සීඝ්‍රයෙන් පහත වැටී ඇති ගම්මිරිස් සදහා රජය ඉදිරියේදී ස්ථාවර මිලක් ලබාදීමට පොරොන්දු වූ බව ගම්මිරිස් ගොවීන් පවසනවා.
ගම්මිරිස් මිල පහත වැටීමට විසදුමක් ඉල්ලා රත්නපුර - කොළොන්න ප්‍රදේශයේ ගම්මිරිස් ගොවීන් දහසකට අධික පිරිසක් ඊයේ (13) ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගය ගොඩකවෙල ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් චෝදනා කරන්නේ ආණ්ඩුව ගම්මිරිස් ආනයනය කිරීම හේතුවෙන් කිලෝවක් රුපියල් 450 ත් 500 ත් අතර පැවති දේශීය ගම්මිරිස් මිල මේ වනවිට රුපියල් 150 දක්වා පහත
වැටී ඇති බවයි.
විරෝධතාවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු පිරිසක් ද එක්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළා.
මේ අතර, විරෝධතාවයේ යෙදුණු පිරිසට කිසියම් පිරිසක් පහරදීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.
අනතුරුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිසක් පැමිණි ගම්මිරිස් ගොවීන්ගේ ගැටලූ පිළිබදව විමසීමක් කර තිබුණා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන්ට පොරොන්දුවක් ලබාදෙමින් සදහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබදව සාකච්ඡා කර ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කරන බවයි. (hiru)

Share this
|
|
0 Comment to "ගම්මිරිස්වලට ස්ථාවර මිළක් දීමට රජය පොරොන්දු වු බව ගම්මිරිස් ගොවීන් කියයි"
Post a Comment