"දුවට කලින් කරදරයක්වත් වුණාද ?”
මිනිසුන් සිදු කරන කුසල් අකුසල් ඊළඟ ආත්මය සඳහා හේතු බව අප සැවොම දන්නා කාරණයක්.
අප කරන කර්මයන් සියල්ලේම ප්‍රතිපල මරණය දක්වාම ජීවිතය සමඟ රියසක මෙන් ගමන් ගනී.
එලෙස කර්මය විසින් කරන ලද සිදුවීමක් ගැන පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින් හිරු ගොසිප් සඳහා මෙලෙස අනාවරණ කළා.
(මේ කථාවේ නම් සියල්ල මනෝ මූලිකයි.)
නදීශාගේ සහ චාමරගේ විවාහය සිදුවුණේ සියලු චාරිත්‍ර ඉටුකරමින්ය.සිය මධුසමය අවසන් කරමින් මේ තරුණ ජෝඩුව සිය කැදැල්ලට පැමිණියේ දිගු ගමනකට මුල පිරිම සඳහායි.
චාමර රැකියාව කළේ තේ වත්තක වන අතර නදීශා රජයේ රැකියාවක නිරතවූවාය. සුමාන දෙකකට වරක්ය චාමර නදීෂා සමඟ නිවසේ ගත කිරීමට පැමිණෙන්නේ. පසුදින රැකියාවට යන චාමර කිසිඳු ප්‍රිය මනාපයකින් තොරවයි හැසිරෙන්නේ.
මේ අමුතු හැසිරීම පිළිබඳ සැකයක් මවට ඇතිවිය. තම දියණියගෙන් මේ ගැන ඇසීමට ඇයගේ මව්පියන් මැලිකමක් දැක්විය. ටික දවසක් ගතවන විට චාමර නිවසට පැමිණීම කල් දමා තිබුණි. අනෙක් සතියේදී ඔහු නිවසට පැමිණෙන විට නදීෂා නිවසේ නොසිටියේය. දෙමව්පියන්ට මෙය ප්‍රශ්නයක් විය.
මේ ගැන විමසීමේදී දියණියගෙන් ලැබුනේ නිහඬ පිලිතුරක්ය. නමුත් මේ ගැන අකණ්ඩව විමසීම නිසා දියණියගෙන් ලැබුනේ මේ වගේ පිළිතුරකි.
“අම්මේ අපි ඒක බලාගන්නම්. අම්මල අම්මලයි පාඩුවේ ඉන්න. මම යාළුවකුගේ ගෙදර ගියා. ඒ ළමයා අසනීප නිසා. එච්චරයි?
මේ ප්‍රකාශයෙන් නදීශාගේ මව සෑහීමකට පත්වූයේ නැති බැවින් නැවත ප්‍රශ්න කර විට නදිශාගෙන් වාග් ප්‍රහාරයක් එල්ල විය.
“අම්මට තාත්තට ඕනෑ වුනේ මම බන්දල දෙන්න. මම බැන්ද.ඉතින් තවත් මොනවද ?”
“ඇයි චාමර පුතා එනකොට නදීෂා ගෙදර එන්නේ නැතුව මග හැරියේ?”
“කවුද මග හැරියේ?” මගේ යාළුවට අසනීප නිසා එහේ ගියා.චාමරට තනියම ඉඳලා යන්න බැරිද මමත් ඉන්න ඕනද ?”
“උඹට පිස්සුද? උඹ ඉන්නෙ මොකටද? කසාද මිනිහ එන්නෙ ගෑනි බලන්න. නැතුව මම බලන්න නෙවෙයි ? මොකද්ද ප්‍රශ්නේ මට ඇත්ත කියපන්?
“ඇති දෙයක් නැහැ. මම ඉන්නවා. එයා ඉන්නවා ඉවරයිනේ.”
“එහෙමද මම චාමරගෙන් දැන ගන්නම්.”
“අනේ අම්මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා ?”
“නදීෂා පිස්සු වැඩ කරන්න එපා මෙතන ප්‍රශ්නයක් තියෙනවා”
මේ සිද්ධියෙන් පසු චාමර ගෙදර එනවිට නදීශා කිහිප දවසක් ගෙදර නොසිටියාය. මේ සිදුවීම් නිසා චාමරද නිවසට පැමිණියේ නැත. මේ ගැන මව්පියන් චාමරගෙන් ප්‍රශ්න කරන විට බලාපොරොත්තු වූ දෙයක් දිග හැරෙන්නට විය. නදීෂා සමඟ මේ ගැන විමසන විට රණ්ඩුවට පැටලෙන්නට පටන්ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මව සිය අනතුරු ඇඟවීම කළේ මෙලෙසයි.
“නදීෂා උඹ දැනගනින් මම කතාකරන්නේ මුල මැද අග දැනගෙන. චාමර කියන්න ඕන දේවල් කිව්ව. ඇත්ත කතාව මම දන්නවා. ඔයා මංගල රාත්‍රියේ කළේ මොනවද? ඒ ළමය එළියට දාල දොර වහලා දැම්මා. ඔයා මනාලියක් විදියටද එදා හැසුරුණේ?.
එදා ඒ ළමය අපේ නම්බුව ගැන හිතල වැඩකළා. නැතිනම් වෙන්නේ ඔයාගේ අම්මට මැරෙන්න. ඒ ළමයා අපේ නම්බුව ආරක්ෂා කළාට කකුල් දෙක අල්ලල වඳින්න ඕනෑ රත්තරන් ළමයට.
