29 September, 2017

තෙල්වත්තේ වසල පුතෙක් ගෙල සිරකර මව මරලා

dead-body

කුරුඳු අස්වැන්න විකුණා දරුවන්ට බෙදීමේදී අඩුවෙන් මුදල් දීම පිළිබඳ උරණ වූ බාල පුතු විසින් සිය මව ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි සීලවතී අබේවික්‍රම නමැති තිදරු මවකි.

මව විසින් සුපුරුදු පරිදි සිය කුරුඳු අස්වැන්න විකුණා පෙරේදා (27දා) එම මුදල් සිය දරු තිදෙනා අතර බෙදා දුන් අවස්ථාවේ තමන්ට අඩුවෙන් මුදල් ලබා දුන් බව පවසමින් ඊට උරණව බාල පුතු විසින් මව නිවසේ බිත්තියකට හේත්තුකොට ගෙල සිරකර ඇති අතර අනතුරුව මව බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් මවගේ 38 හැවිරිදි බාල පුතා මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති මීටියාගොඩ පොලිසිය සැකකාර පුත්‍රයා බළපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. (ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තෙල්වත්තේ වසල පුතෙක් ගෙල සිරකර මව මරලා"

    Post a Comment