13 July, 2017

පොළොන්නරුවේ සිසු සිසුවියන් පිරිසක් අත් කපාගෙන - සියල්ල පොලිස් අත්අඩංගුවට

School Students Gils Boys

පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් විසින් සිදු කළ විකෘති ක්‍රියාවක් පිළිබද වාර්තා වනවා. එම පාසලේ සිසුන් 41 දෙනෙකු විසින් තම දෑත් තමන් විසින්ම කපා ගෙන තිබෙන බවට පොලිසීය පවසනවා.

මෙලෙස අත් කපාගත් සිසුන් අතර 10 හා 11 වසරේ සිසුන් පිරිසක් වන අතර එම පාසල් ගුරුවරුන් විසින් අදාල සිසුන් පොලීසියට භාර දී තිබෙනවා. 

පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මුලින්ම සිසුන් කිහිප දෙනෙකු මෙලෙස අත් කපාගත් බවත් පසුව ඔවුන්ව අනුගමනය කරමින් තවත් සිසුන් පිරිසක්ද අත් කපාගැනීමට කටයුතු කළ බවයි.


ඔවුන් අතර සිසුවියන් කිහිප දෙනෙකුද සිටින බවට වාර්තා වෙනවා. මෙහිදී ඔවුන් කවකටු හා බ්ලේඩ් තල උපයෝගී කොට ගෙන ඇති අතර මෙලෙස සිසුන් අත් කපා ගැනීමට බලපෑ නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම ඔවුන් යම් මත්පෙති වර්ගයක් පානය කර ඇද්දැයි සැක මතුව ඇති බවද පොලිසිය පවසනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොළොන්නරුවේ සිසු සිසුවියන් පිරිසක් අත් කපාගෙන - සියල්ල පොලිස් අත්අඩංගුවට"

    Post a Comment