30 August, 2017

පිරිමි දරුවන් දෙදෙනෙක් කැලයකට ගෙනිහින් අතවර කරන්න ගිය පුද්ගලයෙකුට ගල්මුරුව ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක් (Video)

galmurouwa-child-abused
"මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා"

"නිවාඩු කාලේ දරුවන් ගැන ලොකු අවධානයකින් ඉන්න කියලයි මම ඉල්ලන්නේ"

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු සුදුවැලි බැම්ම ප්‍රදේශයේ කැලයට රැගෙන ගොස් අතවර කිරීමට ගිය පුද්ගලයෙකු ගම්වැසියන් විසින් අල්ලාගෙන මාදම්පේ පොලිසියට භාර දුන් පුවතක් පිළිබඳව වාර්තා වුණා.

එලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඊයේ (29) පස්වරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් වූ සැකකරු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු බව මේ වන විට අනාවරණය වී ඇති අතර මොහු කලක් විදේශ ගතව ඉතාලියේ වේරෝනා නගරයේ සිට පැමිණ ඇති අතර මේ වන විට මොහුගේ බිරිද විදේශ ගතව සේවය කරන බවයි පැවසෙන්නේ.

කලක සිටම තමා යතුරුපැදියෙන් ගමින් ගමට ගොස් මෙලෙස කුඩා දරුවන් සොයාගෙන ලිංගික අතවර කල බව සැකකරු පිළිගෙන ඇති බවත් සමහර අවස්ථාවලදී කුඩා දරුවනට මුදල් පවා දුන් බව සැකකරු පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම ගමේ තරුණයෙන් පවසා ඇත්තේ මෙවැන්නක්.

"මේ පුද්ගලයා කීපවරක්ම බයික් එකේ මේ ස්ථානයේ කැරකුනා. මේ නිසා අපිට මුල ඉදලම සැක හිතිලයි තිබුනේ. මාත් එක්ක මගේ යාලුවා දිනේෂ් චතුරංගත් හිටියා. ඒ ඉද්දි තමයි පොඩි පිරිමි ළමයි දෙන්නෙක් එක්ක මේ පුද්ගලයා කැලයට ගියේ. අපි මුලින් හිතුවේ මේ පුද්ගලයා ළමයි දෙන්නගේ කවුරු හරි කියල.

මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා. අපිට නිකමට හිතුනා ගිහින් බලන්න ඕනෑ කියල. ඒ යනකොට තමයි දැක්කේ පොඩි ළමය අඩනවා. ලොකු පිරිමි ලමයව මේ මිනිහ බෙල්ල හිරකරගෙන අල්ලාගෙන ඉන්නවා. අපි දෙන්න ගහල ළමයි දෙන්නව බෙර ගත්තා. එතකොට මේ මිනිහ කිව්වා සල්ලි දෙන්නම් අත හරින්න කියල. අපි බැහැ කියල, ගමේ අයට කතා කලා. එත කොට තමයි ගමේම අය එකතු වෙලා මේ පුද්ගලයාට හොදටම ගහල පොලිසියට භාර දුන්නේ. අපි දෙන්න ඒ වෙලාවේ නොගිය නම් ළමයි දෙන්නට ලොකු කරදරයක් වෙන්න තිබුනා".

අදාළ සිදුවීමට මුහුණ දුන් දරු දෙදෙනාගේ මව පවසා ඇත්තේ මෙවැනි දෙයක්

"දරුවෝ දෙන්නා ගෙදරින් ගියේ යාලුවෙකුගේ ගෙදරට සෙල්ලම් කරන්න.ඒ යාලුවා සරුංගල් අරින්න වෙලට ගිය ආරංචියට තමයි මගේ දරුවෝ දෙන්නත් වෙලට ගිහින් තියෙන්නේ. ඒ යද්දී තමයි මේ පුද්ගලයා මගේ දරුවෝ දෙන්න රවට්ටගෙන කැලයට ගෙනහින් තියෙන්නේ. ගමේ තරුණයන් නොදැක්ක නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුන. සමහර විට මගේ දරුවෝ මරලා දාල යන්න පවා තිබුන.ඒ නිසා මම මේ තරුණයන්ට ස්තුති කරනවා. ඒ වගේම මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන් ගැන මේ නිවාඩු කාලේ ලොකු අවධානයකින් ඉන්න කියලයි" .

මාදම්පේ පොලිසිය මේ සිදුවීම් පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




(හිරුගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිමි දරුවන් දෙදෙනෙක් කැලයකට ගෙනිහින් අතවර කරන්න ගිය පුද්ගලයෙකුට ගල්මුරුව ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක් (Video)"

    Post a Comment