23 May, 2017

කාන්තාවක් තනිව සිටින විට හොර රහසේ නිවසට පැමිණි සභාපති මිරිස්කුඩු ගහලා අල්ලගෙන

bank-robber-and-girl-abused

කාන්තාවක් පමණක් සිටි නිවසට හොර රහසේ ඇතුලු වූ පුද්ගලයෙක් හසුකරගෙන පොලිසියට භාරදුන් පුවතක් පසුගියදා වර්තා වනවා.

ගලෙන්බිදුණුවැව, යාය 05, ගොමරන්කල්ල ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ සැමියා විදේශ ගතව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවක ආදාල සැකකරු එම නිවසට හොර රහසේ ඇතුල්වී ඇති බව සදහන්.

එම අවස්ථාවේදී අදාල කාන්තාවගේ, සැමියාගේ මව සහ පියා විසින් සැකකරු නිවස තුල සිරකර ගැනීමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

නිවස තුල සිරකරගත් සැකකරුගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ගැටගසා පහරදී ඇති අතර පසුව ඔහුව පොලිසිය වෙත භාරදී ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධියට අදාලව ගලෙන්බිදුණුවැව පොලිසිය විසින් සැකකරුට එරෙහිව කහටගස්දීගිලිය අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙලෙස හොර රහසේ නිවසට ඇතුළු වී ඇත්තේ එම ප්‍රදේශයේ සමිති සමාගම් රැසක සභාපති තනතුර දරණ පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාන්තාවක් තනිව සිටින විට හොර රහසේ නිවසට පැමිණි සභාපති මිරිස්කුඩු ගහලා අල්ලගෙන"

    Post a Comment