ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වන බව නිල වශයෙන් දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවා.
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින තරඟාවලියේ පරාජයේ වගකීම බාරගෙන මැතිව්ස් මෙසේ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබවයි වාර්තා වන්නේ.
ටෙස්ට් තරග 34කදී,
එක්දින තරග 98කදී හා විස්සයි20 තරග 12කදී මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවැසුවේ, ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරීමට තීරණය කර ඇති බවයි.
එක්දින සහ T 20 තරග සඳහා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කළ බව ද සුමතිපාල මහතා නිවේදනය කළා.

Share this
|
|
0 Comment to "මැතිව්ස් නිල වශයෙන් ඉවත් වෙයි - තරංග සහ චන්දිමාල් නිල වශයෙන් පත්වෙයි"
Post a Comment