01 June, 2016

සමුගත් දියණිය වෙනුවෙන් දෙමව්පියන් කළ වටිනා පරිත්‍යාගය

එයාගේ සිහිනයක් වුණේ කොමස් කරලා Chartered Accountant කෙනෙක් වෙන්න.

ජීවිත ගමනේ අපිව හොයාගෙන එන සමහර කරදර හුගක් දේවල් අපෙන් ඈත් කරනවා.

දෙමව්පියන්ට දරුවෝ කියන්නේ ජීවිතේ වටිනාම සම්පතක්.

ඒ වටිනාම සම්පත නැතිවුණු වේදනාවත් හිතේ තියාගෙන කරපු මිල කරන්න බැරි දෙයක් ගැන අපිට අහන්න ලැබුණේ ඉන්දියාවෙන්.

කේජාල් පාණ්ඩේ නම් වයස අවුරුදු 16 ක සිසුවියක් එයාගේ අම්මත් එක්ක බයික් එකේ යද්දි අනතුරකට ලක්වෙලා.

මේ අනතුරෙන් කේජල් පාන්ඩේගේ මොළයට සිදුවූ බරපතල හානිය නිසා කේජල් පාණ්ඩේට ජීවිතය දාලා යන්න සිදුවෙලා.

මේ අනතුර සිදුවෙලා තියෙන්නේ කේජල්ගේ 17 වැනි උපන්දිනයට දවස් 10 කට කලින්.

කොහොමවුණත් කේජල්ගේ දෙමව්පියන් එයාගේ වකුගඩු සහ සිරුරේ තවත් කොටස් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් ගලවාගන්න කියලා රෝහලට පරිත්‍යාග කරලා.

එයාගේ අම්මයි තාත්තයි කියන්නේ එහෙම කළ නිසා කේජල් තවමත් ජීවත් වෙනවා වගේ හැගීමක් එයාලට දැනෙනවා කියලයි.

අධ්‍යාපනයට හපන්කම් දක්වන කේජල් ගැන එයාගේ තාත්තා කියන්නේ මේ විදිහේ කතාවක්

'කේජල්ගේ සිහිනයක් වුණේ කොමස් කරලා Chartered Accountant කෙනෙක් වෙන්න.

කවදාහරි දවසක මගේ දියණිය වැඩකරන ආයතනයේ Accountant පැත්තෙන් මුල් පුටුවට යනවා කියලත් එයාට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.'









Parents who have valuable donate for late daughter

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමුගත් දියණිය වෙනුවෙන් දෙමව්පියන් කළ වටිනා පරිත්‍යාගය"

    Post a Comment