08 June, 2016

හමුදා පෙම්වතා නිසා මුහුදට පැන්න සිසුවිය පොලිසිය බේරාගනී

පාසල් නිල ඇඳුමින් සැරසී මුහුදට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ 17 හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතය, බේරා ගැනීමට ඊයේ (07දා) උදෑසන දික්‌වැල්ල පොලිසියේ නිලධාරීහු සමත් වූහ.

පොලිසිය ඉදිරිපිට මුහුදට දැරිය පනිනවා ඇසින් දුටු ප්‍රදේශවාසියෙකු පොලිසිය දැනුවත් කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ, උප පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මහතා ඇතුළු නිලධාරින්.

ඒ වන විටත් මීටර් 100 කට වඩා ඈතට ගසාගෙන ගොස්‌ කරවටක්‌ ජලයේ ගිලී සිටි දැරිය බේරා ගැනීමට, තම දිවි නොතකා කටයුතු කළ ආකාරය, ප්‍රදේශවාසීන්ගේ නොමද ප්‍රශංසාවට ලක්‌විය.

දික්‌වැල්ල පොලිස්‌ වසමේ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන, ග්‍රාමීය පාසලක අධ්‍යාපනය ලබන මෙම දැරිය, මිතුරියක විසින් ලබා දුන් දුරකථන අංකයක්‌ අනුව, දුරකථනයෙන් සම්බන්ධතා පැවැත් වූ හමුදා සෙබළෙකු මාස 02 ක්‌ තිස්‌සේ ඇය සමඟ කතා නොකිරීම නිසා, සිදු වූ සිත්තැවුල නිසා මෙසේ දිවි නසා ගැනීමට තැත්කළ බව දැරිය පොලිසියට කළ ප්‍රකාශයේ දැක්‌වේ.

දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂණ ලසන්ත දඩල්ලගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක රංජිත්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (69477) ප්‍රියදර්ශන, (72912) රුමේෂ්, 652552) සනත් (72937) නිලාන්, (55976) අමරසේන, (40584) තරංග යන නිලධාරින් දැරිය බේරා ගැනීම සඳහා එක්‌ වුනා.

ළමා හා කාන්තා කාර්යාංශයේ උප ස්‌ථානාධිපතිනි කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා ඉෂාරා මහත් මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

නිමල් හේමසිරි - රදම්පල (දිවයින)



Police rescued the girl jumped into the sea because of Military boyfriend

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හමුදා පෙම්වතා නිසා මුහුදට පැන්න සිසුවිය පොලිසිය බේරාගනී"

    Post a Comment