13 October, 2016

ebay ළමයි විකුණන්නත් පටන් අරන්

අන්තර්ජාල ඔස්සේ භාණ්ඩ අළෙවියේ නිරත ලෝ ප්‍ර‍කට ebay වෙබ් අඩවියේ කුඩා දරුවකු අළෙවිකිරීම සඳහා දැන්වීමක් පලකර තිබෙනවා. 

මෙම ළමයා දින 40ක් වයසැති ළමයකු බවයි දැන්වීමේ සඳහන්ව ඇත්තේ. හේ නමින් මාරියාය.

දැන්වීම පළකොට ඇත්තේ ‘Child, 40 days old named Maria for sale’ ලෙසිනි. 

එම දරුවා මිලකොට ඇත්තේ යූරෝ 5000ක (රුපියල්ක ලක්ෂ 8ක පමණ) මුදලකටයි.

කෙසේ වෙතත් මෙම දැන්වීම ප්‍ර‍ර්ශනය වී ඇත්තේ විනාඩි 30ක පමණ කාලයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. 

අදාල දැන්වීම සම්බන්ධයෙන් වාර්තාවූ වහාම වෙබ් අඩවියේ පරිපාලකවරුන් විසින් එය ඉවත්කොට තිබෙනවා. 

මෙම දැන්වීම පලකොට ඇත්තේ ජර්මනියෙන් බවයි හෙළිව ඇත්ත‍ේ. 

මේවනවිට ඒ සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

ebay-starts-selling-childrens

 

 



ඩේලි මේල් ඇසුරෙනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ebay ළමයි විකුණන්නත් පටන් අරන්"

    Post a Comment