28 August, 2017

"පොල්ලකින් ගැහුවා, බිම වැටුනම බෙල්ලට කෙටුවා, ගැහැනු බිම වැටුනු තාත්තට පයින් ගැහැව්වා" සරුංගලේකට මිනී මරපු නරුමයෝ

minuwangoda-father-son-murder

සරංගලයක් උඩ ඇරීමේ සිදුවීමකදි ඇතිවූ බහින්බස්බස්වීමක් මත පිය පුතු දෙපලක් ඝාතනය කළ ඔහුන්ගේ ඥාතීන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්.

උදෑසන 8.00ට පමණ ‍තම නිවස ඉදිරිපිට කෑකෝ ගසමින් සරුංගල් අරිමින් සිටි ළමුන් පිරිසට එය නවත්තන්නැයි කළ ඉල්ලීමට ‘අපි පාරෙනෙ යවන්නෙ ඔයාලට කරදරයක් නෑනේ‘ යයි දැක්වූ ප්‍රතිචාරයෙන් කෝපයට පත්ව මෙම ආරවුල ඇරඹී ඇත.

මෙම ආරවුලට මැදිවූ සියලු පිරිස් එකිනෙකා බාප්පා සීයා ආදී ලෙස හඳුන්වන සමීප ඥාතීන් වූ අතර ඔවුන් අතර දිගු කලක සිට පැවති විරසකකම් මේ සරුංගල් ප්‍රශ්නය නිසා මෙලෙස මිනීමැරුම් සිදු කිරීමට තරම් දුරදිග ගෙන ගොස් ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දී මෙම ඝාතන සිදුකර ඇත.
ඝාතනයට ලක් වූ 48 හැවිරිදි සිව්දරු පියා යතුරුපැදියෙන් කරවල පැකට් රැගෙන ගොස් අලෙවි කරන අයෙකි.
ඔහුත් සමග ඔහුගේ 20 හැවිරිදි පුතාද ඝාතනයට ලක්ව ඇති අතර මියගිය 20 හැවිරිදි තරුණයා අසල්වැසි තවත් ළමුන් පිරිසක් සමඟ සරුංගල් යවමින් සිටියදී පෙරකී වචන හුවමාරුව සිදුව තිබේ.
එය ඇසී උදෑසන කරවල වෙළෙඳාමට යමින් සිටි පියාද බහින්බස්වීම සිටි ස්ථානයට පැමිණ ආරවුලට සම්බන්ධව තිබේ.

පැරණි ආරවුල පෑරීමෙන් පසු කතාබහ දුරදිග යාමෙන් නිවසේ සිටි පිරිස කඩු හා පිහි රැගෙන ඝාතන සිදු කර තිබේ.
ලාල් ප්‍රේමසිරි සිල්වා නමැති සිවුදරු පියා හා සුරාජ් දනංජය සිල්වා නම් තරුණයා මෙලෙස ඝාතනයට ලක්වීය.

ඝාතන සම්බන්ධයෙන් මියගිය සිව්දරු පියාගේ බාල දියණිය ශානිකා චන්ද්‍රමාලි මෙලෙස කට උත්තර ලබා දුන්නේය.

"මියගිය තාත්තා උදේ 7 ට විතර එයාගේ යතුරුපැදියෙන්. අක්‌කලා දෙදෙනාව යටියන හන්දියට ගිහින් ඇරලවා ආවා. අක්‌කලා දෙන්නා කටුනායක වැඩට යනවා. එයාලව ඇරලවා ගෙදර ඇවිත් උදේ කාලා 8 ට විතර කරවල වෙළෙඳාමේ යන්න බයිසිකලයෙන් ගියා. තාත්තා ගෙදරින් පිටත්වෙලා සුළු වෙලාවකින් තාත්තා අම්මෝ කියා කෑගහනවා ඇසුණා. මමයි මියගිය අයියයි අම්මයි තාත්තා කෑගහන දිහාට දුවගෙන ගියා. ඒ වෙනකොට තාත්තා රාළහාමිලාගේ ගේ ඉදිරිපිට පාරේ වැටිලා සිටියා. රාළහාමිලාගේ පවුලේ අය කඩු පොලු තියාගෙන තාත්තාව වටකරගෙන හිටියා.
සීයා කෙනකු තාත්තාට පොල්ලකින් ගහනවා දුටුවා. එතන සිටි අයෙක්‌ තාත්තාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා දැක්‌කා. එතන සිටි තව අයෙක්‌ අත කඩුවක්‌ තිබුණා. ඔහුත් තාත්තාට කඩුවෙන් කෙටුවා. අතේ පිහියක්‌ තියාගෙන හිටපු අයෙක්‌ තාත්තාට පිහියෙනුත් කෙටුවා. එතන හිටපු ගැහැනු අය බිම වැටී සිටි තාත්තට පයින් ගැහැව්වා. තාත්තාව බේරගන්න අපි ඉදිරියට ගියාම එහි සිටි අයකු අයියාට පොල්ලකින් ගැහුවා. ඒ එක්‌කම තාත්තාට කඩුවෙන් කොටපු කෙනා අයියාටත් කඩුවෙන් කෙටුවා. පොලු අතේ තිබුණු අය අයියට පොලුවලින් ගැහැව්වා. මටයි අම්මටයි පරුෂ වචනයෙන් බැණලා ගහන්න ආවා"

තාත්තයි අයියයි ලේ විලක්‌ මැද වැටිලා ඉන්නකොට එතනට ගොඩාක්‌ කට්‌ටිය ආවා. අපි කෑගැසුවා. අපේ චූටි බාප්පා වෑන් එකකින් එතනට ඇවිත් තාත්තාවයි අයියාවයි වෑන් එකේ පටෝගෙන මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආවා. මමත් අම්මත් වෑන් එකේ රෝහලට ආවා. රෝහලට රැගෙන එනකොටත් තාත්තයි අයියයි මියගොස්‌ කියා වෛද්‍යවරු කිව්වා"

දෙදෙනාගේම හිස ප්‍රදේශයට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි ‍පොලිසිය පවසයි.පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් තවත් පිය පුතු දෙ‍පොළක් ඇතුළු තිදෙනකු පෙරේදා (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණ බාර වී තිබූ අතර එම සැකකරුවන් තිදෙනා ඊයේ (27) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""පොල්ලකින් ගැහුවා, බිම වැටුනම බෙල්ලට කෙටුවා, ගැහැනු බිම වැටුනු තාත්තට පයින් ගැහැව්වා" සරුංගලේකට මිනී මරපු නරුමයෝ"

    Post a Comment