02 September, 2016

ඔෆිස් එකට ඇවිත් තරුණියක් දූෂණය කළ හැටි රහස් කැමරාවේ සටහන් වෙයි

පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි 24 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ. අදාල තරුණිය සේවය කරමින් සිටි ආයතනයට පැමිණි පුද්ගලයෙක් ඇයව පැහැරගෙන ගොස් තිබෙන්නේ දහවල් කාලයේදී.

එම අවස්ථාවේ කාර්යාලයේ තවත් සේවකයින් සිටියත් ඔවුන් ඇයට උදව් කිරීමට ඉදිරිපත් වී නැහැ.

පැහැරගෙන ගොස් දූෂණය කර තරුණියව පසුදා නැවතත් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.

තරුණියගේ පියා විසින් සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර ඇති අතර අදාල ආයතනයේ සී.සී.ටී.වී.කැමරාවල සිද්ධිය පටිගත වී තිබෙනවා. 


ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලින් පසුවයි සැකකරුව පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ.



(වෙබ් ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔෆිස් එකට ඇවිත් තරුණියක් දූෂණය කළ හැටි රහස් කැමරාවේ සටහන් වෙයි"

    Post a Comment