05 May, 2017

විශාරද නන්දා මාලිනී ගේ නවතම ප්‍රේම විරහ ගීතය

Nanda Malini New Song

ආලයේ ගාථා සජ්ජායනා කළා
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා
චන්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුධන ස්වප්නයට නිගාදී ඔබ ගියා.....

මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත ලිවීම නතර කරලා කියලා කිව්වත් චිත්‍රපට සඳහා ගීත ලියනවා. සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද පත්තිනි චිත්‍රපටය සඳහාත්, අලි කතාව නම් වූ ළමා චිත්‍රපටය ටත් ඔහු අපූරු ගීත රචනා කරනු ලැබුවා.

නමුත් මේ කියන්න යන්නෙ චිත්‍රපට ගීතයක් ගැන නෙවේ. වසර ගණනාවකට පසු ඔහු අපූරු ප්‍රේම විරහවක් ගැන ගීතයක් රචනා කොට තිබෙනවා.

වරෙක කසුන් කල්හාරගේ හඬින් ගැයුන මේ ගීතය අලුතින් ගයන්නෙ විශාරද නන්දා මාලිනිය. මෙහි සංගීතය කසුන් කල්හාර ගෙන්.

මේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති ගීතය පසුගිය දිනක පටිගත කරනු ලැබුවා. මේ ගීතයේ සංගීත වීඩියෝවක් නුදුරේදීම යූ ටියුබයට එක් කරන බවයි මිරර් ආර්ට්ස් වෙත දැන ගන්න ලැබුනේ.

මේ ඒ ගීතයේ රූපමය අවස්ථා. මෙය බොහෝ රසිකයින් ට අපූරු රසයක් ගෙන දෙන බව නොඅනුමානයි.

Nanda Malini New Song-2017-05-05-10-04-27

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විශාරද නන්දා මාලිනී ගේ නවතම ප්‍රේම විරහ ගීතය"

    Post a Comment