15 July, 2019

අලූත උපන් බබා වළ දාලා මව මියයෑම ගැන පරීක්‍ෂණ



අලූ‍ත උපන් බිළින්දා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා 13 වැනිදා හැටන් පොලිසියට නියෝග කළේය.

හැටන් පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඞ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු මවක් මීට දින කිහිපයකට ප‍්‍රථම තම නිවස තුළදී බිළින්දකු බිහි කර එම බිළි`දා ගෙවත්තේම රහසිගතව වළ දමා ඇය අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ප‍්‍රදේශවාසින් විසින් ඉකුත් 11 වැනිදා දික්ඔය මුලික රෝහල වෙත රැුගෙන යන අතරතුර මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවක නිරත ව සිටින බවත්, මිය ගිය කාන්තාවට අවුරුදු 12ක සහ අවුරුදු 7ක ගැහැනු දරුවන් දෙදෙනකු සහ අවුරුදු 5ක පිරිමි ළමයකු සිටින බවත් හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාව දරු ප‍්‍රසූතිය කරන අවස්ථාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවකුත් නොසිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඇතිවූ සැකයක් මත මරණ පරීක්ෂකවරයා එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට හැටන් පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වළ දැමුවේයැයි කියන බිළි`දාගේ සිරුර හැටන් මහෙස්ත‍්‍රාත්වරයා සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී පොලිසිය විසින් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කරනු ලැබීය. (නුවරඑලිය නාලක රත්නායක)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලූත උපන් බබා වළ දාලා මව මියයෑම ගැන පරීක්‍ෂණ"

    Post a Comment