24 September, 2017

පිටිසර ගම්වල දැරියන් පැහැරගෙනවිත් සුපිරි කෝටිපතියන්ට බලෙන් විකුණූ ඇතුල්කෝට්ටේ ජාවාරම

TITLE


පිටිසර ගම්වල සිටින සුරූපී තරුණියන් පැහැ‍ර ගෙන පැමිණ ගණිකා ව්‍යාපාරයේ යොදවන ජාවාරම් කරුවන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.

කලක පටන් සිදු කර ගෙන පැමිණ තිබෙන මෙම ජාවාරම පිළිබදව හෙළිව ඇත්තේ වැඩි මුදලක් වැය කළ හැකි පුද්ගලයන්ට පමණක් වෙන් වූ රාත්‍රී සමාජ ශාලාවක් ඊයේ දින (23) පොලීසිය මගින් වැටලීමත් සමගයි. ඒ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී.

මෙම සමාජ ශාලාවේ බාල වයස්කාර දැරියන් ගණිකා වෘත්තියේ යොදවා තිබෙන අතර එයට ඇතුල් කරගෙන තිබෙන්නේ විශාල මුදලක් වැ‍ය කළ හැකි කෝටීපතියන් පමණයි. මෙම සමාජ ශාලාවට ඇතුලු වන සුපිරි ධනවතුන්ට පළමුව මත්පැනින් සංග්‍රහ කර විනෝද වීමෙන් පසුව ලාබාල තරුණියන්ගේ සේවනය ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනෙක දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිදුවීමක් වාර්තා වූ අතර ඒ පිළිබදව පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන්ට පැහැරගත් දැරිය මෙම සුපිරි සමාජ ශාලාවේ සේවයට යොදවා සිටින බව සොයාගත හැකිව තිබෙනවා. ඉන්පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් සුපිරි ධනවතුන්ට පමණක් සීමා කර , බාල වයස්කාර දැරියන් ගණිකා ජාවාරමේ යෙදවූ මෙම සමාජ ශාලාව වටලා තිබෙනවා.

නීති විරෝධී විදෙස් මත්පැන් ද අලෙවි කර තිබු මෙම සමාජ ශාලාවේ ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් 05 දෙනෙකු සහ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිටිසර ගම්වල දැරියන් පැහැරගෙනවිත් සුපිරි කෝටිපතියන්ට බලෙන් විකුණූ ඇතුල්කෝට්ටේ ජාවාරම"

    Post a Comment