Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts

19 July, 2019

ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු කුක්කො ටිකක් දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදුන් හැටි (Video)



මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සුපිරි ජීප් රථයකින් පැමිණි ආරක්ෂකයන් පිරිසක් විසින් වෑන් රථයකට පහරදෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.


එහිදී ආරක්ෂකයන් විසින් වෑන් රථයේසිටි පිරිසට තර්ජනය කරමින් වෑන් රථයට පහරදෙන අයුරු එහි සිටි පුද්ගලයකු ජංගම දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.





VIP Guards Attack Van

17 July, 2019

ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යයාව දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට ගෙන ගොස් දූෂණය කරලා



ගෙල වැලලා ගැනීමෙන් 2019-05-26 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී මියගිය අවුරුදු පහළොවයි මාස දහයක් වයසැති පාසල් ශිෂ්‍යාව මියයාමට දින කිහිපයකට පෙර දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අපරාධය සිදුකළ විසිදෙහැවිරිදි තරුණයෙකු 14දා සියඹලාණ්ඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


දොඹගහවෙල මාරාව පදිංචි එම්.ඒ දිනුෂිකා ලක්මාලි (අවුරුදු 15 මාස 10*දැරිය 2019/05/26 වෙනි දින නිවසේ දී ගෙළ වැලලාගෙන සිටියදී ඇයගේ මව විසින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2019/5/28 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. මරණයට පත්වූ දැරිය ඊට දින දෙක තුනකට පමණ ඉහතදී බරපතල ලිංගික අතවරයකට ලක්වී ඇති බවට සලකුණු ඇති බැවින් දැරියගේ හිසකෙස්, රුධිර සාම්පල්,ලිංගාශ‍්‍රිත රෝම කූප හා ලිංග තුළින් හා පිටතින් ලබා ගන්නා ශුක‍්‍ර තරල විශ්ලේෂණ කටයුතු සඳහා රස පරීක්ෂක සඳහා යොමුකර තිබිණි.

ඒ අනුව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා දැරිය දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයින්, පුද්ගලික ඔත්තුකරුවන් හා බුද්ධි තොරතුරු ලබාගෙන බුත්තල වගුරුවෙල රජ මාවතේ පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී 2019/05/26 දිනට පෙර දින දැරිය දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට කැඳවාගෙන ගොස් දූෂණය කළ බව පවසා ඇත.

සැකකරු සමඟ අපරාධයට යොදාගන්නා ලද ත‍්‍රීවිල් රථයද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි. (බඩල්කුඹුර රවිඳු ගුණතිලක - දිවයින)

15 July, 2019

අලූත උපන් බබා වළ දාලා මව මියයෑම ගැන පරීක්‍ෂණ



අලූ‍ත උපන් බිළින්දා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා 13 වැනිදා හැටන් පොලිසියට නියෝග කළේය.

හැටන් පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඞ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු මවක් මීට දින කිහිපයකට ප‍්‍රථම තම නිවස තුළදී බිළින්දකු බිහි කර එම බිළි`දා ගෙවත්තේම රහසිගතව වළ දමා ඇය අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ප‍්‍රදේශවාසින් විසින් ඉකුත් 11 වැනිදා දික්ඔය මුලික රෝහල වෙත රැුගෙන යන අතරතුර මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවක නිරත ව සිටින බවත්, මිය ගිය කාන්තාවට අවුරුදු 12ක සහ අවුරුදු 7ක ගැහැනු දරුවන් දෙදෙනකු සහ අවුරුදු 5ක පිරිමි ළමයකු සිටින බවත් හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාව දරු ප‍්‍රසූතිය කරන අවස්ථාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවකුත් නොසිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඇතිවූ සැකයක් මත මරණ පරීක්ෂකවරයා එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට හැටන් පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වළ දැමුවේයැයි කියන බිළි`දාගේ සිරුර හැටන් මහෙස්ත‍්‍රාත්වරයා සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී පොලිසිය විසින් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කරනු ලැබීය. (නුවරඑලිය නාලක රත්නායක)

29 September, 2017

තෙල්වත්තේ වසල පුතෙක් ගෙල සිරකර මව මරලා

dead-body

කුරුඳු අස්වැන්න විකුණා දරුවන්ට බෙදීමේදී අඩුවෙන් මුදල් දීම පිළිබඳ උරණ වූ බාල පුතු විසින් සිය මව ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි සීලවතී අබේවික්‍රම නමැති තිදරු මවකි.

මව විසින් සුපුරුදු පරිදි සිය කුරුඳු අස්වැන්න විකුණා පෙරේදා (27දා) එම මුදල් සිය දරු තිදෙනා අතර බෙදා දුන් අවස්ථාවේ තමන්ට අඩුවෙන් මුදල් ලබා දුන් බව පවසමින් ඊට උරණව බාල පුතු විසින් මව නිවසේ බිත්තියකට හේත්තුකොට ගෙල සිරකර ඇති අතර අනතුරුව මව බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් මවගේ 38 හැවිරිදි බාල පුතා මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති මීටියාගොඩ පොලිසිය සැකකාර පුත්‍රයා බළපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. (ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා)

26 September, 2017

උඹලා අම්මා මෙිවා බලනවාද නැත්නම් මැරිලාද – පියුමිගේ "තන් විකුණා" වීව්ස් ගත්තු ඉරාජ් ලද ප්‍රතිචාර

piyumi-hansamali-denuna

► පියුමිගේ නිරුවතට මුවාවූ අහම්බකාරකයක් වූ ඉරාජ් ඇත්තටම "දැණුනා" නුඹේ කුණු ගඳ ලෝකෙටම

මිනිසුන් සතුන් ලෙස ජීවයක් ලද සියල්ලන් ස්වභාවධර්මයේ යම් කොටසක් ඉටුකිරීමට මෙලොව ජීවය ලද්දන් ලෙස අප කවුරුත් පිළිගන්නා කාරණයකි.

එසේ වුවද ඒ අතර මෙලොවට අහම්බෙන් මෙන් පැමිණියන්ද නැතුවාම නොවේ.

ඉරාජ් වීරරත්නද එලෙස පැමිණියෙක් බව ඊයේ ඔහු විසින්ම සාක්ෂ්‍ය සමඟම ඔප්පුකර පෙන්වීය.

ඒ මෙරට කළාකෙත සරුසාරව අස්වද්දන ලද මහා කළාකරුවකු වන වික්ටර් රත්නායකයන්ට අපහාස වන පරිදි නිර්මාණය කළ රූප රචනාවක් සමඟ වචන පෙලක් ඇතුලත් පහත් නිර්මාණයක් අන්ර්ජාලයට මුදාහරිමින්.

"දැණුනා" ලෙස නම්කර තිබූ එම ගීතයට රංගනයෙන් දායක වී තිබුනේද මුදල් පමණක් අරමුණු කරගනිමින් කිසිඳු හරයක් නැති පහත් නිර්මාණයන්ට රංගනයෙන් දායක වූ විල්සන් කරුණාරත්න සහ පියුමි හංසමාලි යන අයයි.

විල්සන් කරුණාරත්නගේ දශමයක් හෝ ගැනීමට යමක් ඇතත් වෛශ්‍යාවක් වන් වූ පියුමි හංසමාලිගේ නිරුවත හැරෙන්නට ප්‍රේක්ෂකයන්ට ගත හැක්කේ කුමක් ද?.

piyumi-hansamali-denuna

වික්ටර් රත්නායකයන් අපට වටින්නේ ඔහුගේ පෞද්ගලික චරිතය හරහා නොව, ඔහු විසින් රටට කළ උසස් කළා නිර්මාණයන් හරහාය.

රත්නායක පවුලේ සිදුවූ පෞද්ගලික ප්‍රශ්න අදාළ වන්නේ ඔවුන්ට පමණක් වන අතර දෙදෙනෙකුගේ කැමැත්තෙන් වන එවැනි බැඳීම් ගැන අපට ප්‍රශ්න කිරීමට ඇති අයිතිය කුමක්ද?

එම බැඳීමේ අවසානය වික්ටර් රත්නායකයන්ට දුකක් වුවද සතුටක් වුවුද එය ඔහු විසින් තෝරාගත් ඔහුගේ ජීවිතයයි.

අප රට තවමත් සිටින්නේ යුග ගනනක් දුරිනි. අප රට එකතැන මන්දගාමීව ගමන් කරන්නේද මෙම ආකල්පයන් හේතුවෙනි.

නවීන තාක්ෂණයත් සමඟින් ජාත්‍යන්තරය ජයත්තා යැයි උදම් අනන ඉරාජ් තුළද ඇත්තේ එම දූපත්වාසී මානසිකත්වයම පමණයි.

ඉරාජ් ඔබත් තවත් "අබිලිං" මාමෙක් පමණි. මෙය ලියන මා ඔබට වඩා වයසින් අඩු අයෙකි. මා බලා සිටිමි. ඔබටත් හැට පැන්න කළ "දැණෙන" හැටි අපත් බලා සිටිමු. එතෙක් නවතිමි.

