17 July, 2019

ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යයාව දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට ගෙන ගොස් දූෂණය කරලා



ගෙල වැලලා ගැනීමෙන් 2019-05-26 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී මියගිය අවුරුදු පහළොවයි මාස දහයක් වයසැති පාසල් ශිෂ්‍යාව මියයාමට දින කිහිපයකට පෙර දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අපරාධය සිදුකළ විසිදෙහැවිරිදි තරුණයෙකු 14දා සියඹලාණ්ඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


දොඹගහවෙල මාරාව පදිංචි එම්.ඒ දිනුෂිකා ලක්මාලි (අවුරුදු 15 මාස 10*දැරිය 2019/05/26 වෙනි දින නිවසේ දී ගෙළ වැලලාගෙන සිටියදී ඇයගේ මව විසින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2019/5/28 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. මරණයට පත්වූ දැරිය ඊට දින දෙක තුනකට පමණ ඉහතදී බරපතල ලිංගික අතවරයකට ලක්වී ඇති බවට සලකුණු ඇති බැවින් දැරියගේ හිසකෙස්, රුධිර සාම්පල්,ලිංගාශ‍්‍රිත රෝම කූප හා ලිංග තුළින් හා පිටතින් ලබා ගන්නා ශුක‍්‍ර තරල විශ්ලේෂණ කටයුතු සඳහා රස පරීක්ෂක සඳහා යොමුකර තිබිණි.

ඒ අනුව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා දැරිය දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයින්, පුද්ගලික ඔත්තුකරුවන් හා බුද්ධි තොරතුරු ලබාගෙන බුත්තල වගුරුවෙල රජ මාවතේ පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී 2019/05/26 දිනට පෙර දින දැරිය දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට කැඳවාගෙන ගොස් දූෂණය කළ බව පවසා ඇත.

සැකකරු සමඟ අපරාධයට යොදාගන්නා ලද ත‍්‍රීවිල් රථයද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි. (බඩල්කුඹුර රවිඳු ගුණතිලක - දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යයාව දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට ගෙන ගොස් දූෂණය කරලා"

    Post a Comment