02 February, 2017

පොලිස්‌ පාට්‌ දමා මාසාජ් සෙන්ටර් එකෙන් සේවයත් ලබාගෙන කප්පම් ගත් එස්‌ අයි දැලේ

මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුළුවී හිමිකරුවන්ට පොලිස්‌ පාට්‌ දමා බලහත්කාරයෙන් එහි තරුණියන්ගේ සේවය ලබාගෙන කප්පම් මුදල් ද ලබාගත් බව කියන පුත්තලම පොලිස්‌ කොට්‌ඨාසයේ සේවය කරන උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු මීගමුව පොලිසිය මඟින් ඊයේ (01 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර උප පොලිස්‌ පරීක්‌ෂකවරයා කාලයක්‌ තිස්‌සේ මෙම සම්බාහන මධ්‍යස්‌ථානයට කඩාවැදී එහි කළමනාකරුට සහ සේවිකාවන්ට තර්ජනය කර නොමිලේ සම්බාහනයත් ලබාගෙන පසුව කප්පම් මුදල් ද රැගෙන යැම පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ තිබේ.

ඊයේ පෙරවරුවේ ද මෙම සැකකරු සම්බාහන මධ්‍යස්‌ථානයට පැමිණ එහි සේවිකාවන්ට පොලිස්‌ පාට්‌ දමා නොමිලේම සම්බාහනයක්‌ ලබාගෙන ඇත. පසුව සැකකරු සම්බාහන මධ්‍යස්‌ථානයේ කළමනාකරුගෙන් කප්පම් මුදල් සහ මත්පැන් බෝතල් ඉල්ලා තර්ජනය කර තිබේ.

පසුව සම්බාහන මධ්‍යස්‌ථානයේ හිමිකරු එහි සේවකයන් පිරිසක්‌ සමඟ එක්‌ව මොහු අල්ලාගෙන මීගමුව පොලිසියට භාරදී ඇත.

මීගමුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ සැකකාර උප පොලිස්‌ පරීක්‌ෂකවරයා මීගමුව පොලිසිය හෝ අවට පොලිසියක සේවය නොකරන බවත් ඔහු පුත්තලම කොට්‌ඨාසයට අනුයුක්‌ත දූෂණ මර්දන ඒකකයක රාජකාරී කරන බවත්ය.

මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්තිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වෙන අතර සැකකරු අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

police-officer-at-massage-center

-හේමන්ත රන්දුණු සහ මීගමුව විමල් කීර්ති_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොලිස්‌ පාට්‌ දමා මාසාජ් සෙන්ටර් එකෙන් සේවයත් ලබාගෙන කප්පම් ගත් එස්‌ අයි දැලේ"

    Post a Comment