23 May, 2017

පෙම්වතා ඉදිරියේම පෙම්වතිය වැටකෙයියා පඳුරකට උස්සන් ගිහිං ලිංගික අතවර කරළා

girl rape before boypinwatta

පානදුර පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් සිය පෙම්වතා සමඟ පානදුර පිංවත්ත දුම්රියපොළේ ආසන්නයේ සිටියදී තියුණු ආයුධයක් රැගත් අයකු එම හෙද නිලධාරිනියට තර්ජනය කර අසළ පිහිටි වැටකෙයියා පඳුරක් තුළට ගෙන ගොස් ලිංගික අතවර කර ඇතැයි පානදුර පොලීසිය පවසයි.

මෙය සිදුවන අවස්ථාවේ ඒ අසළ එම හෙදියගේ පෙම්වතා යැයි පවසන පානදුර ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවකු සිට ඇතැයි පොලීසිය පැවසිය.

එබැවින් ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ හෙදිය පානදුර කේතුමතී රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය වීමට පෙර ඇගේ පෙම්වතා වන සැකකාර සිසුවා යම් අයකුට දුරකතනයෙන් කතා කළේ යැයිද අතවරයට ලක්වූ හෙදිය පොලීසියට පවසා ඇත.

මෙයට සෘජුවම සම්බන්ධ පුද්ගලයා තමන්ට ලිංගික අතවර කරන මොහොතේ තම පෙම්වතා එය වැලැක්වීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඇය පවසා තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම්වතා ඉදිරියේම පෙම්වතිය වැටකෙයියා පඳුරකට උස්සන් ගිහිං ලිංගික අතවර කරළා"

    Post a Comment