තම දරුවා සමඟ නිවස වෙත යමින් සිටි කාන්තාවකගේ අතින් ඇද යමු යැයි පවසමින් වාහනයකින් පැහැරගෙන යෑමට උත්සාහ දැරූ දන්ත වෛද්‍යවරයකු පිළිබදව පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ.
පසුගිය 26 දා රාත්‍රි 8.30 ට පමණ මෙම අතවරයට පත් කාන්තාව තම දරුවා උපකාරක පන්තියකට ගෙන ගොස් තම සහෝදරයකු සමඟ නිවස බලා ගොස් ඇත.
එහිදී සහෝදරයා අසල ඇති හෝටලයකට ගොස් ඇති අතර එම අවස්‌ථාවේදී වාහනයකින් පැමිණි වෛද්‍යවරයා එම කාන්තාවගේ අතින් ඇද යමු යෑයි කියා පැහැරගෙන යැමට තැත් කර තිබේ.
වාසනාවකට මෙන් මෙම කාන්තාවගේ කෑගැසීම ඇසුණු අසල්වැසියන් පිරිසක් පැමිණ සැකකාර වෛද්‍යවරයාට සහ වාහනයේ සිටි තවත් වෛද්‍යවරයකුට පහර දී කාන්තාව පැහැරගෙන යාමට නොදි බේරාගෙන ඇත.
අසල්වැසියන් විසින් මෙම වෛද්‍යවරුන් දෙදෙනා
අල්ලාගෙන ගොස් රාත්‍රි 10 ට පමණ පොලිසියට භාරදී ඇති අතර එහිදී කාන්තාව විසින් තමාට සිදු වූ අතවරය සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය පරීක්ෂාවක් සදහා වෛද්‍යවරුන් දෙදෙනා හා කාන්තාව ද කෑගල්ල රෝහලට ගෙන ගොස් ඇත.
සැකකාර වෛද්‍යවරයාද කෑගල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් වන අතර සිදුවීම වන විට ඔහු බීමතින් සිටි බව අසල්වාසීන් පවසා සිටි.
කෙසේ වෙතත් චුදීත වෛද්‍යවරයා පරීක්ෂා කළ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් ඔවුන් මත්පැන් පානය කොට නොමැති බවට වාර්තා කර ඇත. සැකකරුවන්ට පහර දුන් පුද්ගලයන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.
ඉන්පසුව පොලීසිය විසින් අපයෝජන සිදුවීමට චුදීත වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය විසින් සැකකරු මේ මස 30 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කෑගල්ල මහ රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයකු වූ 31 හැවිරිදි විවාහකයෙකි.

Share this
|
|
0 Comment to ""වෙරි – මරගාතේ" කාන්තාවක් පැහැරගැනීමට තැත් කළ කෑගල්ල රෝහලේ දොස්තර ඩබල"
Post a Comment