(අදාළ වීඩියෝව පහතින් දමන්නේ නාසය වසාගෙන බව කාරුණිකව දන්වමි. ඒ සියල්ලන්ට තේරුම් ගැනීම සඳහා පමණි. ඒ හරහා ඉරාජ්ගේ වීඩියෝවට සම්බන්ධ නොවන හෙයින් ප්‍රෙක්ෂක නැරඹීම් (Views) වැඩි නොවන බව කාරුණිකව සළකන්න.)


මේ සඳහා ලැබී තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් කිහිපයක්.

24 September, 2017

පිටිසර ගම්වල දැරියන් පැහැරගෙනවිත් සුපිරි කෝටිපතියන්ට බලෙන් විකුණූ ඇතුල්කෝට්ටේ ජාවාරම

TITLE
‍

පිටිසර ගම්වල සිටින සුරූපී තරුණියන් පැහැ‍ර ගෙන පැමිණ ගණිකා ව්‍යාපාරයේ යොදවන ජාවාරම් කරුවන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.

කලක පටන් සිදු කර ගෙන පැමිණ තිබෙන මෙම ජාවාරම පිළිබදව හෙළිව ඇත්තේ වැඩි මුදලක් වැය කළ හැකි පුද්ගලයන්ට පමණක් වෙන් වූ රාත්‍රී සමාජ ශාලාවක් ඊයේ දින (23) පොලීසිය මගින් වැටලීමත් සමගයි. ඒ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී.

මෙම සමාජ ශාලාවේ බාල වයස්කාර දැරියන් ගණිකා වෘත්තියේ යොදවා තිබෙන අතර එයට ඇතුල් කරගෙන තිබෙන්නේ විශාල මුදලක් වැ‍ය කළ හැකි කෝටීපතියන් පමණයි. මෙම සමාජ ශාලාවට ඇතුලු වන සුපිරි ධනවතුන්ට පළමුව මත්පැනින් සංග්‍රහ කර විනෝද වීමෙන් පසුව ලාබාල තරුණියන්ගේ සේවනය ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනෙක දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිදුවීමක් වාර්තා වූ අතර ඒ පිළිබදව පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන්ට පැහැරගත් දැරිය මෙම සුපිරි සමාජ ශාලාවේ සේවයට යොදවා සිටින බව සොයාගත හැකිව තිබෙනවා. ඉන්පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් සුපිරි ධනවතුන්ට පමණක් සීමා කර , බාල වයස්කාර දැරියන් ගණිකා ජාවාරමේ යෙදවූ මෙම සමාජ ශාලාව වටලා තිබෙනවා.

නීති විරෝධී විදෙස් මත්පැන් ද අලෙවි කර තිබු මෙම සමාජ ශාලාවේ ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් 05 දෙනෙකු සහ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.

12 September, 2017

රුවන්වැල්ලේ රුවැති බිරිඳකට සැමියෙකු කළ බිහිසුණු අපරාධය (Photos)

ruwanwella-husband-killed-wife

පුරුෂයකු විසින් බිරිඳට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් රුවන්වැල්ල - මොරලියවත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පසුව සැකකරුද සිද්ධිය වූ ස්ථානයේ පිහිටි ලැයිම් කාමරයක් තුළ ගෙළ වැලලාගෙන සියිදිවි හානි කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව 34 වන වියේ පසු වූ අතර, සැකකරු 35 හැවිරිදි වියේ පසු වූ බව රුවන්වැල්ල පොලීසිය සඳහන් කරනවා.

කලක සිට මොවුන් දෙදෙනා අතර තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූ බවට පොලීසිය සැක පහළ කරනවා.

රුවන්වැල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

ruwanwella-husband-killed-wife

31 August, 2017

රක්වාන සිසුවිය ඝාතනයේ අබිරහස හෙළිවෙයි

rakwana-school-girl-murder
රත්නපුර රක්වාන ප්‍රදේශයේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කර තිබියදී හමුවූ සිසුවියගේ මරණය ගැන පරීක්ෂණවලින් මේ වනවිට නව තොරතුරු හෙළිවී තිබෙනවා.

දීපිකා ප්‍රියදර්ශනී නමැති 19 හැවිරිදි මෙම පාසල් සිසුවිය සිය නිවසේ තනිව සිටින අවස්ථාවකදී ගෙල කපා මරාදමා තිබුණේ පසුගිය 24 වැනිදායි.

මේ සිසුවිය අතවර කිරීමේ අරමුණින් මරාදමා ඇති බවටයි මුලින්ය සැක මතුවී තිබුණේ.

අසල්වාසී නිවසක මතට ඇබ්බැහිවූ පුද්ගලයෙකු විසින් සිසුවිය තනිව නිවසේ සිටි අවස්ථාවේ ඇයව ඝාතනය කර තිබුණා.

ඝාතනය කර ඇත්තේ මත්ද්‍රව්‍ය මිලට ගැනීමට මුදල් සොරකම් කිරීමට බවයි මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ.

ඝාතනය සිදුකර සොරකම්කර තිබුණේ රුපියල් 210ක් වැනි සුළු මුදලක් හා ඇගේ ජංගම දුරකතනය කොල්ලකෑමට බව ඒ පිළිබඳව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පියාගේ රැකවරණය යටතේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවිය ඉකුත් සතියේ 24 දින ඇගේ පියා තේ දලු නෙලීම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේ ඝාතනයට ලක්වුණා.

මියගිය සිසුවියට පෙම්වතෙකු සිටි අතර ඔහු ඇයට ඇමතුම් දෙද්දී දිගටම විසන්ධි කිරීමේ සැකය මත සිසුවියගේ පියාට දන්වා සොයා බැලීමේදී ඇයව නිවසේ ඝාතනය කර ඇති බවයි හෙළි වී තිබුණේ.

පැල්මඬුල්ල ධර්මාලෝක මහා විදුහලේ උසස් පෙළ කලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි ඇගේ මව මෙයට වසරකට පමණ පෙර සියදිවි හානි කරගෙන ඇති අතර මේ සිසුවිය පියා සමඟ නිවෙසේ දිවි ගෙවා තිබෙනවා.

රක්වාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඒ. එම්. බමුණුසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මේ පිළිබඳව මූලික විමර්ශන සිදුකොට ඝාතනය සිදු වී පැය 24ක් ගතවීමටත් මත්තෙන් බටයාය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

අධික ලෙස මත්පැන් පානය කිරීමට පෙලඹී සිටින සැකකරු මත්පැන් පානය කිරීමට අවශ්‍ය මුදල් හා රන්බඩු කොල්ලකෑමේ අරමුණින් සිසුවියගේ නිවෙසට ඇතුළු වී ඇති බවත් එහිදී සිසුවියගේ කෑ ගැසීම නිසා නිවෙසේ තිබූ පිහියකින් ඇගේ ගෙල කපා දැමූ බවත් සැකකරු පාපොච්චආර්ණය කර තිබෙනවා.

පාසල් සිසුවිය ඝාතනය කිරීමෙන් පසු නිවෙසේ තිබූ රුපියල් 210ක මුදලක් හා ජංගම දුරකතනයක් ද රිදි පැහැති මාලයක කොටසක්ද රැගෙන පලාගිය සැකකරු රුපියල් 210ක මුදල කසිප්පු තිප්පොළකට දී මත්පැන් පානය කර ජංගම දුරකතනය හා මාලයක කොටස තමන් සන්තකයේ තබාගෙන තිබුණා.

පොලිසිය මඟින් පසුව මෙම උපකරණ සොයා ගෙන හිබෙනවා.

ඝාතනයට ලක්වූ පාසල් දැරියගේ මළ සිරුරේ යටිකය ඇඳුම් ඉවත්ව තිබුණද ඇය ලිංගික අතවරයකට ලක්වී නොමැති බව රත්නපුර මහ රෝහලේ පැවැති අධිකරණ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු පැල්මඬුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සරත් විජය ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය 23 වැනිදා ගිරිබාව ප්‍රදේශයේදී ද නිවසේ තනිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතන කර තිබුණා.

ඇය නිවසේ තනිව රූපවාහිනිය නරඹමින් සිටියදී අසල්වැසි තරුණයෙකු පැමිණ ඇයව දූෂණය කර මරාදමා තිබුණා.

බිරිඳ හරයාමෙන් පසුව නිවසක මව සමග සිටි බව කියන සැකකරු සිසුවිය දූෂණය කර තමාව අපරාධයට හසුවේ යයි බියෙන් ඇයව මරා දමා තිබුණා.

