05 May, 2017

"ලබන අවුරුද්දේ විවාහ වෙන්න ප්ලෑන් කරනවා" නුවන් - ඕෂධී ප්‍රේමකතාවේ ඇත්ත මෙන්න

nuwan - oshadi

‘‘මගේ නම්බර් එක හොයාගෙන SMS එවලා තිබුණා..“
“ලබන අවුරුද්දේ විවාහ වෙන්න ප්ලෑන් කරනවා.“
‘‘අපි දෙන්නා ෆොටෝ ෂූට් එකක් කරා..“

නටන්න රඟන්න එක වගේ දක්ෂ වෙන්න හැමෝටම බැහැ. ඒත් නුවන් ගුණසේකර නම් ඒ දෙකටම දක්ෂයෙක්. රූපරචන නිරූපනයෙන් අතිශය ජනප්‍රිය වුණ නුවන් පසු ගිය කාලය පුරාවටම ආයෙමත් දකින්න ලැබුණේ හිරු මෙගාස්ටාර් වේදිකාවෙන්. ඔහුගේ දක්ෂතාවලට ප්‍රේක්ෂක මනාප වැඩිපුර ලැබුණු නිසා ඔහු ගැන අලුත් විස්තර කතා කරන්න හිරු ගොසිප් හිතුවා.

මේ ඒ ගැන තොරතුරුයි.

බොහෝ කාලයක් නිහඬව ඉදලා නර්තන රියැලිටියකින්ම ආයෙමත් වැඩ පටන් ගත්තා නේද..?
ඔව්. මම ටික කාලයක් නිහඩව හිටියා මට ගැළපෙන නිර්මාණ ලැබුණේ නැති නිසා.ඊට පස්සේ මට හිරු එකෙන් කතා කළා. හිරු මෙගාස්ටාර් වලට සම්බන්ධ වෙන්න. අලුත්ම අත්දැකීමකින් මෙගාස්ටාර් පවත්වන නිසා මමත් ඒ ආරාධනාව කැමැත්තෙන් භාර ගත්තා. හිතපු විදිහටම සාර්ථකව අවසන් වුණා. එහි දක්ෂතා වලට මට සැහෙන්න ප්‍රතිචාරත් ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි.

ඔබ නියෝජනය කළ මායන්ස් කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ ගැන දුකක් ඇති..?
ඇත්තටම දුකයි. මොකද ඕනෑම කෙනෙක් තරගයකට යන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. එය නොලැබෙනකොට දුකයි. මටත් ඒ දුක දැනුණා. කොහොම වුණත් තරගයක පරාජයත් භාර ගන්න ඕන. මම සතුටු වෙනවා මගේ දක්ෂතා ඒ මගින් යළිත් දකින්න පුළුවන් වුණ එක ගැන. ඒ වගේම මම මගේ උපරිමය කළා. කණ්ඩායමේ අනිත් අයත් උදව් කළා.

අලුත් ටෙලි නාට්‍ය ගැන කතා කළොත්..?
මම පසුගිය මාස හයම වෙන් කළේ හිරු මෙගාස්ටාර් වෙනුවෙන්. ඒ නිසා අලුතින් නිර්මාණ භාර ගත්තේ නැහැ. දැන් අලුත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. ඒවාට සම්බන්ධ වෙන්න ඉන්නේ. ඊට අමතරව මම රඟපෑ නිර්මාණ දෙකක් විකාශය වෙනවා. හොද නාට්‍ය ලැබුණොත් ආයෙමත් දිගටම දකින්න ලැබෙයි.

