මාර්ගයෙන් විරුද්ධ දිශාවට හැරී බස් රථය මධුමාලි යටකරගෙන ඇය නතරවී සිටි බස් මගී ආවරණයත් කඩා ගෙන ඉදිරියට ගොස් නතරවී තිබුණා.
“මගේ දුව බස් හෝල්ට් එකෙන් බස්සලා මහත්තය නිවසට ආව විතරයි. බෝම්බයක් පුපුරනවා වගේ මහා සද්දයක් ඇහුණා.
මේ මොකක්ද කියමින් මමත් එළියට පැනලා මහ පාර පැත්තට දුවන්න ගියා. නමුත් මට එතැනට යන්න දුන්නේ නැහැ.”
මධුමාලිගේ මව මේ ඛේදවාචකය ගැන හැඬු කඳුලින්
පවසන්නේ දියණියගේ නිසල දේහය ඉදිරිපිට සිටයි.
“මධුමාලි ගිනි දල්වලා පුච්චනවා මට බලන්න ඉන්න බැහැ. ඒ නිසා මම කියන්නේ එයාව පුච්චන්න එපා කියලා.
“මධුමාලි ගිනි දල්වලා පුච්චනවා මට බලන්න ඉන්න බැහැ. ඒ නිසා මම කියන්නේ එයාව පුච්චන්න එපා කියලා.
මගේ මහත්තය කියන්නේ පණුවන්ට කන්න දෙන්න දුව මිහිදන් කරන්න එපා කියලයි. අපි දෙන්න මේ ගැන අද උදෙත් වාද වුණා. ”
යයි සියල්ලන් ඉදිරියේ හඬමින් ඇය පවසන්නේ අද අවසන් ගමන් යන දියණිය ගිණි දල්වනු බලා සිටිය නොහැකි නිසයි.
Share this
|
|
0 Comment to "අහුන්ගල්ලේ දී මහ මග මරුට බිළිවූ දියණියගේ ‘නිසල සිරුර අසළ’ මවයි පියයි මත ගැටුමක !"
Post a Comment