11 July, 2016

නොලද ආදරය ගැන යුරේනිගේ හෙලිදරව්ව

යුරේනිටත් ඇතිනෙ හෙළි නොකළ ආදර කතාවක්?

ඒ මීට අවුරුදු දෙකකට විතර කලින් එක්තරා දවසක්. එදා මම මගෙ යාළුවෝ කට්ටියක් මුණගැහෙන්න ගියා.

ඒ අය සංගීතයට සම්බන්ධ අය. මම යද්දි ඒ අය යම්කිසි සංගීත කටයුත්තක් සඳහා එකතුවෙලා හිටියේ. එතැනට මගෙ මේ කතාවේ කතා නායකයත් ඇවිත් හිටියා. එතැනදි තමයි මම එයාව හා හා පුරා දැක්කේ.

ඒ කියන්නේ මේ කියන තැනැත්තා සංගීතයට සම්බන්ධ කෙනෙක්. එයා ගායනයෙන්ද සංගීත අධ්‍යක්ෂණයෙන්ද පද රචනයෙන්ද එහෙම නැතිනම් වක්‍රාකාරව සංගීතයට සම්බන්ධ කෙනෙක්ද?

ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ.

පුද්ගලයාව හෙළි කරන්න අකමැති නම් ආදර කතාව විතරක් කියන්නකෝ....

ඒක දුටු පමණින් ඇති වූ ආදරයක් නමෛයි. මුලින්ම ඇති වුණේ හැඳුනුම්කමක් පස්සෙ අපි යාළුවෝ විදියට කතා කළා. හමුවුණා. අදහස් හුවමාරු කරගත්තා. එතකොට තමයි මගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වුණේ.

යුරේනි එයාට ආදරය කළේ එයා තුළ තිබුණු කුමන විශේෂත්වයටද?

එයා ජීවිතේ දිහා බලන්නෙ හරිම ගැඹුරු විදියට. ඕනෑම ප්‍රශ්නයක් එයත් එක්ක කතා කරන්න පුළුවන්. ඇසුරු කරන හැමෝම එයා ගැන විශේෂත්වයක් පිළිගැනීමක් තියෙනවා. ඒ ගතිගුණවලට තමයි මගෙ හිත ගියේ.

ගතිගුණවලට හිත ගියාට මුලින්ම ඇහැ යන්නෙ රූපයට ඒක තමයි ඇත්ත.....

මගෙ ජීවිතේ ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. හිතේ විශේෂ ආකර්ෂණය ඇති කළ අය ඉඳල තියෙනවා. ඒ හැම කෙනාම කඩවසම් අය. මගෙ හිත ඒ අයට බැඳුනේ ඒ රූපවලට. ඒත් මෙයා ඊට වඩා වෙනස්. මම මෙහෙම කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරයිද දන්නෙ නැහැ අපි දෙන්න එකට පාරෙ ගියොත් මිනිස්සු කියයි මේ දෙන්නා ගැළපෙන්නෙ නැහැ. කියලා.

එයා ඒ තරම්ම කැතයිද?

(හිනැහි) නැහැ නැහැ. කැත නැහැ. එයා සාමාන්‍ය පෙනුමක් තියෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක්. උස මහතින් ගත්තත් එච්චර හැඩි දැඩි කෙනෙක් නමෙයි. හැබැයි ඒ සාමාන්‍ය පෙණුමට යටින් මොකක්දෝ ආකර්ෂණයක් තියෙනවා.

ඒ නිහඩ පෙම් කතාවට මොකද වුණේ?

කාලයක් ඒක මගෙ හිතේ තිබුණා. ඒ කාලය තුළ අපි හොඳ යාළුවෝ විදියට හිටියා. ඒ කාලය තුළ එයාගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. මම මානසිකව වැටුණු වෙලාවට ශක්තිය දුන්නා. ධනාත්මකව හිතන හැටි මට කියල දුන්නා. ප්‍රශ්නයක් ආවම මම ඊට මුහුණ දෙන විදිය වෙනස් කරල අලුත් විදියට හිතන්න පුරුදු කළා. හැබැයි ඒ මොන දේ ලැබුණත් එයාගෙ ආදරේ නම් මට ලැබුණෙ නැහැ.

සමහර විට එයත් යටි හිතේ යුරේනිට ආදරේ කළාද දන්නෙ නැහැ?

නැහැ. එයා හිතේ එක දෙයක් තියා ගෙන ලෝකෙට වෙන දෙයක් පෙන්නන කෙනෙක් නමෛයි. එයාගෙ හිතේ මං ගැන කිසිම හැ`ගීමක් නැති බව මම හොඳටම දන්නවා. එයා තදබල විදියට කෙනෙකුට ආදරය කරලා විවාහය ඔන්න මෙන්න කියා තිබියදී ඒ ආදරය බිඳිලා ගිහින්. ඒ වේදනාවට මුහුණ දෙන කෙනෙක්. සමහර විට සදාකාලිකවම එයා තනියම ඉදීද දන්නෑ.

නිහඩ පෙම් කතාව නිමා වුණේ කොහොමද?

ඉබේම ඇති වුණා වගේම ඉබේම නැතිවෙලා ගියා. හැබැයි ඒ ආදරේ නැති වුණාට එයාගෙන් ජීවිතේට ලැබුණු ශක්තිය විතරක් නමෙයි එයාගෙ මිත්‍රශීලී හිතවත්කමත් මට නැතිවෙලා ගියේ නැහැ.

Yureni Talking About Past Love

ආරියවංශ කුලතිලක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නොලද ආදරය ගැන යුරේනිගේ හෙලිදරව්ව"

    Post a Comment