ඒ අතරම සුරයහන ගිනිගනී චිත්‍රපටයේ සමලිංගික චරිතයකට රඟපෑ සනෝජා බිබිලේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ කතා පැතිරෙන්න පටන් අරන්.
ඉතිං මේ දේවල් ගැන හිරු ගොසිප් අපි ප්‍රවීණ රංගන ශිල්පී සනෝජා බිබිලේගෙන් විමසීමක් කළාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.
මම සමලිංගිකත්වය අනුමත කරන්නේ නැහැ.
නමුත් එම දර්ශන සමාජයේ දක්නට ලැබෙන සමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. සමලිංගිකත්වය කියන දේ අද සමාජයේ කියවෙන දෙයක්.
ඒ කියවන දෙයක් ඇත්තටම නිරූපණ කිරීම වැරදියි කියලා කියන්නේ නෑ.
අද මේ ලෝකේ වෙන දේවල් එක්ක බැලුවම සමලිංගිකත්වය නරක දෙයකුත් නෙවෙයි.
ඒක එක එක්කෙනාගේ කැමැත්ත. එසේ බැලුවහොත් ලිංගිකත්වය කියන දේත් වැරදියි. පිරියෙකුයි ගැහැණියෙකුයි අතර තිබෙන සම්බන්ධය.
මම ඒ සමලිංගිකත්වයට අකමැතියි. මේ ලෝකේ මවල තියෙන්නේ පිරිමියෙකුයි ගැහැණියකුයිගෙයි එක්වීමට.
නමුත් එවැනි චරිත මේ සමාජයේ තිබෙන නිසා නිරූපණය කිරීම මම වැරැද්දක් හැටියට දකින්නේ නැහැ.
ඒ තුළින් පොඩි දරුවන් වැරදි මඟකට යොමුවනවානම් ඒ පිළිබඳ සොයාබැලිය යුතුයි.
ගැහැණියක තවත් ගැහැණියක් හා එක්වීමේදි ඇයගේ පෙම්වතා හෝ ස්වාමියාට යම්කිසි වැරැද්දක් සිදුවනවානම් මම ඒකට අකමැතියි.
සමලිංගික විවාහය නිතීරීතිවලට අනුව සමාජගත කළොත් ලංකාවේ තිබෙන ගොඩක් වැරදි වැළකෙනවා.
ලංකාවේ 45% ක් පමණ ඉන්නේ සමලිංගික පිරිස්. ඒ නිසා මෙය ලංකාවේ නීති ගත කළොත් ඒකට ප්‍රශ්ණයක් නැහැ.

-හිරුගොසිප්
Share this
|
|
0 Comment to "බුකියේ පත්තු වුණු සමලිංගික වීඩියෝව ගැන සනෝජා කතා කරයි"
Post a Comment