නර්තන දක්ෂතා තියන නිසා ඔබේ රඟපෑමත් සිනමාවට ගැලපෙනවා කියලා හිතන්නේ නැද්ද.?
මම මගේ රංගන නර්තන පරාසය දන්නවා. බොහෝ අය කියනවා සිනමාවට සම්බන්ධ වෙන්න කියලා. නමුත් මගේ දක්ෂතා පෙන්නන්න තවම සිනමාවෙන් ඉඩක් ලැබිලා නැති එකයි ප්‍රශ්නේ. සිනමා අධ්‍යක්ෂවරු කතා කළොත් මම මගේ දායකත්වය උපරිමයෙන් දෙන්න කැමතියි. අවස්ථාවක් නොලැබෙන එක ගැන මටත් දුකයි. පසු තැවිමකුත් තියනවා.

නුවන් ජනප්‍රිය වුණේ රූප රචනා වලින්. දැන් ආරාධනා ලැබෙන්නේ නැද්ද..?
ආරාධනා නම් ලැබෙනවා. නමුත් මේ යන රැල්ලේ ගීත ගැන මම සතුටු වෙන්නේ නැහැ වගේම ඒවාට හොද වීඩියෝ හැදෙන්නෙත් නැහැ. ඒ නිසා හොද වීඩියෝ එකක් ලැබුණොත් කරන්න කැමතියි.වෙනසක් එක්ක.

පහුගිය කාලේ ඔබ ඕෂධී එක්ක පෙමින් වේලුනා කියලත් රාවයක් ගියා..?
මට ඕෂධී එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒක බොරුවක්. අපි දෙන්නා ෆොටෝ ෂූට් එකක් කරා. සමහර විට ඒවා දැකලා එහෙම හිතන්න ඇති.

ප්‍රථම ප්‍රේමය ඔබ ජනප්‍රිය වුණාට පස්සේ මුණ ගැහිලා නැද්ද..?
මුණ ගැහිලා නැහැ. නමුත් මගේ ජංගම දුරකථන අංකය හොයාගෙන මට එස් එම් එස් එවලා තිබුණා මම දැන් ඉන්න තත්ත්වේ ගැන එයාට සතුටුයි කියලා. නමුත් මම ප්‍රතිචාර දැක්වුයේ නැහැ. ඒ ප්‍රේමය අවසන් වෙලා දැන් අවුරුදු 10ක් විතර ඇති. අපි අතර නොගැලපීම් මතු වුණ නිසයි අයින් වුණේ.

ඊට පස්සේ කීදෙනෙකුට ආදරේ කළාද..?
දෙන්නෙකුට.

දැන් පෙම්වතෙක්ද ..?
නැහැ. තවම තනිකඩයි. නමුත් හොද කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විවාහ වෙන්නේ නැද්ද..?
ලබන අවුරුද්දේ විවාහ වෙන්න ප්ලෑන් කරනවා. අම්මා නිතරම ඒ ගැන කතා කරනවා. බදින්න කලවයස හරි කියනවා. මමත් හිතනවා දැන් ඒකට හොදම කාලේ කියලා. මට ඉස්සර ඕන වුණේ විවාහයට කලින් කලාවෙන් ස්ථාවර වෙන්න. මම දැන් කලාවෙන් හොද ගමනක් ඇවිත් තියනවා. ඒ නිසා විවාහය ගැන හිතන්න පුළුවන්.

විවාහයට ඔබේ රසිකාවියක්ගෙන් ඇරයුමක් ලැබුණොත්...?

මම හිතන්නේ ඒක සාර්ථක නැහැ. ඒ වගේ අය අපි දිහා බලන්නේ කලාකරුවෙක් හැටියටයි. අපේ නිර්මාණ රස විදින නිසයි ආදරේ කරන්නේ. එහෙම කෙනෙක් අවංකව ආදරේ කරයි කියලා හිතන්න අමාරුයි. ආදරේ කියන්නේ බැදීමක්. වගකීමක්. ඒ වගේම අවබෝධය තේරුම් ගැනීම තියෙන්න ඕන.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""ලබන අවුරුද්දේ විවාහ වෙන්න ප්ලෑන් කරනවා" නුවන් - ඕෂධී ප්‍රේමකතාවේ ඇත්ත මෙන්න"

    Post a Comment