30 August, 2017

සියදිවි නසා ගැනීමක්ද? මරලා පුච්චලාද? තැපැල් ස්ථානාධිපතිනියගේ අභිරහස් මරණය ගැන අලුතෙන්ම හෙළිවූ දේ

kanchanamala-de-silva
ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම උප තැපැල් කාර්යාලයේ ඇතිවූ ගින්නක් නිසා එහි ස්ථානාධිපතිනිය වූ කාංචනමාලා ද සිල්වා මහත්මිය මිය ගොස් තිබේ. 48 හැවිරිදි වියේ පසුවූ දෙදරු මවකවූ ඇය ලංකාවේ කාර්යක්ෂම තැපැල් ස්ථානාධිපතිනිය ලෙස පස්වරක් සම්මානයට පවා පාත්‍රවූ රාජ්‍ය නිලධාරිනියකි. කුරුඳුගහ හැතැප්ම හන්දියේ තැපැල් කඩය නමින් ප්‍රකටව තිබුණ වෙළෙඳ සලක්ද පවත්වා ගෙන ගිය ඈ ව්‍යාපාරික කාන්තාවකි.

උදේ 8 ට වැඩ ඇරඹිය යුතුවුවත් පුරුද්දක් ලෙස ඇගේ කාර්යාලයේ වැඩට ඇය යන්නේ උදෑසන 6 ට පමණය. තැපැල් කාර්යාලය අසළ පොත් හළක් හා ලොතරැයි නියෝජිත හළක්ද පිහිටා අැත.ඒවා ඇයට අයත් වන අතර සේවකයින් යොදවා ඇය පවත්වාගෙන යනු ලබයි

ඊයේ (29දා) උදෑසන ඇය වැඩට ගොස් පුරුදු පරිදි තනිව තැපැල් කාර්යාලයේ දොර වසාගෙන වැඩ කරමින් සිට ඇත. ගින්න හටගත් අවස්ථාව ගැන නිශ්චිත සාක්ෂි කිසිවක් නැති අතර ටික වේලාවකින් තැපැල් කාර්යාලය ඇතුළතින් ගින්නක් හටගෙන ඇති බව අසල්වාසීන් දැනුවත්වී ඒ ගැන සොයා බලා තිබේ.

කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත ගිනිනිවන රථ පැමිණ ගින්න නිවූ පසු පිලිස්සුම් තුවාල ලබා සිටි උප තැපැල් ස්ථානාධිපතිනිය හමුවූ අතර ඇයව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තැපැල් කන්තෝරුවේ සියලු බඩු මූට්ටු පිළිස්සී ගොස් තිබුණ අතර ඒ සමඟ තැපැල් කාර්යාලයට අදාළ ලිපි ද්‍රව්‍යද විය. ඇගේ මළ සිරුර අසළ දිනපතා පත්තර මිටි කිහිපයක්ද අර්ධ වශයෙන් පිළිස්සී තිබී ඇත.ඒ ඇගේ පොත් හළේ අලෙවියට බෙදාහැර තිබුණ උදෑසන පත්තර තොගයේ කොටසකි.

තැපැල් කන්තෝරුවට කිලෝමීටරයක් පමණ දුරින් ඇගේ නිවස පිහිටා තිබී ඇත. එහි ඇයත් සැමියාත් දරු දෙදෙනාත් වාසය කරති.

කෙසේ වෙතත් ඉන් පසුව මෘත දේහය මරණ පරීක්ෂණයට ලක් කල අතර මියගිය තැපැල් ස්ථානාධිපති වරියගේ සිරුර තුළ වස අඩංගුව පැවති බව අධිකරණ වෛද්‍යවරායා විසින් සඳහන් කර තිබෙනවා.

අල්පිටිය කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය තුළ හටගත් ගින්න නිසා මියගිය තැපැල් ස්ථානාධිපති වරියගේ සිරුර තුළ වස අඩංගුව පැවති බව අධිකරණ වෛද්‍යවරායා විසින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ගිනි ඇවිලී මියයෑමට පෙර වස ශරීර ගතවී ඇති බවට පොලීසිය සැක කරනවා.

කෙසේ වෙතත් එය සියදිවි නසාගැනීමේ උත්සාහයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක්ද පොලීසිය ඊයේ සොයා ගත්තා. තවදුටත් සිදුකළ විමර්ශනවලදී තැපැල් කාර්යාලයේ එක් පසෙක කුප්පි ලාම්පුවක්ද තිබී හමුවී ඇති නමුත් එහි භූමිතෙල් නොතිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර, මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා.

මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද ? එසේ නැත්නම් කිසිවකු විසින් ඇයව ඝාතනය කොට ගිනි තබා ඇත්ද? යන්න තවමත් අභිරහසකි. මේ පිළිබඳ ඊයේ රසපරීක්ෂක වාර්තා සඳහා පිරික්සීම අරඹා තිබුණ අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය මගින් මෙහෙයවයි.

පිරිමි දරුවන් දෙදෙනෙක් කැලයකට ගෙනිහින් අතවර කරන්න ගිය පුද්ගලයෙකුට ගල්මුරුව ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක් (Video)

galmurouwa-child-abused
"මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා"

"නිවාඩු කාලේ දරුවන් ගැන ලොකු අවධානයකින් ඉන්න කියලයි මම ඉල්ලන්නේ"

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු සුදුවැලි බැම්ම ප්‍රදේශයේ කැලයට රැගෙන ගොස් අතවර කිරීමට ගිය පුද්ගලයෙකු ගම්වැසියන් විසින් අල්ලාගෙන මාදම්පේ පොලිසියට භාර දුන් පුවතක් පිළිබඳව වාර්තා වුණා.

එලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඊයේ (29) පස්වරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් වූ සැකකරු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු බව මේ වන විට අනාවරණය වී ඇති අතර මොහු කලක් විදේශ ගතව ඉතාලියේ වේරෝනා නගරයේ සිට පැමිණ ඇති අතර මේ වන විට මොහුගේ බිරිද විදේශ ගතව සේවය කරන බවයි පැවසෙන්නේ.

කලක සිටම තමා යතුරුපැදියෙන් ගමින් ගමට ගොස් මෙලෙස කුඩා දරුවන් සොයාගෙන ලිංගික අතවර කල බව සැකකරු පිළිගෙන ඇති බවත් සමහර අවස්ථාවලදී කුඩා දරුවනට මුදල් පවා දුන් බව සැකකරු පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම ගමේ තරුණයෙන් පවසා ඇත්තේ මෙවැන්නක්.

"මේ පුද්ගලයා කීපවරක්ම බයික් එකේ මේ ස්ථානයේ කැරකුනා. මේ නිසා අපිට මුල ඉදලම සැක හිතිලයි තිබුනේ. මාත් එක්ක මගේ යාලුවා දිනේෂ් චතුරංගත් හිටියා. ඒ ඉද්දි තමයි පොඩි පිරිමි ළමයි දෙන්නෙක් එක්ක මේ පුද්ගලයා කැලයට ගියේ. අපි මුලින් හිතුවේ මේ පුද්ගලයා ළමයි දෙන්නගේ කවුරු හරි කියල.

මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා. අපිට නිකමට හිතුනා ගිහින් බලන්න ඕනෑ කියල. ඒ යනකොට තමයි දැක්කේ පොඩි ළමය අඩනවා. ලොකු පිරිමි ලමයව මේ මිනිහ බෙල්ල හිරකරගෙන අල්ලාගෙන ඉන්නවා. අපි දෙන්න ගහල ළමයි දෙන්නව බෙර ගත්තා. එතකොට මේ මිනිහ කිව්වා සල්ලි දෙන්නම් අත හරින්න කියල. අපි බැහැ කියල, ගමේ අයට කතා කලා. එත කොට තමයි ගමේම අය එකතු වෙලා මේ පුද්ගලයාට හොදටම ගහල පොලිසියට භාර දුන්නේ. අපි දෙන්න ඒ වෙලාවේ නොගිය නම් ළමයි දෙන්නට ලොකු කරදරයක් වෙන්න තිබුනා".

අදාළ සිදුවීමට මුහුණ දුන් දරු දෙදෙනාගේ මව පවසා ඇත්තේ මෙවැනි දෙයක්

"දරුවෝ දෙන්නා ගෙදරින් ගියේ යාලුවෙකුගේ ගෙදරට සෙල්ලම් කරන්න.ඒ යාලුවා සරුංගල් අරින්න වෙලට ගිය ආරංචියට තමයි මගේ දරුවෝ දෙන්නත් වෙලට ගිහින් තියෙන්නේ. ඒ යද්දී තමයි මේ පුද්ගලයා මගේ දරුවෝ දෙන්න රවට්ටගෙන කැලයට ගෙනහින් තියෙන්නේ. ගමේ තරුණයන් නොදැක්ක නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුන. සමහර විට මගේ දරුවෝ මරලා දාල යන්න පවා තිබුන.ඒ නිසා මම මේ තරුණයන්ට ස්තුති කරනවා. ඒ වගේම මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන් ගැන මේ නිවාඩු කාලේ ලොකු අවධානයකින් ඉන්න කියලයි" .

