාලත් බලන්න ඒ වැඩේ කොහොමද කියලා. 


(saaravita)

සන්ෆලවර් විකුණුවේ නැහැ

Sunflowers-02

නීල්... මොකද මේ එකපාරටම සන්ෆවලර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...?

මොකක් ගැනද ඔය කියන්නේ... මට තේරැණේ නෑ...

සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව?

ඒ කතාව මාත් දැක්කා. මටත් පුදුමයි කවුද ඒ වගේ කතාවක් කිව්වේ කියලා. ඇයි ඒ වගේ කතාවක් දැම්මේ කියලා මාත් තාමත් හිතනවා.

ඒ කියන්නේ සන්ෆවලර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා නැද්ද...?

නෑ... එහෙම සන්ෆවලර් තාම කාටවත් විකුණලා නෑ...

එතකොට කවුද එහෙම කතාවක් කිව්වේ?

ඒකම තමයි මාත් අහන්නේ... කවුද එහෙම කිව්වේ. ඇයි එහෙම කිව්වේ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපේ බලගල්ලගෙනුත් මාධ්‍ය ආයතනයක කෙනෙක් විස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.

එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණන්න...?

මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරැවන් වුණත් සංගීතයට නැඹුරැ අය නෙමෙයි. ඉතින් සමහරවිට තව අවුරැදු හත අටකින් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණාවි. හැබැයි ඇත්ත කතාව තාම මම කාටවත් සන්ෆවලර් විකුණලා නෑ... ඒක බොරැවක්.

කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...?

සන්ෆවලර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරැ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙනවා.

අද වෙනකොට බොහෝ සංගීත කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?

අලුත් කණ්ඩායම් ඇතිවෙන එක හොඳයි. හැමදාම එකම පිරිසකටම ඉන්න බැහැනේ. හැබැයි වැඩේ කියන්නේ ඒ පටන් ගන්න හැම කණ්ඩායමකටම රුඳෙන්න තියෙන කාලය අඩුයි. එක එක හේතූන් නිසා බොහෝ කණ්ඩායම් රුදෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා ඒ කඩාවැටීම අපරාදයක් විදියටයි මම හිතන්නේ.

සන්ෆවලර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරැවුණා නේද...?

ඒක සන්ෆලවර් සංගීත කණ්ඩායමට විතරක් ඇතිවුණු සිද්ධියක් නෙමෙයි. ඕනෑම කණ්ඩායමක ආරම්භකම සාමාජිකයෝම නෙමෙයි අදටත් ඉන්නේ.

ඉතින් සන්ෆවලර් සංගීත කණ්ඩායමේදි මේ කාලය පුරාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වුණා. ඈත් වුණා. අලුතින් සාමාජිකයෝ ළංවුණා. අද සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. ඉස්සර වගේම සන්ෆවලර් සංගීත කණ්ඩායමට තැනක් තියෙනවා. ඒක අපි කියනවට වඩා අපේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා සන්ෆවලර් සංගීත කණ්ඩායමේ තැන කොතැනද කියලා. ඒ නිසා සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මම අදටත් සතුටින්.

ඒ ජනප්‍රියත්වය නිසාමද සන්ෆවලර් එක ගැන මේ විදියට කතා වෙබ් සයිට්වල පලවෙන්නේ?

අනේ මන්දා. හැබැයි ඔය වෙබ් සයිට් ගැන මට තියෙන්නේ නොපැහැදීමක්. අපෙන් කිසිම දෙයක් අහන්නේවත් බලන්නේවත් නැතිව හිතුමතේ විස්තර දානවා. ඔය වෙබ් සයිට්වල FBවල වැඩිපුරම තියෙන්නේ බොරැනේ. තමන් දැන් කරන කියන දේවල් ඒ ඒ වේලාවට ෆොටෝ අරගෙන විස්තර පළකරන එක තරම් සමහරැන්ට වෙන වැඩ නැහැනේ. සමහරැ ගෙදර කෑමක් ඉවුවත් ෆොටෝ අරගෙන FB දානවා. ඇත්තටම මේ දේවල්වලට මම කැමති නෑ. ඒ වගේම අපේ වයසේ වැඩිමල් උදවිය පවා මේකට කැමති නෑ. ඊට වඩා ඒ කාලය හොඳ දේකට යෙදෙව්වනම් ඉවරයිනේ...

