16 May, 2017

දහය වසරේ පාසල් සිසුවිය ගැබිනියක කළ චිත්‍ර ගුරා

Rape-School Girl-02

පහළොස් හැවිරිදි පාසල් දැරියක් මාස දෙකක ගැබිනියක් කළ කළුතර පාසලක චිත්‍ර ගුරුවරයකු මෙම මස 26 දින දක්වා රිමාන්ඩ් ගත කර තබන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් වයි. එස්. ද සිල්වා මහතා නියෝග කළේය.

පාසලේ 10 වසරේ දැරිය චිත්‍ර ඉගෙන ගන්නා අතරේ අසනීපව රෝහල්
ගත කර වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමේදී ඇය මාස 2ක ගැබිනියක් බව වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත.

ඒ පිළිබඳ දැරියගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පාසල් චිත්‍ර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය කටයුතු කළාය.

දැරිය රෝහල් ගත කර ඇත. කළුතර කොට්ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදු කරයි. මතුගම - වසන්ත කුමාර (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දහය වසරේ පාසල් සිසුවිය ගැබිනියක කළ චිත්‍ර ගුරා"

    Post a Comment