30 August, 2017

වයසට ගිහින්ද? වේගය අඩුවෙලාද? — ධවාන්ගේ කතාවට මාලිංගගෙන් පිළිතුරක්

lasith-malinga
තම ක්‍රිකට් ජීවිතය අවසාන කලයේදී ඕනෑම ක්‍රීඩකයෙකු අසාර්ථක තත්වයන්ට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාලිංග මේ බව කියා සිටියා.

‘‘මම පසුගිය අවුරුදු 14 ජාත්‍යන්තර තරඟ රැසක් ක්‍රීඩා කළා.. සෑම රටකටම එරෙහිව, සෑම ක්‍රීඩකයෙකු සමගම මම ක්‍රීඩා කරලා තියනවා. ඔව් මට දැන් වයස 34ක්. මගේ වේගය දැන් අඩුවෙලා. මේ දේ අවුරුදු 10 කලින් වුණා නම් මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ හැබැයි දැන් මම ඒක බලපොරොත්තු වෙනවා. තමන්ගේ ක්‍රිකට් ජීවිතේ අවසාන කලේදී සෑම ක්‍රීඩකයෙකුම මේ තත්වයට මුහුණ දෙනවා.‘‘ යැයි මාලිංග මෙහිදී පැවසුවා.

ඉන්දියානු ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ද මාලිංග සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ඔහු එහිදී පැවසුවේ මාලිංගගේ වේගය අඩුවී ඇති බව තමාට දැනෙන බවයි.වයසත් සමග සෑම ක්‍රීඩකයෙකුම මේ තත්වයට මුහුණ දෙන බවත් එය ස්භාවික බවත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙයක් කළ ක්‍රීඩකයෙකු බවත් ඔහු එහිදී පවසා තිබුණා.

දක්ෂතා රැසකින් සමන්විත නවකයින් පිරිසක් ශ්‍රීලංකා කණ්ඩායම සතු බවත් ඔවුන් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට තමාගේ සියලු අත්දැකීම් ඔවුන් සමග බෙදාහදා ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස කළ යුත්තේ එය බවත් මාලිංග මෙහිදී කියා සිටියා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වයසට ගිහින්ද? වේගය අඩුවෙලාද? — ධවාන්ගේ කතාවට මාලිංගගෙන් පිළිතුරක්"

    Post a Comment