
ලිංගික අපයෝජනය කිරීමට සඳහා විවිධ පුද්ගලයන්ට තම දරුවන් අලෙවි කරන දෙමව්පියන් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ පිලිපීනයෙන්.
රූපවාහිනී විමර්ශන වැඩසටහනක් මගිනුයි මෙම සොයගැනීම සිදුකර ඇත්තේ.
එහිදී තම කුඩා දරුවන් ලිංගික වහලුන් ලෙස අලෙවි කළ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Stacey Dooley නමැති ජනමාධ්‍යවේදිනියක් මෙම විමර්ශන වැඩසටහන සිදුකර තිබෙනවා.
ඇය අදාළ කාන්තාවන් සමඟ මිතුරු වී ඇත්තේ තම දරුවන්ද මෙලෙස අලෙවි කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින්.
පසුව ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් අනතුරුවයි පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන් වැරදිකරුවන් ලෙස ප්‍රකාශ කළ මෙම සැකකාර කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීමට තම දරුවන්ද වගකිව යුතු බවයි.
සැකකාර කාන්තාවන් දෙදෙනා සොහොයුරියන් බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙලෙස ලිංගික වහලුන් ලෙස
දරුවන් අලෙවි කිරීම පිලිපීනයේ වඩාත් ව්‍යාප්ත වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අයුරින් අලෙවි කරන දරුවන් අතර 5 හැවිරිදි වියේ දරුවන් පවා සිටින බවයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් අලෙවි කිරීම සඳහා අන්තරජාලය මගින් නිරුවත් වීඩියෝ පළකිරීමක්ද සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අයුරින් අලෙවි කරන දරුවන් අතර 5 හැවිරිදි වියේ දරුවන් පවා සිටින බවයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් අලෙවි කිරීම සඳහා අන්තරජාලය මගින් නිරුවත් වීඩියෝ පළකිරීමක්ද සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

(Hiru)
Share this
|
|
0 Comment to "ලිංගික අපයෝජනය කිරීමට තම කුඩා දරුවන් අලෙවි කළ කාන්තාවන්"
Post a Comment