නීල් කියන්නේ මේ සන්ෆවලර් විකුණපු කතාව බොරුවක්... එහෙමද...?

ඔව්... ඒ කතාව බොරුවක්. සන්ෆවලර් කාටවත් තාම විකුණලා නෑ...

Text – Dishani / Pic - Internet (saaravita)

18 May, 2017

විරාජ් පෙරේරාගෙන් බුදු ගුණ ගීතයක්

viraj perera - Singer

විරාජ් පෙරේරා විසින් ගායනා කරන ප්‍රථම බුදු ගුණ ගීතය පසුගියදා එළිදක්වනු ලැබූවා. "තථාගතයාණනේ " ලෙස මෙම නම් කර ඇති මෙම ගීතය ඩිල්ෂාන් එල් සිල්වා විසින් සංගීතවත් කල අතර, ලසිත ජයනෙත්ති ආර්චිචගේ විසින් පද රචනා කර ඇත.

එම බුදුගුණ ගීතය පහලින් අහන්න.

10 May, 2017

අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය (VIDEO)

Amaradewa sang a duet last

සංගීත සප්ත ස්වරයෙන් ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

“සප්ත ශ්වරයේ රජතුමානෙනි” යන එම ගීතය අමරදේව ශූරීන් සමග ගායනා කරන්නේ දුල්ෂාරා දසන්ති නම් යෞවණියයි. දුල්ෂාරා, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිණිබිරියයි.

මෙම ගීතයේ පද , සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින්ද , තනුව හා සංගීතය චන්ද්‍රිකා සිරිවර්ධන විසින්ද නිර්මාණය කර තිබෙනවා. මෙහි රූප රචනය සහ අධ්‍යක්ෂණය ජගත් කරුණාජීව විසින් නිර්මාණය වුණා. මෙම ගීතය හිරු ටී.වී උත්තරීතර වැඩසටහනේද විකාශය කෙරුණා.



(mirrorarts)

09 May, 2017

හම්මා…හම්මා සින්දුවට නටන මේ නැටිල්ල නම් සුපිරිම නැටිල්ලක් තමයි

The Humma Song Svetana Kanwar Noel Athayde-Dance

එඩ් ශරීන් ගේ ශේප් ඔෆ් යු සින්දුවට රඟ දක්වපු නර්තන අංගයත් අන්තර්ජාලය කැළඹුවා නේ.. ඉතින් ඒ යුවළ තම අළුත්ම නර්තනය ඉදිරිපත් කොට තියෙන්නේ හම්මා…හම්මා.. කියන හින්දි ගීතයට…ඉතින් මේක අන්තර්ජාලය තුල මේ වෙන කොට සීඝ්‍ර ලෙස පැතිර ගිහිල්ලා විතරක් නෙවෙයි…

පුදුමාකාර ප්‍රසිද්ධියක් පවා අත්පත් කරගෙන තියෙනවා..ඔකේ ජානු චිත්‍රපටයේ නැවත ප්‍රතිනිර්මාණය වු හම්මා ගීතයට මොවුන්ගේ නර්තනයත් එකතු වුනාට පස්සේ ඇති ලස්සන ගැන නම් කියන්න වචන මදී.එය නරඹලාම රස විදිය යුතු දෙයක්..

05 May, 2017

විශාරද නන්දා මාලිනී ගේ නවතම ප්‍රේම විරහ ගීතය

Nanda Malini New Song

ආලයේ ගාථා සජ්ජායනා කළා
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා
චන්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුධන ස්වප්නයට නිගාදී ඔබ ගියා.....

මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත ලිවීම නතර කරලා කියලා කිව්වත් චිත්‍රපට සඳහා ගීත ලියනවා. සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද පත්තිනි චිත්‍රපටය සඳහාත්, අලි කතාව නම් වූ ළමා චිත්‍රපටය ටත් ඔහු අපූරු ගීත රචනා කරනු ලැබුවා.

නමුත් මේ කියන්න යන්නෙ චිත්‍රපට ගීතයක් ගැන නෙවේ. වසර ගණනාවකට පසු ඔහු අපූරු ප්‍රේම විරහවක් ගැන ගීතයක් රචනා කොට තිබෙනවා.

වරෙක කසුන් කල්හාරගේ හඬින් ගැයුන මේ ගීතය අලුතින් ගයන්නෙ විශාරද නන්දා මාලිනිය. මෙහි සංගීතය කසුන් කල්හාර ගෙන්.

මේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති ගීතය පසුගිය දිනක පටිගත කරනු ලැබුවා. මේ ගීතයේ සංගීත වීඩියෝවක් නුදුරේදීම යූ ටියුබයට එක් කරන බවයි මිරර් ආර්ට්ස් වෙත දැන ගන්න ලැබුනේ.

මේ ඒ ගීතයේ රූපමය අවස්ථා. මෙය බොහෝ රසිකයින් ට අපූරු රසයක් ගෙන දෙන බව නොඅනුමානයි.

Nanda Malini New Song-2017-05-05-10-04-27

රනුර සහ ෂෙහාන් කරපු අලුත්ම පෙරළිය

Ranura - Shehan

ලාංකික වශයෙන් අභිමානයෙන් ඇගයිය යුතු තරුණ පරපුරක් පවතින බව කීම අතිශයෝක්තියක් නොවේ.

එවන් තරුණ සමාජයක් තුළ නව නිර්මාණයන් සමග ඉදිරියට ඒමට වෙර දරනා තරුණයෙකු ලෙස රනුර පෙරේරා හැඳින්විය හැකිය.

ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර එය You-tube ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්විය. 

ඔහු කරනු ලබන මෑෂප් ගීත සඳහා හොද ප්‍රතිචාරයන් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ රනිදුගේ සිංදු 10ක එකතුවක් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

මේ වනවිට ඔහුගේ අලුත් මෑෂප් ගීතය එළිදක්වා තිබෙනවා. 

ඒ ගීත අතරින් ජිප්සිස් සංගීත කණ්ඩායමේ 'ඕයේ ඔජායේ' ගීතයද, සනුක වික්‍රමසිංහගේ සංසාර සිහිනේ ගීතයද, Daddy සංගීත කණ්ඩායමේ 'ආලේ' ගීතය මෙන්ම ඉංග්‍රීසි ගීත කිහිපයක්ද මේ මෑෂප් ගීතය සඳහා එක් කර තිබෙනවා. 

නවමු සංගීත වෙනසක් පෙන්නුම් කරන මෙම ගීතය ගුණ දොස් නරඹන ඔබම තීරණය කල යුතුයි.



(saaravita)

30 April, 2017

23 April, 2017

ඉරාජ්ගේ “වස්සානේ හීනේ“ ගීතය කොපියක් - ඔරිජිනල් සිංදුව මෙන්න

Wassane Heene Original-Iraj

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් වෙලා.

Youtube චැනලයේ පැය 24ක් ඇතුළත #1 on Trending වීමත් වීශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම ගීතය දෙමළ ගීතයක තනුවක කොපියක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා.

එහි සත්‍යය අසත්‍යය තාවය අප නොදනි.

කෙසේ වෙතත් සමාජයේ කතා බහට ලක්වෙන එම දෙමළ ගීතය අප මෙහි පළ කරන්නෙමු.



ඉාරජ්ගේ වස්සානේ හීනේ ගීතයත් පහතින් නරඹන්න.

