01 June, 2016

හොනට් 'ලේ' වලට පෙම් බැඳි 'කලන' හෝනට් එකේම නොඑන ගමන ගිය හැටි

හදවතක් තියෙන කවුරු මාව තනි කළත්,

හදවතක් නැති මගේ යකඩ හීනේ කවදාවත් මාව තනි කරන්නෙ නෑ මචං.

ගොඩක් පිරිමි ළමයින්ගේ හීනයක් තමයි හොනට් බයික් එකක් පදිනවා කියන එක.

ඒ වගේ තමන්ගේ පණටත් වඩා හොනට් එකකට ආදරය කළ 21 හැවිරිදි තරුණයෙකු ඊයේ අකාලයේ මෙලොවින් සමුගත්තා.

ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි කලන.

ඊයේ සවස පිළියන්දල පාරෙදි තමයි කලන අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් මියගියේ.

සිද්ධිය දුටු අය පවසන්නේ කුඩා ලොරියක ගැටුණු කලනගේ හොනට් බයික් එක විසිවී ගොස් කලනගේ හිස ලොරියට හසුවුණු බවයි.

මේ අනතුර සිදුවන අවස්ථාවේ කලනගේ පිටුපස අසුනේ ගමන් කළ මිතුරාද මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ මාසේ උපන් දිනය සමරන්න හිටපු කලනගේ කාලයක් ඉඳලා තිබ්බ හීනේ එයාට ලං කරලා දුන්නෙ කලනගෙ තාත්තා.

ඒ ජනවාරි මාසේ කලනට හොනට් බයික් එකක් අරන් දීලා.

බයික් එක ගත්ත දවසෙ කඩේ අයිතිකාරයා කලනට කියලා තිබුණේ 'මල්ලි පරිස්සමෙන් පැදපං' කියලා.

හැබැයි කලන ඒ තරම් වේගෙන් යන කෙනෙක් නෙමෙයි කියලා තමයි කලනගෙ යාලුවො නම් කියන්නෙ.

නමුත් යකඩ ගොඩකට පණ වගේ ආලය කළ කලන අද හැමෝටම ලොකු දුකක් දීලා යන්න ගිහින්.

















Maharagama Honet Accident - Kalana

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොනට් 'ලේ' වලට පෙම් බැඳි 'කලන' හෝනට් එකේම නොඑන ගමන ගිය හැටි"

    Post a Comment