මාදම්පේ පොලිසිය මේ සිදුවීම් පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




(හිරුගොසිප්)

රැයක් තිස්සේ අමානුෂික ලෙස දූෂණය වූ මීටියාගොඩ කාන්තාවක් මරුට

rape

බලපිටිය, තෙල්වත්ත, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි අවිවාහක කාන්තාවක්‌ රැයක්‌ මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළ බවට චෝදනා මත අත්අඩංගුවටගෙන සිටි 35 හැවිරිදි සැකකරුවෙක් ලබන 07 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තෙල්වත්ත,මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාව මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර තිබුණා.

කාන්තාවගෙන් ලද තොරතුරු මත සැකකරු මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාව පොලිසයට පවසා ඇත්තේ අදාල පුද්ගලයාගේ රූපය චායාවක් මෙන් දර්ශනය වූ බවත් ඔහුගේ කොණ්ඩය ඝනට වැවුණු කොණ්ඩයක් බවයි.

නිවසේ තනිව ජිවත් වන මෙම කාන්තාව ඇස් පෙනීමේ දුර්වල තාවයකින් පෙළුණු තැනතියක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ දින රාත්‍රී 7.00 ට පමණ සැකකරු ජනේලයකින් නිවස තුලට ඇතුල් වී රාත්‍රිය මුළුල්ලේම ඇය සමඟ ගත කර ඇති බවටයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුට අදාළව ලැබීමට නියමිත ඩී.එන්.ඒ. වාර්තාව සහ පරීක්‍ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් මීළඟ නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහෙස්‌ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ මැටිවල, තෙල්වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

82 හැවිරිදි සුගුණවතී නමැති කාන්තාව රැයක්‌ මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් සති දෙකකට පසු එම කාන්තාව මියගොස් ඇති අතර මුත්‍රාශයට විෂබීජයක් ඇතුල්වීමෙන් ඇතිවූ අසාද්මික තවක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර 35 හැවිරිදි පුද්ගලයාට එරෙහිව තවත් මෙවැනිම චෝදනා යටතේ බලපිටිය අධිකරණයේ නඩු විභාගයට ගනිමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

28 August, 2017

"අපරාධකරුවෙකුගේ මවක් වීම පාපයක් - පුතා උනත් එල්ලා මරන්න" ගිරිබාවේ සිසුවිය දූෂණයකර මැරූ පාපතරයාගේ මවගෙන් ලියුමක්

giribawa-girl-raped-murder-killer-mother-letter
ගිරිබාව ප්‍රදේශයේ නිවසක තනිව සිටි පාසල් සිසුවියක් දූෂණය කොට සාහසික ලෙස මරා දැමු පුවතක් පසුගිය දිනවල ‍රටේම අවදානයට ලක්වුනා.
සිදුවීමට සමබන්ධ අපරාදකරු අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

කෙසේ වෙතත් එම අපරාධකරුගේ මව විසින් ඝාතනයට ලක්වූ සිසුවියගේ දෙමව්පියන් වෙත ලිපියක් ලියා තිබෙනවා.

ඉන් ඇය මෙම අපරාධකරු එල්ලා මැරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව පවසනවා.

එම ලිපිය පහතින්,

giribawa-girl-raped-murder-killer-mother-letter

"පොල්ලකින් ගැහුවා, බිම වැටුනම බෙල්ලට කෙටුවා, ගැහැනු බිම වැටුනු තාත්තට පයින් ගැහැව්වා" සරුංගලේකට මිනී මරපු නරුමයෝ

minuwangoda-father-son-murder

සරංගලයක් උඩ ඇරීමේ සිදුවීමකදි ඇතිවූ බහින්බස්බස්වීමක් මත පිය පුතු දෙපලක් ඝාතනය කළ ඔහුන්ගේ ඥාතීන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්.

උදෑසන 8.00ට පමණ ‍තම නිවස ඉදිරිපිට කෑකෝ ගසමින් සරුංගල් අරිමින් සිටි ළමුන් පිරිසට එය නවත්තන්නැයි කළ ඉල්ලීමට ‘අපි පාරෙනෙ යවන්නෙ ඔයාලට කරදරයක් නෑනේ‘ යයි දැක්වූ ප්‍රතිචාරයෙන් කෝපයට පත්ව මෙම ආරවුල ඇරඹී ඇත.

මෙම ආරවුලට මැදිවූ සියලු පිරිස් එකිනෙකා බාප්පා සීයා ආදී ලෙස හඳුන්වන සමීප ඥාතීන් වූ අතර ඔවුන් අතර දිගු කලක සිට පැවති විරසකකම් මේ සරුංගල් ප්‍රශ්නය නිසා මෙලෙස මිනීමැරුම් සිදු කිරීමට තරම් දුරදිග ගෙන ගොස් ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දී මෙම ඝාතන සිදුකර ඇත.
ඝාතනයට ලක් වූ 48 හැවිරිදි සිව්දරු පියා යතුරුපැදියෙන් කරවල පැකට් රැගෙන ගොස් අලෙවි කරන අයෙකි.
ඔහුත් සමග ඔහුගේ 20 හැවිරිදි පුතාද ඝාතනයට ලක්ව ඇති අතර මියගිය 20 හැවිරිදි තරුණයා අසල්වැසි තවත් ළමුන් පිරිසක් සමඟ සරුංගල් යවමින් සිටියදී පෙරකී වචන හුවමාරුව සිදුව තිබේ.
එය ඇසී උදෑසන කරවල වෙළෙඳාමට යමින් සිටි පියාද බහින්බස්වීම සිටි ස්ථානයට පැමිණ ආරවුලට සම්බන්ධව තිබේ.

පැරණි ආරවුල පෑරීමෙන් පසු කතාබහ දුරදිග යාමෙන් නිවසේ සිටි පිරිස කඩු හා පිහි රැගෙන ඝාතන සිදු කර තිබේ.
ලාල් ප්‍රේමසිරි සිල්වා නමැති සිවුදරු පියා හා සුරාජ් දනංජය සිල්වා නම් තරුණයා මෙලෙස ඝාතනයට ලක්වීය.

ඝාතන සම්බන්ධයෙන් මියගිය සිව්දරු පියාගේ බාල දියණිය ශානිකා චන්ද්‍රමාලි මෙලෙස කට උත්තර ලබා දුන්නේය.

"මියගිය තාත්තා උදේ 7 ට විතර එයාගේ යතුරුපැදියෙන්. අක්‌කලා දෙදෙනාව යටියන හන්දියට ගිහින් ඇරලවා ආවා. අක්‌කලා දෙන්නා කටුනායක වැඩට යනවා. එයාලව ඇරලවා ගෙදර ඇවිත් උදේ කාලා 8 ට විතර කරවල වෙළෙඳාමේ යන්න බයිසිකලයෙන් ගියා. තාත්තා ගෙදරින් පිටත්වෙලා සුළු වෙලාවකින් තාත්තා අම්මෝ කියා කෑගහනවා ඇසුණා. මමයි මියගිය අයියයි අම්මයි තාත්තා කෑගහන දිහාට දුවගෙන ගියා. ඒ වෙනකොට තාත්තා රාළහාමිලාගේ ගේ ඉදිරිපිට පාරේ වැටිලා සිටියා. රාළහාමිලාගේ පවුලේ අය කඩු පොලු තියාගෙන තාත්තාව වටකරගෙන හිටියා.
සීයා කෙනකු තාත්තාට පොල්ලකින් ගහනවා දුටුවා. එතන සිටි අයෙක්‌ තාත්තාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා දැක්‌කා. එතන සිටි තව අයෙක්‌ අත කඩුවක්‌ තිබුණා. ඔහුත් තාත්තාට කඩුවෙන් කෙටුවා. අතේ පිහියක්‌ තියාගෙන හිටපු අයෙක්‌ තාත්තාට පිහියෙනුත් කෙටුවා. එතන හිටපු ගැහැනු අය බිම වැටී සිටි තාත්තට පයින් ගැහැව්වා. තාත්තාව බේරගන්න අපි ඉදිරියට ගියාම එහි සිටි අයකු අයියාට පොල්ලකින් ගැහුවා. ඒ එක්‌කම තාත්තාට කඩුවෙන් කොටපු කෙනා අයියාටත් කඩුවෙන් කෙටුවා. පොලු අතේ තිබුණු අය අයියට පොලුවලින් ගැහැව්වා. මටයි අම්මටයි පරුෂ වචනයෙන් බැණලා ගහන්න ආවා"

තාත්තයි අයියයි ලේ විලක්‌ මැද වැටිලා ඉන්නකොට එතනට ගොඩාක්‌ කට්‌ටිය ආවා. අපි කෑගැසුවා. අපේ චූටි බාප්පා වෑන් එකකින් එතනට ඇවිත් තාත්තාවයි අයියාවයි වෑන් එකේ පටෝගෙන මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආවා. මමත් අම්මත් වෑන් එකේ රෝහලට ආවා. රෝහලට රැගෙන එනකොටත් තාත්තයි අයියයි මියගොස්‌ කියා වෛද්‍යවරු කිව්වා"

දෙදෙනාගේම හිස ප්‍රදේශයට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි ‍පොලිසිය පවසයි.පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් තවත් පිය පුතු දෙ‍පොළක් ඇතුළු තිදෙනකු පෙරේදා (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණ බාර වී තිබූ අතර එම සැකකරුවන් තිදෙනා ඊයේ (27) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

"වෙරි – මරගාතේ" කාන්තාවක් පැහැරගැනීමට තැත් කළ කෑගල්ල රෝහලේ දොස්තර ඩබල

TITLE
-FlilePhoto
තම දරුවා සමඟ නිවස වෙත යමින් සිටි කාන්තාවකගේ අතින් ඇද යමු යැයි පවසමින් වාහනයකින් පැහැරගෙන ‍යෑමට උත්සාහ දැරූ දන්ත වෛද්‍යවරයකු පිළිබදව පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ.