21 April, 2017

“වස්සාන හීනේ” වීඩියෝවේ ඉන්න ගබ්සා දොස්තර – තවුෆික් ජමාන් මහලේකම්ද?

DR Abdul Rashik

ඉරාජ් වීරරත්නගේ නවතම සංගීත වීඩියෝව මේ වන විට සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.

ඉරාජ් මීට සුලු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් නිසා නැවතත් එම කතා බහ අලුත් වුණා.

එම වීඩියෝවේ එක් අවස්ථාවක ගැහැණු ලමයෙකු ගබ්සාව සඳහා වෛද්‍යවරයෙකු වෙත යන අතර ඔහුගේ නම අබ්දුල් රාසික්. ඉරාජ් සිය ෆේස්බුක් පිටුව හරහා මේ අබ්දුල් රාසික් යනු කවුද? ඔහු ඒ තුලින් නිරූපණය කිරීමට උත්සාහ කලේ කවුරුන්ද යන්න පිළිබඳව ඉඟි කිහිපයක් ලබා දී තිබේ.

එම ඉඟියන් වලට අනුව නම් ඒ වෙන කවුරුත් නොව පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුෆික් ජමාන් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසාක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ.

ඉරාජ්ගේ එම ෆේස්බුක් සටහන සහ ඒ වෙත පැමිණි කමෙන්ට් කිහිපයක් පහතින් දැක්වේ.

DR Abdul Rashi-2

- harigossip

24 March, 2017

හෂාරාගේ 'දේදුනු සිහිනෙක'

Dedunu Sihinek-01

අද ලංකාව තුළ නිර්මාණය වන මියුසික් වීඩියෝ සඳහා ඇත්තේ තරගකාරී ස්වභාවයකි. එම තරගකාරිත්වය හේතුවෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළෙඹෙන්නේ එහි ඇති ගුණ අගුණ ගැන නොසිතාය.

ඔවුන් සිතන්නේ මියුසික් වීඩීයෝවක් අන්තර්ජාලය තුළ නැරඹුම් වාර්තා අතරට ගෙන ඒම ගැන පමණි. ඒ සඳහා කුමන හෝ සංකල්පයක් භාවිත කිරීමට බොහෝ දෙනා ඇල්මක් දක්වන බව කිව යුතුය. නමුත් අද තිබෙන කාලීන වූ මියුසික් වීඩියෝ රැල්ලෙන් ඔබ්බට නිර්මාණ වූ ගීතයක් බව කිව යුතුය.

ඒ, හෂාරා ප්‍රනාන්දුගේ ප්‍රථම ගීතය වන 'දේදුනු සිහිනෙක' ගීතයයි. මෙම ගීතය අද වනවිට ෆේස්බුක් තුළ ජනප්‍රියත්වට පත් ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිදු වරදක් නැත. එහි ඇති රූප රාමු පිළිබඳව බොහෝ දෙනා තුළ ධනාත්මක ආකල්පයක් ඇති බව එය නැරඹූ රසියකයන් ෆේස්බුක් තුළ පළ කරන ලද දෑ තුළින් පැහැදිලි වේ. 

නවක අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කර ඇති අතර, නවක ගායිකාවක වන හෂාරාගේ මෙම ආදරය ගීතය අද බිහිවන නිර්මාණ සඳහා යම්කිසි අභියෝගයක් එක් කරනු ඇත. ආදර හැඟුම්බර ගීතයක් වන මෙය බොහෝ දෙනාගේ කැමැත්ත මීට ලැබී ඇති බව යූටියුබ් තුළ නරඹා ඇති සංඛ්‍යාව තුළින් පැහැදිලිවෙයි. කෙසේ වුවත් ගීතයට යම්කිසි අරුතක් ගෙන ඒමට මෙම වීඩියෝවට හැකිවූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.


එළිදැක් වූ දිනය - 2017 මාර්තු 11
ගායනය - හෂාරා ප්‍රනාන්දු
පදරචනය - ශෙහාන් ගලහිටියාව
සංගීතය - දුලිප් මිරැන්ඩෝ