“මට කියපන් මොක්දා හැදිලා තියෙන ලෙඩේ?”
“මට ඇති ලෙඩක් නැහැ. මම මගේ වැඩක් බලා ගන්නම්.”
“ඇයි මංගල දවසේ රෑ ඒ විදියට හැසිරුණේ ? උඹට කලින් කරදරයක් වෙලාද?”
“මට එහෙම එකක් වුනේ නැහැ.”
“ඇයි එහෙනම් ඒ ළමයත් එක්ක එකට ඉන්නේ නැත්තේ ?”
“දන්නේ නැහැ මට අප්පිරියයි.”
“එහෙනම් බැන්දේ මොකටද?”
“අම්මලයි කීමට තමයි මම එයාව බැන්දේ .”
“මගේ නැටුම් තාම දැක්කේ නැහැ. කොටින්ම මම එයාට කැමති නැහැ. මට දකිනකොටත් අප්පිරියයි.”
මෙලෙස ඒ නිවසේ ඇතිවුනේ රණ්ඩු පමණයි. කෙතෙක් උපදෙස් දුන්නද වැඩක් නොවිය. චාමර එන දවසට නදීෂා සිය මිතුරියගේ නිවසට ගියේය.
මේ හේතුවෙනුයි මේ පිරිස මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ.
නදීෂා මනෝ වෛද්‍යවරයා ඉදිරියේ මෙලෙස පාපොච්චාරණය කළාය.
මම චාමරට ආදරෙයි. ඒත් චාමර එක ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. මගෙන් චාමර අයින් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ" යනුවෙනි.
මේ නිසා නදීෂා පෙර ආත්මයක බලවේගයක් විසින් පාලනය කරන බව අවබෝධවිය. ඒ අනුවයි නදීෂා මෝහනයට ලක් කරන්නේ.
මේ එම අවස්ථාවදී නදීෂා හෙළිකළ දේවල්ය.
“ඔබ දැන් වැඩිවියට පත් තරුණියක්. ඔබගේ පෙර ආත්මයේ තොරතුරුවලට ඔබට යන්න පුළුවන්.
පැහැදිලි කරන්න ඔබ දැන් සිටින්නේ පෙර ආත්මයේ.
වයස අවුරුදු දහයයි, පහළොවයි, දැන් විස්සයි.
පැහැදිලි කරන්න ඔබ විවාහකද?
පියවරෙන් පියවර නදීෂා සියල්ල හෙළි කළේ මෙලෙසයි.
පෙර ආත්මයේදී දෙමාපිය විරෝධය මැදයි අඩු වයසින් විවාහ වී තිබෙන්නේ. ඒ විවාහ දිවිය කරදර වලින් පිරීගිය එකක් විය. මේ නිසා ඇය වැඩිපුර සිට ඇත්තේ දෙමාපියන් ළඟය. ඒ සැමියාගේ බීමත්කම නිසාය.
බීමතින් එන සැමියා ඇයට පහර දී නිවස වෙත නැවත රැගෙන ගොස් තිබුණි. තවත් දවසක එලෙස රැගෙන යාමට පැමිණ ඔහු විසින් කළ පහර දීම නිසා සිහිසුන්ව ඇදවැටීමෙන් ඇය රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණා.
මේ හේතුවෙන් අයගේ කොඳු ඇට පෙලට හානි වී ඇති අතර ඒ නිසා මාස ගාණක් ලෙඩ ඇඳේ දුක් විඳීමට සිදුවුණා. මේ නිසා ඇය නිරන්තරයෙන්ම ඇය සිටියේ වෛරයෙනි. මව්පියන් ඉදිරියේ සැමියාගෙන් පලිගන්නා බවට දිව්රන්නට විය.
සිය මරණාසන්න මොහොතේදී පවා පලිගැනීමෙන් සිතකින් පසුවිය. නදීෂා සිය මර මංචකයේදී එම අවස්ථාව විස්තර කළේ මෙලෙසයි.<br />
“මමගුවන් ගත වනවා වගේ තේරුණා. කිසිදෙයක් පැහැදිළි වුණේ නැහැ. මන් කර කැවෙන්න පටන් ගත්තා. ඒ මොහොතේම මම උඩට ඇදිලා ගියා. අන්තිමට වේගයෙන් පාවුණා”
“ඔබ කෙතරම් කාලයක් පාවෙමින් සිටියාද?”
“මතකයක් නැහැ ඒ කාලය ගැන”
“ඇයි එතරම් කාලයක් සිටියේ”
“එයා පස්සෙන්ම යන්න”
ඒ අනුව මේ පලිගැනීමේ චේතනාව නිසා ඇය අන්තරාභවයක සැරිසරා ඇති බව තහවුරුවිය. චාමර ගිය ආත්මයේ සැමියා නිසා පලිගැනීමට ඇති චේතනාව නිසා දික්කසාදය නොදෙන්නේය.
මේ නිසා මනෝ වෛද්‍යවරයා නදිශාට මෙහි අහිතකර පසු ප්‍රතිපල ගැන වටහා දී චාමර සමඟ සතුටින් කල් ගතකරන ලෙස උපදෙස් දුන්නේය.

-හිරුගොසිප්
Share this
|
|
0 Comment to "පෙර ආත්මයේ පෙම්වතා කළ පහර දීමෙන් මියගිය තරුණිය මේ ආත්මයේදීත් ඔහුගේම අත ගෙන පලිගත් හැටි"
Post a Comment