11 July, 2016

විවාහකයින් දෙදෙනා 18 හැවිරිදි තරුණියව කාලයක ඉඳන් දූෂණය කරලා වද දුන්නු හැටි

මිත්තණිය සමග නිවසක ජීවත්වු අවුරුදු18 ක් වූ තරුණියක් අවස්ථා ගණනාවකදී දූෂණය කළ පොල්ගහවෙල ප්‍රදේශයේ විවාහක පුද්ගලයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් කොටුකරගෙන තිඛෙනවා.

මිත්තණියට සහ මෙම තරුණියට තර්ජනය කරමින් අවුරුදු දෙකක පමණ කාලයක සිට ඔවුන් තරුණිය දූෂණය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දිනක රාත්‍රියේ බීමතින් පැමිණි මෙම විවාහක පුද්ගලයන් දෙදෙනා තරුණියට පහරදී තිඛෙනවා.

ඒ අවස්ථාවේදී ඉවසාගත නොහැකිවූ තරුණිය කෑ ගැසීම නිසා අසල්වාසීන් නිවසට පැමිණ තිඛෙනවා.

එම අවස්ථාවේදී ගම්වාසීන් විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට ගස්බැද පහරදී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණියගේ මව විදෙස් ගතව රැකියාවක් කරන බවත් පියා මීට අවුරුදු 5 කට ඉහතදී රිය අනතුරකින් මියගොස් ඇති බවත් සඳහන්.

සිද්ධිය ගැන තරුණිය ගම්වාසීන්ට පවසා ඇත්තේ 'මට මෙහේ ඉන්නේ ආච්චි විතරයි.. අපිව මරණවා කියලා බය කළා. ඉතිං මමවත් ආච්චිවත් මේ ගැන කාටවත්ම නොකියා ඉවසගෙන හිටියා.. සමහර දවස්වලට හොඳටම බීගෙන ඇවිත් ගහනවා..'

තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවයි ප්‍රදේශවාසියෙකු අප සමග ප්‍රකාශ කළේ.


8 Year Old Girl Rape Two Married Men

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහකයින් දෙදෙනා 18 හැවිරිදි තරුණියව කාලයක ඉඳන් දූෂණය කරලා වද දුන්නු හැටි"

    Post a Comment