13 October, 2016

පුංචි දරු පැටව් දෙදෙනා සමඟ අසරණ වූ මවකගේ සංවේදී හෙළිදරව්ව

"අම්මා කිව්වා අපි කෝච්චියට පැනලා මැරෙමු කියලා"

අපි තුන්දෙනා බස් එකක නැඟලා මෙහෙට ආවා."

පවුල් ජීවිතය කියන්නේ දුක සැප දෙකම සමසේ බෙදාගෙන ජිවත්විය යුතු බරපතල වගකීම් සහිත කඩඉමකි.

ඇතැම් පවුල්වල සැමියා හෝ බිරිඳ විසින් කරන කුමක් හෝ වරදක් නිසා අසාර්ථක වන පවුල් දැකගත හැකියි.

මේ කියන්න යන්නේ එලෙස පවුල් ප්‍රශ්න වලට භයෙන් එම ප්‍රශ්න වලට මුහුණ නොදී පලායාමට දැරූ උත්සාහයක් ගැනයි.

අනුරාධපුර ප්‍රදේශයේ මවක් සිය දරු දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකර ගන්නට පෙළඹෙන්නේ මේ නිසාය.

එම මවගේ සැමියා බීමතින් පැමිණ සිදු කරන වද හිංසා ඉවසාගත නොහැකිව දුම්රියට පැන සියදිවි නසා ගැනීමට සුදානම්ව සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකු විසින් බේරාගෙන තිබුණා.

අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඇය 33 හැවිරිදි සිව්දරු මවක් වන අතර 07 හැවිරිදි සහ මාස 10ක් වයසැති දැරිය සමඟයි සියදිවි නසා ගැනීමට සුදානම්ව ඇත්තේ.

ඇයට සිටින අනෙකේ දරුවන් දෙදෙනා පිරිමි දරුවන් වන අතර ඔවුන් 10 සහ 16 හැවිරිදි දරුවන් බව සඳහන්.

දහයියාගම දුම්රිය හරස් මරගයේදී තම දරුවන් දෙදෙනා තුරුළුකර ගෙන කොළඹ සිට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැනීමට සුදානම්වයි සිට ඇත්තේ.

වසර ගණනාවකම සිට සිය සැමියා හරි හම්බකරගත් සේසතම මත්වතුර බීම සඳහා වියදම් කර විනාශ කළ බවයි මව විසින් පොලිසියට ප්‍රකාශ කළේ.

එම සැමියා විසින් වෙනත් පුරුෂයන් පාවා දෙමින් ගැටුම් ඇති කරන බව තව දුරටත් පොලිසියට කියා තිබුණා.

එම මවගේ පුංචි දියණියක් පොලිසියේදී මෙලෙස පවසා තිබුණා.

අම්මා කිව්වා අපි කෝච්චියට පැනලා මැරෙමු කියලා. අපි තුන්දෙනා බස් එකක නැඟලා මෙහෙට ආවා.

කෙසේ වෙතත් පොලිසිය විසින් මේ ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ මව නොච්චියාගම පොලිසියට භාර දීමට නියමිතයි.

mother-baby-02

-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුංචි දරු පැටව් දෙදෙනා සමඟ අසරණ වූ මවකගේ සංවේදී හෙළිදරව්ව"

    Post a Comment