11 July, 2016

තාප්පෙන් පැන වැසිකිලියේ සැගව සිටි කාමාතුරයා

ගාල්ල වැලිවත්ත විඡයනාන්ද පිරිවෙන් විහාරයේදී සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කිරීමට උත්සහ ගත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඊයේ පෙරවරු 10ට පමණ 5 වසර ඉගෙනුම ලබන මෙම සිසුවියන් 3 දෙනා වැසිකිළියට ගිය අවස්ථාවේදී එහි සැගව සිටි සැකකරු සිසුවියන්ගේ සිරුර ස්පර්ශ කිරීමට උත්සහ ගෙන තිඛෙනවා.

මේ සිද්ධිය දුටු දෙමව්පියන් විසින් සැකකරු අල්ලාගැනීමට සමත්වෙලා.

විහාරස්ථානයේ තාප්පය අසළ සැකකරු පැමිණි පාපැදිය නවත්වා තාප්පයෙන් වැසිකිලිය ඇති ස්ථානයට පැන එලෙස සිසුවියන් අපයෝජනය කිරීමට උත්සහ ගෙන තිබුණා.

දෙමව්පියන් විසින් අල්ලාගත් සැකකරුට හොදටම පහරදී ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට බාරදීමට කටයුතු කර තිබුණා.

ගාල්ල කපුහේම්පල ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහක 30 හැවිරිදි අයෙක් බවයි වාර්තා වුණේ.

මොහුගේ බිරිඳ විදේශගතව ඇති බවද ගාල්ල පොලීසිය සඳහන් කරනවා.


Man Caught Hiding at Toilet 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තාප්පෙන් පැන වැසිකිලියේ සැගව සිටි කාමාතුරයා"

    Post a Comment