පසුගිය 26 දා රාත්‍රි 8.30 ට පමණ මෙම අතවරයට පත් කාන්තාව තම දරුවා උපකාරක පන්තියකට ගෙන ගොස්‌ තම සහෝදරයකු සමඟ නිවස බලා ගොස්‌ ඇත.

එහිදී සහෝදරයා අසල ඇති හෝටලයකට ගොස්‌ ඇති අතර එම අවස්‌ථාවේදී වාහනයකින් පැමිණි වෛද්‍යවරයා එම කාන්තාවගේ අතින් ඇද යමු යෑයි කියා පැහැරගෙන යැමට තැත් කර තිබේ.

වාසනාවකට මෙන් මෙම කාන්තාවගේ කෑගැසීම ඇසුණු අසල්වැසියන් පිරිසක් පැමිණ සැකකාර වෛද්‍යවරයාට සහ වාහනයේ සිටි තවත් වෛද්‍යවරයකුට පහර දී කාන්තාව පැහැරගෙන යාමට නොදි බේරාගෙන ඇත.

අසල්වැසියන් විසින් මෙම වෛද්‍යවරුන් දෙදෙනා අල්ලාගෙන ගොස්‌ රාත්‍රි 10 ට පමණ පොලිසියට භාරදී ඇති අතර එහිදී කාන්තාව විසින් තමාට සිදු වූ අතවරය සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය පරීක්ෂාවක් සදහා වෛද්‍යවරුන් දෙදෙනා හා කාන්තාව ද කෑගල්ල රෝහලට ගෙන ගොස්‌ ඇත.

සැකකාර වෛද්‍යවරයාද කෑගල්ල මහ රෝහලේ සේවය ක‍රන වෛද්‍යවරයෙක් වන අතර සිදුවීම වන විට ඔහු බීමතින් සිටි බව අසල්වාසීන් පවසා සිටි.

කෙසේ වෙතත් චුදීත වෛද්‍යවරයා පරීක්ෂා කළ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් ඔවුන් මත්පැන් පානය කොට නොමැති බවට වාර්තා කර ඇත. සැකකරුවන්ට පහර දුන් පුද්ගලයන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැර තිබේ.

ඉන්පසුව පොලීසිය විසින් අපයෝජන සිදුවීමට චුදීත වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය විසින් සැකකරු මේ මස 30 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කෑගල්ල මහ රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයකු වූ 31 හැවිරිදි විවාහකයෙකි.

25 August, 2017

ගිරිබාවේ සිසුවිය දූෂණය කොට මරා දැමූ සැකකරුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ 300ක්..!

girl-raped-murder-giribawa
ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (24) නියෝග කළේය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ගිරිබාව, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචි තිලකරත්නගේ හර්ෂණ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගිරිබාව පොලිස්ථානයේ නිලධාරීන් සැකකරු ස්ත්‍රී දූෂණයක් සිදු කර මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබුණි.

ඊයේ (23 දා) දහවල් 12 ට පමණ මෙම දැරිය සිය නිවසේ රූපවාහිනය නරඹමින් සිටින අතරවාරයේ නිවසට පැමිණි පුද්ගලයෙකු මෙම දැරිය දූෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ නිවස ආසන්නයේම පදිංචි තරුණයෙකු මෙලෙස ගිරිබාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සිදු වීමෙන් පසු සැකකාර පුද්ගලයා බස් රථයකින් පලා යමින් සිටියදී ඔහු පිළිබද කොන්දොස්තරවරයාට ඇති වූ සැකයක් මත ගිරිබාව, පාලුවැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකට දැනුම්දීමෙන් පසුව අල්ලා ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාල නිවසේ දැරිය හැරෙන්නට වෙනත් කිසිවෙකු නොසිටි බවත්, දැරියගේ මව අසළ නිවසක සිය සේවා ස්ථානයේ සිට ඇති බවත්, ඇද මත වැටී සිටි දැරියගේ දෙඅත් රෙදි පටියකින් බැද තිබූ බවත් ගිරිබාව පොලීසියේ නිලධාරීන් කියා සිටියේය.

එසේම දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක සිරීම් තුවාල සිදුව තිබූ බවද, උඩු තොලෙහි තද දත් පහරක් තිබූ බවද පොලීසිය පැවසීය. ඊට අමතරව සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ අසැබි දසුන් 300 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවද ගිරිබාව පොලීසිය සදහන් කළේය.

සිද්ධියෙන් පසු සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් හිමාල් චන්දන කහදවල මහතා විසින් සිදු කළ අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යන ලදී. එසේම අත්අඩංගුවට පත් සැකකරුද වෛද්‍ය පරීක්ෂණය සදහා ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (24) ඉදිරිපත් කළේය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සංජීව බන්ඩාර මහතාගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය මහතාගේ මැදිහත්වීම යටතේ ගිරිබාව පොලිස්ථානාධිපති කේ.වී.පී.සී. දීපාල් මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

24 August, 2017

දෑත් ගැට ගසා දූෂණය කරලා - ඇඟ පුරා සිරීම් - උඩු තොලේ තුවාලයක් - ගිරිබාව හැඬවූ ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

/girl-raped-murder-salaya-ashokapura
සිය නිවසේ සිටියදී දූෂණයට ලක්කර මරා දමන්නට ඇතැයි සැකකරන 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ මළ සිරුරක් ඊයේ(23) දහවල් ගිරිබාව පොලීසිය විසින් සොයා ගෙන ඇත. ගිරිබාව විදුහලේ 12 වසරේ(උසස් පෙළ) ඉගෙනුම ලබන ඒකනායක මුදියන්සේලාගේ සන්ධ්‍යා මදුෂානි ඒකනායක නමැති 17 හැවිරිදි ශිෂ්‍යාව මෙසේ ඊයේ දහවල් 12 ට පමණ සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොසින් සිටියදී ඇගේ මවට හමුවී ඇත.

යාය දෙක, සුදර්මාරාම මාවත, සාලිය අශෝකපුර ලිපිනයේ පිහිටි සිය නිවසේ ඊයේ දහවල් රූපවාහිනිය නරඹමින් සිටිය දී ඇගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයකු නිවසට පැමිණ දූෂණය කර මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.

දැරිය රූපවාහිනිය නරඹමින් සිටි අවස්ථාවේ ඇගේ මව අසල නිවසකට ගොස් සිට ඇති අතර ඇය නිවසට පැමිණි පසු දැරිය ඇද මත වැටි සිටින අයුරු දැක තිබේ. ඒ සමඟම ඇතිවූ කෑගැසිල්ලත් සමඟ අදාළ නිවසට පැමිණි අසල්වාසීන් විසින් 119 අංකයට ඇමතුමක් ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා අදාළ සිද්ධියෙන් පසුව බස් රථයක නැගී පලා යමින් සිටිය දී ඔහු පිළිබඳ සැක සිතූ බස්රථයේ කොන්දොස්තරවරයා තරුණයා පිළිබඳ ත්‍රී රෝද රථ නැවතුම්පළේ තරුණයන්ව දැන්වත් කිරීමෙන් පසුව මොහුව අල්ලාගෙන පොලිසියට බාර දී ඇති අතර මෙම සැකකාර තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යැයිද සැකයක් පවතී.

නිවසේ ඇඳේ වැටී සිටි දැරියගේ ශරීරයේ විවිධ ස්ථනවල සීරීම් තුවාල තිබූ බවත් ඇගේ උඩු තොලෙහි දත් පහරවල් කීපයක් තිබූ බවත් දෙඅත් රෙදි පටියකින් බැඳ තිබූ බවත් ශරීරයේ ඇතැම් ස්ථාන නිරාවරණය වී තිබූ බවත් ගිරිබාව පොලීසිය සඳහන් කරයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කහඳවල මහතා විසින් සිදු කළ අතර දැරියගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යන ලදී.

සැකකාර තරුණයා අද(24) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඊයේ(23) ඉදිරිපත් කරණු ලැබීය.

