31 August, 2017

රක්වාන සිසුවිය ඝාතනයේ අබිරහස හෙළිවෙයි

rakwana-school-girl-murder
රත්නපුර රක්වාන ප්‍රදේශයේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කර තිබියදී හමුවූ සිසුවියගේ මරණය ගැන පරීක්ෂණවලින් මේ වනවිට නව තොරතුරු හෙළිවී තිබෙනවා.

දීපිකා ප්‍රියදර්ශනී නමැති 19 හැවිරිදි මෙම පාසල් සිසුවිය සිය නිවසේ තනිව සිටින අවස්ථාවකදී ගෙල කපා මරාදමා තිබුණේ පසුගිය 24 වැනිදායි.

මේ සිසුවිය අතවර කිරීමේ අරමුණින් මරාදමා ඇති බවටයි මුලින්ය සැක මතුවී තිබුණේ.

අසල්වාසී නිවසක මතට ඇබ්බැහිවූ පුද්ගලයෙකු විසින් සිසුවිය තනිව නිවසේ සිටි අවස්ථාවේ ඇයව ඝාතනය කර තිබුණා.

ඝාතනය කර ඇත්තේ මත්ද්‍රව්‍ය මිලට ගැනීමට මුදල් සොරකම් කිරීමට බවයි මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ.

ඝාතනය සිදුකර සොරකම්කර තිබුණේ රුපියල් 210ක් වැනි සුළු මුදලක් හා ඇගේ ජංගම දුරකතනය කොල්ලකෑමට බව ඒ පිළිබඳව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පියාගේ රැකවරණය යටතේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවිය ඉකුත් සතියේ 24 දින ඇගේ පියා තේ දලු නෙලීම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේ ඝාතනයට ලක්වුණා.

මියගිය සිසුවියට පෙම්වතෙකු සිටි අතර ඔහු ඇයට ඇමතුම් දෙද්දී දිගටම විසන්ධි කිරීමේ සැකය මත සිසුවියගේ පියාට දන්වා සොයා බැලීමේදී ඇයව නිවසේ ඝාතනය කර ඇති බවයි හෙළි වී තිබුණේ.

පැල්මඬුල්ල ධර්මාලෝක මහා විදුහලේ උසස් පෙළ කලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි ඇගේ මව මෙයට වසරකට පමණ පෙර සියදිවි හානි කරගෙන ඇති අතර මේ සිසුවිය පියා සමඟ නිවෙසේ දිවි ගෙවා තිබෙනවා.

රක්වාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඒ. එම්. බමුණුසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මේ පිළිබඳව මූලික විමර්ශන සිදුකොට ඝාතනය සිදු වී පැය 24ක් ගතවීමටත් මත්තෙන් බටයාය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

අධික ලෙස මත්පැන් පානය කිරීමට පෙලඹී සිටින සැකකරු මත්පැන් පානය කිරීමට අවශ්‍ය මුදල් හා රන්බඩු කොල්ලකෑමේ අරමුණින් සිසුවියගේ නිවෙසට ඇතුළු වී ඇති බවත් එහිදී සිසුවියගේ කෑ ගැසීම නිසා නිවෙසේ තිබූ පිහියකින් ඇගේ ගෙල කපා දැමූ බවත් සැකකරු පාපොච්චආර්ණය කර තිබෙනවා.

පාසල් සිසුවිය ඝාතනය කිරීමෙන් පසු නිවෙසේ තිබූ රුපියල් 210ක මුදලක් හා ජංගම දුරකතනයක් ද රිදි පැහැති මාලයක කොටසක්ද රැගෙන පලාගිය සැකකරු රුපියල් 210ක මුදල කසිප්පු තිප්පොළකට දී මත්පැන් පානය කර ජංගම දුරකතනය හා මාලයක කොටස තමන් සන්තකයේ තබාගෙන තිබුණා.

පොලිසිය මඟින් පසුව මෙම උපකරණ සොයා ගෙන හිබෙනවා.

ඝාතනයට ලක්වූ පාසල් දැරියගේ මළ සිරුරේ යටිකය ඇඳුම් ඉවත්ව තිබුණද ඇය ලිංගික අතවරයකට ලක්වී නොමැති බව රත්නපුර මහ රෝහලේ පැවැති අධිකරණ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු පැල්මඬුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සරත් විජය ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය 23 වැනිදා ගිරිබාව ප්‍රදේශයේදී ද නිවසේ තනිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතන කර තිබුණා.

ඇය නිවසේ තනිව රූපවාහිනිය නරඹමින් සිටියදී අසල්වැසි තරුණයෙකු පැමිණ ඇයව දූෂණය කර මරාදමා තිබුණා.

බිරිඳ හරයාමෙන් පසුව නිවසක මව සමග සිටි බව කියන සැකකරු සිසුවිය දූෂණය කර තමාව අපරාධයට හසුවේ යයි බියෙන් ඇයව මරා දමා තිබුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රක්වාන සිසුවිය ඝාතනයේ අබිරහස හෙළිවෙයි"

    Post a Comment