23 May, 2017

වයස 13 දී ආපු මිස්කෝල් එකට පෙම්බැඳි දැරිය 15 දී නතර වුණු තැන

student-boy-girl-phone

බාල වයස්කාර පාසල් සිසුවියක් කැඳවාගෙන ගොස් නිවසේ රදවාගෙන සිටි තරුණයෙකු සහ ඔහුගේ මව වැලිගම පොලිසිය විසින් පසුගියදා (21) අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාරදී තිබෙනවා.

අදාල බාල වයස්කාර සිසුවිය වාරියපොළ ප්‍රදේශයේ ජිවත්වන අතර ඇයගේ මව විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම
සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා 21 වන වියේ පසුවන අතර බාල වයස්කාර සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන බව සදහන්.

අදාල තරුණයා ධීවර කර්මාන්තයේ නියැලෙන අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

21 හැවිරිදි තරුණයා මීට වසර දෙකකට පෙර මිස් කෝල් එකකින් අදාල සිසුවිය හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සදහන් කළේ සැකකාර තරුණයා සහ ඔහුගේ මව අද දින වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වයස 13 දී ආපු මිස්කෝල් එකට පෙම්බැඳි දැරිය 15 දී නතර වුණු තැන"

    Post a Comment