සැකකාර තරුණයා ඊයේ ගල්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදී ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය මහතාගේ මෙහෙය වීමෙන් ගිරිබාව පොලිස් ස්ථානාධිපති කේ.වී.පී. සී දිපාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ නිකවැරටිය අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

සාලය අශෝක පුර ගැහැණු දරුවෙක් දූෂණය කර ඝාතනය කරයි (Video)

girl-raped-murder-salaya-ashokapura
ගිරිබාව පොලිස් වසමේ ගැහැණු දරුවෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඇති බවට පොලීසියට ලද තොරතුරු මත පරීක්ෂණ අරඹා තිබේ.

සාලය අශෝක පුර පදිංචි අදාළ දැරිවිය වයස අවුරුදු 17 ක් බව ගිරිබාව පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

ඊයේ (23) දහවල් මෙය සිදුව ඇති අතර එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ක් පුද්ගලයෙකු අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරිය අනුරාධපුර රෝහලට බාර දී ඇත.

අදාළ සැකකරු අද ගිරිබාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගිරිබාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.


(දෙරණ)

23 August, 2017

පියා පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක් - පුතා රෝයල් එකේ - සූක්ෂම උපකරණයකින් උ/පෙ ප්‍රශ්ණ පත්‍රය පිටකළ හැටි

TITLE
FilePhoto
උසස්‌ පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්‌ මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටින බව විමර්ශණ වලදී හෙලිවූ අතර, එම විභාග වංචාවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක සිසුවෙකු අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෛද්‍යවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන්නෙකු වන අතර, සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාට රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙස ඔහු ඉල්ලා ඇති බවද හෙළි වී තිබේ.

ඒ අනුව වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුර ජංගම දුරකථනයක්‌ මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ ඒවාට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහාය.

මේ සඳහා සූක්ෂම ලෙස දුරකථනයක් Bluetooth උපකරණයක් සහ තවත් උපකරණයක් යොදාගෙන පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.

එමෙන්ම Bluetooth උපකරණය මගින් මෙම විභාග වංචාවට චෝදනා ලබා ඇති ගුරුවරයා සමග සම්බන්ධවී ඇති සිසුවා සියලු ප්‍රශ්ණවලට පිළිතුරුද ගුරුවරයාගෙන් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

උපකාරක පංති ගුරුවරයා එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව ප්‍රශ්න තුනක් පත්‍රිකාවක මුද්‍රණය කර ඒ මොහොතේම ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්‌ථානවල බෙදාහැර තිබුණි.

උපකාරක පංති ගුරුවරයා වෛද්‍යවරයාගෙන් ලබාගත් බවට සැකකරන රුපියල් දස ලක්‍ෂයක මුදලින් රුපියල් නව ලක්‍ෂ අනූ දහසක්‌ ඔහුගේ කඳානේ පිහිටි නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ සුලමුල හෙළි වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

සැකකාර උපකාරක පංති ගුරුවරයා රටින් පලා යැම වැළැක්‌වීම සඳහා අධිකරණ නියෝගයක්‌ ද ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

20 August, 2017

නෝනව නාන කාමරයට ගෙනිහින් දූෂණය කරලා මරලා දාලා

TITLE
FilePhoto
සසන්ති මරණ දණ්ඩනයට යටත්ව යකඩ කූරු අතරින් එපිට පිහිටි ලෝකය ගැන සිතමින් සුසුම් හෙළන්නීය. සුදු වතින් හැඳී ඇය තවමත් රූමත්ය. රුවැති සසන්ති වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට පැමිණියේ හතළිස් වියේදීය. සැමියා සමඟ එක්ව ස්වාමි දියණිය මරා දැමීමේ චෝදනාවට ඇය වරදකාරියක් වූවාය.

ඒ වෙනුවෙන් ඇය අද මරණ දණ්ඩනයට යටත්ව සිටින්නීය.

ග්‍රාමීය පරිසරයක හැදී වැඩුණු සසන්ති ඉතා සියුමැලි තරුණියකි. කොළඹ ජීවිතයේ ලද කටුක ගොරහැඩි අත්දැකීම් සමුදායත් සමඟ යකඩ ගැහැනියක් බවට ඇය පත්ව සිටින්නීය. ඇගේ මුහුණේ සිනහවක සේයාවක් හෝ නොවීය. කඳුළු උල්පත් ද සිඳී ගොසිනි. මුහුණ සුදුමැලිය. දැඩි කලකිරීමකට පත් බවක් ඇගෙන් දිස් විය.

සසන්ති ඉපදුණේ අම්පාර ප්‍රදේශයේය. පවුලේ එකම දරුවා වූ ඇය සැප පහසු ජීවන රටාවකට හුරු පුරුදු වී සිටියාය.

එහෙත් ඇය හත් වැනි වියට පා තබත්ම ඇගේ මව අවාසනාවන්ත ලෙස මිය ගියාය. එයින් පුංචි සසන්තිත් ඇගේ පියාත් අන්ත අසරණ තත්ත්වයකට පත් වූවාය.

මවගේ තෙමස් පූර්ණ දින සාහසිකයකුගේ වෙඩි පහරින් පියා ද මෙළොවින් සමුගත්තේ පුංචි සසන්ති මෙලොව තනි කරමිනි. ඇගේ පිහිටට පැමිණි මිත්තනිය ඇගේ නිවෙසට සසන්ති කැටුව යන්නේ මෙම විනාශය සිදුවීමෙන් අනතුරුවය. පසුව දිනෙන් දින ලොකු මහත් වූ සසන්තිට මවගේත් පියාගේත් අඩුව දැනෙන්නට මිත්තනිය ඉඩ නොතැබුවාය. ඉතා ආදරයෙන් සෙනෙහසින් ඇය ලොකු මහත් කළත් හදිසියේ අසනීප වී මිත්තනිය ද මිය ගියාය.

මිත්තනියගේ අභාවයෙන් පසු සසන්තිට මෙලොව කිසිම කෙනකු නොවීය. කර කියා ගත හැකි දෙයක් ද නොවීය. අවසානයේ මිත්තනියගේ සොහොයුරිය සොයා ඇය කොළඹ පැමිණියාය. ඒත් ඥාතීන් මුණ ගැසීමේ සතුට ඇයට වැඩි කාලයක් භුක්ති විඳීමට නොලැබුණි. ඒ පැතුම්ගේ නෙතට ගැටෙන මෙම ගැමි තරුණියට ඉන් බේරීමට ඉඩක් නොලැබෙන නිසාය. ඇය කෙතරම් අකමැති වූවද, නිවැසියන් කෙතරම් අවවාද කළ ද අවසානයේ පැතුම් බලහත්කාරයෙන් සසන්තිව ඔහුගේ නිවෙසට රැගෙන ගියේ ඥාතීන් ඇතුළු සැවොම භීතියට පත් කරමිනි.
ඇගේ කඳුළු කතාව ඇය මෙසේ කියා සිටින්නීය.

“මම ගමක හැදුණු වැඩුණු අහිංසක කෙල්ලක්. කවදාවත් මගේ ගෙදර රණ්ඩුසරුවල් තිබුණේ නැහැ. හැමෝම හරිම සාමකාමී විදිහට ජීවත් වුණේ. ගමෙන් කොළඹ ආවත් මම කොළඹ ජීවිතයට කැමති නැහැ. මට තාමත් මගේ ගමේ වෙල් ඉපනැලි හීනෙන් පේනවා. මම ඒතරමටම ගමට ආශා කළ කෙනෙක්. මගේ කරුමෙට මගේ කියන හැමෝම මාව දාලා ගියා. ඒ කරුමය උරුම කරන් කොළඹ ආපු මට පැතුම් මුණ ගැසුණා. එයා මාව බලෙන් එයාගෙ ගෙදර අරන් ගියත් මට ඒකෙ ලොකු වරදක් එදා පෙනුණෙ නැහැ. ඒත් පැතුම්ගේ ගෙදර අයගේ හැසිරීම් එක්ක මට ඒක මිහිපිට අපායක් වුණා. මට කැමති අකමැති හොඳ නරක හැමදේම ඒ ගෙදර දි කරන්න වුණා.

මම සිරගෙදරට එන්න කලින් සිිටියේ කොළඹ ලොකු නෝනා කෙනකුගේ ගෙදර. ඒ නෝනගෙ ගේ දොර වැඩවලට මම උදව් කළා. මම ඒ ගෙදරට ආවේ පැතුම්ගෙ ගෙදරින් පැනලා හොර රහසෙමයි. ඒත් පස්සෙ දවසක අතරමඟදි මට පැතුම් මුණ ගැහිලා කොළඹ ගෙදර හොයාගෙන ආවා. මම පැතුම් ගැන දන්න නිසා කොළඹ ගෙදර තියෙන තැන කියන්න එපා කියලා මම නෝනට කොච්චර කීවත් නෝනා ඒක තේරුම් ගත්තෙ නැහැ. නෝනා පැතුම්ව ගෙදරට ගෙන්න ගත්තා. මැඩම් පැතුම්ට මාසයකට ගානක් දෙන්නත් පොරොන්දු වුණා. ඒක මාසික පඩියක් වගේ. ඒක ගන්න හැම මාසෙම පැතුම් කොළඹ පිහිටි නෝනගේ ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් ඒක අරන් යන්න ගියා.

