24 August, 2017

දෑත් ගැට ගසා දූෂණය කරලා - ඇඟ පුරා සිරීම් - උඩු තොලේ තුවාලයක් - ගිරිබාව හැඬවූ ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

/girl-raped-murder-salaya-ashokapura
සිය නිවසේ සිටියදී දූෂණයට ලක්කර මරා දමන්නට ඇතැයි සැකකරන 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ මළ සිරුරක් ඊයේ(23) දහවල් ගිරිබාව පොලීසිය විසින් සොයා ගෙන ඇත. ගිරිබාව විදුහලේ 12 වසරේ(උසස් පෙළ) ඉගෙනුම ලබන ඒකනායක මුදියන්සේලාගේ සන්ධ්‍යා මදුෂානි ඒකනායක නමැති 17 හැවිරිදි ශිෂ්‍යාව මෙසේ ඊයේ දහවල් 12 ට පමණ සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොසින් සිටියදී ඇගේ මවට හමුවී ඇත.

යාය දෙක, සුදර්මාරාම මාවත, සාලිය අශෝකපුර ලිපිනයේ පිහිටි සිය නිවසේ ඊයේ දහවල් රූපවාහිනිය නරඹමින් සිටිය දී ඇගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයකු නිවසට පැමිණ දූෂණය කර මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.

දැරිය රූපවාහිනිය නරඹමින් සිටි අවස්ථාවේ ඇගේ මව අසල නිවසකට ගොස් සිට ඇති අතර ඇය නිවසට පැමිණි පසු දැරිය ඇද මත වැටි සිටින අයුරු දැක තිබේ. ඒ සමඟම ඇතිවූ කෑගැසිල්ලත් සමඟ අදාළ නිවසට පැමිණි අසල්වාසීන් විසින් 119 අංකයට ඇමතුමක් ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා අදාළ සිද්ධියෙන් පසුව බස් රථයක නැගී පලා යමින් සිටිය දී ඔහු පිළිබඳ සැක සිතූ බස්රථයේ කොන්දොස්තරවරයා තරුණයා පිළිබඳ ත්‍රී රෝද රථ නැවතුම්පළේ තරුණයන්ව දැන්වත් කිරීමෙන් පසුව මොහුව අල්ලාගෙන පොලිසියට බාර දී ඇති අතර මෙම සැකකාර තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යැයිද සැකයක් පවතී.

නිවසේ ඇඳේ වැටී සිටි දැරියගේ ශරීරයේ විවිධ ස්ථනවල සීරීම් තුවාල තිබූ බවත් ඇගේ උඩු තොලෙහි දත් පහරවල් කීපයක් තිබූ බවත් දෙඅත් රෙදි පටියකින් බැඳ තිබූ බවත් ශරීරයේ ඇතැම් ස්ථාන නිරාවරණය වී තිබූ බවත් ගිරිබාව පොලීසිය සඳහන් කරයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කහඳවල මහතා විසින් සිදු කළ අතර දැරියගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යන ලදී.

සැකකාර තරුණයා අද(24) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඊයේ(23) ඉදිරිපත් කරණු ලැබීය.

සැකකාර තරුණයා ඊයේ ගල්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදී ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය මහතාගේ මෙහෙය වීමෙන් ගිරිබාව පොලිස් ස්ථානාධිපති කේ.වී.පී. සී දිපාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ නිකවැරටිය අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෑත් ගැට ගසා දූෂණය කරලා - ඇඟ පුරා සිරීම් - උඩු තොලේ තුවාලයක් - ගිරිබාව හැඬවූ ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි"

    Post a Comment