සිද්ධිය වෙච්ච දවසට දින දෙකකට පෙර මට හොඳටම අසනීප වුණා. නෝනා මාව පෞද්ගලික ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් ගියා. ඒත් මට ඒ බෙහෙත්වලට අඩු වුණේ නැහැ. හොඳටම අමාරු වුණා. නෝනා මාව මහඉස්පිරිතාලෙට අරන් ගියාම මට ඩෙංගු හැදිලා කියලා දොස්තර කිව්වා. නෝනගේ පුතා හිටියේ ඇමරිකාවෙ. වෙන කවුරුත් ඒ ගෙදර හිටියෙ නැහැ. ඒ නිිසා දවල් මට සුප් එකක් හදාගෙන එන්නම් කියලා මෝනා ගෙදර ගියා.

ඒත් නෝනා දවල් මාව බලන්න ආවේ නැහැ. මට හරිම දුකක් දැනුණා. නෝනා ඊළඟ දවසෙත් ආවෙ නැහැ.

එදා හවස පැතුම් මාව බලන්න ඉස්පිරිතාලෙට ආවා. හරිම කලබලෙන් මාව ගෙදර අරන් යන්න ටිකට් කපා ගන්න හැදුවා. රෝහලට බාර දුන් භාරකරු එයා නෙමේ නිසාත්, මගේ රෝගී තත්ත්වය නිසාත් වෛද්‍යවරයා පැතුම් සමඟ රණ්ඩුවකට පැටළුණා. කොහොම හරි එයා බලෙන් මාව ගෙදර අරන් ගියා. මම හිතුවේ නෝනා හදිසියේ එයාගෙ පුතා ඉන්න දිහාට ගිහින් කියලයි. මට බයක් සැකක් හිතුණත් මම හිටියෙ හරිම අසනීප තත්ත්වයෙන් නිසා මට නින්ද ගියා.

මාව ගෙදර ගෙනත් කාමරයකට දාලා වහපු පැතුම් කොහේ හරි යන්න ගිහින්. මට බෙහෙත් ගෙනත් දුන්නෙත් එයාගෙ අම්මා. දින දෙකකට විතර පස්සේ කුස්සියේ තිබුණ පත්තරයක මම නෝනගෙ රූපය තියෙනවා දැක්කා.

“දෙවියනේ මම දැනගත්තෙ එවේලෙ තමා පැතුම් ඒ අහිංසක නෝනව මරලා කියලා. නෝනගෙන් සල්ලි ගන්න ගිය පැතුම්ට මම අසනීප වෙලා ඉස්පිරිතාලේ කියලා නෝනා කියලා තියෙනවා. වෙනදාට ගේට්ටුව ළඟ නතර වෙන පැතුම් එදා ගේ ඇතුළටම ඇවිත්. නෝනා ඒ වෙලාවේ මට ගේන්න සුප් හද හදා ඉඳලා තියෙන්නේ. සල්ලි ඉල්ලුවාම නෝනා රුපියල් 3000ක් දීලා ඉතිරිය පස්සෙ දෙන්නම් කියලා තියෙනවා. හදිසියක් කියලා පැතුම් නෝනගෙන් රුපියල් ලක්ෂ 2ක් ඉල්ලලා තියෙනවා. නෝන නැහැ කිව්වාම නාන කාමරයට ගෙනිහින් නෝනව දූෂණය කරලා අන්තිමට මරලා දාලා. පස්සේ නෝනගේ රත්තරං බඩුත් අරන් පැනලා ගිහින් තියෙනවා.”

“මිනී මරලා වසන් කරන්න බැහැනේ. කවදා හරි ඒක එළි වෙනවාමයි. පොලිසියට මේ සේ්රම අහුවුණාම මමයි “ගෙදර යතුර” දුන්නේ කිියලා පැතුම් කියලා තියෙනවා. අහක උන්න මාවත් මේ මිනීමැරුමට සම්බන්ධ වුණෙත් ඒ නිසා. ඒවගේ රත්තරන් නෝනා කෙනෙක් මරන්න ඕනද. මගේ අත්වල ලේ නෑ. සැමියා බිරිඳගේ දෙවියාය කීව්වත් මේ මිනිහනම් නරුමයෙක්. මගේ ජීවිතේ මට කවදාවත් සැනසීමක් එයා දුන්නෙ නැහැ.”

“පැතුම්ගෙ ගෙදරට ගිය දවසෙ ඉඳන් කොළඹ නෝනගෙ ගෙදරට පැනලා එනකම් මම දස වධ වින්දා, පැතුම් මාව බැඳලත් නෑ. එයා මාව එයාගෙ හොර ගෑනි විදිහටයි තියන් හිටියේ. එයාට තිබුණු බඩුලොරිවලින් එයා හැමදාම කළේ ගෑනු අරන් හෝටල්වලට යන එකමයි. ඒක මට කිව්වේ ලොරි වල ඉන්නෙ එයාගෙ ගෝලයොයි. ඒයා ඇහුවාම මට ගහනවා. සමහර දාට දණ ගස්සලා තියනවා. මේ දුක ඉවසන්න බැරිව මම ගෙදර යන්න දෙන්න කියලා කකුල් දෙක අල්ලලා වැන්දත් එදා මට පයින් ගහනවා. මට දරුවො දෙන්නෙක් ලැබෙන්න හිටියා. ඒක දැන ගත්තමත් හොඳටම ගැහුවා. ඒ නිසා ලැබෙන්න හිටිය දරුවො දෙන්නත් මට නැති වුණා. එක දවසක් රෑ මම හොඳටම ගුටි කාලා හිටියේ. පැතුම්ට නිදා ගන්න ඇරලා මම මහ රෑ ගෙදරින් පැනලා ආවා.

එයිනුත් පස්සේ තමයි මට කොළඹ නෝනා හම්බ වුණේ. මම කොළඹ නෝනා ළඟට ආවේ ඒ විදිහටයි. නෝනා මාව හොඳීන් බලා ගත්තා. ඒ රත්තරන් නෝනව පැතුම් මැරුවා කිව්වම මට ඒක දරාගන්න බැරුව ගියා. මොනව වුණත් මට පැතුම්ගෙ ගෙදරට වඩා මේ සිර ගෙය දාහකින් සම්පතයි. ඒ වගේම ජාති ජාතිත් අසත්පුරුෂ මනුෂ්‍යයෝ ඇසුරට නොවැටේවා! මම හැමදාම පතන්නේත් හිතන්නේත් ඒකම තමයි.

අනුරපුරයේ අතරමංවූ ස්විස් තරුණියට යන එන මං නැති කළත්‍රිරෝද සල්ලාලයා

threewheel-driver-raped-swiss-girl
FilePhoto
ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩ දමන්නට හදන්නෙ සංචාරක ව්‍යාපාරයේ ආශ්චර්යයෙනි. ඒ ආශ්චර්යය දෙකොනින් පෙන්වන සිදුවීමක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා වුණේය. ඒ පසුගිය මාසයේ 26 වැනිදාය.

අනුරාධපුරය මේ රටේ සංස්කෘතියේත් ඉතිහාසයේත් ආශ්චර්යය ලෝකයට කියන මහා නගරයය. එය දකින්නට එන විදේශිකයෙක් වේ නම් ඔහු මුහුදු වෙරළකට වී හිරු එළිය නාන, කැසිනෝවකට වී ලාභ විනෝදයක් සොයන සංචාරකයකුට වඩා ප්‍රබුද්ධයෙකි. සංස්කෘතික ප්‍රකාශනයන් වන පුරාවිද්‍යා භූමි දකින්නට එන්නේ ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 4කි. මේ කියන්නේ ජාතියක සංස්කෘතික ආශ්චර්යය දකින්නට දුරු රට සිට පැමිණෙන සංචාරක යුවතියකට දූෂණය නොවී සිය රටට යන්නට පුළුවන් බවට සහතිකයක් දෙන්නට මේ රටේ මිනිසුන්ට බැරි වීමේ ලැජ්ජා සහගත කතාවය.

එදින බදාදා දිනයකි. අන්තර් සංස්කෘතික ඉතිහාසය ගවේෂණය කිරීමට ස්විස්ටර්ලන්ත විශ්වවිද්‍යාලයකින් පැමිණි තරුණ විද්‍යාර්ථින් කණ්ඩායමක් සැන්දෑව ගත කිරීම සඳහා අනුරාධපුරයේ ප්‍රකට සමාජ ශාලාව වෙත පැමිණ සිටියෝය. මේ පිරිස ලැගුම්ගෙන සිටියේ අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි හෝටලයකය. මධ්‍යම රාත්‍රියට ආසන්න වන විට සම්භාෂණය නිමා විය. අනතුරුව ඔවුහු සිය නවාතැන්පළ බලා එන්නට පිටත් වූහ.

ඒ අතර එක් තරුණ සිසුවියක් කණ්ඩායමෙන් මඟ හැරී ගියේය. ඇය හුදකලා නගරයේ සිය නවාතැන සොයා ගන්නට මඟ සලකුණක්වත් නොමැතිව අතරමංව සිටියාය. අනුරාධපුර නගරය නිතර එහි යන එන දේශීය සංචාරකයන්ට පවා අණ්ඩර දෙමළයක් බඳු මාර්ග රටාවක් සහිත සංකීර්ණයකි. මේ විසි දෙහැවිරිදි තරුණිය කුලී රථයක පිහිට පතමින් මාර්ගය අසල රැඳී සිටියාය.

තරුණයන් සිවු දෙනකු සහිත ත්‍රිරෝද රථයක් ඒ අසලින් යන්නේ මේ අතරය. ත්‍රිරෝද රථ රියැදුරා අනුරාධපුර කඩ‍ෙදාළහ ප්‍රදේශයේ කුලී ගමන් යන්නෙකි. පූර්ණ කාලීන ත්‍රිරෝද රථ රියැදුරෙකි. සිය බිරියගෙන් වෙන්ව ජීවත් වන්නෙකි. විසි නව හැවිරිදි මේ තැනැත්තා දරුවන් දෙදෙනකුගේ පියකු බව කියැවිණි.

තරුණිය දුටු වහාම තරමක් ඉදිරියට ගොස් තමන් සමඟ සිටි තරුණයන් ත්‍රීවීල් රථයෙන් බස්සවා ආපසු පැමිණයේය. විදේශික තරුණියගේ ඇණ්වුමකින් තොරව නැවැත්වූ ත්‍රීවීල් රථයට බලහත්කාරයෙන් මෙන් ඇය නංවාගත් මේ සල්ලාලයා ඇයව රැගෙන යන්නේ නගරයේ අඳුරු මුල්ලකටය. අනතුරුව මරණීය තර්ජන එල්ල කර බලහත්කාරයෙන් නින්දිත ලෙස ඇයව දූෂණය කරන මොහු නගරයේ අඳුරෙහි ඇයව අතහැර පලා ගියේය. දරාගත නොහැකි වේදනාව සහිතව මේ විදේශික තරුණිය මඟ සොයාගෙන පොලිසිය වෙත එන්නීය. ඇය පැමිණෙන්නේ අනුරාධපුර සංචාරක පොලිසිය වෙතය. ඒ වනවිට පාන්දර තුනත් පසුවී තිබිණි. ඇය එන්නේ වාහනය වන රුධිරය සහිතවය. ඉරී ගිය ඇඳුම් සහිතවය.

අනුරාධපුර සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රම්‍යසිරිය. ඔහු අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව වෙත මේ අපරාධය ගැන දැනුම් දෙන්නේය. අලුයම කළ හැකි දෙයක් නැත. තරුණිය ආරක්ෂිතව පොලිස් භාරයේ තබා ගන්නා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පසුදා උදෑසනම සිය මේ අපරාධය කළ කාලකණ්ණියා සොයා මෙහෙයුම ආරම්භ කරන්නේය. ඒ මෙම පරීක්ෂණයේ ඉදිරි කටයුතු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැවරිණි. ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පොලිස් පරීක්ෂිකා යමුනාය. ඇය වින්දිත විදේශික තරුණිගේ අනාරක්ෂිත මානසිකත්වය නැති කිරීම සඳහා කටයුතු කළාය.

මේ වනවිට දැඩි ශාරීරික හා මානසික පීඩාවට ලක්ව සිටි තරුණියට රෑ අඳුරේ ඇයව දූෂණය කළ පුද්ගලයා පිළිබඳ නිශ්චිත හඳුනා ගැනීමක් කිරීමට අපොහොසත්ව සිටියාය. ඇයට ඇය නංවාගෙන ගිය රථයේ අංකය පවා මතක නොතිබිණි. ගැටලුව සංකීර්ණයකට ගියේ ඒ සමඟය.

එහෙත් අනුරාධපුර නගරයේ විශේෂත්වයක් තිබේ. එනම් මුළු අනුරාධපුර නගරයම ආවරණය වන ආකාරයෙන් සැකසුණු කැමරා පනස් දෙකකින් සමන්විත දියුණු ආරක්ෂණ පද්ධතියය. රාත්‍රි කාලයේ වුවද දහවල ලබා ගන්නා දර්ශන මෙන් පැහැදිලි දසුන් සහිත මෙවැනි නිරීක්ෂණ කැමරා පද්ධතියක් කොළඹ නගරයේවත් නැත. එම ආරක්ෂණ කැමරා පද්ධතිය හසුරුවමින් නීරික්ෂණය කරන ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අතිශය ආරක්ෂිත රහසිගත තැනකය.
විශේෂ නියෝගයක් පිට මෙම සිද්ධිය වූ 26 වැනිදා රාත්‍රියේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ඇති සියලුම දර්ශන නිරීක්ෂණය කිරීම ආරම්භ විණි. මේ දර්ශන පෙළ අතර තරුණිය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවා ගන්නා දර්ශන සටහන්ව තිබිණි. ත්‍රිරෝද රථයේ අංකය මැනවින් දක්නට ලැබිණි. ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරී එදින උදෑසනම සැකකාර දූෂකයා අත්අඩංගුවට ගත්හ. ඔහු අනුරාධපුර විජයපුර විජය මාවතේ පදිංචි දලුවත්තගේ ප්‍රියන්ත කුමාර දලුවත්ත නමැති විසිනව හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කළේය. ඔහුගේ නියෝගය පිට සැකකරු පසුගිය 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. මේ අතර අධිකරණ නියෝගයක් මත දූෂණයට ලක්වුණු තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරිණි. එහිදී තරුණිය මේ පිරිමි අධිකරණ වෛද්‍ය නිලධාරියා විශේෂඥයෙක් වුවත් ඔහු තමන්ව පරීක්ෂා කිරීමට විරෝධය පෑවාය. පාදඩයකු අතින් දූෂණය වීමෙන් අනතුරුව තවත් පිරිමියෙක් ඉදිරිපිට පරීක්ෂණයට ලක්වීම ප්‍රතික්ෂේප කළ ඇය කාන්තා වෛද්‍ය නිලධාරිනියක් ඉල්ලා තිබිණි. ඒ නිසා ඇයව අධිකරණ වෛද්‍ය නිලාධරිවරියක වෙත යොමු කිරීමට නොහැකි විය.

11 වැනිදා යළිත් නඩුව කැඳවිණි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා හා ප්‍රියදර්ශනී කාරියවසම් ඇතුළු නීතිඥ කණ්ඩායම තම සේවාදායකයාට ඇප ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී ළමා හා කාන්තා කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් ලලිත් නන්දසේන මේ අපරාධකරුවාට ඇප ලබාදීම පිළිබඳ දැඩි ලෙස විරුද්ධ වූයේය. ඔහු විසින් කර ඇත්තේ ස්ත්‍රී දූෂණයක් පමණක් නොව රටේ ප්‍රතිරූපය හා ගෞරවයත් අමු අමුවේ දූෂණය කර ඇති බව සැරයන්වරයා අධිකරණයට කීවේය. දැන් අනුරාධපුරයට විදේශිකයන් එන්නේ බියෙන් බවත් කීවේය.

මේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවාගේ රුධිර සාම්පල කොළඹ ජින්ටෙක් ආයතනයට යවා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කර දූෂණය වූ තරුණියගේ ඇඳුම්වල තැවරී ඇති රුධිරය හා සස¼දා වාර්තාව අධිකරණයට යොමු කරන ලෙස නියෝග කළේය. සැකකරු ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත විය.

පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. අපරාධය සිදු කළ ස්ථානය පිළිබඳ තවම සොයාගෙන නැත. අප අපේ ගෝත්‍රික තිරිසන්කම නැවත ලෝකයට ප්‍රකාශ කර හමාරය. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය රට තුළට එන සංචාරකයන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ දී ත්‍රිරෝද රථවල යන විට ලිංගික හිංසනයන්ට ලක්වන බැවින් කාන්තාවන් ඒ ප්‍රවාහන මාධ්‍යය භාවිත නොකළ යුතු බවය. ත්‍රීවීල් රථයක යනවිට පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද ඔවුන් විසින් නිකුත් කර තිබිණි.

ආණ්ඩුව හදන්නේ මේ අශීලාචාර මිනිසුන් සහිත රටට සංචාරකයන් ගෙන්වාගෙන රට ගොඩ දාන්නටය. රටට අවශ්‍ය විනයය. ඒ විනය හැදුණු දවසට රට ආර්ථිකව හෝ සංස්කෘතිකව ගොඩ දැමීම කළ හැකිය. එහෙත් කරුමය වන්නේ රට කරවන්නේ අශීලාචාරම අවිනීතම පිරිසක් වීමය. එවන් රටකට දූෂණය වී මැරෙන්නට එන්න හිතනා විදේශිකයෙක් නැත.

අනුරාධපුරයේදී අප ඒ වග යළිත් ලෝකයට තහවුරු කර ඇත.
උපාලි ආනන්ද (මව්බිම)